Saturday, May 3, 2014

පොලිස් කාරයින්ට ඕනේ නඩුලු.



රටේ නීතිය හා සාමය රකින්න ඉන්න පොලිස් කාරයින්ව අද යොදවන්නේ ආණ්ඩුවට මුදල් හොයන්න. පොලිස් කාරයින්ට මුදල් හොයාගන්න.

කුසුම්සිරි ප්‍රනාන්දු, වසර 21 ක් පුරාම, මහ රා කර්මාන්තයේ නියැලෙන්නෙක්. ඔහු ගස් මැද්දීම වගේම, මහ රා එකතු කර ඉස්කාගාරයට බාර දීම ද කරනු ලබනවා.

ඒ සහා, සුරාබදු දෙපාර්තුමේන්තු බලපත්‍ර ද ඔහු සතුව තියෙනවා.

2014.04.26 වන දින සුපුරුදු පරිදි රා එකතු කිරීමට ගිය කුසුම්සිරි ප්‍රනාන්දුව පානදුර දකුණ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා, ඔහු රා ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථයද නඩු භාණ්ඩයක් කරනු ලැබීය.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ බලපත්‍ර පෙන්නා සිටිය දී, සුරාබදු දෙපාර්තුමේන්තු බලපත්‍රය ලියද්දී කර තිබෙන දෝෂයක් පෙන්වමින් මොහුව අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ.


මෙසේ කරන්නේ ද්වේශසහගතව බව පෙන්නා දෙන -  කුසුම්සිරි ප්‍රනාන්දු නීතිය   ක්‍රියාත්මක කිරීමෙන් රටවැසියන් අසීරුතාවයට පත් නොකර සිටීම ආණ්ඩුවේ වගකීම බවද පෙන්වා සිටී. 

1 comment: