Thursday, May 15, 2014

හඳුන් මාලිංග ගේ මරණයට, ගහපු පොලිස් කාරයෝ, පස්සර මහෙස්ත‍්‍රාත් වරයා හා බදුල්ල බන්ධනාගාරය ද වගකිව යුතුයි.



කන්දකැටිය පොලීසියෙන් ගහලා මැරු 17හැවරිදි, හඳුන් මාලිංග ගේ මරණයට, ගහපු පොලිස් කාරයෝ වාගේම, පස්සර මහෙස්ත‍්‍රාත් වරයා හා බදුල්ල බන්ධනාගාරය ද වගකිව යුතුයි. 
පොලිසියේ තිරිසන් පහරදිමෙන් මියගිය හඳු`න් මාලිංග උපත ලැබුවේ 1996.12.01 දිනය. පවුලේ දෙවැන්නාය. එලව`ථ වෙළදාම් කරන පියාට සහය වන අතර, හඳු`න් මාලිංග ඉගෙනිමේ කටයුතු වලද නිරත වේ.
2014.05.07 දින සවස 5.30ට පමණ හඳුන් මාලිංග, සිය වැඩිමහල් සොහොයුරු කසුන් මාධව, ඥතීන්වන කුලරත්න, ගාමිණි හා විජේරත්න සමග පිටත්ව ගියේ අසල්වැසි යකුවන වසන්ත නැමැත්තාට අයත් ත‍්‍රිරේද රථයක් විකීණිමට තිබෙන බව දැන, එය මිළයට ගැනිම සඳහාය.
ගණුදෙනුව ඉටු කරගෙන තිබුනා නම් රාත‍්‍රි 8.00 වන විට ඔවුන් පැමිණිය යුතුව තිබුනි. එ් වෙලාව පසුවිද, නොපැමිණිම නිසා ඔවුන්ගේ ජංගම දුරකථන වලට කථා කලද ප‍්‍රතිචාර නොලැබුන බව හඳු`න් මාලිංග ගේ පියා පවසයි.
ඔවුන් පිළබඳ සොයන විට කන්දකැටිය පොලිසියේ පොලිස් කාරයින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන මහ මග පහර දෙමින් කන්දකැටිය පොලිසියට ගෙන ගිය බව දැන ගන්නට ලැබී තිබේ.
පොලීසියට ගිය මව හා පියාට දැක ගන්නට ලැබුනේ සියුලූ දෙනාම පොලිස් කුඩුවලට දමා තිබෙන හැටිය.
කුඩුව තුල නැගිට ගන්න බැරිව සිටි හඳු`න් මාලිංග මව දුටු හැටියේ අඬා වැලපෙමින් තමාට පහර දුන්න බවත්, හෙඳටම ආමාරු බවත් පවසා, පපුව අත ගාන ලෙසට ඉල්ලා ඇත.
එ් අතර තමාට වැඩියෙන්ම ගැහැවේ අරයා යයි කියා, උ.පො.ප. සොමරත්න කියන පොලිස්කාරයාව පෙන්නා තිබේ.
කන්දකැටිය පොලිසියේ ස්ථානිධිපති අසාධ්‍යයෙන් සිටින මේ පිරිස පසු දින, 2014.05.06, පවස්වරු 3.30වන තෙක් කුඩුව තුල තබාගෙන පස්සර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගොස්, නිදන් හැරිමේ ව්‍යාජ චොදනා මත, මහෙස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කර තිබේ.
මහෙස්ත‍්‍රාත්වරයා මොවුන් ඉතා අසාධ්‍යයෙන් පසුවීම ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා, වහාම රොහල් ගත කළ යුතුව තිබු මේ පිරිසව, බදුල්ල රිමාන්ඞ්බාරයට පත්කරන කොමිටලයට අත්සන් කරනු ලැබුයේ, බරපතල අපරාධයක් කර තිබු කන්දකැටිය පොලිස්කාරයින් ගේ ඉල්ලීමටය.
මහේස්ත‍්‍රාත්ගේ නියෝගය මත බදුල්ල බන්ධනාගාර නිලධාරින්, හඳු`න් මාලිංග ඇතු`ථ පිරිසව, බදුල්ල බන්ධනාගාරයේ සිරමැදිරි වලට ගාල් කරන ලද්දේ ඔවුන්ව වහාම රොහල් ගත කළයුතුව තිබියදිය.
පපුව රිදෙනවා කියමින්, කෙඳිරිගාමින්, වතුර ඉල්ලමින් තම සොයුරාගේ ඇකයේ අවසන් උස්ම හේලිමට හඳු`න් මාලිංගට එදින රාත‍්‍රියේ සිදුවිය.
බන්ධනාගාර නිලධාරින් හඳු`න් මාලිංග ගේ මෘත දේහය බදුල්ල මහා රොහලට ගෙන ගියේ පශ්චාත් මරණ පරික්ෂණය කරවීමටය.
එ් අතර අනෙක් තුවාල ලැබුවන්වද රොහගල් ගත කළේය. එයින් දෙදෙනෙකු මුදාහැරියේ 2014.05.16 දිනය.
17හැවරිදි හඳු`න් මාලිංග ගේ මරණයට වගකිවයුත්තේ ඔහුට ගහපු පොලිස්කාරයේ පමණක් නොවේ.
පොලිසියේ අවශ්‍යතාවයට, නිසි පරික්ෂාවකින් තොරව, රොහල් ගත කළයුතුව තිබු හඳු`න් මාලිංගව බන්ධනාගාර ගත කිරිමට කොමිටලයට අත්සන් තැබු මහෙස්ත‍්‍රාත් වරයාද වග කිවුයුතුයි. රොහල් ගත කෙරුනා නම් ඔහු ගේ ජිවිතය ගලවා ගැනිමට ඉඩ තිබනාය.
මහෙස්ත‍්‍රාත්වරායගේ නියෝගය අනුව සැකකරුවන් බාරගෙන ඔවුන් පිළිබඳව නිසි පරික්ෂවාවක් නොකර, රොහල් ගත කළයුතුවු, හඳු`න් මාලිංගට, බන්ධනාගාරය තුල මැරෙන්නට හැරිය, සියුලූ බන්ධනාගාර නිලධාරින් මේ මරණයට වග කිව යුතුයි.
ආගම් රාජ්‍යයේන් බැහැර කර තිබෙන, නීතිය මත පාලනය අගයන, ශිෂ්ඨ සම්පන්න රටක මේ සිදුවිම සිදුවුවානම්, පොලිස්පති, පෙලිසිය බාර ඇමති, බන්ධනාගාර බාර ඇමති, බන්ධනාගාර ප‍්‍රධානියා හා මහෙස්ත‍්‍රාවරුන් ගේ වගකීම දරන අගවිනිසුරුවරයා ඉල්ලා අස්වෙලාය. මහේස්ත‍්‍රාත් වරයාව මෙන්ම බන්ධනාගාර නිලධාරින්ගේ වැඩ තහනම් කරලාය.
මෙම සිදිධියට අදාල පොලිස් නිලධාරින් 8කු අත්අඩංගුවට ගෙන මොනරාගල බන්ධනාගාරයේ රිමාන්ඞ් කර ඇත.
2014.05.16 දින බදුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරිමට නියමිතය.



No comments:

Post a Comment