Tuesday, June 11, 2013

පලා යෑමට තැත් කරද්දී ‍පොලීසිය ‍කොටු කර අල්ලා ගනී. දිනමිණ අතේ රේල්


ගෙදර හිටිය තම සැමියාව, අත්අඩංගුවට ‍ගෙන ‍හෙ‍රොයින් ග්‍රෑම් 10 ක් දමා රක්ෂිත  බන්ධනාගාර ගත ක‍ළේ පළිගැනීමකට බව බිරිඳ නිරෝෂා චාමනී පවසන අතර පොලිස් ‘නා‍කොටික් එකකය කියන්නේ තොරතුරක් මත, පා‍රේ යමින් සිටියදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක දේව චමින්ද ‍හෙ‍රොයින් ග්‍රෑම් 10 ක් තිබු බවයි.  

2013 මැයි මස 15  දින, මාතර බන්ධනාගාර‍යේ සිට ‍ගෙදර ‍ගෙදර එමින් සිටි බන්ධනාගාර නියාමක‍යෙකු වූ දේව චමින්ද හික්කඩුව ‍තොටගමු‍වේ නැන්දනිය‍ගේ නිවසට ගි‍යේ යතුරු පැදිය ගන්නට. එ‍සේ පැමිණ, සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටින විට, ආයුධ සන්නද්ධව පැමිණි ති‍දෙ‍නෙක්, ඔහුව පැහැර ‍ගෙන යෑමට උත්සාහ දරා ති‍බේ.
නිවැසියන්ගේ කලබලය ඇසී එක්වූ ගම්වාසීන්‍ගේ සංඛ්‍යාව එකසිය පනහකට අධික වූ නිසා, ආයුධ සන්නද්ධව පැමිණි ති‍දෙ‍නා හික්කඩුව ‍පොලීසියට දුරකථන‍යෙන් කථා ‍කොට, ස්ථානාධිපති ඇතුලු පිරිසක් ‍ගෙන්වා, ඔහුව අත්අඩංගුවට ‍ගන්නා ලදි.


මෙම ආයුධ සන්නද්ධව පැමිණි ති‍දෙනා ‍පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට අයත් වූවන්ය. අත්අඩංගුවට ගත් නියාමකව පසුදින බලපිටිය ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර -  රැවුම් නි‍යෝග මත ‍කොළඹ ‍පොලිස් මූලස්ථානයට ‍ගෙන යෑමට දැරූ උත්සාහයට අධිකරණය ඉඩ දුන්‍නේ නැත.
අධිකරණය ඔහුව රිමාන්ඩ් බාරයට පත් ක‍ළේය. 2013 මැයි 17 දිනමිණ පුවත්පත, ‍පොලීසි‍යෙන් ලබාදුන් ‍තොරතුරු එක්කර ‍බොරු ‍ගොතා “මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බන්ධනාගාර නියාමක අත්අඩංගුවට ” යන ශීර්ෂය යට‍තේ පළ කර, සිය පාඨකයාව සුපුරුදු පරිදි ‍ගොනාට අන්දවා ති‍බේ.
දිනමිණ පුවත්පතේ වාර්තා‍වේ සඳහන් කිසිවක් -  අධිකරණයට ඉදිරිපත් කර ති‍බෙන “ බී” වාර්තා‍වේ නැත.
රාජපක්ෂ පාලනය කරන ‍පොලීසිය නීති වි‍රෝධීව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, ‍බොරු නඩු දැමීම පමණක් ‍නොව, මාධ්‍ය උප‍යෝගී කර ‍ගෙන පාඨකයින් මුලා කිරීමද සිදු කරයි. ඒ සඳහා ‍යොදා ගන්නේ ‍පොලීසි‍යෙන් “ ජරාව ” කන ඊනියා මාධ්‍ය කරුවන්ය.

No comments:

Post a Comment