Sunday, November 21, 2021

Uber App එක Hack කරන ‘‘විශේෂඥයා’’ පොලීසිය පාවිච්චි කරයි. මොරොන්තුඩුව පොලීසියෙන් කරගන්න බැරිවුන දේ අලුත්ගම ‘‘පොලිස් Unit’’ එක ලවා කර ගනියි. Hacker මැලෑගමගේ දිනක අදායම රු:20,000/=ලු!

 

 

පසුගියදා මොරොන්තුඩුව පොලිසි‌‌යේ තරු සහිත නිලධාරීන් දෙදෙනෙක් සමග පැමිණි පොලිස් කණ්ඩායම මැලෑගම ප්‍රදේශයේ ප්‍රදේශයේ නිවසක් වටලා, සෝදිසි කර අයියා මලෝ දෙදෙනෙක් කුදලා ගෙන ගියේ, අසල්වැසි නිවසකට ඇතුළුවී ජංගම දුරකථන අටක් හා රුපියල් හැත්තෑ හත් දහසක් සොරකම් කළ බවට, ඔවුන් දෙදෙනාගේ ඥාති සොයුරකු විසින් කරන ලද පැමිණිල්ලකටය.

 

 පොලිසිය මුළු දවස පුරාම ඔවුන් රවා තබාගෙන සිට පසු දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. රිමාන්ඩ් කරන ලෙසට පොලිසිය කරන ලද ඉල්ලීමට ඉඩ නොදුන් උසාවිය වයස අවුරුදු 21 හා අවුරුදු 18වු තරුණයින් දෙදෙනාව ඇප මත මුදා හැරියේ ලබන වසරේ ජුනි මාසයට නඩුව කල් තබමින්ය.

 

මෙයින් නොසෑහිමට පත්වූ ඥාති සොයුරා තමාගේ පොලිස් සම්බන්ධතා උපයෝගී කරගෙන පානදුර මහේස්ත්‍රාත් උසාවියේ පවරන ලද නඩුවට අදාළ චෝදනාව ම පදනම් කරන ගෙන ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නට අලුත්ගම පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය (යුනිට්) එකේ නිලධාරීන් යොදවා ගත්තේය.

 

ඒම නිලධාරීන් මැලෑගමට පැමිණ ඔවුන්ගේ නිවස වටලා, ඒ අවස්ථාවේ ගෙදර සිටි අවු.21ක්වු වැඩිමහල් සොයුරා අත්අඩංගුවට ගන්නා ලදී. එම අවස්ථාවේ සිටම අතින් පයින් පහර දෙමින් අලුත්ගම පිහිටි යුනිට් ඒකට ගෙනවිත් කාමරයකට දමා, අත් කරකවා මාංචු දමා, අතින් පයින් හා කොසු මිටි වලින් පහරදෙමින් සොරකම පිළිගන්නා ලෙසට බල කරන ලිදි. වධ හිංසාවෙන් බේරිමට චොදනාව පිළිගත් ඔහු පසුව මල්ලි ව ඉදිරිපත් කරන බවට ඔහුගේ පියා ලවා  පොරොන්දුවක් ලබා දි නිදහස් වින.

  පවුලේ ඇති වූ ආරවුලක් මුල් කරගෙන මෙම ව්‍යාජ පැමිණිල්ලක කරන ලද ඥති සොහොයුරා පිළිබඳව පවුලේ උදවිය හෙළි කරන ලද තොරතුරු වලින් කිහිපයක් පහත දක්වා සිටිමු.

 

37 හැවිරිදි ළඟදි විවාහ වූ මොහු හමුදාවේ සංඥා බලකායේ  සේවයකර පලා එන ලද හා බැංකු ‌ෙසරකම කට  අත්අඩංගුවට පත්ව පසුව නිදහස් වු  අයෙකු බව;

 

කුඩා අවධියේ මාපිය දෙදෙනාගේ රැකවරණය අහිමි වූ, කවි බණ කීමට දක්ෂයෙක් වූ මොහු දෙවරක්ම සසුනට පූජා කරන ලැබුවෙකි. එම දෙ වාරයේදීම ටික කලකින් සිවුර අතහැර පැමිණ ඇති අයෙක බව; 

 

 ව්‍යාජ ලෙසට සකස් කරන ලද සහතික උපයෝගි කරගෙන හමුදාවට බැි, සංඥා ඒකකයේ සේවය කරන අතර පරිගණක හැසිරීම ප්‍රගුණ කරගෙන, හමුදාවේ සිටියදීම  විවිධ ලේඛන පරිගණකය ඇසුරෙන් සකස්කර වංචා සිදුකරන ලද බව ද පවුලේ උදවිය ප්‍රකාශකරයි.

 

ඉතා දක්ෂ ලෙස පරිගණක මගින් වංචා සිදුකරන්ට පුරුදු වී තිබෙන අතර උබර් සමාගමේ ඇප් එක සකස්කර ජංගම දුරකථන උපයෝගී කරගෙන සංවිධානාත්මකව මුදල් වංචා කිරීමට පටන් ගෙන ඇති අතර එය අදටත් සිදුකරනු ලබන බව; . මෙම වංචා සිදු කරන ආකාරය පිළිබඳව වටහා ගැනීමට හැකියාව ඇත්තේ පරිගණක හැසිරීම් පිළිබඳ විශේෂ දැනුමක් ඇති අයට පමණක් බවද ඔවුන් කියා සිටි.

 

 ඔහු සිදුකරන වංචා වලින් සමාන්‍යයෙන් දිනකට රුපියල් 20,000 කට වැඩි ප්‍රමාණයක් උපයන බව සඳහන් කරයි. 

මේ වනවිට ඔහු සිය දක්ෂතා උපයෝගී කරගෙන පොලිස් නිලධාරීන් මෙන්ම හමුදා නිලධාරීන් සමගද සම්බන්ධතා පවත්වන බවට පවුලේ අය සැක කරනු ලබයි.

 තමන් ගැන තොරතුරු හෙළි කරන පුද්ගලයින්ව ඝාතනය කරන බවට තර්ජනය කරනු ලබන බවද ඔවුන් ප්‍රකාශ කර සිටී.

 ඇප මත නිදහස්ව සිටින ඥති සොහොයුරා විසින් ඔවුන් දන්නා සියලු තොරතුරු අදාල බලධාරීන් ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබේ.

 මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට ද ඔවුන් පැමිණිල්ලක් කර ඇත.

 


No comments:

Post a Comment