Tuesday, June 11, 2013

ත්‍රස්තවාදී පණත යටතේ නියෝජ්‍ය පොලිස්පති අත් අඩංගුවේ.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන දින අනූවක කාලයක් අත් අඩංගුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගත් බව රහස් පොලීසිය පවසයි.
බම්බලපිටියේ පදිංචිව සිටි මොහමඩ් ෂියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම යනාදී චෝදනා ගණනාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල කොට තිබේ.
ඝාතනයට අදාලව අත් අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
සිද්ධියට අදාලව මහේස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා යලිත් වරක් පොලිස් රැඳවුම් භාරයට පත් කෙරිණ.
--බීබීසී සිංහල සංදේශය--

No comments:

Post a Comment