Thursday, October 30, 2014

ඉස්ලාම් උන්මත්තකයින්ට එරෙහි විරෝධයට ‍ යුරෝපය මුල පුරයි.


ධවල මන්දිරය හා බකිම් හැම් මාළිගයේ මුදුනේ ඉස්ලාම් කළු කොඩිය ඔසවන බවට ඕස්ට්‍රේලියානු තරුණයෝ ප්‍රතිඥා දෙති.

ඒ පිළිබ අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (අයි.එස්.අයි.එල්) ඉස්ලාමීය ෂරියා නීතිය ලොව පුරා පැතිර වීමට පියවර ගෙන ඇත. මෙම සංවිධානය ඉරාකයේ හා සිරියාවේ බලය අල්ලා ගැනීමට යුද්ධ කරති.

සටන් පවතින ප්‍රෙද්ශවල මුස්ලිම් නොවන ජනයා, එම පුද්ගලයින් පලවා හැරීමට, බලයෙන් මුස්ලිම් ආගමට හැරවීමට, කාන්තාවන් අන්තඃපුර වලට ගැනීමට හා පිරිමින් මරා දැමීමට පියවර ගෙන තිබේ.

මෙම සංවිධානය විසින් මේ වන විට යුරෝපා ජාතිකයින් කිහිප දෙනෙකුගේ බෙල්ල කපා මරා දමා තිබේ.

අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිදුකරන මෙම අපරාධවලට එරෙහිව කතා කිරීමට හා විරෝධය පල කිරීමට බහුතරයක් මුස්ලිම්වරු ඉදිරිපත් වන්නේ නැත.

මේ අතර, මෙම ඉස්ලාම් උම්මත්තකයින්ට එරෙහිව යුරෝපීය රටවල දැඩි නීති පැනවීමට පියවර ගෙන තිබේ. මෙමගින් ඒ රටවල මෙතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවට තර්ජනයක්ව ඇත.

ප්‍රංශය, ඉස්ලාම් උන්මත්තකයින්ගේ නිගමනයන්ට යටත්ව, ස්ත්‍රීන් ශරීරය වැසෙන ලෙසට අඳින කළු කබාය, බුර්කාව, තහනම් කර ඇත. මුහුණ ආවරණය කිරීම තහනම් කර ඇත. එරට කිසිම ප්‍රසිද්ධ ස්ථානයකට මෙම ඇඳුම් ඇඳගෙන පැමිණීමට නොහැක.

එමෙන්ම ඉස්ලාමීය හිස් ආවරණය කරගෙන ප්‍රසිද්ධ ස්ථාන වලට හැසිරෙන ස්ත්‍රීන්ට අඩම් තේට්ටම් කිරීමට එම රටවල දක්ෂිණාංශික කණ්ඩායම් පියවර ගෙන තිබේ.








දූෂණය කරන්නට තැත් කළ මිනිහා මරා දැමූ ස්ත්‍රිය එල්ලා මරා දමයි.Video ව ඇතුලත්


 ඉරාන ජාතික, රේගනේ ජබ්බාරි (අවු 26) 2007 වසරේ අත්අඩංගුවට ගත්තේ, ඇයව දූෂණය කිරීමට තැත් කළ ඉරාන බුද්ධි අංශයේ නිලධාරියෙකු මරා දැමීමේ චෝදනාවටය. එවිට ඇගේ වයස 19කි.

ඇයට සාධාරණ නඩු විභාගයකට ඉඩ නොතබා, ඉරාන අධිකරණය ඇයට විරුද්ධව නඩු විභාගය පවත්වනු ලැබීය.

එරට පොලීසිය, ඇය වධ හිංසාවට පත්කොට ලබාගත් පාපොච්ඡාරණය පදනම් කරගෙන, ඇයව එල්ලා මැරීමට තීන්දු කළේය.

මෙම නඩු විභාගය සාධාරණ නැති බව, එරට මානව හිමකම් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර සංවිධාන එක හෙළා කියා සිටියේය.

ඒ කිසිවකට සවන් නොදුන් ඉරාන රජය ඇයව පසුගිය දා එල්ලා මරා දමනු ලැබීය.

ඉරානයේ පවතින්නේ අන්තවාදී මුස්ලිම් රජයකි. ඉස්ලාම් ආගමට අනුව නඩු විභාගයක දී සාක්ෂි දෙන ස්ත්‍රියකගේ වටිනාකම පිරිමියෙකුගේ වටිනාකමින් භාගයකි.

පසු ගිය සෙනසුරාදා ටෙහෙරානයදි ඇයව එල්ලා මරා දැමීමට පෙර මට කරන ලද ප්‍රකාශය.

“Dear Sholeh, today I learned that it is now my turn to face Qisas (the Iranian regime’s law of retribution). I am hurt as to why you did not let me know yourself that I have reached the last page in the book of my life. Don’t you think that I should know? You know how ashamed I am that you are sad. Why did you not take the chance for me to kiss your hand and dad’s?
The world allowed me to live for 19 years. That ominous night I should have been killed. My body would have been dumped in some corner of the city, and after a few days, the police would have taken you to the coroner’s office to identify my body and there you would also learn that I had been raped as well. The murderer would have never been found since we don’t have their wealth and their power. Then you would have continued your life suffering and ashamed, and a few years later you would have died of this suffering and that would have been that.
However, with that cursed blow the story changed. My body was not thrown aside, but rather into the grave of Evin Prison and its solitary wards, and now the grave-like prison of Shahr-e Ray. But give in to the fate and don’t complain. You know better that death is not the end of life.
You taught me that one comes to this world to gain an experience and to learn a lesson and with each birth a responsibility is put on one’s shoulder. I learned that sometimes one has to fight. I remember when you told me a story from Nietzsche, the philosopher, about when he protested to a carriage man who was flogging his horse, but the flogger hit the lash on his head and face…(not audible) and he taught us that for creating a value one should persevere even if one dies.
You taught us that as we go to school one should be a lady when faced with quarrels and complaints. Do you remember how much you emphasised the way we behave? Your experience was incorrect. When this incident happened, my teachings did not help me. Being calm in court made me look like a cold-blooded murderer and a ruthless criminal. I shed no tears. I did not beg. I did not cry my eyes out since I trusted the law.
But I was charged with being indifferent in face of a crime. You see, I didn’t even kill mosquitoes and I threw cockroaches away by taking them by their antennae. Now I have become a premeditated murderer. My treatment of the animals was interpreted as being inclined to be a boy and the judge didn’t even trouble himself to look at the fact that, at the time of the incident, I had long and polished nails.
How optimistic was he who expected justice from the judges! He never questioned the fact that my hands are not coarse like those of a sportswoman, especially a boxer. And this country that you planted its love in me never wanted me and no one supported me when, under the blows of the interrogator, I was crying out and I was hearing the most vulgar terms. When I shed the last sign of beauty from myself by shaving my hair I was rewarded: 11 days in solitary.
Dear Sholeh, don’t cry for what you are hearing. On the first day in the police office when an old unmarried agent hurt me for my nails I understood that beauty is not looked for in this era. The beauty of looks, beauty of thoughts and wishes, a beautiful handwriting, beauty of the eyes and vision, and even beauty of a nice voice.
My dear mother, my ideology has changed and you are not responsible for it. My words are unending and I gave it all to someone so that when I am executed without your presence and knowledge, it would be given to you. I left you much handwritten material as my heritage.
However, before my death I want something from you that you have to provide for me – with all your might and in any way that you can. In fact, this is the only thing I want from this world, this country and you. I know you need time for this. Therefore, I am telling you part of my will sooner. Please don’t cry and listen. I want you to go to the court and tell them my request. I cannot write such a letter from inside prison for it would not be approved by the head of the prison; so once again you have to suffer because of me. It is the only thing that, even if you beg for it, I would not become upset although I have told you many times not to beg to save me from being executed.
My kind mother, dear Sholeh, the one more dear to me than my life, I don’t want to rot under the soil. I don’t want my eye or my young heart to turn into dust. Beg so that it is arranged that as soon as I am hanged my heart, kidney, eye, bones and anything that can be transplanted be taken away from my body and given to someone who needs them as a gift. I don’t want the recipient to know my name. Buy me a bouquet, or even pray for me. I am telling you from the bottom of my heart that I don’t want to have a grave for you to come and mourn there and suffer. I don’t want you to wear black clothing for me. Do your best to forget my difficult days. Give me to the wind to take away.
The world did not love us. It did not want my fate. And now I am giving in to it and embracing death. Because in the court of God I will charge the inspectors, I will charge inspector Shamlou, I will charge the judge, and the judges of the country’s Supreme Court that beat me when I was awake and who did not refrain from harassing me. In the court of the creator I will charge Dr. Farvandi, I will charge Qassem Shabani and all those who, out of ignorance or with their lies, wronged me and trampled on my rights and didn’t pay heed to the fact that sometimes what appears as reality is different from it.
Dear soft-hearted Sholeh, in the other world, it is you and me who are the accusers and others who are the accused. Let’s see what God wants. I wanted to embrace you until I die. I love you.

Reyhaneh,
April 1, 2014”


මානව හිමකම් ආරක්ෂා වන්නේ නීතියට ගරු කරන රාජ්‍යයක් තුල



ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අපරාධ විද්‍යා විශේෂ උපාධි අපේක්ෂකයින් එක්ව, මානව හිමිකම් සම්බන්ධයෙන් පැවති එක් දින වැඩමුළුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සාමාජික රටවල වගකීම හා වගවීම සාකච්ඡාවට බඳුන් විය.


උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් විසි අට දෙනෛකු එක්වූ මෙම වැඩ මුළුව, කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වූ අතර  සම්පත් දායකයින් වශයෙන් ජනසංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා හා රුක්ෂාන් ප්‍රනාන්දු මහතා එක් විය.





Tuesday, October 28, 2014

අඩ නිරුවත් ප්‍රංශ කතුන් පසු පස පන්න පැරිස් ෙපාලිස් කාරයින්


අඩ නිරුවත් ප්‍රංශ කතුන් පසු පස පන්න පැරිස් ෙපාලිස් කාරෙයකුට ෙවන ෙද් බලන්න. ෙම් ප්‍රංශ ස්ත්‍රිවාදින් උස්ෙඝා්ෂනයක අවස්ථාවක්.

Friday, October 24, 2014

සේවය ස්ථීර නොකළේ, පළිගන්න - දැන් අබාධිතයෙක්


බේරුවල ප්‍රාෙද්ශීය සභාවේ මුරකරු වශයෙන් වසර 17 ක් සේවය කළ සෝමරත්න වීරකෝන් අබාධිතයෙකු වී රැකියාව අහිමි වන තෙක් සේවයේ ස්ථිර නොකර, වැඩ ගෙන ඇත.
1996 ආදේශක මුරකරු වශයෙන් බේරුවල ප්‍රාෙද්ශීය සභාවට එක් වුවද, සේවයෙහි ස්ථිර නොකර වැඩ ගන්නා ලද්දේ දේශපාලන හේතු නිසා බව ඔහු පවසයි.
සියලු සුදුසුකම් තිබියදීත්, පුරප්පාඩු තිබියදීත්, තම සේවය ස්ථිර නොකර, දේශපාලන හිතවාදීන් ව බවා ගත් බව වැඩිදුරටත් කියා සිටී.
2011 නොවැම්බර් මස මුර සේවයේ යෙදී සිටින අතර, ඔත්පල වූ ඔහු අද අංශබාග රෝගියෙකි.සේවය ස්ථිර කර තිබුණා නම් ඔහුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේය.
අද දේශපාලකයින් තම හෙංචයියන්ට රැකියා ලබා දෙන්නේ සුදුසුකම් මත නොව දේශපාලන හිතවත්කම් මතය.
තම සේවා කාලය තුළ නිසි මාර්ග ගැනීමට, උපදෙසක් නොලද සෝමරත්න වීරකොන් කළේ, දේශපාලකයින්ට කන්නලව් කිරීමය.
කන්නලව් මගින් ප්‍රශ්න විසා ගැනීමට නොහැකි බව තේරුම් ගන්නා විට කාලය හරස් වී හමාරය.
කෙසේ වෙතත් සෝමරත්න වීරකොන්ව ස්ථිර සේවකයෙකු බවට පත්කොට විශ්‍රාම වැටුප් ලබා දීම ආණ්ඩුවේ වගකීමකි.


අසරණයින්ව සිරබත් කවන ධර්මිෂ්ඨ රාජ්‍යය සාධාරණ නඩු විභාග ‍පොතට පමණයි.



විල්බට් අබාධිත‍යෙක්. කාත් කවුරුවත් නෑ. බැල ‍මෙ‍හෙවර කරලා දවස ‍ගෙවා ගන්නා ‍කෙ‍නෙක්.

ජූලි 26 වන දින, ‍මෙ‍රොන්තුඩුව ‍පොලීසියේ ස්ථානාධිපති ඔහුව අත්අඩංගුවට ගත්‍තේ පාරේ යන විට සවස 5.30 ට පමණය.

පොලීසියට ගෙන‍ගොස්, රාත්‍රී 11.30 ට පමණ වාද්දූව ‍පොලීසියට බාර දී තිබේ.

පොලිස් ඇප මත මුදා හැරීමට, ඔහු ‍වෙනු‍වෙන් ඉදිරිපත් වන්නට ‍කෙ‍නෙකු නැතිවිය.

දවස් 02 ක් නීති වි‍රෝධීව ‍පොලීසියේ රඳවා‍ගෙන, 3 වන දින කළුතර ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්‍නේ, නීති වි‍රෝධී මත්පැන් අදාල ‍බොරු ‍‍චෝදනාවක් මතය.

උසාවි‍යේ කූඩු‍වේ සිට නම කතාකරන විට ඔහු විත්තිකරුවන් සඳහා වන කූඩුවට නැග්‍ගේය.

ඔහු ‍වෙනු‍වෙන් කතා කිරීමට නීතිඥ‍යෙකු ‍නොවීය. ම‍හේස්ත්‍රාත්වරයා ඔහු‍ගෙන් කුමක් ඇසුවාද කියා දන්‍නේ නැත. ඔහු කියන්‍නේ කිසිම දෙයක් අහන්‍නේ නැතිව රු: 5000/- ක් දඩ, 3 න් මසක් අච්චු කීවාය කියාය.

යළි උසාවි කූඩුවට දැම්මාට පස්‍සේ එතැන බාර බන්ධනාගාර නියාමක රු: 5000/- ක් ‍ගෙවන්න ති‍යෙනවාද කියා අසා ඇත.  රු: 5000/- ක් තියා සත 5 ක් වත් නැති බව ඔහු කියා ති‍බේ.

ඉන්පසු කළුතර බන්ධනාගාරය ට ‍ගෙන‍ගොස් අච්චු කර ති‍බේ. දින 70 කට පසුව මුදාහැර ති‍බේ.

විල්බට් කියන කතාව ඇත්තය. ‍මේ රටේ කරන්නේ ‍බොරුව වංචාවය. ‍මෙවන් පුද්ගලයකු උසාවියට ‍ගෙන ආ විට ඔහුට කියන්නට දෙයක් තිබෙනවාද කියා අසන්නට තරම් සදාචරයක් අද උසාවියට නැත.



පහර දී යතුරුපැදිය ‍කොල්ලකා මිල්ලනිය ‍පොලීසියට බාර දීලා.


 
අපරාධකරු වැලි ‍කොන්ත්‍රාත් කරු‍වෙක්. ඔහුව අත්අඩංගුවට ගන්න පොලීසිය සූදානම් නැහැ.

මෙම පහර කැමට ලක් වු‍ණේ, හල්‍තොට, යතුරුපැදි කාර්මික‍යෙකු වූ 31 හැවිරිදි නිශාන්ත නැමැත්තාය. ප්‍රදේශ‍යේ ‍දෙ‍දෙ‍නෙක් යතුරුපැදි ‍දෙකක් අලුත්වැඩියා කරන්නට ‍මොහුට බාර දී ඇත්‍තේ, මාස 06 කට පෙරය. අදාල ‍කොටස් ගැනීමට මෙම ‍දෙපළ නිශාන්තට අත්තිකාරම් දුන්‍නේ නනැත.

වැලි ‍කොන්ත්‍රාත්කරු නිශාන්තට පහර දුන් “චූටි මල්ලී” නම් පුද්ගලයා, ‍මෙම ‍දෙ‍දෙනා සමග එකතුව මිල්ලනිය ‍පොලීසිය හා එක්ව නොමිළ‍යේ යතුරුපැදි හදා ‍නොදුන්නාට පළි ගන්නට ක්‍රියා ක‍ළේ මිල්ලනිය ‍පොලීසිය බලල් අතක් කරගෙනය.

මොවුන්‍ගේ අවශ්‍යතාවයට නිශාන්තව නීති වි‍රෝධිව අත්අඩංගුවට ගත් මිල්ලනිය ‍පොලීසිය ඔහුව මුදාහැරීමට නම් රු : 32,000/- ක් ‍දෙන ලෙසට ඉල්ලා සිටි‍යේය.

කරන්නට දෙයක් නැතිව ‍පොලීසි‍යේ නීති වි‍රෝධී බලපෑමට යටත්ව මුදල් දෙන ‍පො‍රොන්දුව මත ‍පොලීසි‍යෙන් මිදුනේය.

මෙම නීති වි‍රෝධී ‍පොලස් මංකොල්ල කෑමට අවනත ‍නොවීම ‍හේතුවෙන් චූටි මල්ලී ලවා, නිශාන්තට පහර දී යතුරුපැදිය පැහැර ගන්නා ලදි.

පොලීසිය නිශාන්තට කියන්‍නේ, යතුරුපැදිය ඕනෑ නම් ‍පොලීසියට එන ‍ලෙසටය. ‍මෙම පහරදීම හා මං‍කොල්ල කෑම සිසදු වූ ‍හොරණ ප්‍රදේශ‍යේ ‍පොලීසියට නිශාන්ත ඒ අවස්ථා‍වේදීම පහර දී ඇත.

නමුත් ‍මේ දක්වා අපරාධකරුව අත්අඩංගුවට ‍ගෙන නැත. අපරාධය අධිකරණයට වාර්තා කර ද නැත.

මෙම පොලිස් අපරාධය බලධාරින්ට වාර්ථා කිරිමෙන් පසුවද මිල්ලනිය පොලීසිය මොහුට හිරි හැර කිරිම නවතා නැත.

මේ රාජපක්ෂ පාලනය යට‍තේ පවත්වා‍ගෙන යන ‍පොලීසියයි. ‍මේ වන විට, රටපුරා දියත් කර ති‍බෙන ‍පොලිස් ත්‍රස්ත්‍රවාද‍යේ පීඩාවට පත්වන ජනයා අන්ත අසරණය.


Friday, October 10, 2014

පොලීසියේ මේ මෘග ක්‍රියාවන්ට සමස්ථයක් වශයෙන් ආණ්ඩුව, විශේෂයෙන් පොලීසිය බාර ඇමති වගකිව යුතුයි.


වැඩ ඇරී ගෙදර විත් සිටින විට පැමිණි, රිදීගම පොලීසියේ නිලධාරීන් මටත්, ඒ වෙලාවේ නිවසට පැමිණි සිටි හතර පස් දෙනාටත් පහර දී රෙදි වැල කඩා අත් පිටුපසට කර බැ බිම වාඩි කෙරෙව්වා.

එතැනට පැමිණි, චමින්ද නැමැත්තාට වැටෙන්න ගැහැව්වා. ඔහුට කලාන්තය හැදුනා. මාවත් තවත් හතර දෙනෙකුවත් පොලීසියට ගෙනිච්චා.

රෑ එලිවෙනකම් පොලීසියේ තියාගෙන ඉලා උදේ ඔවුන් ලියපු ප්‍රකාශ වලට අත්සන් ගත්තා. මගෙන් ඇහැව්වේ, නම, ලිපිනය, වයස විතරයි.

සැප්තැම්බර් 24 දාට රම්බඩගල්ල මහේස්ත්‍රාරත් උසාවියට එන්න කියා මාව කොළයකට අත්සන් ගෙන මුදා හැරියා.

මා ගිය මස 24 වන දින උසාවියට ගියා. මට විරුද්ධව කසිප්පු සම්බන්ධයෙන් බොරු නඩුවක් දාලා තිබුණා.

මා එයට නිවැරදි කරු බව ප්‍රකාශ කළා. මාව රුපියල් 10,000/= ක මුදල් ඇපයක් හා ශරීර ඇප 2 ක් මත මුදා හැරියා.

පොලීසිය කිව්වේ වැරදිකාරයා කියා පිළිගන්න කියා. මට බොරු චෝදනා වලට වැරදිකරු කියන්න අවශ්‍යතායක් නැහැ.

රිදීගම පොලීසිය මට වගේම අසරණ මිනිසුන් අල්ලා බොරු නඩු දානවා. නඩු කියන්න බැරි නිසා උසාවියේ රස්තියාදු වෙන්න බැරි නිසා වැඩි දෙනෙක් වැරදිකරු කියා දඩය ගෙවා ගෙදර එනවා.

දඩය රුපියල් 5000/= ක් නම් ඒකෙන් බාගයක් රාජපක්ෂ ආණ්ඩුවටත්, බාගයක් පොලීසියටත් යනවා කියලා දැන ගත්තේ එදා.

අසරණ මිනිස්සුන්ට මේ විදියට බොරු නඩු දමා සල්ලි හම්බ කරන එක අම්මා තාත්තා විකුණලා සල්ලි හම්බ කරනවා වාගේ ඉතාම පහත් නීච ක්‍රියාවක්.

පොලීසියේ මේ මෘග ක්‍රියාවන්ට සමස්ථයක් වශයෙන් ආණ්ඩුව, විශේෂයෙන් පොලීසිය බාර ඇමති වගකිව යුතුයි. 


Wednesday, October 8, 2014

ප්‍රාණ ඇපයට බිරිඳව හා දෙහැවිරිදි දැරිය දින 04 ක් පොලීසියේ තියාගෙන.

දින හතරක් පුරා දෙහැවිරිදි දැරියක්ව හා ඇගේ මව පොලිස් බාරයේ තබාගෙන සිටියේ සැමියාව ගෙනත් දුන්නේ නැතිනම් හිරේ දාන බවට තර්ජනය කරමින්ය. වීරකැටිය පොලීසියේ කෙරුවාවක්. රාජපක්ෂ අඩවිය.

දින දෙකක් යනතුරු ඇයව හා දරුවා බලන්න කිසිවෙකුටත් ඉඩ දී නැත. මේ ආකාරයට නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රවා තබා ගැනීම් සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම ට ආණ්ඩුව සූදානම් නැත. විශේෂයෙන් පොලීසිය බාර ඇමතියා සුදානම් නැත.

අපරාධයකට සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම ට නොහැකි වූ විට පොලීසිය කරන්නේ ගෙදර සිටින අයෙකුව රැගෙන ගොස් ප්‍රාණ ඇපයට තබා ගැනීමය. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවකි. මෙසේ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රවාගෙන ඇත්තේ, අජිත් කුමාර නැමති 34 හැවිරිදි ස්වර්ණාභරණ කාර්මිකයෙකු ගේ බිරිව හා දෙහැවරිදි දියණිය යයි.

පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන වධ දී, අධිකරණයට ඉදිරිපත් කළේ නඩු 17 ක් සමග බව පවසන ඔහු ඉන් අනතුරුවද නිරන්තරයෙන් අත්අඩංගුවට ගෙන වධ දී බොරු නඩු දාන බව ප්‍රකාශ කරයි.

අත්අඩංගුවේ සිටියදී වරක් ඔහුගේ කකුලට වෙඩි තබා ඇත. මෙම බොරු නඩු බොහොමයකින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇත. නැති නම් සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා මුදා හැර ඇත. සමහරක් නඩු නීතිපති උපදෙස් මත මුදාහැර ඇත.

මහාධිකරණයේ පවරා තිබූ නඩු දෙකකට ඇප කොන්දේසියක් වූයේ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් හය දෙනෙකු ඇපකරුවන් ලෙසට ඉදිරිපත් කළ යුතු බවයි.

මෙවැනි පුද්ගලයෙකු ට එවැනි ඇප කොන්දේසියක් කිසි දිනෙක ඉටු කළ නොහැක්කකි. මේ ආකාරයට සපුරාලන්නට ඇප කොන්දේසි පැන වීමද සමහර විනිසුරුවන්ගේ ක්‍රියා කලාපයයි. මෙය නීතියට පටහැනි වූ ක්‍රියාවකි.

මෙම ඇප කොන්දේසිය යටතේ රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට, ඔහුගේ නීතඥවරයා යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ නඩු දෙකට අදාල චෝදනා වලට වැරදිකරු බවට පිළිගන්නා ලෙසට. ඒ අනුව ඔහු වැරදිකරු බව පිළිගත්තේය. ඔහුට නිදහස් ගෙදර ඒමට  හැකි විය. ඔහුට ලබාදුන් දඩුවම රුපියල් 25,000/= ක දඩයකි. අවුරුදු 03 ක සිර දඩුවමකි. එය වසර 10 කට අත්හිටවනු ලැබූවකි. රුපියල් 25,000/= ක දඩය ගෙව් ඔහු ගෙදර ආවේය. නමුත් තම නොහැකියාව වසා ගන්නට තිස්සමහරාමයේ පදිංචි අජිත් කුමාර නම් වු මොහු මේ සියලු කරුණු මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව ප්‍රකාශ කර සිටීයේ එයින් වත් සාධාරණයක් ඉටුවේය යන අපේක්ෂා වෙනි.


Sunday, October 5, 2014

රිදීගම පොලීසියේ එස්.අයි.වෙත්තසිංහ, තරුණයෙකුගේ කන පලයි.


කිසිප්පු හොයන්න කියා ඇවිත්, රුපියල් 4000/= ක් වටිනා ඔලිව් තෙල් බෝතලය පොළොවේ ගසා පොඩි කරයි. අල්මාරියේ තිබූ රුපියල් 8000/= ත්, රුපියල් 10,000/= ක් වටිනා ජංගම දුරකතන දෙකක් ද අරගෙන ගොස් ඇත.

මේ දේශප්‍රේමී ක්‍රියාව කර ඇත්තේ රිදීගම පොලීසියේ එස්. අයි. වෙත්තසිංහ ඇතුලු නිලධාරීන් තුන් දෙනෙක්.

රිදීගම, 29 හැවිරිදි චමින්ද සුළු ව්‍යාපාරිකයෙක්. ඔහු යටතේ හතර පස් දෙනෙක් වැඩ කරනවා.

පසුගිය මස 21 වන ඉරිදා, තමා යටතේ වැඩ කරන පිරිසට පඩි ගෙවන්න ගිය වෙලේ තමයි, මේ සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.

තම මහ ගෙදරදී, එස්. අයි. වෙත්තසිංහ ගැසූ පහර වලින් ඔහුගේ කන පැලී තිබේ. දින 05 ක් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට සිදුන තිබේ.

සුපුරුදු පරිදි, පහර දීමෙන් පසුව පොලීසිය චමින්දට විරුද්ධව බොරු නඩුවක් පවරන්න අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකා පොලීසිය මෙම ක්‍රියාවන් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමක්. පොලීසිය මගින් රාජ්‍ය ත්‍රස්තවාදය දිග හැරීමක්.

කසිප්පු, ගංජා, කුඩු වලට බොරු නඩු දැමීමෙන් රාජපක්ෂ ආණ්ඩුවත් දිනුම්, නීතිඥවරුත් දිනුම්. පොලීසියත් දිනුම්.

මෙම දූෂිත ක්‍රියා පිළිවෙත හෙළිදරව් කරමින්, එයට විරෝධය පල කිරීම තුළ පමණි, මෙම දූෂිත තත්ත්වය වලක්වා ගන්නට හැක්කේ.










විනිසුරුවරිය ලෝක ළමා දිනය සමරන්නට ගිහින්! නඩු කියන්නනන්ට බරක් වෙයි!

ඔක්තොම්බර් 01 ළමා දිනයේ, අසන්නට තිබූ නඩු වලින් එකකි, කලුතර ග්‍රෙස් කුමරි අනාථ නිවාසයේ, අනාථ ළමුන්ට එරෙහිව පවරා තිබූ නඩුව.මෙම නඩුව, එම නිවාසයේ අනාථ ළමුන් 10කට එරෙහිව පයියාගල පොලිසිය පවරනු ලැබූවකි. ඒ එම නිවාසයේ පාලක කතෝලික පියතුමා විසින් කරන  ලද පැමිණීල්ල මතය.
පයියාගල පොලිසිය ට කරන ලද පැමිණීල්ල මගින් ලෙස්ටර් විජේසූරිය කතෝලික පියතුමා ඉල්ලා සිටියේ උපන්දා පටන් සිටි අනාථ ළමුන්ව පාරට ඇද දමන ලෙසටය.
පොලිසිය එම ඉල්ලීම, කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මහත්මියට ඉදිරිපත් කර ඉල්ලා සිටියේ, එම අනාථ දරුවන් ව අනාථ නිවාස යෙන් ඉවත් වන ලෙසට නියම කරන ලෙසටයි. වෙනත් වචන වලින් මහා පාරට ඇද දමන ලෙසටයි. ඇය එම ඉල්ලීම‍ට ඉඩ දෙමින්, අනාථ ළමුන්ට අනාථ නිවාසයෙන් ඉවත් වන ලෙසට නියම කළේය.
මෙම නියෝගය නීතියට පටහැනි එකක් බව ප්‍රකාශකල අනාථ ළමුන්, එම තීරණය වෙනස් කරන ලෙසට, කලුතර පලාත්බද මහාධිකරණයෙන් ඇයැද සිටියා.
එවක කලුතර පලාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා, අතිරේක මහේස්ත්‍රාත්වරිය නිවැරදි බවට තහවුරු කලා. ඒ පිටු 18ක තින්දු ප්‍රකාශයක් මගින්.
අනාථ, ළමුන් මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා ගේ එම තීරණය, දොට්ට දැමීමට කල නියමය, වැරදි හා නීතියට පටහැනි බවට ප්‍රකාශයට පත්කරන ලෙසට ඉල්ලමින් අභීයාචනා අධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම ගොනු කල දියේම, කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මෙනවිය හා කලුතර පලාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා තීන්දු ක්‍රියාත්මක කිරීම අත්හිටු වීමේ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
එයින් අනතරුව නඩුව විභාගයෙන් පසුව, එම තීන්දු දෙක එනම්, කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මෙනවිය හා කලුතර පලාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා ගේ අහක දමමින්, නිවසින් ඉවත් වන ලෙසට දෙන ලද නියමය නීතියට පටහැනි බවට වන තීන්දු ව ප්‍රකාශය පත්කරනු ලැබීය.
එම තත්වය තුල, ලෙස්ටර් විජේසූරිය කතෝලික පියතුමා, කතෝලික සභාවේ අවශ්‍යතාවයට, පයියාගල පොලිසිය හා එක්ව, අධිකරණය ලවා, අනාථ දරුවන් මහමගට ඇද දමා අනාථ කර දැමීමට ගත් උත්සාහය වැලකුණි.
නමුත්, කතෝලික පූජක ලෙස්ටර් විජේසූරියට පහර දීමට තැත් කිරීම, ඔහුගේ වෑන් රථයට අලාභ හානි කිරිම, අයුතු ජනරාශිය...ආදී චෝදනාවලට අදාලව නඩුව පවත්වාගෙන යනවා.
පෙර කී පරිදි මෙම නඩුව ඔක්තොම්බර් 01 ළමා දිනය දා, ඇසීමට නියමිතව තිබින.
මෙම නඩුව අසන කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මහත්මිය, එදින ලෝක ළමා දින සැමරුමට සහභාගීවී, අධිකරණයට පැමිණෙන විට දහවල් 11.30 ඉකුත්වී තිබුන නිසා, නඩුව වෙනත් දිනයකට කල් තැබීම සිදු විය. මෙම නඩුව, අනාථ ළමුන්ට මේ වන විට බරක් වී ඇත. ඒ මානසිකව, ශාරීරිකව හා ආර්ථික වශයෙනි.


හෙලුවෙන්ම 4 වෙනි තට්ටුවෙන් බිමට පැනලා බේරුනේ.

එක වාරයක් පනලා බේරිලා ආවාම තානාපති නැවත එම ගෙදරටම බාර දුන්නා. දවසට ඩිනාර් 20 ගානේ ගෑණුන්ව විකුණනවා. ලිංගික අතවර ගැන පැමිණිලි කරන්න තහනම්. රක්ෂණයක් නෑ. පඩිත් නෑ. ගෙදර එවන්න තානාපති ලක්ෂ 4ක් ඉල්ලයි. ගුවන් යානයේදී අනෙක් මගීන්ට කන්න දුන්නා. මට දුන්නේ නෑ. බඩගින්නේ හිටියේ.
මේ සියලු කරුණු අනාවරණය කරන්නේ දුක් කම්කටොලු ඉවසා ගන් බැරිව ජෝර්දානයේ ගෘහසේවිකාවක් වශයෙන් වසරක් ගෙවා දිවි ගලවාගෙන පැමිණි ඉනෝකාය.
ඇය 35 හැවිරිදි දෙදරු මවකි. ජෝර්දානයට යැව්වේ අවිවාහක අයෙකු ලෙසට. අල් නෆ්රි මෑන් වර් ඒජන්සියේ මැඩම් වවසන්ති විජේසේකර තමයි යවලා තියෙන්නේ. තියෙන්නේ මරදාන පාරේ, බොරැල්ලේ.
ජෝර්දානයේ ඒජන්සිය ඩ්‍රාට් කෝ- එහි අයිතිකාරයා බැඳලා ඉන්නේ වසන්ති විජේසේකර ගේ නංගී කුමාරි.
ඉනෝකා එක්වරක්, හතරවෙනි තට්ටුවෙන් බිමට පැනලා පාරට ආවාම, ජෝර්දාන පොලිසිය ඇයව කුලී රථයකින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එවලා තියෙනවා. කුලී රථයට සල්ලි දුන්නෙත් පොලිස් නිලධාරියාලු.
ඒ පාර, තානාපති කාර්යාලයේ නන්දන කියන නිලධාරියා ඇයට කුණුහරපයෙන් බැණ, තර්ජණය කර, එහි ඩ්‍රාට් කෝ ඒජන්සියට කතාකරලා බාර දීලා. එම ඒජන්සියේ නීති නිලධාරියා සමීර කියලා කෙනෙක්. තානාපති කාර්යාලය එක්ක ගණු දෙනු කරන්නේ මොනිකා. දෙන්නාම සිංහල.
ඒජන්සිය, ඉ‍නෝකාට හිටපු ගෙදරටම කතා කරලා බාර දීලා. එහෙත් ඒජන්සියේ නීති නිලධාරියා සමීර කියලා කෙනෙක්. තානාපති කාර්යාලය එක්ක ගණූදෙනු කරන්නේ මොනිකා.
ඒජන්සිය, එදාම ඉනෝකා ව හිටපු ගෙදරටම බාර දීලා. දවල් ගෙදර කවුරුත් නෑ. ඒ වෙලාවේ තමයිලු ගෙදර අයිතිකාරියගේ පුතා එන්නේ. ඔහු ඉනෝකාට ලිංගික අතව කරන්න සූදානම් වුනාම එයට විරුද්ධවුනාම ඇයට වධ දෙනවා. මේක කිව්වාම තානාපති කාර්යාලයේ නන්දන කියලා තියෙන්නේ උඹලා ඇවිල්ලා ඉන්නේ වැඩකරන්න කියා. හුත්ති කියලා තමයි බණින්න පටන් අරන් තියෙන්නේ. බේරෙන් බැරි තැන, දෙවෙනි වතාවට හතරවෙනි තට්ටුවෙන් ඇය පැන්නේ නිරුවස්තරෙන්. ඒ පාරත් පොලිසිය ඇයව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යවලා තියෙන්නේ.
ගෙදර යවන්න නම් රුපියල් ලක්ෂ 4ක් තානාපති කාර්යාලයේ නන්දන ඉල්ලා තිබෙන වා. ඒ බව ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාලයට දැනුම් දිලා. විදේශ සේවා නියුක්ති කාර්යාලයට ගියාම, කරලා තියෙන්නේ අරයා ලගට යන්න මෙයා ලගට යන්න කියමින් ඔහුව රස්තියාදු කරපු එක.
විදේශ සේවා නියුක්ති කාර්යාලයට රු: 45,000ක් බැඳලා, ටිකට් එක තානාපති කාර්යාලයට යැව්වාම තමයි ඉනෝකා ට ගෙදර එන්න හම්බවුනේ.
ටිකට් එකේ සල්ලි ගන්න රක්ෂණයෙන් ඉල්ලුවාම, දුන්නේ 25,000/= යි, රු: 15,000/=ක් ම වංචා කරලා. රක්ෂණයට අනුව ජොර්දාන් ඩිනාර් 250ක් (රු: 45,000ක්) හිමියි.
ආණ්ඩුව - බොරුප්‍රචාර කරමින් ගැහැණුන් රට යවලා, විකුණලා ඩොලර් ගෙන්නාගෙන පවුල් පිටින් සවාරි යනවා. සූදු කෙළිනවා. කාර් රේස් යනවා. ජනයාව නොමග යවනවා.
තානාපති කාර්යාලයේ නිලධාරින්, විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිලධාරින්, ගැහැණු මිනිසුසු වහල් වැඩ කරලා එවන සල්ලි වලින් සුර සැප විදිනවා. අවම වශයෙන් මෙම ස්ත්‍රීන්ට කතා කරන්නවත් දන්නේ නැති එවුන්ව තමයි තානාපති නිලධාරින් හැටියට ආණුඩුව යවලා තියෙන්නේ. ඉනෝකා සූදානම් තම කතාව ලොවටම කියන්න.
පශ්චාත් නූතනයේ, නව ලිබ්රල් වාදයේ වහලුන්ගේ කතාව


Wednesday, October 1, 2014

බියර් බී මූත්‍රා කරන්න ගිය තරුණයාව දූෂණය කරයි.


වැසිකිලි 1500ක්, කිලෝ මීටරයක් දිග කැසිකිලිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ලෝකයේ පැවැත්වෙන විශාලතම බියර් සාදයට එක් වූවන්ට, මූත්‍රා කිරීමට පදුරු අස්සට යෑමට සිදු විය.
ජර්මනියේ මියුනිමච් හි පැවැත්වෙන මෙම වාර්ෂික “ඔක්ටෝබර්ෆීස්ට්” යනුවෙන් නම් කර ඇති මෙම බියර් සාදයට මේ වන විට එක්ව තිබෙන පිරිස මිලියන 3.3 කි.
එංගලන්තයේ සිට, බියර් සාදයට පැමිණි විසි හතර හැවිරිදි තරුණයා බියර් පානයෙන් පසුව මුත්‍රා කිරීම සඳහා පඳුරක් අස්සට ගිය විට, දෙදෙනෙකු විසින් අල්ලා දූෂණය කර තිබේ.
දූෂණය කිරීමෙන් පසුව, ඔවුන් පලා ගොස් ඇති අතර පොලීසීයට හසු කර ගැනීමට නොහැකි විය.
මෙම සාදයේදී මේ වන විට වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාව 670 ක් බව පවසන එරට පොලීසිය, බහුතරයක් පික් පොකට් ගැසීමය. බී මතින් ගුටි බැට හුවමාරු කර ගැනීම් ලිංගික අතවර කිරීම් ද එයට අමතරව වාර්තා වී තිබේ.
මේ අතර මෙම සාදයට පැමිණි ඇමෙරිකානු සොල්දාදුවෙකුට වෙඩි තැබීමට ජර්මන් පොලීසියට සිදු විය. ඒ ගිනි නිවන උපකරණයක් රැගෙන මියුනිට් රෝහලකට ඇතුලුවී එහි සේවකයින්ට හා රෝගීන්ට තර්ජනය කිරීම නිසාය.
මෙම උළෙල මෙම මස 05 වන දින, මියුනිච් නුවර, බැවේරියානු ස්මාරකය අභියස බවත්වන වෙඩි මුර ආචාරයෙන් පසුව අවසන් වනු ඇත. 





බඩේ කෙස් බෝලය කිලෝ හතරයි.


ඉසිලිය නොහැකි වේදනාවකින් හා වතුරවත් බොන්න බැරිව රෝහල් ගත කළ 18 හැවිරිදි තරුණියගේ ආහාර මාර්ගයේ සිරවී තිබූ කෙස් බෝලය කිලෝ 4 ක් විය.
කිරගිස්ථානයේ ඇරැක්සියා නම් වූ මෙම තරුණියගේ ආහාර මාර්ගයේ සිරවී තිබූ මෙම කෙස් බෝලය ශෛල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමෙන් පසුව ඈ සුවෙන් සිටින බව වාර්තා වේ.
කුඩා කාලයේ සිට, හිස කෙස් කඩා කෑමට හා කාපට් එකේ ලෝම කඩා කෑමට පුරුද්දක් කරගෙන තිබූ බවත් එම කෙස් ආහාර මාර්ගයේ කලක සිට තැන්පත්ව මෙම කෙස් බෝලය සෑදී ඇති බවත් වෛද්‍යවරු පවසා ඇත.