Thursday, December 22, 2022

නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි. මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහන උස්සන්න බෑ.

 

           නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි.
මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට












වාහ   උස්සන්න බෑ.     

 මේ දක්වාම, කල්බදු ක්‍රමයට ලීසින්, වාහන හෝ වෙනත් භාණ්ඩ ලබාගෙන, වාරික ගෙවීමට අතපසු වූ විට, මැරයින් යොදවා පැහැර ගෙන යෑම සිදුකරන ලදි.

එය නීත්‍යානුකූල කරනු ලැබුවේ, පොලීසියයි. ඒ සඳහා ෆිනෑන්ස් කොම්පැනි වලින්, පොලීසියට වරදාන ලැබින.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අනුව, වාරික හිඟ ඇති වාහන, භාණ්ඩ ඉස්සීම තහනම්ය.

එම පනත ප්‍රකාරව, වාහන උස්සන මැරයින්ට සහය දැක්වීම හෝ ඒ හා අදාළ පැමිණිලි බාර නොගැනීම, සිදු නොකළ යුතු බවට, පොලිස්පති, 2021.01.31 දාතමින්, ආර්.ටී.ම්. 557 (සී.ආර්.ටී.එම්.395) දරන පණිවුඩය මගින් සිය`ඵම පොලීසි වලට උපදෙස් දී ඇත. නමුත් කිසිම පොලීසියක් ඒ රටේ නීතියට අනුව ක්‍රියා කර නැත.

ඒ බව තහවුරු කරමින්, 2022.12.19 දින, ආර්.ටී.එම්. - 481 හා සී.ආර්.ටී.එම්. - 314 දරන දැණුම් දීම මගින් සිය`ඵම පොලීසිවල, උසස් නිලධාරීන් හා ස්ථානාධිපතිවරුන් දැණුවත් කරන පොලිස්පති, මින් ඉදිරියට,

  වාහන හෝ භාණ්ඩයක් හෝ ෆිනෑන්ස් සමාගම්වල “මැර” කණ්ඩායම් වල සහයට ඉදිරිපත් වීම, වරදක් බවත්,

·   එසේ වාහන හෝ භාණ්ඩ හෝ බලයෙන් ගෙන රැගෙන යෑම ගැන කරන පැමිණිලි, බාරගෙන, නීතිමය පියවර ගන්නා ලෙසටත් නියම කර ඇත.

යමෙකු, කල්බදු ක්‍රමයට ලබාගත් වාහනයකට හෝ භාණ්ඩයකට නියමිත වාරික ගෙවීම පැහැර හැර ඇත්නම්, එම සමාගම හෝ පුද්ගලයින් කළ යුත්තේ, දිස්ත්‍රික් උසාවියට ගොස් තීන්දුවක් ලබා ගැනීමය.

මෙම නීතිමය තත්ත්වය සි`යඵ දෙනා දැන ගත යුතුය.

පොලීසිය සමග ඇවිත් වාහන හෝ භාණ්ඩ උස්සන් යෑමට සූදානම වුවහොත් විරෝධය පළ කරන්න.

අදාළ පාර්ශවයන් දැනුවත් කරන්න. අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන්න.

පොලිස්පතිගේ නියෝගය පහත දැක්වේ.





 



 







Monday, February 7, 2022

පයියාගල පොලීසියේ ට‍්‍රැෆික් PC ගහලා කකුල කඩලා රු: 4000/-ක් දීලා පනියි. දොස්තරෙක් අල්ලාගෙන X-Ray එකකුත් අරගෙන අධිකරණ ඇමති "පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න" පටන් අරගෙන.

 

මාස 03 ක් ගතවෙලා තවම යන්නේ කිහිලිකරුවල පිහිටෙන්. දේශපාලකයෝ, පූජකයෝ, පොලීසිය විවේචනය කරන්නේ තමන්ගේ එකෙක්ව බේරා ගන්න  ඕනෑ වුනාම.

යුක්තිය පසිඳලීමේ සමස්ථ පද්ධතිය තුළ, දුෂණ, අක‍්‍රමිකතාව, හොර මැරකම් වලින් පොලීසිය අංක 01, 02, 03 ද කියන්න නම් අපි දන්නේ නෑ.

ජනතාව තුළ නම් නිගමනයක් තියෙනවා. නමුත් ප‍්‍රකාශ වෙන්නේ නෑ.

සිසිර තනිකඩයෙක්. ජීවත් වෙන්නේ අත්වැඩ දීලා. අකුරු බෑ. ගංජා බොනවා.

පසුගිය වසරේ අගෝස්තු 29 වන දින, රාත‍්‍රියේ, මොහු ආරවුලක් ඇතිකර ගත්තේ, ගෙදර අය සමග. 119 ට කනර ලද දැනුම් දීමක් මත, පයියාගල පොලීසියේ රතවාහන අංශයේ චමින්ද නැමති කොස්තාපල් තවත් නිලධාරියෙක් සමග පැමිණියාලූ.

එ වන විටත්, ආරවුල පැවතුනා. පො.කො. චමින්ද, සිසිරට අතින් පයින් පහර දුන්නා. එක් පා පහරකින්, සිසිර බිම ඇද වැටුනා. නැගිටන්න බැරිව.

වේදනාවෙන් කෑ ගසමින් සිටි සිසිරව බැලීමට පසුදින පැමිණි, පො.කො. චමින්ද, පොලිස් ත‍්‍රී රෝද රථයෙන්, දොඩංගොඩ කබර වෙද මහතාළඟට ගෙන ගියා. එ් අතර සිසිරට පොරොන්දු වුනා, බෙහෙත් කරනවා පමණක් නොව, කකුල නිට්ටාවටම හොඳ වෙනකම් සලකන බවට. අතට රු: 1000.00 ක් ද දුන්නා.

වෙද මහතා පො.කො. චමින්දට උපදෙස් දුන්නා, ප‍්‍රතිකාර කරන්න ඞ ඍ්හ එකක් අවශ්‍යය බව.

පො.කො. චමින්ද, සිසිර, නාගොඩ මහ රෝහලට ගෙන ගියා. පො.කො. චමින්ද, සමිති නායකයෙක් සොයා ගත්තා. ඔහු සාත්තු සේවකයෙක්. කාරණය විමසා දැනගත් ගර සාත්තු සේවක මහතා, වහාම බාහිර රෝගී අංශයේ, වෛද්‍යවරයෙකුගෙන්, ඍ්හ ගැනීමට අවශ්‍යය නියමය අරගෙන, සිසිරට ඞ ඍ්හ අරගත්තා.

පො.කො. චමින්ද, – X-Ray එක රැගෙන, සිසිරව ගෙදරට ගෙනවිත්, බස්සවා යන්න ගියා.

අද වනතුරු මෙම අපරාධය ගැන මොනයම් හෝ පරීක්ෂණයක් කරලා නෑ.

සිසිර, සියලූ විස්තර අඩංගු ලිඛිත පැමිණිල්ලක් පසුගියදා කළා.

බලා සිටිමු. වධ හිංසාව නතර කරන්න අධිකරණ ඇමතිට, පනත් සංශෝධනය කරලා පු`ඵවන් වෙයිද කියලා.

 

Thursday, January 27, 2022

වාද්දුව පොලිසියෙන් පහරදී - බරපතල ලෙස රෝගීව රහසිගතව රෝහල් ගතකරයි. පෙන්වන්නේ නැ. පොලිස්පති නියමයන් විහිලුවට අරන්.

 


ඥතිවරයික් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කර ත්බෙන පැමිණිල්ලට අනුව-

2022.01.26 දින, සවස 5.30 පමණ, ඇගේ ඥති පුතුන් දෙන්නාට සහ ඔවුන්ගේ මිත‍්‍රයෙකුු වාද්දුව පොලිසිය අමානුෂික ලෙස පහර දී, අත්අඩංගුවට ගෙන, `දවා ගෙන සිටින බව,

 සවස 6.30 පමණ, නිවසියන් වාද්දුව පොලිසියට ගොස්, විමසූ විට, කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැති බව ප‍්‍රකාශ කල බව, 

 නමුත් ඔවුන්ට  ඔවුන්ට පහර දී, එක් අයෙකුට සිහි නැතිවී, පානදුර මූලික රෝහලට ගෙනවිත් තිබෙන බව දැන ගන්නට ලැබුන බ,

 ඒ ආරංචියට, රෝහලට පැමිණි විට ඒක්ලි අයෙක් මුලික ප‍්‍රථිකාර ඒකකයේ ඇ`දක සිහි නැතිව සිිටිය බව, ඔහුට සේලයින් සවිකර තිබුන අතර  යන්ත‍්‍රයකටද සවිකර තිබුන බව. එතැන කොස්තාපල් වරයෙක් සිටිය බව. ඔහුට නින්ද ගිහිල්ලා කියලා ඒම පො.කො. කිව්ව බව,

අද, (2022.01.27,) උදේ 6.30 ට රෝහලට පැමිණී විට ඔහුව 8 වාට්ටුවට මාරු කර තිබුන බව හා . ඇ`දට තියා මාංචු දමා තිබුන  බව. පොලිසියෙන් හො`දටම ගැහුව්වා බව කිව්ව බව,

 තවම, අත්අඩංගුයට ගෙන, `දවාගෙන සිටීන තම අනෙක් ඥති පුත්‍රයාව  බලන්න දුන්නේ නැති බව,  

වහාම පියවර ගෙන, ඔහුව දරෝහල් ගත කරන ලෙසට හා නොපමාව අධිකරණයට ඉදිරරිත් කරන ලෙසට ඉල්ලා සිටින බව.