Sunday, November 28, 2021

රුපියල් 112,500/- ක සොරකම, යට ගහන්න, මාස 08 ක් රිමාන්ඞ් එකේ තිබ්බා,

 


ඇප ගන්න වුනේ මහාධිකරණයෙන්. හැම ඉදිරිදම, අත්සන් කරන්න පොලීසියට යනවා.

ඇය, 63 න් හැවිරිදි, තිදරු මවක්. සැමියා අංශභාග රෝගියෙකි. පුතා කුඩු බොන හා ජාවාරම් කරන්නෙකි.

බෑනා කෙනෙක් රට ඉඳලා, එවන සල්ලි වලින්, හා පොලියට දීමෙන් ජීවිකාව කරන බව කියයි.

ඇය, 2021.03.03 දින, පොලිස්පතිට, කරන ලද පැමිණිල්ලට මේ දක්වාම පිළිතුරු ලැබ නැත.

මෑතක දී, ඇයට, සම්පූර්ණ නඩු වාර්තාව අධිකරණයෙන් ලබා ගැනීමට හැකි විය. එය පදනම් කරගෙන, ඇය, පොලිස්පතිට, කරන ලද පැමිණිල්ල පහත දක්වමු.

පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01

අත්අඩංගුවට ගෙන, වධ හිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කරවීම.

රෝහිණී, වයස 63 යි, ජා.හැ.අ. 1957-, විවාහක, දරුවන් 03 යි, ලිපිනය: --- පානදුර.

2021.11.26 වන දින දීය.

මෙම කාරණය අදාළව මා විසින්, 2021.03.03 වන දාතමින් කරන ලද ලිඛිත පැමිණිල්ල අදාළව, වැඩිදුර කරුණු, පහත දක්වා සිටිමි. (එම පැමිණිල්ලේ පිටපත අමුණා ඇත*

02. මා එකී, පැමිණිල්ලෙන් සංක්ෂිප්තව, කියා සිටියේ, 2020.04.28 වන දාතමින් පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට, අනුයුක්තව රාජකාරි කරන උ.පො.ප. --- ඇතු`ඵ නිලධාරීන් පිරිසක් විසින්, මා අත්අඩංගුවට ගෙන, මා, මහජන බැංකුවට තැම්පත් කිරීමට ගෙන ආ, රු: 130,000/- ක මුදල ලබාගෙන, එයින් රු: 67,500/- ක් පමණක් සමග මා සතුව හෙරොයින් මි.ග‍්‍රෑ. 2300 ක් තිබූ බවට බොරු චෝදනා නගා, ගරු අධිකරණය මගින් මාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීම පිළිබඳවය.

03. නඩු අංකය : ----/2020 වේ.

04. හෙරොයින් මි.ග‍්‍රෑ. 2300 ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාව නිසා, එදා පැවති නීතිය අනුව, ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට මා හට ඇප ලබාදීමට නොහැකි බව ප‍්‍රකාශ විය.

05. මට ඇප ලබාගැනීමට හැකි වූයේ, පානදුර, බස්නාහිර පළාත්බද මහාධිකරණයෙන් ය. ඇප මත මුදා හැරීමට නියෝග කරන ලද දිනය 2020.12.08 දිනය.

රුපියල් 5,000/- ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක්, සෑම සතියකම ඉරු දින, පානදුර දකුණ පොලීසියේ අත්සන් කිරීම යන ඇප කොන්දේසි වලට මා යටත් කර තිබින.

06. පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද බව කියන හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් කර, රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියෝග ලබාගෙන තිබුනේ 2020.08.14 දිනය.

07. රස පරීක්ෂක විසින්, සන්තකය් තිබූ බවට, පොලීසිය කියන ලද මිලි ග‍්‍රෑම් 2300 පැකට්ටුව, රස පරීක්ෂක විසින් කිරා බැලීමේදී, එහි බර මිලි ග‍්‍රෑම් 2275 කි.

තිබූ හෙරොයින් වල බර ප‍්‍රමාණය, මි.ග‍්‍රෑ. 49 කි.

එම වාර්තාව, ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට එවා තිබූ දිනය, 2021.01.11 ය.

මෙම කරුණු සාරාංශ ගත කළ විට, 

(1) අත්අඩංගුවට ගත් දිනය : 2020.04.28

(2) අත්අඩංගුවට ගත් ස්ථානය : පානදුර කොමර්ෂල් බැංකුව ඉදිරිපිට වුවද, ගරු අධිකරණයට වාර්තා කර තිබුනේ මාව, නිවසේදී අත්අඩංගුවට ගත් බවත්, එපමණක් නොව දුවන විට බවත් ය.

(3) පානදුර කොමර්ෂල් බැංකුව ඉදිරිපිට දී, අත්අඩංගුවට ගන්නා විට, මා සතුව රු: 130,000/- කට වැඩි මුදලක් විය.

නමුත් පොලීසිය, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, රු: 67,500/- ක මුදලක් පමණි.

(4) මා සන්තකයේ තිබූ බවට, පොලීසිය සඳහන් කරන ලද හෙරොයින් ප‍්‍රමාණය, මි.ග‍්‍රෑ. 2300 කි.

(5) නමුත් රස පරීක්ෂකට යවා ඇත්තේ මි.ග‍්‍රෑ. 2750 කි.

එහි ඇත්ත වශයෙන්ම තිබී ඇත්තේ, හෙරොයින් මි.ග‍්‍රෑ. 49 කි.

(6) එපමණක් නොව, පොලීසිය, සිය වාර්තාවෙන්, ගරු අධිකරණයට ප‍්‍රකාශ කරන්නේ, මහසේනගේ රෝෂාන් ප‍්‍රනාන්දු නැමති සැකකරුවා ගරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මේ සිය`ඵම කරුණුවලින් මනාව ඔප්පු වන්නේ, මා නීත්‍යානුකූලව ලබා ගන්නා ලද, රු: 130,000/- ක මුදලක් පානදුර කොමර්ෂල් බැකුවට තැම්පත් කිරීමට පැමිණි අවස්ථාවේදී,අත්අඩංගුවට ගෙන, එම මුදලෙන්, රු: 112,500/- ක්, වංචා කර, එම වංචාව වසා ගැනීමට සහ ආණ්ඩුව, ජනතාව රැුවටීම සඳහා ගරු අධිකරණය උපයෝගී කරගත් බව ය.

මේ නිසා මට, 2020.04.29 දින සිට, 2020.12.28 දින දක්වා, මාස 08 ක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවිය.

මා, අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ,

(1) මාව, අත්අඩංගුවට ගත් ස්ථානය, නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහාත්,

(2) මා හට, චෝදනා කරන, හෙරොයින් සන්තකයේ තිබූ බවට, සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති, බැංකු පොත්, ජංගම දුරකථන, සිම්පත් ආදිය නොපමාව, විධිමත් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලෙසටත් ය.

මෙයට,

-- රෝහිණී ---- 


Friday, November 26, 2021

ගාමන්ට් එකේ දී, සම බිම ගොඩනගා ගත්තු මුතු හා සමන් - මේවන විට, විරසක වෙලාය.

 

 



සමන් විවාහකයෙකි. මෙම සම්බන්ධය බිරිඳ, පොලීසියට ගොස් කරන ලද පැමිණිල්ලකට, සම ලිංගික යුවල පොලීසියට ගෙන්වා. අවවාද අනුශාසනා කර තිබෙන බවද කියැවේ. මේ වන විට, සමන් විදෙස්ගතව සිටී.

එ වුනත්, මුතු සමග රාත‍්‍රිය පුරාම බැන අඬ ගසා ගන්නවා යැයි මුතූගේ අම්මා කියයි.

පසුගිය දා, `ඵතර යුනිට්එකෙන් ඇවිත්, මුතුව රැගෙන ගියේ, ප‍්‍රකාශයක් ගැනීමට තියෙනවා කියා.

නමුත් කළේ, හෙරොයින් ග‍්‍රෑම් 12 කට වැඩි ප‍්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බවට, වන බීවාර්තාවක් සමග, උසාවියට ඉදරිපත් කිරීමය.

ඇප ගත හැක්කේ මහාධිකරණයෙන් ය. එසේ නොමැති නම රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුවය.

පවතින ක‍්‍රමය තුළ, හය මසකටවත්, මුතූට, රක්ෂිත බන්ධනාගාරය තුළ, සිටීමට සිදුවනු ඇත.

මුතූගේ මව, සිද්ධිය අදාළව. බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ල පහත දක්වන්නේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳ අදහසක් ඇති කරන්නටය.

01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව   02. පොලිස්පති ,  පොලිස් මූලස්ථානය   03. නීතිපති,   නීතිපති දෙපාර්තමේන්තුව 04. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය 05. ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව

නිර්දෝශි පුද්ගලයෙකු ට එරෙහිව අධිකරණය උපයෝගි කරගෙන, පොලීසිය සිදු කරන අපරාධයක්.

කාලි (මව) , අවු: 59 යි, ජා.හැ.අ. 1962---, විවාහක, දරුවන් 02 යි, වතු කම්කරු, --වත්ත, තෙබුවන, ලිපිනය: නො: -----------, කටුකුරුන්ද, `ඵතර, දු.අ. 075 -----.

2021.11.23 වන දින දීය.

මුතු ----අවු: 26 යි, අවිවාහක, කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා රැකියාව නැවතී ඇත. මාගේ පුතා වේ.

2. 2021 නොවැම්බර් 17 වන දින, පෙරවරු 9.00 ට පමණ, `ඵතර පොලිස් විශේෂ එකකයේ, චම්මික ලෙසට හඳුන්වන නිලධාරියා, තවත් දෙදෙනෙක් පැමිණියා.

ඔවුන්, නිවසේ සිටි පුතාව, අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගන්නා විට, චම්මික නිලධාරියා කියා සිටියා, මීට වසර කිහිපයකට පෙර, දැනට විදෙස්ගතව සිටින, සමන්- යන අය සමග ඇති කරගත්, ආරවුල ගැන ප‍්‍රකාශයක් ගන්න කියා. මට ද, පොලීසියට එන්න කිව්වා.

මම, ඇඳගන්නා විටම, ඔවුන් පුතාව රැගෙන ගියා. මා, ඔවුන් පොලීසියට එන්න කියපු නිසා, `ඵතර දකුණ පොලීසියට ගියා. එහිදී දැනගත්තා, ගෙනිහින් තියෙන්නේ, `ඵතර, නාගොඩ, පොලිස් අධිකාරි කාර්යාල පරිශ‍්‍රයේ පිටි ‘‘යුනිට්’’ එකට බව. මා ‘‘යුනිට්’’ එකට ගියා.

3. ‘‘යුනිට්’’ එකේ කාමරයක, අත් පිටුපසට කොට, මාංචු දමා, පුතාව බිම දමා තිබුණා. දුරකථන තොරතුරු අරගෙන සවස 4.00 ට එවන බව, එහි සිටි නිලධාරී මහතෙක් කිව්වා.

එ අනුව, මම, ප.ව. 3.00  වන විට, යුනිට් එකට ගියා.

4. එසේ යන විටත්, පුතාව, `ඵතර දකුණ පොලීසියට ගෙනගොස් තිබුනා. මා, `ඵතර දකුණ පොලීසියට ගිය විට දුටුවා, පුතා කූඩුවට දමා තිබෙනවා. පුතා මට කූඩුවේ සිට කිව්වා, මෙයා, (චාමික නිලධාරියා පෙන්නා) මට ‘‘කුඩු’’ දාන්න හදනවා කියා. එවන විටත් මෙම නිලධාරියා, පුතාට විරුද්ධව අමූලික බොරු, ‘‘කුඩු’’ නඩුවක් ලියා ඇති බව දැන ගත්තා.

5. එදින පුතාව, කූඩුවේ තියාගෙන සිට, 2021.11.18 (පෝය දින) වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සිරි පෙරේරා මයා ළඟට ගෙන ගොස්, රිමාන්ඞ් බාරයට පත් කළා. ක`ඵතර බන්ධනාගාරය පුතාව නිරෝධායනයට කියලා, බූස්සට යැව්වා.

5. 2021 නොවැම්බර් 18 දින මම, නීතිඥවරයෙක් ඉදිරිපත් කළා. රු: 7,500/- ක් ලබා දුන්නා. 2021 නොවැම්බර් 19 දින, මෝෂමක් ඉදිරිපත් කර, ඇප අරන් දෙන්නම් කියා, නීතිඥ මහත්මිය, මගෙන් රු: 3,000/- ක් ලබා ගත්තා. එයින් ඵලක් වුනේ නෑ.

6. පුතාව බලන්න, 2021 නොවැම්බර් 20 වන දින, බූස්ස බන්ධනාගාරයට ගියා. පුතාව පෙන්නුවේ නෑ. බන්ධනාගාරයේ, කැන්ටිමට, රු: 2,000/- ක් බඳින්න කිව්වා. පුතාට අවශ්‍ය දේ ගැනීමට.

7. අදටත් පුතා ඉන්නේ, බූස්ස බන්ධනාගාරයේ.

මීළඟ නඩු දිනය : 2021 දෙසැම්බර් 03.ඉහත නීතිඥවරුන් දෙදෙනාම කියා සිටියා, ඇප ගන්න බෑ, හෙරොයින් ග‍්‍රෑම් 12 ක් තිබූ බවට, ලියලා තියෙනවා කියා.

8. මාගේ පුතාව, `ඵතර විශේෂ දුෂණ මර්දන එකකය/යුනිට් එකෙන් අත්අඩංගුවට ගෙන, ඇප ලබාගැනීමට බැරිවන පරිදි, හෙරොයින් ග‍්‍රෑම් 12 ක් ළඟ තබා ගත් බවට බොරු චෝදනාවක් නගන ලද්දේ, ‘‘යුනිට්’’ එකේ, චම්මික ප‍්‍රමුඛ නිලධාරීන් විසින් විදෙස්ගතව සිටින සමන් නැමති අයගෙන් අල්ලස් ලබාගෙන හෝ නෑබඩ සිටින ඔහුගේ බිරිඳ සමග අයුතු සම්බන්ධයක් නිසා හෝ ඇමති වරයෙකුගේ සමීපතමයෙකු වන, උපාලි නැමැත්තාගේ බලපෑම් මත බවයි.

9. මෙම සංවිධානාත්මක අපරාධය, එනම්, (මොනම ආකාරයක නීති විරෝධී ක‍්‍රියාවක නොයෙදෙන, මත්පැන්, මත්ද්‍රව්‍යය, දුම් පානය නොකරන, මාගේ පුතාව, හෙරොයින් ග‍්‍රෑම් 12 ක් ළඟ තබාගත් බවට චෝදනා) කිරීමට පොලීසිය යොදා ගැනීමට පසුබිම සංක්ෂිප්තව සටහන් කරමි.

                (1) මාගේ පුතා, මීට වසර 5 කට පෙර, හොරණ, හයිඩ‍්‍රාමනී ඇඟ`ඵම් කර්මාන්ත ශාලාවේ වැඩ කරන  ලදි.

                (2) මෙම කාලයේදී, මාගේ පුතා, නෑබඩ පදිංචිකරුවෙකු වන සමන් සමග, සම ලිංගික සම්බන්ධයක් ඇති කරගෙන තිබින.

                (3) සමන්තගේ බිරිඳ විසින් මේ කාරණය අදාළව, එම කාලයේ පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මේ පිළිබඳව සිය`ඵ විස්තර, ‘‘යුනිට්’’ එකේ - මහතා සහා මාගේ  පුතාව අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා ඇති චම්මික යන නිලධාරියා දන්නා බව කියා සිටිමි.

                (4 )  සමන්ත, විදෙස්ගතව සිටියද, නිරන්තරයෙන් පුතාට දුරකථන ඇමතුම් ලබාදෙමින් කථා කරයි. බැන ගන්නා අවස්ථා ද තිබේ.

                (5) මේ අතර, සමන්ත යන අයගේ මිතුරෙක් වූ, `ඵතර, හීනටියන්ගල, 8 මාවතේඅජිත් යන අයද මාගේ පුතා සමග ආරවුල් ඇති කර ගනී.

                (6) අජිත් නම් මොහුගේ දුරකථන පරීක්ෂා කළහොත්, තොරතුරු ලබා ගැනීමට පු`ඵවන. 

10. පොලීසිය, ගරු අධිකරණය පාවිච්චි කර සිදුකරන ලද මෙම, අරාධය වළක්වාලීමට පවතින නීතිමය තත්ත්වය තුළ කළ යුත්තේ,

           x මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර, ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටීමය.

           x මෙම ක‍්‍රියාවලියට, මාස 06 ක් වත් ගතවන බවද, එ් සඳහා නීතිඥ ගාස්තු වශයෙන්, අපට දැරිය

              දැරිය නොහැකි මුදලක් වැය කිරිම සිදුවන බව ද, ඔබ සිය`ඵ දෙනා දන්නා කරුණකි.

මෙයට ලබාගත හැකි එකම සහනය වන්නේ,

පොලීසිය, මාගේ පුතා ළඟ තිබූ බව කියන, හෙරොයින් ග‍්‍රෑම් 12 පිළිබඳව රස පරීක්ෂක වාර්තාව ඉතා කෙටි කාලයකින් ලබා ගැනීමය.

         x  මේ දක්වාම, මාගේ පුතා ළඟ තිබූ බව කියන, හෙරොයින් ග‍්‍රෑම් 12, ගරු අධිකරණයට ඉදිරිපත් කර  නැත.  ගරු අධිකරණය, එම හෙරොයින්, ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ද නැත.

මෑතකදී, ආණ්ඩුව මෙම තත්ත්වය තේරුම් ගෙන, පොලීසිය කරන වංචාව දැන දැන, රිමාන්ඞ් බාරයට පත් කිරීම සඳහා වූ නීතිය එනම්, ග‍්‍රෑම් 10 ක් දක්වා විටින් විට වැඩි කිරිමට පියවර ගන්නා ලදි. දැන් පොලීසිය කරන්නේ, ළඟ තබාගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය, ග‍්‍රෑම් 10 ට වඩා වැඩි බව ගරු අධිකරණයට කියා සිටීමය.

මෙය, එයට හොඳම නිදසුනයි.

මෙමගින්, පොලීසිය අල්ලසට හා පුද්ගලයින් සමග ඇති අයුතු සම්බන්ධතා මත, දුප්පතුන්ට කරන අපරාධය ගැන ද අවධානය යොමු කර සිටිමි.

තවදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ, නිර්දෝශී පුද්ගලයෙකු රිමාන්ඞ් බාරයේ සිටීමට ඉඩ දීම අපරාධයක් බවත්, මාගේ පුතාව නිදහස් කර දෙන ලෙසටත් ය.

මෙයට,

මුත්තුගේ මව  

 

 

 

 

 

 

 

 

Thursday, November 25, 2021

 

සුමනදාස ආදි වාසියෙක්. 62 හැවිරිදි, පස්දරු පියෙක්. හේන් ගොවිතැන ජීවිකාව කරගත් මොහු දඩයම් නොකරයි.

2020 නොවැම්බර් මස, වෙඩි වැදී මිය ගිය වන අලියෙක් පිළිබ`දව පැමිණිල්ලකට අනුව 2020 දෙසැම්බර් 02 වන දින පොලිසියට ගෙන්වා ගත් මොහුව - මහියංගනය පොලිසියේ නිලධාරීන් පිරිසක් කාමරයකටදමා නිරුවත් කොට, ශීෂ්ණයට පොල්ලකින් පහර දෙමින්, අලියා මැරූ තුවක්කුව ඉල්ලා තිබේ.

ඒ අතර, කණ්වලට, තට්ට වලට පහර දෙනු ලැබීය.

අලියා මැරූ සැකකරුවකු වශයෙන් පසු දින අධීකරණයට ඉදිරිපත් කළේය. ඔහුට ඇප ලැබුණි.

දරා ගත නොහැකි වේදනාවෙන් සිටි ඔහුව, ප‍්‍රදේශයේ මාධ්‍ය වේදියකු විසින්, රෝහල් ගත කරනු ලැබීය. ඒ 2020.12 10 වන දිනය.

මහියංගනය රෝහලින් පසු දිනම ඔහුගේ ටිකට් කපන ලදි.

සුමනදාස වෙනුවෙන් ඉදිරිපත් වූ ප‍්‍රදේශයේ ක‍්‍රියාකාරයෙකු 'මළ පොතේ' අකුරු නොදන්නා සුමනදාසව බලගන්වන ලදි. සුමනදාස අග‍්‍රවිනිශ්චයකාර තුමාට පැමිණීලි කළේය.

අගවිනිසුරු තුමා– පැමිණිල්ල පිළිගෙන, ඉදිරි නීතිමය කටයුතු කිරීමට, නීති ආධාර කොමිෂමට යොමු කරන ලදි.

ඒ අනුව, නීති ආධාර කොමිෂම විසින්, සුමනදාස වෙනුවෙන්, මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අවශ්‍ය පියවර ගැනීමට නීතිඥ පුලස්ති හේවාමාන්න මහතාව පත් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි පියවර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට දෙසැම්බර් 16 නඩුව කැ`දවා ඇත.

සුමනදාස ප‍්‍රකාශ කරන්නේ, තමාගේ හේනට කි.මී. 2 ක පමණ දුරින්, වෙඩි වැදී මිය ගිය අලියාට, වෙඩි තැබීමට සැකකරු වශයෙන් අත් අඩංගුවට ගත් තමාට වධ දී, උසාවියට ඉදිරිපත් කළේ, මෙම අපරාධය සිදුකල තැනැත්තා, සිවිල් ආරක්ෂකයකු වීම නිසා බවය. පොලිසිය සමග සමීප සම්බන්ධතා පවත්වන සිවිල් ආරක්ෂකයා, දඩමස් කප්පන් වශයෙන් පොලිසියට දෙන බව ප‍්‍රසිද්ධ රහසක් බවද කියයි.

මෙම වධ හිංසා පැමිණවීම නිසා, තමා රෝගියකු බවට පත්ව ඇති බවද, හේන් ගොවිතැන අතහැරීමට සිදුව තිබෙන බවද කිියයි.


Sunday, November 21, 2021

Uber App එක Hack කරන ‘‘විශේෂඥයා’’ පොලීසිය පාවිච්චි කරයි. මොරොන්තුඩුව පොලීසියෙන් කරගන්න බැරිවුන දේ අලුත්ගම ‘‘පොලිස් Unit’’ එක ලවා කර ගනියි. Hacker මැලෑගමගේ දිනක අදායම රු:20,000/=ලු!

 

 

පසුගියදා මොරොන්තුඩුව පොලිසි‌‌යේ තරු සහිත නිලධාරීන් දෙදෙනෙක් සමග පැමිණි පොලිස් කණ්ඩායම මැලෑගම ප්‍රදේශයේ ප්‍රදේශයේ නිවසක් වටලා, සෝදිසි කර අයියා මලෝ දෙදෙනෙක් කුදලා ගෙන ගියේ, අසල්වැසි නිවසකට ඇතුළුවී ජංගම දුරකථන අටක් හා රුපියල් හැත්තෑ හත් දහසක් සොරකම් කළ බවට, ඔවුන් දෙදෙනාගේ ඥාති සොයුරකු විසින් කරන ලද පැමිණිල්ලකටය.

 

 පොලිසිය මුළු දවස පුරාම ඔවුන් රවා තබාගෙන සිට පසු දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. රිමාන්ඩ් කරන ලෙසට පොලිසිය කරන ලද ඉල්ලීමට ඉඩ නොදුන් උසාවිය වයස අවුරුදු 21 හා අවුරුදු 18වු තරුණයින් දෙදෙනාව ඇප මත මුදා හැරියේ ලබන වසරේ ජුනි මාසයට නඩුව කල් තබමින්ය.

 

මෙයින් නොසෑහිමට පත්වූ ඥාති සොයුරා තමාගේ පොලිස් සම්බන්ධතා උපයෝගී කරගෙන පානදුර මහේස්ත්‍රාත් උසාවියේ පවරන ලද නඩුවට අදාළ චෝදනාව ම පදනම් කරන ගෙන ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නට අලුත්ගම පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය (යුනිට්) එකේ නිලධාරීන් යොදවා ගත්තේය.

 

ඒම නිලධාරීන් මැලෑගමට පැමිණ ඔවුන්ගේ නිවස වටලා, ඒ අවස්ථාවේ ගෙදර සිටි අවු.21ක්වු වැඩිමහල් සොයුරා අත්අඩංගුවට ගන්නා ලදී. එම අවස්ථාවේ සිටම අතින් පයින් පහර දෙමින් අලුත්ගම පිහිටි යුනිට් ඒකට ගෙනවිත් කාමරයකට දමා, අත් කරකවා මාංචු දමා, අතින් පයින් හා කොසු මිටි වලින් පහරදෙමින් සොරකම පිළිගන්නා ලෙසට බල කරන ලිදි. වධ හිංසාවෙන් බේරිමට චොදනාව පිළිගත් ඔහු පසුව මල්ලි ව ඉදිරිපත් කරන බවට ඔහුගේ පියා ලවා  පොරොන්දුවක් ලබා දි නිදහස් වින.

  පවුලේ ඇති වූ ආරවුලක් මුල් කරගෙන මෙම ව්‍යාජ පැමිණිල්ලක කරන ලද ඥති සොහොයුරා පිළිබඳව පවුලේ උදවිය හෙළි කරන ලද තොරතුරු වලින් කිහිපයක් පහත දක්වා සිටිමු.

 

37 හැවිරිදි ළඟදි විවාහ වූ මොහු හමුදාවේ සංඥා බලකායේ  සේවයකර පලා එන ලද හා බැංකු ‌ෙසරකම කට  අත්අඩංගුවට පත්ව පසුව නිදහස් වු  අයෙකු බව;

 

කුඩා අවධියේ මාපිය දෙදෙනාගේ රැකවරණය අහිමි වූ, කවි බණ කීමට දක්ෂයෙක් වූ මොහු දෙවරක්ම සසුනට පූජා කරන ලැබුවෙකි. එම දෙ වාරයේදීම ටික කලකින් සිවුර අතහැර පැමිණ ඇති අයෙක බව; 

 

 ව්‍යාජ ලෙසට සකස් කරන ලද සහතික උපයෝගි කරගෙන හමුදාවට බැි, සංඥා ඒකකයේ සේවය කරන අතර පරිගණක හැසිරීම ප්‍රගුණ කරගෙන, හමුදාවේ සිටියදීම  විවිධ ලේඛන පරිගණකය ඇසුරෙන් සකස්කර වංචා සිදුකරන ලද බව ද පවුලේ උදවිය ප්‍රකාශකරයි.

 

ඉතා දක්ෂ ලෙස පරිගණක මගින් වංචා සිදුකරන්ට පුරුදු වී තිබෙන අතර උබර් සමාගමේ ඇප් එක සකස්කර ජංගම දුරකථන උපයෝගී කරගෙන සංවිධානාත්මකව මුදල් වංචා කිරීමට පටන් ගෙන ඇති අතර එය අදටත් සිදුකරනු ලබන බව; . මෙම වංචා සිදු කරන ආකාරය පිළිබඳව වටහා ගැනීමට හැකියාව ඇත්තේ පරිගණක හැසිරීම් පිළිබඳ විශේෂ දැනුමක් ඇති අයට පමණක් බවද ඔවුන් කියා සිටි.

 

 ඔහු සිදුකරන වංචා වලින් සමාන්‍යයෙන් දිනකට රුපියල් 20,000 කට වැඩි ප්‍රමාණයක් උපයන බව සඳහන් කරයි. 

මේ වනවිට ඔහු සිය දක්ෂතා උපයෝගී කරගෙන පොලිස් නිලධාරීන් මෙන්ම හමුදා නිලධාරීන් සමගද සම්බන්ධතා පවත්වන බවට පවුලේ අය සැක කරනු ලබයි.

 තමන් ගැන තොරතුරු හෙළි කරන පුද්ගලයින්ව ඝාතනය කරන බවට තර්ජනය කරනු ලබන බවද ඔවුන් ප්‍රකාශ කර සිටී.

 ඇප මත නිදහස්ව සිටින ඥති සොහොයුරා විසින් ඔවුන් දන්නා සියලු තොරතුරු අදාල බලධාරීන් ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබේ.

 මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට ද ඔවුන් පැමිණිල්ලක් කර ඇත.