Friday, July 29, 2011

බඹරෙක් වූ පොලිස්ලොක්කා - (වීඩියෝව)

ගැහැනියක් සතු‍ටු කරන්න, මේ පොලිස් ලොක්කා අහින්සක යුවලක් වධහිංසාවට ලක්කොට ලක්කොට, බොරුනඩුදැමූ හැටි.

Wednesday, July 27, 2011

හිටපු පොලිස්පතියෙකුගේ නරිවාදන්


ඉන්ද්‍රාද සිල්වා හිටපු පොලිස්පතියෙකි. අධිකරණ නියෝගයකින් ඉඩමක් මනින්නට ගිය මිනින්දෝරුවරයෙකුට සිය රාජකාරිය කරන්නට ඉඩනොදී,ඉන් පසු ඉන්ද්‍රාද සිල්වා නිට්ටඹුව පොලීසිය මගින් මිනින්දෝරුවරයාට  
එරෙහි අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවරුවේය.


2011.07.27 Lankadeepa News paper 

අධිකරණය කියා සිටියේ නඩු දැමිය යුත්තේ ඉන්ද්‍රාද සිල්වාට බවයි. එහෙත් නඩුව දමා ඇත්තේ මිනින්දෝරුවාට විරුද්ධවය. ආශ්චර්යමත් රටේ පොලීසිය, පොලීසිය බාර ඇමතියා මේ ගැන කියන්නේ කුමක්ද?

Tuesday, July 26, 2011

ළමා අපචාර පැමිණිල්ලේ ඇත්ත නැත්ත!



ඩබ්ලිවු එම එස් ප්‍රේමරත්න පෙරේරා මහතා නො 02, නගර සබා නිවාස, කටුකුරුන්ද, මොරටුවහි පදිංචිකරුවෙකි. ඔහු සිය අබාදිත දියණියට අතවර කල බවට ඩානෝ කැමරන් නමැති විදේශීය කත පොලිසියට පැමිණිලි කර ඇත. එම කාන්තාව ශ්‍රී ලංකාවේ අබාදිත ළමුන් නමැති සංවිදානය පවත්වා ගෙන යනු ලැබේ. අපි බලමු මේ චෝදනාව සම්බන්දයෙන් ප්‍රේමරත්න මහතා කියන්නේ කුමක්ද කියා.

2011.07.08 දින මා නිවසේ නොසිටි අවස්ථාවක මොරටුව පොලිසියේ නිලදාරිනියක් හා නිලදාරියෙකු මගේ නිවසට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ අබාදිත දියණිය වන වෙදමුහන්දිරම්ලාගේ ඉනෝකා සුදර්ශනී (වයස 12) සහ මගේ වයස අවුරුදු 17 ක් වයසැති පොඩි පුතා පමණි. 

එම පොලිස් නිලදාරිනිය සහ නිලදාරියා පැමිණෙන විට දියණිය බිම චිත්‍ර අදිමින් සිට තිබෙනවා. එම පොලිස් කාන්තාව දියණිය ලගට පැමිණ ඇවිදින්න බැරිද කියා අසා තිබෙනවා. දුව බැහැ කිවුවිට එම නිලදාරිනිය ඔයාට තාත්තයි අයියලයි කරදර කරනවද කියා අසා තිබෙනවා. දුව නැකියු පසු අම්මා කෝ කියා අසා ඇති අතර දියණිය අම්මා රට කියා පවසා ඇත. පසුව දුවව නාවන්නේ කවුද කියා අසා ඇත.දියණිය පවසා ඇත්තේ තාත්තා නාන තැනට ගෙනියනවා මම වතුර බටයෙන් නානවා කියයි. එවිට තාත්තට අපි ආපු බව කියන්න කියා ඔවුන් ගොස් තිබේ. පුතගෙන්ද පොලිස් නිලදාරියා ප්‍රශ්න කර ඇති අතර පුතාගෙන් අසා ඇත්තේ ගෙදර ඉඩම් ආරවුල් ගැනයි.

පසුව මා මොරටුව පොලිසියට ගොස් විමසා සිටි විට දැන ගන්නට ලැබුනේ විදේශික කාන්තාවක් විසින් අප දියණියට මාගෙන් හා පුතාලගෙන් හිරිහැර වන බවට පැමිණිලි කර ඇති බවයි.

ජනසංසදය

Monday, July 25, 2011

මහේස්ත්රාත්ට වසර 06 ක් රිමාන්ඩ් කර සිටින මානෙල්ව හමුවී නැත


ශ්‍රී ලංකාවේ සියලු මහේස්ත්රත්වරුන්ට රිමාන්ඩ් බන්දනාගාර වලට ගොස් ඒවායේ තත්වය අදීක්ෂණය කිරීමට නයිතික වගකීමක් ඇත. ශ්‍රී ලංකාවේ මෙවැනි ප්‍රතිපාදන හදුන්වා දී ඇත්තේ රැදවුන් බාරයේ සිටින පුද්ගලයින්ට සිදුවන වදහිංසාව වැළැක්වීමටයි.

වසර 06 ක් පුද්ගලයකුව රිමාන්ඩ් කර තිබීම බරපතල ලෙස වදහිංසා පැමිණවිමකි.

සැක අංක 760 නැතිනම් ඩබ්ලිවු මානෙල් වසර 06 ක් තිසේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ රැදවියකි. අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ අගේ නඩුවේ අංකය B 2585 වේ. නීතිපති යොමු අංකය CR 3/394/20 ය. ඇය වසර 06 ක් රිමාන්ඩ් එකේ ඉන්නේ නීතිපති උපදෙස් නොලැබීම නිසාය.

මනේල්ට වයස අවුරුදු දෙකේදී පෝලියෝ සැදී ඇත. ඇය පාසල් ගොස් නැත. අගේ මව මාකට් එකේ බඩු විකුණු අතර පියා කුලී වැඩ කළේය. මානෙල් විවාහ වූ අතර දරුවන් පස්දෙනෙකු ලැබීමෙන් අනතුරුව සැමියා ඇයව අතහැර ගියේය.

නඩු පමාවට විසදුම ලෙස රජය යෝජනා කරන්නේ උසාවි සහ විනිසුරුවරු වැඩි කිරීමයි. තවද දින පතා අපරාද නඩු විබාග කිරීමයි. එහෙත් මනේල්ට ඇප දීමට හෝ දඩුවම් නියම කිරීමට මේ කිසිවක් අවශ්‍ය නැත. නීතිපතිට සිය උපදෙස් දීමට යන්නේ වැඩිම වුනොත් පැය දෙකක කාලයකි.

බන්දනාගාර වලින් වාර්තා වන අන්දමට මහේස්ත්‍රත්වරු බන්දනාගාර වලට ගොස් තම නියෝග මත රිමාන්ඩ් කර සිටින රැදවියන් ගැන සොයා බලන්නේ ඉතා අල්ප මාත්‍ර වශයෙනි. ප්‍රතිපලය තවමත් නිර්දෝෂී පුද්ගලයින් වසර 06 ක් තිස්සේ රිමාන්ඩ් බන්දනාගාර වල වදහින්සාවට ලක්වීමය.

හර්ෂි සි. පෙරේරා

පොලිසිය කුඩු අතුරුදහන් කරයි.

පානදුර උතුර දිග්ගල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 280ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පානදුර පොලිසිය විසින් ඊයේ පස්වරුවේ කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අදාළ හෙරොයින් තොගය පැකට් 180ක අසුරා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

උව අදිකරිගේ සෝමාවතී නඩුවේදී ( නඩු අංක 51443)මොරටුව පොලිසිය අදිකරණයට දැනුම් දුන්නේ හෙරොයින් මිලි ග්රෑම් 1200 ක් සෝමාවතී ලග තිබු බවයි. නමුත් රස පරීක්ෂකට යැවීමට පොලිසිය ලබාදී ඇත්තේ මිලි ග්රෑම් 253 ක් පමණයි.

නකත්දුරගේ අනුලාවතී නඩුවේදී ( 1694/08) පිලයන්දල පොලිසිය අදිකරණයට දැනුම් දුන් හෙරොයින් ප්‍රමාණය මිලි ග්රෑම් 482 කි. නමුත් රස පරීක්ෂක වාර්තාවට අනුව තිබුනේ මැනිය නොහැකි කුඩු ප්‍රමාණයකි.

කේ ආර් මල්ලිකා නඩුවේදී (2303) තලංගම පොලිසිය අදිකරණයට දැනුම් දුන් හෙරොයින් ප්‍රමාණය මිලි ග්රෑම් 109 කි. නමුත් රස පරීක්ෂක වාර්තාවට අනුව කුඩු ඇති බව හදුනා ගෙන තිබුනද කොතරම් ප්‍රමාණයක්ද යන්න සදහන්ව නැත.

ඉහත සිද්දීන් වලදී කුඩු අඩු වුයේ කෙසේද? මේ ගැන පරීක්ෂා කිරීමට අදිකරනයටද වගකීමක් ඇත.

හර්ෂි සි. පෙරේරා

Friday, July 22, 2011

"උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා"

යටවරගෙදර කුමාරිහාමි සහ ඔහුගේ පුත් පුබුදු දිල්ෂාන්  
 
 
01.සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108” බාන්ස් පෙදෙස”
කොළඹ 07.
 
02.ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.
 
03.ස්ථානාධිපති
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
අංක 25” වයිට්වේස් ගොඩනැගිල්ල”
ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත”
කොළඹ 01.
 
04. සභාපති
ළමා ආරක්ෂක අධිකාරිය”
330” තලවතුගොඩ පාර”
මාදිවෙල.
 
05. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.
 
06. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
මාතලේ.

ලිඛිත පැමිණිල්ල

හේරත් මුදියන්සේලාගේ යටවරගෙදර කුමාරිහාමි වයස අවු: 57 යි, විවාහක, දරුවන් 01 යි, 
ලිපිනය : 31, උරුලෑවත්ත, යටවත්ත, මාතලේ’ 2011.07.20 දින දීය. 
(දරුවාට මාස තුනක්ව සිටියදී පියා අතහැර ගොස්ය)

සුබසිංහලා ගෙදර පුබුදු දිල්ෂාන් තිලකරත්න වයස අවු: 15 යි. මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විදුහලේ 09 වන වසරේ ඉගෙනුම ලබයි - මාගේ පුතා වේ.

2011. 06. 26 වන දින පුතාගේ මිතුරෙකු වන සහන් නමැති දරුවා අප අසල්වාසී අයෙකු වන ආර්. එම්. තිලකරත්න නමැති අයගේ දරුවාගේ සෙල්ලම්බඩු කීපයක් ගෙනවිත් ඇති අතර, එයින් කැඩුණු ජංගම දුරකථනයක් පුතාටද දී තිබෙනවා. තිලකරත්න නමැති අය හා අප ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අමනාපයෙන් පසුවනවා. පසුව පුතා එම ජංගම දුරකථනය ගෙදර ගෙනවිත් තිබෙනවා. අනෙක් ඒවා සහන් නමැති දරුවා ගෙනගොස් තිබෙනවා.

2011. 06. 30 වන දින පුතා පාසැල් ගොස් ගෙදර පැමිණියා. ඊට ටික වෙලාවකට පසු අප නිවසට යතුරුපැදි 03 කින් යටවත්ත පොලිසියේ නිලධාරින් 6 දෙනෙකු පැමිණියා’ නිලධාරින් දෙදෙනෙකු පමණක් නිල ඇඳුමෙන් සිටියා’ එක් නිලධාරියෙකු පුතාට කිව්වා කටඋත්තරයක් ගන්න යමු කියලා’ මගේ පුතාව ගෙනියන්නේ ඇයි” එයාව ගෙනියන්න එපා කියලා මම ඇක්‍ෂුවා’ ඒත් එම නිලධාරින් කටඋත්තරයක් ගන්න තියෙනවා කියා පුතාව යතුරුපැදියක දමාගෙන රැගෙන ගියා’ පුතාව පොලිසියට ගෙනගියේ ඇයි කියා අප දැනගෙන හිටියේ නැහැ.

පසුව මාත් මගේ අම්මාත් පයින්ම යටවත්ත පොලිසියට ගියා’ අපි යනවිට පුතා පොලිසියේ පුටුවක වාඩිවී සිටියා’ අපි පුතා සමග කතා කිරීමට යන විට එහි සිටි පොලිස් නිලධාරියෙකු මට තෝ පුතා හදාගනින් කියා කුණුහරුපයෙන් බැණවැදී එලවා ගත්තා’ පුතාව බැලීමට දුන්නේ නැහැ.

නමුත් අපි ඉස්සරහ තිබුණු පුටුවල වාඩිවෙලා හවස්වන තුරුම හිටියා’ නමුත් පුතාව බැලීමට දුන්නේ නැහැ’ පසුව පොලිස් නිලධාරින් වැඩ ඉවරවෙලා යන්න ගියා’ එක නිලධාරියෙකු පුටුවක වාඩිවෙලා හිටියා’ පසුව අපි දැක්කා පුතාව කූඩුවට දානවා’ එදා ? එළිවෙන තුරුම අපි පොලිසියේ හිටියා.

2011’ 07’ 01 වන දින (පසුදින) උදේ අපට බැණවැදුණු නිලධාරියා ඇවිත් කිව්වා ගෙදර ගිහින් කෑම කාලා එන්න කියලා’ මම කිව්වා අපිට බඩගිිනි නෑ කියලා’ පුතාට ගහන්න එපා කියලත් මම කිව්වා’ එවිට එම නිලධාරියා පලයං ගෑණියේ අහකට කියා මට බැණවැදුණා’ එම නිලධාරියා පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා මා පසුව දැනගත්තා’

ටික වෙලාවකට පසු අපි දැක්කා පුතාව ජීප් එකට නග්ගනවා’ ඊට පසු පුතාව නිලධාරින් කීප දෙනෙක් ජීප් එකෙන් රැගෙන ගියා’ අම්මාත් මාත් ත‍්‍රිවිල් එකක් අරගෙන ඒ පිටිපස්සෙන්ම ගියා’ ජීප් එක ගියේ අපේ ගෙදරට’ පසුව පුතා ගේ ඇතුළට ගිහින් ෆෝන් එකක් ගෙනත් දුන්නා’ ඒකත් අරගෙන මිදුලට ගියා’ පුතා සෙල්ලමට ඉටිරෙදි වලින් සාදා තිබුණු බස් එකක් තිබුණා’ ඒකේ ඇතුළට එබී බලා එහි තිබුණු පැති කණ්ණාඩි 2ත් අරගත්තා’ එතන තිබී සිම් කාඞ් පතකුත් අරගත්තා’ පුතා සාදා තිබුණු එම සෙල්ලම් බසයද කඩා දැම්මා’ එදා පුතාව උසාවි දමන බව කිව්වා’ පසුව පුතාවත් රැගෙන යන්න ගියා.

පසුව මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණිත් සමග නීතිඥ මහතෙකු හමුවීමට ගියා’ ඔහුට විස්තර කියූ පසු නීතිඥවරයා අධිකරණයට එන බව පවසා සිටියා’ පසුව අප උසාවියට ගියා’ එහිදී පුතාට සෙල්ලම්බඩු සොරකම් කළ බවට චෝදනා නගා තිබුණා’ මාගේ අසරණ තත්වය මත පුතාව පරිවාස භාරයට යවන ලෙසට නියෝග කළා’ රුපියල් 25000/-ක ශරීර ඇපයක් තබා නිදහස් කළා’ නඩු අංකය 97789 වන අතර” නැවත 2011.07.26 දිනට කල් තැබුවා.

එදිනම මා පුතා සමග පරිවාස කාර්යාලයට ගියා’ නමුත් මා පුතාව පරිවාස භාරයේ තැබීම ප‍්‍රතික්ෂේප කළා’ පසුව නැවත මට පුතාව භාරදුන්නා’ නැවතත් 211’ 07’ 05 වන දින එම කාර්යාලයට පැමිණෙන ලෙසට කියා සිටියා.

2011.07.02, 03 හා 04 යන දිනවල පුතා ගෙදර සිටියා’ පුතා කෑම කෑමද ප‍්‍රතික්ෂේප කළා’ පසුව 2011’ 07’ 05 වන දින පුතා සමග නැවත පරිවාස කාර්යාලයට ගියා’ එහි නිලධාරියෙකු හමුවී මගෙන් හා පුතාගෙන් විස්තර ලබාගත්තා’ පුතාව පරිවාස භාරයට දීමට මා අකමැති වූ නිසා දරුවා මගේ භාරයේම තැබුවා.

පසුව 2011.07.06 හා 07 දින දෙකේ පුතා පාසැල් ද ගියා’ 2011.07.08 වන දින මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණි අප නිවසට පැමිණියා’ ඇය පුතා වේදනාවෙන් සිටිනවා දැක” පුතාගෙන් විස්තර ඇසුවා’ ඒ අනුව,

පුතා පැවසූ ආකාරයට විස්තර පහත දක්වමි.

2011.06.30 දින පොලිසියට ගෙන ගිය ගමන්ම” කටඋත්තරයක් ගන්න තියෙනවා කියූ නිලධාරියා මාව කාමරයකට ගෙන ගියා’ ඇත්ත කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එතකොට මට කිව්වා නැත්තන් බැටන් පොල්ල ගේනවා ඇත්ත කියපන් කිව්වා’ ඒත් මම කිසිදෙයක් කිව්වේ නැහැ’ එවිට කිව්වා මාව කරුවල කාමරයට ගෙනියනවා කියලා’ පසුව මාව උඩුමහළේ තියෙන කාමරයකට ගෙනගියා’ ඒකේ ඇඳක් තිබුණා.

මාව ඇඳේ වාඩිකළා’ මට ඇත්ත කියපන් කිව්වා’ මම මුකුත් කිව්වේ නැහැ’ පස්සේ ඒ නිලධාරියා ගියා’ අපේ ගෙදරට ආපු සිවිල් ඇඳුමෙන් හිටපු නිලධාරියෙක් ආවා’ ඒ නිලධාරියාත් මට කිව්වා ඇත්ත කියපන්” බඩුටික දුන්නොත් ගෙදර අරිනවා කියලා’ මම කිව්වා මම ගත්තේ නැහැ කියලා’ එතකොට ඒ නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලලා බිත්තිය පැත්තට තල්ලූ කළා’ ඊට පස්සේ මගේ චූ කරන තැනින් අල්ලලා බිත්තියට මාව හේත්තු කරලා මාව උඩට උස්සගෙන ටිකක් වෙලා හිටියා’ එහෙම උස්සගෙන මට කියපන් කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එවිට එම නිලධාරියා කිව්වා ඬඬඋඹව මෙතනින්ම අල්ලලා මරණවාඬඬ කියලා.

ඊට පස්සේ මගේ බෙල්ලෙන් අල්ලලා තදරකරලා” නැවතත් චූ කරන තැනින් මිරිකා අල්ලාගෙන ඇදලා ගත්තා’ පසුව ඇත්ත කියන්නේ නෑනේ කියා” ඒ ළඟ තිබුණු කාමරයකට ගෙනිච්චා’ මාව පුටුවක වාඩිකළා’ එහි තවත් නිලධාරින් හිටියා’ මේසයක් ළඟ නිලධාරින් දෙන්නෙක් හිටියා’ මට වධහිංසා කරපු නිලධාරියා මම ඇත්ත කියන්නේ නෑ කියලා මාංචු අරගෙන ඇවිත් මගේ එක අතකට දැම්මා’ පස්සේ මාව මාංචුවෙන් ඇදගෙන පහළට ගෙන ගියා’ ඒ නිලධාරියා කිව්වා ඇත්ත කිව්වේ නැත්තං කට්ටියටම පේන්න හංදියටම අරන් යනවා කියලා.

පස්සේ මම බයේ කිව්වා සහන් ගාව සෙල්ලම්බඩු තියෙනවා කියලා’ පස්සේ මාව එළියට ගෙනාපු නිලධාරියා මාව පුටුවක වාඩිකරලා මාංචුවේ අනික් කෙළවර පුටුවට දැම්මා’ මට කටඋත්තර දෙන්න කියූ නිලධාරියාත් අනෙක් නිලධාරියාත් යතුරුපැදියක නැගී බඩුටික අරගෙන එන්නම් කියා යන්න ගියා’ ඒ වේලාවේ අම්මාත් අත්තම්මාත් ආවා මම දැක්කා’ නමුත් අම්මලාට මාව බලන්න නොදී එහි සිටි පොලිස් නිලධාරියා බැණවැදී එලවා ගත්තා මම දැක්කා.

ටිකක් වෙලා ඉන්න විට ඒ නිලධාරින් සෙල්ලම්බඩුත් අරගෙන සහන් මල්ලිවත් ගෙනාවා’ එයාගේ අම්මත් ආවා’ පස්සේ මගේ මාංචු ගලවලා පොලිසිය ඇතුළට ගෙනියලා සහන්ගෙන් ඇහුවා සෙල්ලම්බඩු ගත්තේ ඇයි කියලා’ සහන් කිව්වා ඒවා ගත්තේ මම කියලා’ මම කිව්වා සහන් තමයි ගෙනත් දුන්නේ කියලා’ සහන්ගේ අම්මාත් කිව්වේ මම ගත්තා කියලායි’ පස්සේ සහන්වත් අම්මාවත් ගෙදර යැව්වා’ මට පුටුවක වාඩිවෙලා ඉන්න කිව්වා.

මට කටඋත්තර ගන්න යමු කියපු නිලධාරියා කිව්වා හෙට උදේට ෆෝන් එක ගේන්න යන්න ලෑස්ති වෙයන් කියලා’ ඒ නිලධාරියා ස්ථනාධිපති බවත් ඔහුගේ නම බණ්ඩාර බවත් අනිත් නිලධාරින් කියනවා මට ඇහුණා’ මම ටිකක් වෙලා ඉන්නකොට ස්ථානාධිපති බණ්ඩාර හා තවත් නිලධාරින් වැඩ ඉවරවෙලා ගෙදර යන්න ලෑස්ති වුණා’ ස්ථානාධිපති කිව්වා මගේ ළඟ තනියට කවුරුහරි ඉන්න ඕනා කියලා’ එක නිලධාරියෙක් ඉස්සරහ පුටුවක වාඩිවෙලා හිටියා’ පස්සේ තවත් නිලධාරියෙක් මාව කූඩුවට දැම්මා’ එදා ? කූඩුවේ හිටියා’ අම්මයි අත්තම්මයි එදා ? පොලිසියේ හිටියා.

2011.07.01 (පහුවදා)* උදේ ස්ථානාධිපතිවරයා නිල ඇඳුම් ඇඳගෙන ඇවිත් මට කිව්වා ෆෝන් එක තියෙන තැන කියන්න කියලා’ මම කිව්වා ගෙදර තියෙනවා කියලා’ ගෙදර යමු කිව්වා’ මම බෑ කිව්වා’ පස්සේ මාව බලෙන්ම ජීප් එකේ දාගෙන මට ගහපු නිලධාරියාත් තවත් නිලධාරින් කීප දෙනෙකුත් එක්ක අපේ ගෙදර යන්න ගියා’ අම්මලාත් ඒ පිටිපස්සෙන් ආවා.

ජීප් එකේ යන ගමන් ස්ථානාධිපති මගේ ඔලූවට පිස්තෝලයක් තියලා කිව්වා උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා.

ගෙදරට ගිය පසු මම ඒ කැඩුණු ෆෝන් එක ස්ථානාධිපතිට දුන්නා’ මම ඉටිරෙදි වලින් සෙල්ලම් බස් එකක් හදලා තිබුණා’ ඒකට එබිලා බලා ඒකේ පැති කණ්ණාඩි දෙකත් ඔහු ගත්තා’ එතන තිබිලා සිම් එකකුත් ගත්තා’ මගෙන් ඇහුවා කොහෙන්ද කියලා’ මම කිව්වා හංදියේ කඩෙන් ගත්තු එකක් කියලා’ පස්සේ මාව ජීප් එකේ දාගෙන ගියා.

හංදියේදී මට කඬේ පෙන්නන්න කිව්වා’ මම පේනනුවා’ වෙනත් පොලිස් නිලධාරියෙක් ඔහුගේ ෆෝන් එකට මගෙන් ගත්තු සිම්එක දාගෙන ඔහුගේ සිම් එක කඬේට දීලා ඇහුවා මේක මෙහෙන්ද රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා’ එම කඩෙන් කිව්වා නෑ කියලා’ නැවතත් මාව ජීප් එකේ දාගෙන ගියා’ යන ගමන් මගෙන් ඇහුවා හොරකම් කරපු ෆෝන් එකක සිම් එකක්ද කියලා’ මම කිව්වා නෑ ගෙදර එකක් කියලා’ එතකොට ස්ථානාධිපතිත් මට ගහපු නිලධාරියාත් කුණුහරුපයෙන් බැන්නා’ ඇත්ත කියපන් කිව්වා.

ඊට පස්සේ අපේ ඉස්කෝලේ ළඟට ගිහින් ජීප් එක නවත්තලා ඉස්කෝලෙට එක්ක යනවා” සිම් එක කොහෙන්ද කියලා කියපන් කිව්වා’ ජීප් එක ගේට්ටුව ළඟට ගන්නකොටම එතන්ට චන්දන සර් ආවා’ ස්ථානාධිපති ඒ සර්ට කිව්වා සෙල්ලම්බඩු වගයකුයි සිම් එකකුයි හොරකම් කරලා ගෙනාවා කියලා’ එවිට සර් කිව්වා ඉස්කෝලෙට එන්න එපා මම ප‍්‍රින්සිපල්ට කියන්නම් කියලා’ ආයෙත් මාව අරගෙන ගියා’ ඒ යන ගමන් ස්ථානාධිපති” ඬඬතෝ කපටියාඬඬ කියා මට කුණුහරුපයෙන් බැන්නා’ එසේම ඔහු කිව්වා” ගමේ පන්සලේ ඝංඨාරයක් නැතිවෙලා තියෙනවා” ඒකත් මූට දාමු කියලා’ පස්සේ මාව පොලිසියට ගෙන ගියා.

මේසයක් ළඟ පුටුවක වාඩිකළා’ ස්ථානාධිපති ඇතුළට ගියා’ නැවත ඔහු එන වෙලාවේ මම හිටියේ ඔලූව පාත් කරගෙන නිදිමතෙන්’ ඔහු ඇවිත් පෑනෙන් එකක් මගේ ඔලූවට ගහලා ඬඬඋඹ නිදාගන්නයි” අපි වැඩකරන්නයිඬඬ කියලා මාව කාමරයකට ගෙන ගියා.

ඒ කාමරේ දොර ළඟට යනකොට ස්ථානාධිපති බණ්ඩාර” මගේ කකුලකට පයින් දෙකක් වේගයෙන් ගැහුවා’ ඒ පාරවල් මට තදින්ම රිදුණා’ මම ඇක්‍ෂුවා’ එහි තිබුණු පුටුවක මම වාඩිවුණා’ එහි සිටි නිලධාරියෙකු මගෙන් ගෙදර විස්තර ඇහුවා’ නම” ලිපිනය ලියාගත්තා’ තව නිලධාරියෙකුට කිව්වා මගේ උසයි බරයි මැනලා ලියන්න කියලා’ ඒවා ලියනකොට සිවිල් ඇඳපු සුදු මහත නිලධාරියෙක් ආවා’ එහි සිටි නිලධාරින් ඔහුට සර් කියලා කතා කළේ.

ඒ සුදු මහත නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලා” මේකා හරි කපටියා නේද කියලා මගේ පිටට දෙකක් අතින් ගැහුවා’ විස්තර ලියමින් සිටි නිලධාරියා කිව්වා කමිසෙ ගලවන්න කියලා’ මම ගැලෙව්වා’ මගේ ඇඟ පරික්ෂා කරලා බැලූවා’ පස්සේ සුදු මහත නිලධාරියා මගේ අත අඹරලා පිටිපස්සට අරගෙන මගේ පිටට අතින් ගැහුවා’ ඊට පස්සේ කමිසෙ ඇඳගන්න කිව්වා’ ස්ථානාධිපති යන්න ගියා’ සුදු මහත නිලධාරියාත් තවත් නිලධාරින් 4 විතර හිටියා.

සුදු මහත නිලධාරියා මට කිව්වා” ගැහුවා කියලා කිව්වොත් උඹව උසාවි දානවා” නැත්තං දාන්නේ නෑ” හැබැයි උසාවි දැම්මොත් වැලිකඩ බන්ධනාගාරෙ තමයි ඉන්න වෙන්නේ කිව්වා’ පස්සේ ඒ නිලධාරියාත් ගියා’ නිලධාරින් දෙන්නෙක් හිටියා’ එක් නිලධාරියෙක් මගෙන් කොල 02 කට අත්සන් ගත්තා’ කලින් විස්තර ලියාගත්තු පොතේ කොල ඉරලා එකදිගට තියලා ඇලෙව්වා.

පස්සේ එහි සිටි කළු නිලධාරියා මට බත් එකක් ගෙනත්දීලා කන්න කිව්වා’ මම කෑවා’ මට කිව්වා ටැප් එක ළඟට ගිහින් මූණ සෝදාගෙන එන්න කියලා’ ඊට පස්සේ මට බත්දීපු කළු නිලධාරියා මාව යතුරුපැදියේ තබාගෙන සෙල්ලම්බඩුත් අරගෙන රැගෙන ගියා.

ඒ යන අතරරෙදි සෙල්ලම්බඩු අයිති ගෙදර තිලකරත්න මාමාත් ඒ ගෙදර කුළියට ඉන්න ගුණතිලක මාමාත් හමුවුණා’ ඒඅය පොලිස් නිලධාරියාගෙන් ඇහුවා වැඬේ හරියට කෙරුවාද කියලා’ පොලිස් නිලධාරියා කිව්වා එන බස් එකක උසාවිය ළඟට එන්න කියලා’ පස්සේ යන ගමන් ඒ නිලධාරියා මට කිව්වා දැන් උසාවියට යන්නේ එහෙදි ඇප දෙයි” ආයෙත් මේ වගේ වැඩ කරලා අහුවෙන්න එපා කියලා.

අම්මලා නීතිඥ මහත්තයෙක් ගෙනල්ලා තිබුණා’ එහෙදී මට ඇප දුන්නා’ පරිවාසෙට දාන්න කිව්වා’ ඒත් අම්මා කැමති වුණේ නැහැ.

පුතා මෙම පහරදීම් හා වධහිංසා ගැන මගේ මල්ලිගේ බිරිඳට පැවසූ පසු 2011’ 07’ 09 වන දින මාත් මල්ලිගේ බිරිඳත් පුතාව යටවත්ත බෙහෙත් ශාලාවකට ගෙන ගියා’ එයින් පුතාව මාතලේ මහ රෝහලට ගෙන යන ලෙස උපදෙස් දුන්නා’ පසුව මල්ලිගේ බිරිඳ සමග පුතාව යැව්වා.

මාතලේ රෝහලේ 13 වන වාට්ටුවේ පුතාව නතර කළා’ එහිදි පුතාගෙන් රෝහල් පොලිසියෙන් ප‍්‍රකාශ ගෙන තිබුණා’ පොලිසියෙන් පහරදී ඇති බව පුතා පවසා තිබුණා’ 
එසේම අධිකරණ වෛද්‍යවරයාද පරික්ෂාකර බලා සටහන් කරගෙන තිබුණා’ එහ රෝහලේ දින 03 ක් ප‍්‍රතිකාර ලබා ගත්තා’ 2011’ 07’ 12 වන දින ටිකට් කැපුවා’ පසුව මනෝ වෛද්‍ය වරයෙකු වෙතද යොමුකළා’ ඉන්පසු සායනයටද යොමු කළා.

නැවත නඩුව 2011.07.26 වන දිනට කල්තැබුවා.

මා ඉල්ලා සිටින්නේ”
1. මාගේ පුතා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන” රඳවා තබාගෙන අමානුෂික ලෙස වධහිංසා පමුණුවා” නඩු පවරනු ලැබූ යටවත්ත පොලිසියේ ස්ථානාධිපති බණ්ඩාර ඇතුළු අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්”
2. මාගේ පුතාට ආරක්ෂාව සලසාදෙන ලෙසත්ය’

එච්.එම්.වයි. කුමාරිහාමි

Thursday, July 21, 2011

පොලිස් වධහිංසාවක තරම

ජායාරූප වලින් පැහැදිලව දැක්වෙන්නේ - 2011.07.17 වන දින පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ප්‍රියන්ත නැමැති නිළධාරියා තවත් අයෙක හා එක්ව ලහිරු (අවු: 35යි) ට පමුණවා ඇති වධහිංසාවල තරමයි.





වැලි වැනි දෙයක් පුරවන ලද පීවීසී බටයකින් පහරදුන් බව ඔහු කියා සිටියා.

සියලු විස්තර ඉදිරියේදී.

අපරාධකරු රකින්න පෙරමුණ ගෙන ඇත්තේ චීවරධාරියෙක්.

මොහොමඩ් නසීම්

 12 හැවිරිදි මොහොමඩ් නසීම්ට නාස් පොල්ල කැඩෙන්න පොලු පහර දුන්නේ, මාතලේ, ඇල්වල මහා විදුහලේ විදුහල්පති ගොඩගෙදර ය.

ඒ 2011 ජූලි 11 දිනය. එදින විවේක කාලයේදී පොල්ලක් අත ඇතිව පැමිණි විදුහල්පති ගොඩගෙදර, 07 වසර පංතියේ සියලුම ළමුන්ට එයින් පහර දුන්නේය.

මාතලේ පොලිසිය විදුහල්පති ගොඩගෙදර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

එම විදුහලේ උගන්වනු ලබන චීවරධාරියෙක් ප්‍රමුඛ ගුරුවරු පිරිසක්ද, ඇටිපොල නැමැති ප්‍රදේශීය සභා මංත්‍රීවරයෙක්ද, අපරාධය යටගැසීමට නසීම් ට හා ඔහුගේ පවුලේ උදවියට කරනු ලබන බලපෑම්වලට මුහුණ දීමට සිදුවී ඇති නිසා, ප්‍රශ්ණය වඩාත් බරපතල වී ඇත.මෙම බලපෑම් නිසා - නසීම් පාසල් යෑම ප්‍රතික්ෂේප කරනු ලබන බව පියා පවසයි.

ඔහුගේ නාසය ශෛල්‍ය කර්මයකටද භාජනය කලයුතුව ඇති අතර, මානසික වශයෙන් ගැටලු මතුව ඇති බවද කියනු ලැබේ.මෙම සියලු තත්වයන් තුල , ඉහත කී චීවරධාරියා සමග, එම විදුහලේ උගන්වනු ලබන ඥානවතී නැමැති ගුරුවරියන්ද බලපෑම් කිරීමට එක්ව තිබේ.
මේ අතර,  ඥානවතී ගුරුවරියගේ පොලිස් සැමියාද බලපෑම් කිරීමට එක්ව තිබේ.

ළමයාගේ පියා විසින් කර ඇති ලිඛීත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

ළමයාගේ පියා
එදිනම සවස නැවතත්, ඥානවතී නැමැති ගුරුවරියත්, නුවර පොලිසියේ සේය කරන ඇයගේ ස්වාමිපුරුෂයාත් නිවසට පැමිණියා. ඇවිත් මට කිව්වා නසීම් හොදට ඉගෙන ගන්න ළමයෙක්, මේක වැඩිදුර ගෙනියන්න එපා, මෙතනන් සාමදාන වෙන්න, පොලිසියට ගිහින් පොඩි අත්සනක් තමයි තියන්න ඕනා, ප්‍රින්සිපල්ට මොනවා හරි වුනොත් ටීචර්ලා සේරම අස්වෙනවා කිව්වා. ඔයාට කීයක් ඕනාද කියා ඇහුවා. මම කිව්වා කීයක්වත් එපා, මට මගේ ළමයවයි වටින්නේ කියා. එවිට එම ගුරුවරිය පැවසුවා සවස 7.00ට විතර ඔවුන්ගේ නිවසට එන්න පුලුවන්ද කියා. මම බේරෙන්න බැරි තැන හා කව්වා. නමුත් මම ගියේ නැහැ.

අප රටේ සදාචාරය, ආචාර ධර්ම, ආගම් සියල්ල පොලදි බැදගෙන ඉදිරිපත් වන්නේ අපරාධනකරුවන් බේරාගන්නටය.මේ පිරිස - තරාතිරම කවරෙක් වුවත් අපරාධකරුවන්ට වඩා භයානක බව කිව යුතුය.

Tuesday, July 12, 2011

වාරණ - ජයගන්න මාධ්‍යවේදීන්ට ශක්තිය වඩවා ගත යුතුයි.




සියලු ආකාරයේ වාරණ අභිබවා යෑමට ශක්තිය හා ධෛර්ය තමා තුල වර්ධනය කර  කර ගැනීම - මාධ්‍ය කරුවාගේ වගකීම හා යුතුකම වේ.

අද මාධ්‍යකරුවන් සෘජු හා අනියම් රාජ්‍ය වාරණයට, ආයතනික වාරණයට හා ස්වයං වාරණයට කොටුව තිබේ.
එහෙත් මෙම වාරණ අතුරින් ජයගැනීමට අපහසුම වාරණය ස්වයං වාරණයයි.

ස්වයං වාරණයෙන් මිදීම තුලින් රාජ්‍ය හා ආයතනික වාරණ අභිබවා තම සේවය ඉටු කිරීමට හැකියාව තිබේ.මෙම නියමයන්ට එළඹියේ ජනමාද්‍යවේදීන් සදහා පැවති දෙදින වැඩමුඵවේදීය.

2011 ජූලි 08 හා 09 යන දිනයන්හී ජනසංසදය සංවිධානය කරන ලද මෙම වැඩමුඵව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් තරුණ මාධ්‍යවේදීන් එක්විය.

මූලික අයිතිවාසිකම්, වධහිංසාව, කෲර අවමන් සහගත අමානුෂික සැලකිලි හා දඩුවම් අදාල දේශීය නීති, ශ්‍රී ලංකාණ්ඩුව එළඹ සිටින ජාත්‍යන්තර සම්මුති පිළීබදව සාකච්ජා කරන ලදි.

තවද - නීතිමය බාධක සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.

වධහිංසාවන් ඇතුලු රාජ්‍ය අංශයෙන් සාමාන්‍ය වැසියන් මුහුණ දෙන පීඩාවන් වාර්තා කරණයේදී - මාධ්‍යයේ කාර්යභාරය පිළීබදව දීර්ඝව සාකච්ජා කරන ලදි.

මෙහිදී මාධ්‍යවේදීන් වශයෙන් මුහුණ දෙන ගැටඵ හදුනා ගැනීමක් සිදුකරන ලදි. ඒ සියල්ල ජයගත හැකි ඒවා බව සියලු දෙනාගේ පිළිගැනීම විය. 

Monday, July 11, 2011

අපි සියලු දෙනාම මනුෂ්‍යන් වීමු

අපි මේ ලොව කිසිදු විටක වර්ගීකරණයකට ලක්  වී ඉපදුනේ නැත .ගැහැණිය , පිරිමියා කියා අපි වර්ගීකරණය වෙන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන මිස එය කාටවත්ම ආයුදයක් වීමට බැරිය .මන්ද අපි නිදහසේ උපන්න මිනිස්සු හින්දාමය    . අපිට මානව අයිතීන්  මෙන්ම  මුලික අයිතීන් මහා ගොඩක් තියනවා .නමුත් අපිම ඒ දේවල් විනාශ කරගෙන ඉවර වෙලා දැන් ඒවා ඉල්ලා ගන්න දුක් විදිනවා .මොකද අපි කොල්ලාට බල්ලාට දෙන්නටම සර් කියලා අපි අපේ  තැන කා ගත් හින්දා   .කිසිම විට ශාරීරිකව හරි මානසිකව හරි අපි  වද හිංසා වලට ලක් වෙන්න ඕනේ නැ. අපි අපේ දුප්පත් කම ,නිතිය අතට අරන් පුප්පන පොලිසිය මේ කාටවත්ම අපි යටත් වින ඕනි නැ .අපි අපේ වටින ජීවිතය දනය  ,බලය  හමුවේ කිසිවිටකත පාවා නොදෙමු .


- - සුරේෂ් කුමාර - -