Saturday, June 29, 2013

හෝටලයේ අයිතිකරුට දාන්න ඔනි නඩුව සුපවේදියාට දමයි. රාජපක්ෂ පොලීසියේ පාහර ක්‍රියාවක්.

කොළඹ 04, බම්බලපිටිය,  වජිර පාරේ පිහිටි ‘‘හොට්ස්පොට්” හෝටලයේ  අපවිත‍්‍ර ජලය පාරට මුදාහැර ඇති බවට ඞී.අයි.ජී.මහත්තයෙකුගෙන් පැමිණිල්ලක් තිබෙනවා කියමින් එම හෝටලයේ සූපවේදී  33හැවරිදි  පත්මසිරි ප‍්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බම්බලපිටිය පොලීසිය ඔහුව අවමන් සහගත සැලකිලි වලට පාත්‍රකෙට අයිතිකරුට දැමිය යුතු නඩුව ඔහුට පැවරුවේය.
රාජපක්ෂ පොලිසියේ මෙම පාහර ක්‍රියාව ගැන ඔහු පෙලිස්පති . එන්.කේ. ඉලංගකෝන්, නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින් මෙම යුක්තිය ඉටු කරන ඉල්ලා ත්බේ.
එම පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.
2013.06.27 වන දින දහවල් 12.25 ට පමණ, කොළඹ4, වජිර පාරේ මා 28/1/එ්, හි පිහිටි  ‘‘හොට්ස්පොට්” හොටලයේ සේවය කරමින් සිටින විට බම්බලපිටිය පොලීසියේ නිලධාරින් 3 දෙනෙකු පැමිණ, ස්ථානාධිපතිවරයා පැවසූ බවත් කියමින් අත්අඩංගුවට ගෙන බම්බලපිටිය පොලීසියට රැුගෙන ගිය බව. එහි පරිසර එ්කකයට ගෙන ගොස් මොනවද ලිව්වා බව. ඔහු උප පොලිස් පරික්ෂකවරයෙකු බව පසුව දැනගත් බව. ඔහු එසේ ලියන ගමන් පත්මසිරි මහතාගේ නම ලිපිනය අසා ලියා ගෙන හැඳුනුම්පත ඉල්ලා ගත්බව. තමාට සම්බන්ධයක් නැති දෙයකට නඩු පවරන්න හදන්නේ ඇයිද ඇසුවිට එකි ඔහුට, ”මොන හු...ක්ද කියන්නේ” යනුවෙන් කුණුහරුපයෙන් බැනවැදී, පහරදීමට සැරසුණු බව. නමුත් ඔහුගෙන් අත්සනක් ගත්තේ නැති බව. 
පසුව වෙනත් නිලධාරියෙකු පැමිණ ඔහුගේ පර්ස් එකත්, ජංගම දුරකථනය, බඳපටිය, ලේන්සුව අරගෙන කූඩුවට දාපු බව. ඉන් පසු ස්ථානාධිපතිවරයා පැමිණෙන තුරු ඉන්න කිව්ව බව. පැය 3ක් පමණ කූඩුවේ සිටින විට ස්ථානාධිපතිවරයා පැමිණි පසුව ඇප ලබා දුන්නා. 2013.07.01 වන දින අලුත් කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක 05 පාරිභෝගික අධිකරණයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව. තමාව අත්අඩංගුවට ගත් නිලධාරින්  දුටුවහොත් හඳුනාගත හැකි බවද ඔහු ප්‍රකාශ කර සිටි.

තමාට කිසිසේත්ම අදාළ නොවන සිද්ධියක් සම්බන්ධයෙන් මා අත්අඩංගුවට ගෙන, ව්‍යාජ ලෙසට නඩු පැවරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන පත්මසිරි මහතා, පෙලිස්පති . එන්.කේ. ඉලංගකෝන්, නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, ර`දවා තබාගෙන, ව්‍යාජ නඩුවක්  පවරා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද බම්බලපිටිය පොලීසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට සහ ඔහුට පවරා ඇති ව්‍යාජ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටය.

උප පොලිස් පරික්ෂක, සැමියා අහිමි වු කතක් රවටා දුෂණය කොට රුපියල් ලක්ෂ 3.5ක් වංචා කරයි

සැමියා මිය යන ලද්දේ  2004.06.21 වන දින රිය අනතුරකින්ය. සිද්ධිය අදාළව පරික්ෂණ හා නඩු පැවරීම් සිදු කළේ සීදුව  පොලීසියේ රථවාහන අංශයේ එවක සැරයන්වරයෙක්වු, දැනට  උප පොලිස් පරික්ෂකයෙකු වු, ගාමිණී එ්කනායකය.

අසරණවු ඇයට පළමුව උදව් උපකාර කරන්නත්, දෙවනුව තනිවු ඇයට සෙනෙහෙය දක්වන්නටත් තනි රකින්නටත් ඉදිරි පත්විය.  තම පවුල් ජිවිතය අසාර්ථක ඇති බව ප්‍රකාශ කල ඔහු, තම බිර්‍රඳ ඔහුව අතහැර දමා ගොස් ඇති බවද  ප්‍රකිශකර තිබින.

මේ අතර මිය ගිය සැමියාවෙනු වෙන් ඇයට රුපියල් ලක්ෂ පහක වන්දියක් හිමි විය. උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකය ඇයව විවාහ කරගන්නා බවට පොරෝන්දුවිය. ගාමිණී එ්කනායකය ඇගේ නිවසේ බින්න බැස්සේය. එතැන් පටන් ඔවුන් අඹු සැමියන් ලෙසට දිවි ඇරඹිය.

විවිධ හේතු දක්වමින් ඇගේ මුදල් වලට විදිම ආරම්භ කළේය. ක්‍රමයෙන් මුදල් ක්ෂය විය. පොරෝන්දු ඉටු වන බවක් පෙනෙන්ට නැත. ඇය සරණ පතා පොලිස්පති වෙත ගියේය. එහිදි එක් පුටුවකින් තවත් පුටුවකට ඇය යැව්වේය. යුක්තිය ඉටුවන වගක් පෙනමානයේ නැත.

ඇය 2013.06.27 වන දින පොලිස්පති, එන්.කේ.ඉලංගකෝන් මහතාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති වරයාට ලිඛිතව පැමිණිල්ලක් කළේය.

එම පැමිණිල්ලේ මෙසේ සඳහනි.
 වයස අවු: 51 යි, හලාවත පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක සමග, මා 2005 වසරේ ආරම්භයේ සිට 2012 මැයි මස දක්වා අඹු සැමියන් වශයෙන් ජීවත් වූයෙමි.

2004.06.21 වන දින මාගේ විවාහක සැමියා රිය අනතුරකින් මිය යන ලදි. එම සිද්ධිය අදාළව පරික්ෂණ හා නඩු පැවරීම් සිදු කළේ සීදුව පොලීසියෙන් වන අතර, එම පරික්‍ෂණ කටයුතු බාරව ක‍්‍රියා කළේ එවකට එම පොලීසියේ රථවාහන අංශයේ සේවය කළ ඉහත නම් සඳහන් උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකය. එවක ඔහු සැරයන්වරයෙකි. මා ඔහුව (උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක) හඳුනා ගත්තේ මාගේ ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධ පරික්ෂණ කටයුතු වලට සහභාගී වීමේදීය. උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක මට ස්ව කැමැත්තෙන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් විය.මෙම දැන හැඳුම්කම මත, මා හා ඔහු අතර සමීප සම්බන්ධයක් ගොඩනැගුණු අතර, එයට හේතුවූයේ, ඔහුගේ පවුල් ජීවිතය අසාර්ථක බවට ඔහු නිතර කරන ලද ප‍්‍රකාශයි. ඔහු ඔහුගේ විවාහක බිරිඳගෙන් ඉවත්ව සිටින බව ප‍්‍රකාශ කළ අතර, කිහිප අවස්ථාවක්ම ඔහු මාව ඔහු පදිංචිව සිටි ගනේමුල්ල හා කොච්චිකඬේ පිහිටි නිවෙස් වලට රැුගෙන ගියා. එ් මගින් ඔහු ඔහුගේ විවාහක බිරිඳගෙන් වෙන්වී තිබෙන බව තහවුරු කරනු ලැබුවා. එ් අතර, ඔහු බිරිඳගෙන් දික්කසාද වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටින බවත්, එම නඩුව අවසානයේ මා විවාහ කරගන්නා බවටත් පොරොන්දු වුණා. මෙම පසුබිම යටතේ මා, ඔහු හා අඹු සැමියන් වශයෙන් ජීවත් වීම ආරම්භ කරනු ලැබුවා. මේ අතර 2007 වසර අවසානයේදී, මට මාගේ සැමියාගේ හදිසි අභාවය මත, රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලැබුණා. එම වන්දි මුදල වූ රුපියල් ලක්ෂ පහ, මා 2007.12.10 වන දින ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජා-ඇල ශාඛාවේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කළා.  ඔහුගේ (උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක* උපදෙස් මත, එම මුදලින් රුපියල් හාර ලක්ෂ අනූදහසක් ඇපයට තබා, එම බැංකුවෙන් රුපියල් තුන් ලක්ෂ පහස්දහසක ණයක් වශයෙන් ගනු ලැබුවා. එම ණය මුදලින්, 2008 ජනවාරි මස රු.30,000/- ක් හා පෙබරවාරි මස රු.25,000/- ක් ලබාගෙන, ඔහු මාර්තු මසදී යතුරුපැදියක් ගනු ලැබුවා.  එයින් අනතුරුව 2008 වසර අවසානය දක්වා එම යතුරුපැදියේ, ෆිනෑන්ස් මුදල් ගෙවීමට මසකට රු.7000/- බැගින් මා ඔහුට ලබා දුන්නා. එසේ ලබාදුන් මුදල රුපියල් ලක්ෂයකට වැඩිය.  2009 වසරේදී, ඔහුගේ පුතාට පිටරට යාම සඳහා ලබාගෙන තිබුණු ලක්ෂ පහළොවක මුදල ස`දහා පොළී ගෙවීමට යැයි කියා, මාගෙන් රුපියල් ලක්ෂ 2 1/2 ක මුදලක් ලබා ගත්තා.  2010 වසරේදී, ඔහු කොච්චිකඬේ ප‍්‍රදේශයෙන් කුළියට ගන්නා ලද නිවසට කුළී ගෙවීමට යැයි පවසමින්, මාගෙන් රුපියල් හැට දහසක්, (60,000/-*) මසකට පන්දහස බැගින් ලබා ගනු ලැබුවා.  2011 වසර මුලදී, ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යය සඳහා යැයි කියමින් මාගෙන් රුපියල් තිස් දහසක 30,000/- මුදලක් ලබා ගත්තා. මෙයට අමතරව, විවිධ හේතු දක්වමින් මාගෙන් වරින් වර ලබාගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට වැඩිය. මෙසේ සිටින අතර මා හට වැටහී ගියා, ඔහු මාගෙන් ඈත්වීමට උත්සාහ දරන බව හා ඔහු මා රවටා මාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 7 කට ආසන්න මුදල් නොගෙවා මගහැරීමට උත්සාහ දරණ බව.  එම තත්වය තුළ, 2012.08.17 වන දින මා, පොලිස්පතිගේ සහන මධ්‍යස්ථානයට ගොස් පැමිණිලි කළා. මෙම පැමිණිල්ලට, 2012.08.22 වන දින කැඳවීමක් කළා. එම කැඳවීම අනුව මා පොලිස් ස්ථානයට ගියා. උප පොලිස් පරික්‍ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. විමර්ශනය සිදු කළේ පොලිස් ස්ථානයේ තුන්වෙන් මහළේ. නමුත් ප‍්‍රකාශ සටහන් කළේ නැහැ. පොලිස්පතිවරයාට යොමු කරන බව ප‍්‍රකාශ කළා. නැවත දිනයක් දන්වන බව ප‍්‍රකාශ කළා.

මෙම පැමිණිල්ලෙන් පසුව, පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයවර්ධන නමින් පෙනී සිටි පුද්ගලයෙකු මට දුරකථනයෙන් නිතර නිතර ඇමතුම් දෙමින්, මට අයුතු යෝජනා කළා.  2012.11.18 වන දින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක මට පහර දුන්නා. පසුදින එනම්, 2012.11.19 වන දින මා මීගමුව රෝහලට ඇතුළත්වුණා. මට උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක පහරදුන් බව එහිදී මා ප‍්‍රකාශ කළා. එ් අවස්ථාවේ මාව මීගමුව රෝහල් පොලීසියට යොමු කළා. රෝහල් පොලීසියේදී මාගෙන් ප‍්‍රකාශයක් ලියා ගත්තා. එදින මාව රෝහලේ නැවැත්වුවා. පසුදින 2012.11.20 අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කොට, ටිකට් කැපුවා.  2012.11.21 වන දින මා සීදුව පොලීසියට ගියා. සීදුව පොලිසියට යළිත් වරක් මා සිද්ධිය ප‍්‍රකාශ කළා.

එයින් පසුව දිනක මාව පොලීසියෙන් කැඳෙව්වා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක පැමිණ සිටියා. එදින මට බලපෑම් කර සමථ කළා. පසුව මෙම පහරදීම ගැන හලාවත පොලිස් අධිකාරීවරයාගේ කැඳවීම අනුව 2012.11.28 දින පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව එහි ගියා. එහිදී සිදු කළේ මා අපහසුතාවයට පත්කොට ප‍්‍රකාශයකට අත්සන් ගැනීමයි. මේ සම්බන්ධයෙන්  මා, 2013.04.26 වන දින පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කළා.  මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්, විමර්ශනය කිරීමට දින 3 කින් පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. මේ අතර, මා දැනගත්තා මට නිතර දුරකථන ඇමතුම් දී ඇත්තේ අමල් නමැති සැරයන්වරයෙකු බව.  මෙම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්, පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.කේ.ඩබ්.කේ. සිල්වා මා කැඳවා ප‍්‍රකාශයක් ලබාගත් බවද වැඩිදුරටත් ස`දහන් කරමි. එ් පිළිබඳවද නිසි පියවරක් ගත්තේ නැත. ඔහුට සමාව දෙන ලෙසට මට බලපෑම් කළා. මා සමාව දුන්නා. මෙයින් පසුව, මාගේ පැමිණිල්ල පිළිබඳව පරික්‍ෂණ කිරීම, මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කළා. උප පොලිස් පරික්‍ෂක ගාමිණී එ්කනායකට විරුද්ධ පැමිණිල්ල ගැන කිහිප වතාවක්ම ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගත්තා. එසේ සටහන් කරගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී ආනන්ද අල්විස් හා සහකාර පොලිස් අධිකාරී අරුණ පේ‍්‍රමශාන්ත යන නිලධාරීන්ය.

එයින් අනතුරුව, 2013.05.07 වන දින මාව, සෙලින්කෝ මන්දිරයේ 12 වන මහළේ තිබෙන, විශේෂ විමර්ශන අංශයට කැඳවා ප‍්‍රකාශ ලබා ගත්තා.මෙයට අමතරව 2013.05.31 වන දින මීගමුව සහකාර පොලිස් අධිකාරී අශෝක විජේරත්න මහතාගේ කැඳවීමට අනුව, 2013.06.03 වන දින ඔහුව හමුවීමට ගියා. එදින මට ප‍්‍රකාශ කළා, 2013.06.18 දින පැමිණෙන ලෙසට. එ් අනුව මා 2013.06.18 දින ගියා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. එදින යළිත් මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසුව 2013.06.20 වන දින පැමිණෙ ලෙසට දැනුම් දුන්නා. 2013.06.20 වන දින ද මා එහි ගියා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. විමර්ශනය කළේ කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ලියනගේ මහතායි.

එහිදී දෙදෙනාගෙන්ම ප‍්‍රශ්න කළා. මගෙන් විමසුවා අවශ්‍ය මොනවාද කියා. මා කිව්වා මගෙන් ගත්තු සම්පූර්ණ මුදලින් අඩක්, එනම් රුපියල් ලක්ෂ 3 1/2 ක් ලබාදෙන්න කියා.  උප පොලිස් පරික්ෂක එ්කනායක එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළා. පොලිස් අධිකාරී ලියනගේ මහතා ප‍්‍රකාශ කළා විනය පියවර ගන්නවා කියා. උප පොලිස් පරික්ෂ ගාමිණී එ්කනායක ප‍්‍රකාශ කළා, කමක් නෑ කියා. 

සීදුව පොලීසියේ ථවාහන අංශයේ එවකට සේවය කළ සැරයන්වරයෙකු, දැනට උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක යන අය, ඔහු දැරූ තනතුර උපයෝගී කරගෙන, මට උදව් උපකාර කරන මුවාවෙන් වැන්දඹුවක වන මා විවාහ කරගන්නා බවට පොරොන්දුදී, මා රවටා, රුපියල් ලක්ෂ හතක් වංචා කිරීම.
 විවාහ පොරොන්දු කඩ කිරීම. ශාරීරික හා මානසික වධහිංසාවට පත් කිරීම. පොලිස් මූලස්ථානයේ, උසස් නිලධාරියෙකු ලෙසට පෙනී සිටි සැරයන්වරයෙකු වන අමල් නමැති නිලධාරියා හා එක්ව මාව පීඩාවට පත් කිරීම සම්බන්ධව,  

දැනට හලාවත පොලීසියේ සේවය කරන උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකට විරුද්ධව නීත්‍යානුකූල හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, ඔහුට සහාය දීම සඳහා කූට ලෙසට ඉදිරිපත්ව ක‍්‍රියාකළ පොලිස් මූලස්ථානයේ සැරයන්වරයෙකු වන අමල් නමැති නිලධාරියාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, ඉල්ලා සිටිමි. තවද, නීතිය ක‍්‍රියාත්මක කිරීම මගහැරීම මගින්, පොලිස්පතිවරයා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ද ප‍්‍රකාශ කර සිටිමි.

Saturday, June 22, 2013

බුදුන් නිගරුවට පත් කරන සංඝ ත්‍රස්තවාදය.

අතීතයේ මහණ කමට තෝරා ගත්තේ කුල දරුවන්ය. මහණ කමට හතර කේන්ද්‍රය පාලුවීම පමණක් සුදුසු කමක් නොවීය.
අද දෙමාපියන් තම දරුවන් මහණ කමට පූජා කරන්නේ ගගේ මුහුදේ දාන්න බැරි නිසාය. එසේ නැතිව වෙස්සන්තර රජු කලාක් මෙන් බුදු බව පතාගෙන නම් නොවේ.
මෙම හය හතර නොදන්නා දරුවන් පන්සලට බාර දුන් දිනයේ සිටම අපයෝජනයට ලක් කෙරෙති. ඒ නායක හැමුදුරුවරුන් විසින්ය. මෙම දරුවන්ව විශේෂයෙන් බරපතල ලිංගික අපයෝජනයට ලක් කරති. මොවුන්ට ළමා කාලය අහිමි කරයි. මව හා පියා ගේ ආදරය Wණුසුම අහිමි කරයි.
මේ පිරිසට අනාගතයක් නැත. අනාගතය ඇත්තේ ඉහළටම  ඉගෙන ‍ගතහොත් පමණි. නැතිනම් ජාවාරම් කරුවෙකු බවට පත්විය යුතුයි. එකම අපේක්ෂාව ගිහි සමාජයේ සුබ විහරණය උපරිමයෙන්ම හොදින් හෝ නරකින් ලබා ගැනීමය.
ඔවුන් වැඩිහිටියන්න වූ විට කරන්නේ, ඔවුන්ට ඔවුන්ගේ වැඩිහිටියන් ඔවුන්ට කල දෙයමය. පන්සලට අලුතින් එක්වන දරුවන් අපයෝජනයට ලක්කිරීමය. තවත් සසර දික්කරවා ගන්නට වැඩ කිරීමය.
ඒ සදහා රුකුල් දෙන පිරිසක්ද වෙති. චීවරය පෙරට දමාගත් කල කරන්නට බැරි දෙයක් නැත. ඒ බලය දැන් ඔවුන් විසින් තමන් වෙත පවරාගෙන තිබේ. නිල නොවන පොලිස් කාරයින් බවට පත්වීමට දරන උත්සාහය එහි ප්‍රථිඵලයයි.
අද ඇත්තටම පිරිහුනු සංඝ සමාජයට ඉතිරිව ඇත්තේ ත්‍රස්තවාදය පමණි. එදා දෙමළ විරෝධය, අද මුස්ලිම් විරෝධය, ක්‍රිස්තියානි විරෝධය, අරක්කු විරෝධය, හරක් විරෝධය. මේ ත්‍රස්තවාදියෝ තෙරුම්ගෙන තිබෙන දෙයක් ඇත. සිංහල  බෞද්ධයා මෝඩයින් බව. ඒ නිසා තවත් ඔවුන්ව මෝඩයින් ලෙසට තබාගත යුතුයි. එය ඵලදරන්නට ඉඩදිය නොහැක.
දෙරණ 3600 වැඩසටහනේ මුන්ගේ හෙලුව හෙලිකල අවස්ථාව අසන්නෝ කී දෙනෙකුට තේරුම් ගියාද? ඔවුන්නම් එය තේරුම්ගෙන ඇත. ඒ නිසාමය ඔවුන් දිල්කා සමන්මලීට මරණීය තර්ජණ එල්ල කරන්නේ. නරඹන්න - 3600 - දෙරණ.

Thursday, June 20, 2013

My son didn’t die, but was killed.මගේ පුතා මැරුණා නොවෙයි මරලා.


''In the evening of 26th January 2010 a telephone call was received saying that our son was dead. It also said me to be prepared immediately to go to Mathugama.

When it was said to get prepared to go to Mathugama I thought my mother in law who was old had died.
So I rushed to my home. My small child, 3 years ago who was too small, ran to me and said Mother everybody lie to you, but elder brother Janith died and others were talking about it.

At that time I came to the yard of the house. I did not know what had happened to me. The night of the following day the dead body was brought to the house. I did not know that it was a murder. The dead body was brought to the house saying that it was a drowning. ''

Watch the full story here. - 

පොලිස් කොස්තාපල්ට වසර එකහාමාරක සිර දඩුවමක් සහ රුපියල් දෙදහසක දඩයක්.


නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ පහරදීම යන චෝදනාවෙන් වරදකරුවූ පානදුර දකුණ පොලිසියේ හිටපු කොස්තාපල් 32807 දිල්රුක් ගුණතිලක හෙවත් ලාල්ට රුපියල් දෙදහසක දඩයක් හා වසර එකහාමාරක සිරදඩුවමක් නියම කල පානදුර මහේස්ත්‍රාත් අධිකරණය, පෙර වැරදි නොමැතිවීම සැලකිල්ලට ගෙන සිර දඩුවම වසර 10කට අත්හිටවනු ලැබීය.
2002 ජූනි 28 වන දින, ඉහත පොලිස් නිලධාරියා, තවත් පොලිස් නිලධාරීන් පිරිසක් හා එක්ව, පානදුර හිරණ පදිංචි ජානක පෙරේරාට සහ මිලන් පෙරේරාව පහරදී අත්අඩංගුවට ගත්තේය. ඔවුන් දෙන්නාව පානදුර දකුණ පොලිසියට ගෙන ඒමෙන් අනතුරුව පහරදී වධහිංසාවට පාත්‍ර කළේය.
එයින් අනතුරුව ඔවුන් දෙන්නාට විරුද්ධව බොරු නඩුවක් පැවරුවේය. ඒ බීමත්ව අශෝබන ලෙසට හැසිරුනාය යන චෝදනව යටතේය.
මෙම සිද්ධියට මූලික වූයේ කොස්තාපල් දිල්රුක් ගුණතිලක හෙවත් ලාල් හා මොවුන්ගේ පවුල අතර පවතින ඉඩම් ආරවුලකි.
 බොරු නුඩවට - ජානක පෙරේරා හා මිලන් පෙරේරා නිවැරදි කරු බව ප්‍රකාශ කළේය. එයින් අනතුරුව පැවති නඩුවාර වලදී නඩුවට ඉදිරිපත් නොවී මග හැරීමට පොලිසිය පියවර ගත්තේය. එම තත්වය තුල ඔවුන් දෙදෙනාව නිදහස් කිරීමට අධීකරණය තීරණය කළේය.
පහර දීමෙන් ජානක පෙරේරා, බරපතල තුවාල ලැබීය. ඔහු පානදුර මූලික රෝහලට ඇතුලුවුවද, පොලිසියේ බලපෑමට ප්‍රතිකාරයක් නොලැබින. වාර්තා කිරීමක් සිදුවුනේ නැත. ඔහු ඊලගට ගියේ කලුබෝවිල ශීක්ෂණ රෝහලටය. එම රෝහල ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත යොමු කළේය.
මෙම සිද්ධිය පිළිබදව ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම ජානක හා මිලන් පෙපෙර්රාට සහයෝගය ලබාදෙන ලදි.
එයින් අනතුරුව සිද්ධිය අදාළව පරීක්ෂණයක් පොලිස් විමර්ශන ඒකකය ආරම්භ කොට, පානදුර දකුණ පොලිසියේ දිල්රුක් දිල්රුක් ගුණතිලක හෙවත් ලාල් ඇතුලු පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරනු ලැබීය. වසර හතරකට පසුව එනම්, 2006.06.02 වන දිනය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2013.04.05 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙම නඩුව පවතින අතරතුර, නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන්වූ - ජානක පෙරේරා සහ මිලන් පෙරේරා, මිය යන ලදි. ඉදිරිපත්වූයේ මිලන් පෙරේරා ගේ බිරිද හා ජානක පෙරේරාගේ සොහොයුරියවූ රමණී මහත්මියයි.
ඇය දහසකුත් එකක් බාධක කරදර මාධ්‍යයේ - නඩුව ඉදිරියට ගෙන යාමට කැප විය.
නඩුවේ ප්‍රථිඵලය ගැන සතුටට පත්ව සිටී. ඇයට අසල්වැසියන්ගෙන් හා හිරණ ගමෙන් විශාල සහයෝගයක් ලැබින. ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක්ද විය. 2005 වසරේ යුක්තිය උදෙසා ජනතා සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේය.
1992 දී, ආසියානු මානව හිමිකම් කොමිෂමේ නියෝජිතයන් ජනසංසදයට පැමිණ අවස්ථාවේ ඔවුන් හා එක්වු වින්දිතයින් අතර ජානක පෙරේරා, මිලන් පෙරේරා හා රමණි ද විය.

Wednesday, June 19, 2013

දුමින්ද සිල්වාගේ සුව දුක් බලන්න ගිහින් හිටිය කාලේ, තියපු වෙඩි තැබීමකට මාව බොරු නඩුවකට පටලවලා.


වෙඩි තැබීම සිද්ධ වුනේ දුමින්ද සිල්වා බලන්න සිංගප්පූරුවට ගිහිල්ලා හිටිය කාලේ - ගයාන් දුමින්ද ප්‍රාද්ශීය සභා මංත්‍රී කියයි.
ලැබුන දුරකථන පණිවුඩයකට අනුව 2013 ජූනි 14 වන දින මිරිහාන පොලිසියට ගිය බවත්, එහිදී අත්අඩංගුවට ගෙන - අවිස්සාවව්ල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවත් ප්‍රකාශ කරන සීතාවක ප්‍රාදේශීය සභාවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංත්‍රී ගයාන් දුමින්ද චන්ද්‍රසිරි මහතා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට විරුද්ධව, මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට, මානව හිමිකම් කොමිෂමෙන් හා පොලිස්පතිගෙන් ඉල්ලා සිටී.
ඔහු විසින් ලිඛීතව ඉදිරිපත් කර තිබෙන පැමිණීල්ලේ මෙසේ සදහන් වේ.
‘‘මා 2012.01.22 දින කටුනායක ගුවන් තොටුපලින් අසනීප වී ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මංත‍්‍රීතුමා බැලීමට එදින අලූයම 1.15 ට පමණ ගුවන් මගින් සිංගප්පූරුව බලා පිටත් වුනා. මා යන විට අපේ ගමේ පදිංචි වාහන ව්‍යාපාරික එච්.එ්.ලාල් පේ‍්‍රමරත්න හා හැටන් පොලිස් ස්ථානයේ වැඩ කරන පොලිස් පරික්ෂක රංජිත් සමරනායකද සිංගප්පූරුව බලා පිටත්ව ගියා. සිංගප්පූරුවේ දවස් 7ක් නතර වී මන්ත‍්‍රීවරයාගේ ද සුවදුක් බලා නැවත 2012.10.28 දින රාත‍්‍රී 9.00 පමණ ලංකාවට පැමිණියා.........  මා නිවසට පැමිණි පසු දැනගන්නට ලැබුනා අපේ ගමේ පදිංචි ගංජා විකුණන, බෝම්බයක් ලඟ තබා සිරදඬුවම් විඳි හේමන්ත නැමැති අයට මා රට සිටි කාලයේදී වෙඩි තබා තුවාල වී රෝහලේ සිටින බව. පසුව මට දැනගන්නට ලැබුනා මෙම වෙඩි තැබමේ සිද්ධීයට මාවද සැක කරන බවට.
........... පසුව 2013.06.13 දින ප:ව:2.00 ට පමණ මාගේ පෞද්ගලික දුරකථනයට අමතා මිරිහාන යුනිට් එකේ අයි.පී. පෙරේරා කියන මහතකු කතා කර, හෙට දින (14 දින) උදේ 9.00ට මිරිහාන විශේෂ විමර්ශන එ්කකයේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නා........ මා 2013.06.14 දින -  උදේ 9.00 ට සීතාවකපුර සමූපකාර සංගමයේ සභාපති උයද වීරසිරි මහතා සමග මිරිහාන යුනිට් එකට ගොස් අයි.පී.පෙරේරා මහතා හමුවුනා. ටික වේලාවකින් පසු මාව පෙරේරා මහතා විසින්  ඕ.අයි.සී.නිමල් කරුණාරත්න මහතාට ඉදිපත් කළා.  ඕ.අයි.සී.නිමල් කරුණාරත්න මහතා කිව්වා මොහුව ඇරෙස්ට් කරලා උසාවි දාන්න නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියා. අනුර සේනානායක මහතා කියල තියෙන්නේ සහන මැදිරියට ගිය පැමිණිල්ලක් හිංදා ඇරෙස්ට් කරලා උසාවි දාන්න කියලා උපදෙස් ලැබිලා තියෙන්නේ කියා පැවසුවා. ...... පසුව මගේ නම ගම විමසා ප‍්‍රකාශයක් ලියා අත්සන් ගත්තත් එය මට කියවන්න දුන්නේ නැහැ......  පසුව මම පදවාගෙන ගිය ජීප් රථයේ මිරිහාන යුනිට් එකේ සාජන්ට් මහතකු මා සමග ගොස් ඔහු රැුගෙන ගිය වාර්තා සමග මාව අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාතක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා....
එහිදී මාහට විරුද්ධව වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම හා කුමන්ත‍්‍රණය කිරීම යන චෝදනා මත මා අධිකරණයට ඉදිරිපත් කළ..ා ....මා ශරීරි ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා. ඊලඟ නඩු දිනය වන 2013.07.04 දිනද උසාවියේ පෙනී සිටීමට නියමිතව ඇත.
මෙම සිද්ධියේ කිසිදු සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ගංජා හේමන්තගේ උවමනාව මත කිසිදු සාක්ෂියක් නැතිව, මා අත්අඩංගුවට ගෙන ඇති බව පෙනී යයි.
කිසිඳු සාක්ෂියක් නැතිව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමක් සිදුකර, අධිකරණයට ඉදිරිපත් කර, මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර, මාහට අසාධාරණයක් සිදුකර ඇති බවත්, මෙම හේතුව නිසා මාගේ දේශපාලන ජීවිතයට අපහාසයක් වන ලෙස පුවත්පත් වල පලකර මාහට අගතියක් සිදුකර (පවුත්පතේ ඡුායා පිටපතක් ඉදිරිපත් කරමි), අසාධාරණ ප‍්‍රචාරයක් සිදුකර ඇති බවත් ප‍්‍රකාශ කරමි‍” යනුවෙන් සඳහන්වේ.

Tuesday, June 18, 2013

නීතිඥවරියක ෙග් බඩු ෙසායන්න කලා ශිල්පියාට දස වධ දුන්න විල් ලැජ්ජාවක් නැති ෙපාලිස්කාරයා වන්දනාෙව් යයි.


මතුගම උසාවිෙය් වැඩ කරන නීකිඥ අනෝමා සිරිවීර නැමැත්තියගේ නිවෙස් නැතිවුවා යයි කියන බඩු ෙසායන්න  කලා ශිල්පිෙයක් වු අරුණ නිලූපුල් ඉන්දිකව අත්අඩංගුවට ෙගන මතුගම ෙපාලිසිෙය්, ෙපාලිස් නිල නිවසකට ෙගන ෙගාස් අපරාධ  අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර නැමැති නිලධාරියා තවත් නිලධාරින් ඒකතු කර ෙගන දස වධ දුන්ෙන්ය. ඒ් 2013 මැයි 27වන දින සවස 3.00 ට පමණය.
ඔහු ඒ් පිළිබද සියලුම වග කිවයුත්තන්ට පැමිණිලි කෙළ්ය.
ෙම් අතර 2013.06. 17 වන දින අරුණ නිලූපුල් ඉන්දිකෙග් නිවසට පැමිණි අපරාධ  අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර නැමැති නිලධාරියා සහා තවත් නිලධාරිෙයක් නීකිඥ අනෝමා සිරිවීරෙග් හා අැෙග් සැමියාෙග් නිම විශ්වාස කර වද දුන්න බව පවසමින් සමාව අැයද ඔවුන්ට විරැද්ධව කර තිෙබන පැමිණිල්ල ඉවත් කර ගන්නා ෙලසට බලපෑම් කර තිෙබ්.
නිලුපුල් නිවසේ කැමරාවට හසුව ජයා රුපෙය් සිටින්ෙන් ඒම ෙපාලිස් නිලධාරින්ය. සම්පුර්ණ විඩියෝව ඉදිරියේදි ඔබ අතට පත් කරන්නෙමු.
ෙමම අයුතු බලපෑම් කිරිම වලක්වන ෙලසට අරුණ නිලුපුල් ඉන්දික මහතා ෙපාලිස්පතිෙගන් හා මානව හිමිකම් ෙකාමිසෙමන් ඉල්ලා අැති අතර ෙපාලිස් පරික්ෂණ, විෙශ්ෂ ෙපාලිස් විමර්ශන අංශයට පවරන ෙලසටද ඉල්ලා සිටි.

නිරුවත් කලා. උඩබැලි අතට නිදි කෙරෙව්වා. අත කොලූවක් අරන් වෘෂණ කෝෂවලට කෙටුවා - ශ්‍රි ලංකා ෙපාලීසිය


තිස් ෙදහැවරිදි සෞඛ්‍ය කාර්ය සහායක චමින්ද ප‍්‍රියන්ත කුමාර,  ෙස්වය කරන්ෙන් නාගොඩ මහා රෝහෙල්ය.  2013.05.21 දින, රාත‍්‍රී 8.30 පමණ ජංගම දුරකථනයක් ෙසාරකම් කල බවට සැකකර කලුතර දකුණ ෙපලිසිය අත් අඩංගුට ගන්නා ලදි. පහර ෙදමින් ෙපාලීසියට ෙගන යැෙමන් අනතුරුව ඔහුට වධ දුන් අාකාරය විස්තර කරන්ෙන් ෙමෙස්ය.
 "මාව පොලිස් ජීප් රථයට දමා ගත්තා. ජීප් රථය පැදවූයේ අපරාධ අංශයේ ප‍්‍රධානියා බව දැනගත්තා. ජීප් රථයට නංවා ගන්නා විට මට කුරුදු පොල්ලකින්, අපරාධ අංශයේ ස්ථානාධීපති පහර දුන්නා. ඔහු සිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙන්නා හිටියේ සිවිල් ඇඳුමින්.
ජීප් රථයේ පිටුපස බිම වාඩි කරවා රැුගෙන ගියා. යන අතරදී පිටුපස සිටි නිලධාරියා මගේ හිස පාත්කර අතින්, කොන්දට මිට මොලවා පහර දුන්නා.
දකුණ පොලිසියට ගෙනවිත්, මාව අපරාධ අංශයට රැගෙන ගියා. එසේ රැගෙන යන අතර, මට කුරුදු පොල්ලෙන් එක් අයෙක් පිටට පහර දුන්නා.
අපරාධ අංශයේදී මගේ පිටට හා දකුණු අතට පහර දුන්නා. එසේ පහර දෙද්දී උඹේ මේ අතත් කඩනවා කිව්වා. රිය අනතුරකින් මා ආබාධිත අයෙක්. වම් වැලමිටට පහලින් කපලා තියෙන්නේ. දකුණූ අතේ ඇඟිලි වැඩ කරන්නේ නැහැ. කොරවෙලා. ශෛල්‍යකර්මයක් කරලා තියෙන්නේ.
පසු දින - එනම් 2013.05.22 දින උදේ 9.00 ට පමණ මාව කූඩුවෙන් එළියට රැගෙන, කට උත්තරයක් ගන්න කියා, අපරාධ අංශයට ගෙන ගියා. එහිදී මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රකාශයට අත්සන් කලා. ප‍්‍රකාශය ගත්ත පොලිස් නිලධාරියා යන්න ගියා.
ටිකවේලාවක් යන විට අපරාධ අංශයේ ස්ථානාධීපති හා මාව අත්අඩංගුවට ගන්න එක්වූ නිලධාරීන් දෙන්නා පැමිණියා. ඔවුන් දෙදෙනාම හිටියේ සිවිල් ඇඳුමින්. අපරාධ අංශයේ ස්ථානාධිපති මූට මෙහෙම ගහලා හරියන්නේ නැහැ කියා, නැවත කුරුදු පොල්ලක් අරන් මට පහර දුන්නා. අනෙක් දෙන්නා මට අතින් පයින් පහර දුන්නා. අපරාධ අංශයේ ස්ථානාධිපති, කකුල්වල ඇගිලි සපත්තුවෙන් පෑගුවා. කකුල උඩනැග්ගා.
එයින් පසුව, මට පහරදුන් නිලධාරීන් දෙන්නා, මාව පොලිසිය පිටුපස, වාහන හෝදන තැන, නාන කාමරයක් වැනි කාමරයකට මාව ගෙන ගියා. එහි ෂවර් එකක්, වතුර ටැප් එකට සවිකල දිග රබර් හෝස් එකක් හා පන්සල්වල බණමඩුවල තියෙන දිග බංකුවක්තිබුනා. එතැනට අපරාධ අංශයේ ස්ථානාධිපති ආවේ නැහැ.
එහිදී මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා. එයින් පසුව මාව උඩබැලි අතට නිදි කෙරෙව්වා. එක් අයෙක් අත කොලූවක් අරන්, මාගේ වෘෂණ කෝෂවලට කෙටුවා. එසේ තලලා ඉවර වෙලා කකුල් දෙක එක්කොට ඇස්වටය උඩින් මාංචු දම්මා. ඉන් පසුව කකුල් දෙකෙන් පටන් අරන් බංකුවට තබා, බෙල්ල ලඟට වෙනකම් ලණූවකින් තද කොට වෙලා බැන්දා.
එයින්, එක් නිලධාරියෙක්, එහි ජනේල් පඩිය උඩට නැග මගේ පපුවට පැන්නා. ඉන් පසුව, බංකුව හා මාව, ටැප් එක ලගට ඇද්දා. එහි තිබූ පරණ ටී ෂර්ට් එකක් අරන් මගේ මුහුණ වසා, බංකුවට තියා ගැට ගැසුවා. එයින් එතැන හිටිය මහත නිලධාරියා කකුල් දෙක දෙපැත්තට තබා මගේ පපුව උඩින් වාඩ වුනා. අනෙක් නිලධාරියා වතුර හොස් එකෙන් මගේ මූණට වතුර ඇල්ලූවා. ටික වේලාවක් වතුර අල්ලා, ඊට පස්සේ යටිපතුල් වලට පහර දුන්නා. මෙය මාරුවෙන් මාරුවට කලා. එසේ කරන ගමන් උඹ ෆෝන් ගත්තා නේද, කොම්පියුටර් ගත්තා නේද, සල්ලි ගත්තා නේද, කෙසෙල් කැන් කඩය කැඩුවා නේද, කඬේ රින්සෝ, සබන් ගත්තා නේද, කඩපු ගෙවල් කියපන් කිව්වා.
මම දගලනවා වැඩියි කියමින්, කුරුඳ පොල්ල බෙල්ලට තබා තද කරා මුහුණට වතුර හෝස් එක ඇල්ලූවා.
එයින් පසුව, මාව ලිහා, එම හෝස් එකට අල්ලා මාව නෑව්වා. එයින් පසු මට ඇඳගන්න කිව්වා. මම කලිසම ඇඳ ගත්තා. ෂර්ට් එක ඉරලා තිබුනේ. ඉන්පසු මාව ආපන ශාලාවට රැගෙන ගොස් ඔවුන් දෙන්නා පුටුවක වාඩිවෙලා, මාව හිටවාගෙන, යලිත් ඇත්ත කියපන් යයි කියමින් මට කුණූහරප කියමින් බැන වැදුනා. ඔවුන් මගේ ”අම්මාට හු... හු... පුතා” කියමින්, රස්සාවට කෙලිනවා ආදී දේ කියමින් බැනවැදුනා.
එහිදී මට පොල්ලෙන් එ් දෙන්නා යලිත් පහර දුන්නා. එයින් පසුව, ඇත්ත කියපන් කියමින් මගේ බෙල්ල වටා රබර් හෝස් එකක් ඔතා, දෙදෙනාම තද වෙන්න හුස්ම ගන්න බැරිවෙන්න දෙපැත්තට ඇද්දා.
එයින් පසුව, මාව නැවතත් අපරාධ අංශයට ගෙන ගියා. අපරාධ අංශයේ ස්ථානාධිපති එහි සිටියා. ඔහු ළඟින් මාව දණ ගැස්සුවා. ස්ථානාධිපති කුරුඳු පොල්ල අරගෙන මගේ ඔලූවට, උරහිස්වලට පහර දුන්නා.
ඉන්පසුව, ස්ථානාධිපති මේසයකටත්, කකුලකට සම්බන්ධ කර තිබූ දිග දම්වැලෙන් මගේ බඩ මැදින් තද කර, ගැට ගැසුවා.
එයින් පසුව, මට දණගහ ගෙන එහාට මෙහාට යන්න කිව්වා. බඩ මැදින් ගැටගසා තිබෙන දම්වැල පිටින් රිලවෙක් මෙන් එහාට මෙහාට ගියා. එ් යන අතර තුන්දෙනා වරින් වර මගේ පිටට ඔලූවට කුරුඳු පොලූවලින් පහර දුන්නා. එක් අයෙක් අත දිගහැර මගේ පිටට ගැහුවා.
එසේ කිරීමෙන් පසුව මාව නැගිට්ටෙව්වා. අපරාධ අංශයේ ස්ථානාධිපති, යලිත් මගේ කකුල් දෙකේ ඇගිලි පෑගුවා. එසේ කිරීමෙන් පසුව, මාව ජීප් රථයේ දමාගෙන මාගේ බෝඩිමට ගියා. බෝඩිම අවුස්සා එහි තිබූ මගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත‍්‍රය හා අතිරේක රෝහල් හැඳුනුම්පත් අරගත්තා. මට අයත් සිම් තුනක්ද ගත්තා.
එහිදී මට ෂර්ට් එකක් අරන් ඇඳගන්න කිව්වා. එයින් පසුව මාව රෝහලට ගෙන ගියා. රෝහලේදී මගේ ෂර්ට් එක ගැලෙව්වා. උඩුකය නිරුවත්ව මාව රෝහලේ ඇවිද්දෙව්වා.
එසේ ඇවිද්දවා, මට ෂර්ට් එක ඇඳගන්න කියා, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගෙන ගියා. එහිදී මාව, එහි වෛද්‍යවරයෙකු ලඟට ඉදිරිපත් කලා. වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ට ඉවත්වෙන්න කියා මාව කාමරයේ තියාගෙන පරීක්ෂා කලා. මම විස්තර කිව්වා, තුවාල පෙන්වූවා.
එ් වන වට මගේ වෘෂණ කෝෂ දෙක ඉදිමී තිබුනා. පිටේ පාරවල් සහ වේදනාව තිබුනා. කකුල් ඉදිමී ලේ ගලමින් තිබුනා. අත්වල පාරවල් තිබුනා. මට කෙලින් හිටගන්න බැරිව හිටියේ. මා සියලූ විස්තර කිව්වා.
නැවත මාව අපරාධ අංශයේ ස්ථානාධිපතිට බාර දුන්නා. නැවත පොලිසියට රැගෙන ආවේ විනාඩි 10කින් පසුව, පයින් මාව – කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එ් ගෙන ගියේ වෙනත් නිලධාරියෙක්.
එහි අතිරේක මහේස්ත‍්‍රාත් නිල කාමරයට ගෙන ගියා. මාව එළියේ තබා, එම පොලිස් නිලධාරියා, මහේස්ත‍්‍රාත් උසාවිය ලඟට ගියා. මට ප‍්‍රකාශයක් කරන්න අවස්ථාවක් තිබුනේ නැහැ. මාව බන්ධනාගාර ගත කලා.
මාව කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. බන්ධනාගාර ගත කල විටම මට සිහිය නැතිවුනා.
මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. පොලිසිය ගහපු බව කිව්වා. මාව බන්ධනාගාර රෝහලට ඇතුලූ කලා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රතිකාර දුන්නා. එහි 2013.05.31 දක්වා සිටියා.
2013.05.31 නැවත මාව උසාවි ගෙන ආවා. මට නීතිඥයෙක් පෙනී සිටියේ නැහැ. මාව රු.15,000/=ක ශරීර ඇපයක් මත මුදාහැරියා. නමුත් ඇප දෙන්න කිසිවෙක් හිටියේ නැහැ. නැවත බන්ධණාගාරයට ගෙන ගියා. 2013.06.03 වන දින ඇප ලබාගෙන නිදහස්වුනා. නැවත නඩු දිනය 2013.09.13 වේ.
2013.06.03 දින නිදහස්වූ පස් මම කලූතර දකුණ පොලිසියේ අපරාධ අංශයට ගොස් මාගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත‍්‍රය, රෝහලේ හැඳුනුම්පත හා සිම් තුන ඉල්ලා සිටියා. අපරාධ අංශයේ ස්ථානාධිපති මට කිව්වා, තොට තව නඩුවක් ගෙදරට තැපෑලෙන් එවන්න හිටියේ, තෝ ආපු එක ලොකු දෙයක් ඉඳගනින් කිව්වා. ඉඳගෙන හිටපන් උඹව ආපසු යවනවා,එ් නිසා තොට අයිඩෙන්ටි වලින් වැඩක් නැහැ කිව්වා. පැය 5ක් මාව රඳවා ගත්තා. ස්ථානාධිපතිවරයා හා අනෙක් දෙන්නා ගිය පසු, එහි සිටි අනෙක් නිලධාරීන් දෙන්නා මට කතාකරලා කිව්වා අයිඩෙන්ටි ගන්න පස්සේ වරෙන්, උඹ ගෙදර පලයන්, උඹව තියාගෙන ඉන්න අපිට බෑ කියලා. එ් අනුව මා ගෙදර ගියා. "
නීති විරෝධී ලෙස  අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, අමානුෂික වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා මත නඩු පවරා  බන්ධනාගාරගත කරන ලද - ක`ඵතර දකුණ පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති හා නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකි නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඔහු  මානව හිමිකම් කොමිෂන් සභාෙවන් හා පොලිස්පති ෙගන් ඔහු ඉල්ලා සිටි.

Saturday, June 15, 2013

දහම් පාසැල් ගිය දැරිය දුෂණය කළ චිවරධාරින් ත්‍රිත්වය රකින්න බුලත්සිංහල හා අලූත්ගම පොලිසි දෙකට ඉඩ දෙන්න එපා. දැරිය බලධාරින‍්ගෙන් ඉල්ලයි.


චීවරධාරීන් දෙදෙනෙකුගේ ලිංගික අතවරයට පත්ව සිටි පාසැල් සිසුවියක් දූෂණය කළ චීවරධාරියාට පොලිස් සහාය, විශ්ණු බලපෑමෙන්ද ? යන ශිර්ෂපාඨය යටතේ පළකල සිද්ධියට අදාල දැරිය පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත පළකරමු. තමාව බරපතල ලෙසට ලිංගික අපචාරය කළ බවට හා දුෂනය කළ බවට ඇය විසින් ප්‍රකාශ කරන චිවරධිරන්ගේ හා ඔවුන් අයත් පන්සල්වල පිංතුරද ඇතුලත්ය.

‘‘ ලිංගික අපයෝජනයට ලක් කිරීම හා දුෂණය කිරීමි - බුලත්සිංහල හා අලූත්ගම පොලිසිය අපරාධකරුවන් රැුකගැනීමට කරනු ලබන උත්සාහය වලක්වා යුක්තිය ඉටු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.
….. අවු: 18යි, ජාතහැ.අ……….උපන් දිනය ………අවිවාහක, ලිපිනය : …………………
2013.06.14 
දිනදීය. විද්‍යාලයේ ……… දහතුන වසරේ ඉගෙලනුම ලබමි.

01.  අලූත්ගම කන්දේ විහාරයේ අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි. (ෙනාෙහාත් ෙලාග්ගම ඉෙර්ෂ් මදුෂාන්)

අලූත්ගම කන්දේ විහාරයේ වැඩ වසන අධීකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි – අවු: 21යි. ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් නමින් පෙනී සිටිමින්, මා විවාහ කර ගැනීමේ පොරොන්දුව මත ඇසුරු කළේය. මේ ඇසුරට මාස 5ක් පමණවේ.
මෙසේ සිටියදී, 2013 අප්‍රේල් 21 දින මට අලූත්ගම කන්දේ විහාරයට ගෙන්වාගෙන, එහි කාමරයට කැඳවාගෙන ගොස්, විවාහ වන පොරොන්දුව ලබාදෙමින්,මාව දුෂණය කරනු ලැබීය.
එයින් අනතුරුව, මා රවටා, රටහැර යෑමට උත්සාහ දැරීම නිසා, ඔහු පිළිබඳව මාගේ දෙමාපියන්ට දැන්වීමට මට සිදු විය.
2013 මැයි 18 වන දින – මාගේ දෙමාපියන්, සොහොයුරා, සොහොයුරියද සමග මා ඔහු සොයා ගොස්, අලූත්ගම කන්දේ විහාරයට ගියා. අපට එහිදී ඔහුව මුණ ගැසුනා. ඔහු පළා යාමට උත්සාහ කලා. අප එයට ඉඩ දුන්නේ නැහැ.
අප එම සිද්ධිය, එහි නායක හාමුදුරුවන් වශයෙන් පෙනී සිටි හිමිට ප‍්‍රකාශ කලා. ඔහුගේ නම දන්නේ නැහැ. දුටුවොත් අඳුරන්න පුලූවන්. අලූත්ගම කන්ද විහාරයේ පොලිස් මුරපොලට විස්තරය ප‍්‍රකාශ කලා.
පොලිස් මුරපොලේ උපදෙස් අනුව – අලූත්ගම පොලිසියට ගොස් අහි ස්ථානාධිපතිට විස්තරය ප‍්‍රකාශ කලා.
ඔහු ප‍්‍රකාශ කලා පසුදා එනම් 2013.05.20 උදේ, පොලිසියට එන ලෙසට. ප‍්‍රකාශය ගත්තේ නැහැ.
පසුදින 2013.05.20 වනදින උදේ අලූත්ගම පොලිසියට ගියා. එහි කූඩුවේ අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද නොහොත් ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් සිටියා.
මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියත්, යොමු කලේ නැහැ. මගේ පැමිණිල්ල සටහන් කළේ විවාහ පොරොන්දු කඩ කිරීමක් ලෙසට. ¥ෂණයක් කල බවව සටහන් කිරීම ප‍්‍රතික්ෂේප කලා. පැමිණිල්ල සටහන් කිරීමේ ලදුපත අනුව එය තහවුරු වෙනවා. (ක්‍ෂඊ ෂ 66රැු169*.
පසුව මා දැනගත්තා, මාව දූෂණය කල අධිකාරීගොඩ ඉන්ද්‍රාන්නද නොහොත් ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන්ව කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පත්කොට ඇප මත මුදා හැර ඇති බව. මා වෙත නඩු අංකය ලබා දුන්නේ නැහැ.

2. කොබවක ශ‍්‍රී සුමනාරාමයේ වැඩ වසන ලද – බඩල් කුඹුරේ නන්දසිරි – අවු: 21යි,

මා විවාහ කර ගැනීමේ පොරොන්දුව මත ලිංගික අපයෝජනයට භාජනය කිරීම
කොබවක ශ‍්‍රී සුමනාරාමයේ පවත්වාගෙන යන කොබවක සිරි සුමන දහම් පාසලේ මා කුඩා කල සිටම (6 ශ්‍රේණියේ සිට* ඉගෙනුම ලැබුවා.
මීට වසර තුනකට පමණ පෙර, එනම්, 2010 පෙබරවාරි මස දී, විහාරයේදී දහම් පාසලේ බුදු දහම ඉගැන්වූ බඩල් කුඹුරේ නන්දසිරි හි මා විවාහ කරගන්නට කැමති බව ප‍්‍රකාශ කරමින්, ඔහු හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට යෝජනා කලා.
මේ අතර, මාව ඔහු ශ‍්‍රී සුමනාරාමයට විවිධ හේතු දක්වා ගෙන්වාගෙන ලිංගික අපයෝජනයට ලක් කලා. මාව එසේ කලේ මා මරන බවට තර්ජණය කරමින්. එසේ හැසිරීමෙන් පසුව කාටවත් කිව්වොත් මරන බවට තර්ජණ කලා.
එ් අතර, මගේ දුරකථන අංකයට, පන්සලේ ලොකු හාමුරුවන් ලෙස හඳුන්වන දෙල්මෑල්ලේ සුමනරත්න (අවු: 47යි) හා තවත් කිහිප දෙනෙකුට දී තිබුනා. ඔවුන් මට නිතර පීඩාකාරී ඇමතුම් දෙන්නට පටන් ගත්තා.

3. කොබවක ශ‍්‍රී සුමනාරාමයේ – විහාරාධීපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි (අවු: 47)


විහාරස්ථානයේ පවත්වන ලද භක්ති ගී පුහුණූව සඳහා මට එන්න කියා දුරකථන පණිවුඩයක් දුන්නා. මම ගියා. පන්සලේ කවුරුත් සිටියේ නැහැ. පොඩි හාමුරුවො මට ඔනක්කොම කියලා තියෙන්නේ කියා මා අතවරයට පත් කලා.
ඉන් අනතුරුවද නන්දසිරි හාමුදුරුවන් මුණ ගැසීමට පැමිණෙන ලෙසට සුමනරතන හාමුදුරුවන් මට දුරකථන පණිවුඩ දුන්නා. මා දිගින් දිගටම හමුවීම ප‍්‍රතික්ෂේප කලා. 2013.05.21 රාත‍්‍රී 8.00 පමණ දෙල්මෑල්ලේ සුමනරතන හිමි අප නිවසට පැමිණ – මට හා මාගේ දෙමාපියන්ට තර්ජණය කලා.
එයින් පසුව බුලත්සිංහල පොලිසියට ගොස් එ් පිළිබඳව පැමිණිලි කලා.
2013.05.23 දින දෙල්මෑල්ලේ සුමනරතන හිමි කොබවක ශ‍්‍රී සුමනාරාමයේ දායක සභාව කැඳෙව්වා. බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයාද පැමිණ සිටියා. මාව ලිංගික අපයෝජනයට ලක් කිරීම මා විසින් හෙලි කලා. පැමිණ සිටි අය නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටියා.
දෙල්මෑල්ලේ ශ‍්‍රී සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි හිමිව අත්අඩංගුවට ගත්තා. බුලත්සිංහල පොලිසියෙන් ප‍්‍රකාශයක් ගෙන බුලත්සිංහල රෝහලට ගෙන ගියා. බුලත්සිංහල රෝහල එදිනම මාව ක`ඵතර නාගොඩ මහා රෝහලට මාරු කලා.
2012.05.24 දින වෙසක් පුන් පොහෝ දා දෙල්මෑල්ලේ සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි හිමිව මතුගම මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුනා. 2013.05.25, 2013.06.05 නඩුව කැඳෙව්වා. පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේ නැහැ. මීලඟ දිනය 2013.08.07 වේ.
මා ඉල්ලා සිටින්නේ,
1. 
මාව දුෂණය කල කන්දේ විහාරයේ වැඩ වසන, එහි බෝධිපූජා පවත්වන හා සෙත් කවි කියන අධීකාරීගොඩ ඉන්ද්‍රානන්ද හෙවත් ලොග්ගල විදානලාගේ ඉරේෂ් මධුෂාන් ට එරෙහිව නිසි පරිදි නීතිමය පියවර ගන්නා ලෙසත්, සත්‍ය වසන් කරමින්, අලූත්ගම කන්ද විහාරයට කැලලක් වන එක වලක්වන ලෙස පවසමින් ඔහු නිදහස් කිරිමට අලූත්ගම පොලිසිය ගන්නා උත්සාහය වලක්වන ලෙසත්,
2. එ් හා සමානව, මතුගම පොලිසිය හා මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාද කොබවක ශ‍්‍රී සුමනාරාමයේ විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි යන හිමිවරු නිදහස් කිරීමට ගන්නා උත්සාහය වලක්වා මට නිසි පරිදි චෝදනා ඉදිරිපත්කර යුක්තිය ඉටු කරන ලෙසටය.
තවද, මෙම පරීක්ෂණ හා නඩු කටයුතු – අලූත්ගම හා මතුගම පොලිසිවලින් ඉවත් කොට පොලිස් මූලස්ථාන මගින් පවත්වන ලෙසටද ඉල්ලමි.
අලූත්ගම හා මතුගම පොලිස් ස්ථානාධිපතිවරුන් හා මතුගම සහකාර පොලිස් අධිකාරී වරයා, නිසි පරීක්ෂණ නොකිරිම, අපරාධකරුවන් බේරා ගැනීමට අයුතු බලපෑම් කිරිම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරමි.
අත්සන් කළේ/ ජී……