Saturday, May 24, 2014

චීනය ගගනගාමීන්ට පණු බොජුන් හඳුන්වාදෙයි.


දීර්ඝ කාලයක් අභ්‍යව කාශයේ රැඳී සිටීමට නියමිත ගගනගාමීන්ගේ ආහාරයට පණුවන් හා ශාඛ හඳුන්වාදීමට චීනය සූදානම් වේ.
චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්තානයේ, ගගනගාමීන් පුහුණු කිරීම සඳහා වර්ග මීටර් 16  ක් වූ,  “චන්ද්‍ර මාළිගය” පර්යේෂණාගාරය තුළ දින 105 ක් පණුවන් ආහාරයට ගනිමින් ජීවත්වූ, චීන ගගනගාමීන් තිදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ප්‍රකාශ වේ.
කතුන් දෙදෙනෙකු හා එක් පිරිමියෙකු ගගනගාමී කණ්ඩායම ට අයත් විය.
විශේෂයෙන් අප්‍රිකානු රටවල දුගී ජනයා සඳහා එක්සත් ජාතීන් හඳුන්වාදුන් පණු බොජුන් ආදර්ශයට ගනිමින් ගගනගාමීන් සඳහා පණු බොජුන් හඳුන්වාදුන් බව චීන විද්‍යාඥයින් පවසා සිටියේය.


No comments:

Post a Comment