Tuesday, May 6, 2014

උඹේ පුතාව මරණවා මරණවාමයි. ඕ.අයි.සී. මිල්ලනිය



මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති කරුණාරත්න මෙම ප්‍රකාශය කළේ රාජකාරි කටයුත්තකට පොලීසියට ගිය හැට හැවිරිදි යසවතී මහත්මිය අමතමින්ය.

එවිට ඇය “මූණටම කියපු එක හොඳයි” යයි ස්ථානාධිපති කරුණාරත්නට කියා තිබේ.

කෝපයෙන් හා ලැජ්ජාවෙන් මිරිකෙමින් සිටි ස්ථානාධිපති කරුණාරත්න “උඹ මට මොනවා කරන්න දැයි” යසවතී මහත්මියගෙන් අසා තිබේ.

යසවතී මහත්මියගේ පුතා අතුල මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති කරුණාරත්නට එරෙහිව මානව හිමිකම් කොමිෂමේ පැමිණිල්ලක් කර ඇති අතර, ඒ පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

2014.04.26 වන දින සිදුවීම පිළිබඳව, එදිනම ඇය මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර තිබේ.


මේ රටේ බහුතරයක් පොලිස් නිලධාරීන්, විශේෂයෙන් රාජපක්ෂ පාලනය යටතේ ස්ථානාධිපති තනතුර දරන එවුන්ට අඩුම වශයෙන් ගැහැනියකට කතා කරන්නවත් ඉගෙන ගෙන නැති අශීලාචාරයින් බවට නිදසුනකි මේ.

No comments:

Post a Comment