Saturday, June 15, 2013

දහම් පාසැල් ගිය දැරිය දුෂණය කළ චිවරධාරින් ත්‍රිත්වය රකින්න බුලත්සිංහල හා අලූත්ගම පොලිසි දෙකට ඉඩ දෙන්න එපා. දැරිය බලධාරින‍්ගෙන් ඉල්ලයි.


චීවරධාරීන් දෙදෙනෙකුගේ ලිංගික අතවරයට පත්ව සිටි පාසැල් සිසුවියක් දූෂණය කළ චීවරධාරියාට පොලිස් සහාය, විශ්ණු බලපෑමෙන්ද ? යන ශිර්ෂපාඨය යටතේ පළකල සිද්ධියට අදාල දැරිය පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත පළකරමු. තමාව බරපතල ලෙසට ලිංගික අපචාරය කළ බවට හා දුෂනය කළ බවට ඇය විසින් ප්‍රකාශ කරන චිවරධිරන්ගේ හා ඔවුන් අයත් පන්සල්වල පිංතුරද ඇතුලත්ය.

‘‘ ලිංගික අපයෝජනයට ලක් කිරීම හා දුෂණය කිරීමි - බුලත්සිංහල හා අලූත්ගම පොලිසිය අපරාධකරුවන් රැුකගැනීමට කරනු ලබන උත්සාහය වලක්වා යුක්තිය ඉටු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.
….. අවු: 18යිජාතහැ.අ……….උපන් දිනය ………අවිවාහක, ලිපිනය : …………………
2013.06.14 
දිනදීය. විද්‍යාලයේ ……… දහතුන වසරේ ඉගෙලනුම ලබමි.

01.  අලූත්ගම කන්දේ විහාරයේ අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි. (ෙනාෙහාත් ෙලාග්ගම ඉෙර්ෂ් මදුෂාන්)

අලූත්ගම කන්දේ විහාරයේ වැඩ වසන අධීකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි – අවු: 21යි. ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් නමින් පෙනී සිටිමින්මා විවාහ කර ගැනීමේ පොරොන්දුව මත ඇසුරු කළේය. මේ ඇසුරට මාස 5ක් පමණවේ.
මෙසේ සිටියදී, 2013 අප්‍රේල් 21 දින මට අලූත්ගම කන්දේ විහාරයට ගෙන්වාගෙනඑහි කාමරයට කැඳවාගෙන ගොස්විවාහ වන පොරොන්දුව ලබාදෙමින්,මාව දුෂණය කරනු ලැබීය.
එයින් අනතුරුවමා රවටාරටහැර යෑමට උත්සාහ දැරීම නිසාඔහු පිළිබඳව මාගේ දෙමාපියන්ට දැන්වීමට මට සිදු විය.
2013 මැයි 18 වන දින – මාගේ දෙමාපියන්සොහොයුරාසොහොයුරියද සමග මා ඔහු සොයා ගොස්අලූත්ගම කන්දේ විහාරයට ගියා. අපට එහිදී ඔහුව මුණ ගැසුනා. ඔහු පළා යාමට උත්සාහ කලා. අප එයට ඉඩ දුන්නේ නැහැ.
අප එම සිද්ධියඑහි නායක හාමුදුරුවන් වශයෙන් පෙනී සිටි හිමිට ප‍්‍රකාශ කලා. ඔහුගේ නම දන්නේ නැහැ. දුටුවොත් අඳුරන්න පුලූවන්. අලූත්ගම කන්ද විහාරයේ පොලිස් මුරපොලට විස්තරය ප‍්‍රකාශ කලා.
පොලිස් මුරපොලේ උපදෙස් අනුව – අලූත්ගම පොලිසියට ගොස් අහි ස්ථානාධිපතිට විස්තරය ප‍්‍රකාශ කලා.
ඔහු ප‍්‍රකාශ කලා පසුදා එනම් 2013.05.20 උදේපොලිසියට එන ලෙසට. ප‍්‍රකාශය ගත්තේ නැහැ.
පසුදින 2013.05.20 වනදින උදේ අලූත්ගම පොලිසියට ගියා. එහි කූඩුවේ අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද නොහොත් ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් සිටියා.
මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියත්යොමු කලේ නැහැ. මගේ පැමිණිල්ල සටහන් කළේ විවාහ පොරොන්දු කඩ කිරීමක් ලෙසට. ¥ෂණයක් කල බවව සටහන් කිරීම ප‍්‍රතික්ෂේප කලා. පැමිණිල්ල සටහන් කිරීමේ ලදුපත අනුව එය තහවුරු වෙනවා. (ක්‍ෂඊ ෂ 66රැු169*.
පසුව මා දැනගත්තාමාව දූෂණය කල අධිකාරීගොඩ ඉන්ද්‍රාන්නද නොහොත් ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන්ව කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පත්කොට ඇප මත මුදා හැර ඇති බව. මා වෙත නඩු අංකය ලබා දුන්නේ නැහැ.

2. කොබවක ශ‍්‍රී සුමනාරාමයේ වැඩ වසන ලද – බඩල් කුඹුරේ නන්දසිරි – අවු: 21යි,

මා විවාහ කර ගැනීමේ පොරොන්දුව මත ලිංගික අපයෝජනයට භාජනය කිරීම
කොබවක ශ‍්‍රී සුමනාරාමයේ පවත්වාගෙන යන කොබවක සිරි සුමන දහම් පාසලේ මා කුඩා කල සිටම (6 ශ්‍රේණියේ සිට* ඉගෙනුම ලැබුවා.
මීට වසර තුනකට පමණ පෙරඑනම්, 2010 පෙබරවාරි මස දීවිහාරයේදී දහම් පාසලේ බුදු දහම ඉගැන්වූ බඩල් කුඹුරේ නන්දසිරි හි මා විවාහ කරගන්නට කැමති බව ප‍්‍රකාශ කරමින්ඔහු හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට යෝජනා කලා.
මේ අතරමාව ඔහු ශ‍්‍රී සුමනාරාමයට විවිධ හේතු දක්වා ගෙන්වාගෙන ලිංගික අපයෝජනයට ලක් කලා. මාව එසේ කලේ මා මරන බවට තර්ජණය කරමින්. එසේ හැසිරීමෙන් පසුව කාටවත් කිව්වොත් මරන බවට තර්ජණ කලා.
එ් අතරමගේ දුරකථන අංකයටපන්සලේ ලොකු හාමුරුවන් ලෙස හඳුන්වන දෙල්මෑල්ලේ සුමනරත්න (අවු: 47යි) හා තවත් කිහිප දෙනෙකුට දී තිබුනා. ඔවුන් මට නිතර පීඩාකාරී ඇමතුම් දෙන්නට පටන් ගත්තා.

3. කොබවක ශ‍්‍රී සුමනාරාමයේ – විහාරාධීපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි (අවු: 47)


විහාරස්ථානයේ පවත්වන ලද භක්ති ගී පුහුණූව සඳහා මට එන්න කියා දුරකථන පණිවුඩයක් දුන්නා. මම ගියා. පන්සලේ කවුරුත් සිටියේ නැහැ. පොඩි හාමුරුවො මට ඔනක්කොම කියලා තියෙන්නේ කියා මා අතවරයට පත් කලා.
ඉන් අනතුරුවද නන්දසිරි හාමුදුරුවන් මුණ ගැසීමට පැමිණෙන ලෙසට සුමනරතන හාමුදුරුවන් මට දුරකථන පණිවුඩ දුන්නා. මා දිගින් දිගටම හමුවීම ප‍්‍රතික්ෂේප කලා. 2013.05.21 රාත‍්‍රී 8.00 පමණ දෙල්මෑල්ලේ සුමනරතන හිමි අප නිවසට පැමිණ – මට හා මාගේ දෙමාපියන්ට තර්ජණය කලා.
එයින් පසුව බුලත්සිංහල පොලිසියට ගොස් එ් පිළිබඳව පැමිණිලි කලා.
2013.05.23 දින දෙල්මෑල්ලේ සුමනරතන හිමි කොබවක ශ‍්‍රී සුමනාරාමයේ දායක සභාව කැඳෙව්වා. බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයාද පැමිණ සිටියා. මාව ලිංගික අපයෝජනයට ලක් කිරීම මා විසින් හෙලි කලා. පැමිණ සිටි අය නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටියා.
දෙල්මෑල්ලේ ශ‍්‍රී සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි හිමිව අත්අඩංගුවට ගත්තා. බුලත්සිංහල පොලිසියෙන් ප‍්‍රකාශයක් ගෙන බුලත්සිංහල රෝහලට ගෙන ගියා. බුලත්සිංහල රෝහල එදිනම මාව ක`ඵතර නාගොඩ මහා රෝහලට මාරු කලා.
2012.05.24 දින වෙසක් පුන් පොහෝ දා දෙල්මෑල්ලේ සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි හිමිව මතුගම මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුනා. 2013.05.25, 2013.06.05 නඩුව කැඳෙව්වා. පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේ නැහැ. මීලඟ දිනය 2013.08.07 වේ.
මා ඉල්ලා සිටින්නේ,
1. 
මාව දුෂණය කල කන්දේ විහාරයේ වැඩ වසනඑහි බෝධිපූජා පවත්වන හා සෙත් කවි කියන අධීකාරීගොඩ ඉන්ද්‍රානන්ද හෙවත් ලොග්ගල විදානලාගේ ඉරේෂ් මධුෂාන් ට එරෙහිව නිසි පරිදි නීතිමය පියවර ගන්නා ලෙසත්, සත්‍ය වසන් කරමින්අලූත්ගම කන්ද විහාරයට කැලලක් වන එක වලක්වන ලෙස පවසමින් ඔහු නිදහස් කිරිමට අලූත්ගම පොලිසිය ගන්නා උත්සාහය වලක්වන ලෙසත්,
2. එ් හා සමානවමතුගම පොලිසිය හා මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාද කොබවක ශ‍්‍රී සුමනාරාමයේ විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි යන හිමිවරු නිදහස් කිරීමට ගන්නා උත්සාහය වලක්වා මට නිසි පරිදි චෝදනා ඉදිරිපත්කර යුක්තිය ඉටු කරන ලෙසටය.
තවදමෙම පරීක්ෂණ හා නඩු කටයුතු – අලූත්ගම හා මතුගම පොලිසිවලින් ඉවත් කොට පොලිස් මූලස්ථාන මගින් පවත්වන ලෙසටද ඉල්ලමි.
අලූත්ගම හා මතුගම පොලිස් ස්ථානාධිපතිවරුන් හා මතුගම සහකාර පොලිස් අධිකාරී වරයානිසි පරීක්ෂණ නොකිරිමඅපරාධකරුවන් බේරා ගැනීමට අයුතු බලපෑම් කිරිම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරමි.
අත්සන් කළේ/ ජී……

1 comment:

  1. අනේ ඇයි අම්මල තාතාත්තල දුවරුන්ව පන්සල් අරින්නෙ තනියම ඒ අයටත් දඩුවම් දෙන්නම ඕනෙ.

    ReplyDelete