Friday, October 10, 2014

පොලීසියේ මේ මෘග ක්‍රියාවන්ට සමස්ථයක් වශයෙන් ආණ්ඩුව, විශේෂයෙන් පොලීසිය බාර ඇමති වගකිව යුතුයි.


වැඩ ඇරී ගෙදර විත් සිටින විට පැමිණි, රිදීගම පොලීසියේ නිලධාරීන් මටත්, ඒ වෙලාවේ නිවසට පැමිණි සිටි හතර පස් දෙනාටත් පහර දී රෙදි වැල කඩා අත් පිටුපසට කර බැ බිම වාඩි කෙරෙව්වා.

එතැනට පැමිණි, චමින්ද නැමැත්තාට වැටෙන්න ගැහැව්වා. ඔහුට කලාන්තය හැදුනා. මාවත් තවත් හතර දෙනෙකුවත් පොලීසියට ගෙනිච්චා.

රෑ එලිවෙනකම් පොලීසියේ තියාගෙන ඉලා උදේ ඔවුන් ලියපු ප්‍රකාශ වලට අත්සන් ගත්තා. මගෙන් ඇහැව්වේ, නම, ලිපිනය, වයස විතරයි.

සැප්තැම්බර් 24 දාට රම්බඩගල්ල මහේස්ත්‍රාරත් උසාවියට එන්න කියා මාව කොළයකට අත්සන් ගෙන මුදා හැරියා.

මා ගිය මස 24 වන දින උසාවියට ගියා. මට විරුද්ධව කසිප්පු සම්බන්ධයෙන් බොරු නඩුවක් දාලා තිබුණා.

මා එයට නිවැරදි කරු බව ප්‍රකාශ කළා. මාව රුපියල් 10,000/= ක මුදල් ඇපයක් හා ශරීර ඇප 2 ක් මත මුදා හැරියා.

පොලීසිය කිව්වේ වැරදිකාරයා කියා පිළිගන්න කියා. මට බොරු චෝදනා වලට වැරදිකරු කියන්න අවශ්‍යතායක් නැහැ.

රිදීගම පොලීසිය මට වගේම අසරණ මිනිසුන් අල්ලා බොරු නඩු දානවා. නඩු කියන්න බැරි නිසා උසාවියේ රස්තියාදු වෙන්න බැරි නිසා වැඩි දෙනෙක් වැරදිකරු කියා දඩය ගෙවා ගෙදර එනවා.

දඩය රුපියල් 5000/= ක් නම් ඒකෙන් බාගයක් රාජපක්ෂ ආණ්ඩුවටත්, බාගයක් පොලීසියටත් යනවා කියලා දැන ගත්තේ එදා.

අසරණ මිනිස්සුන්ට මේ විදියට බොරු නඩු දමා සල්ලි හම්බ කරන එක අම්මා තාත්තා විකුණලා සල්ලි හම්බ කරනවා වාගේ ඉතාම පහත් නීච ක්‍රියාවක්.

පොලීසියේ මේ මෘග ක්‍රියාවන්ට සමස්ථයක් වශයෙන් ආණ්ඩුව, විශේෂයෙන් පොලීසිය බාර ඇමති වගකිව යුතුයි. 


No comments:

Post a Comment