Thursday, June 20, 2013

පොලිස් කොස්තාපල්ට වසර එකහාමාරක සිර දඩුවමක් සහ රුපියල් දෙදහසක දඩයක්.


නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ පහරදීම යන චෝදනාවෙන් වරදකරුවූ පානදුර දකුණ පොලිසියේ හිටපු කොස්තාපල් 32807 දිල්රුක් ගුණතිලක හෙවත් ලාල්ට රුපියල් දෙදහසක දඩයක් හා වසර එකහාමාරක සිරදඩුවමක් නියම කල පානදුර මහේස්ත්‍රාත් අධිකරණය, පෙර වැරදි නොමැතිවීම සැලකිල්ලට ගෙන සිර දඩුවම වසර 10කට අත්හිටවනු ලැබීය.
2002 ජූනි 28 වන දින, ඉහත පොලිස් නිලධාරියා, තවත් පොලිස් නිලධාරීන් පිරිසක් හා එක්ව, පානදුර හිරණ පදිංචි ජානක පෙරේරාට සහ මිලන් පෙරේරාව පහරදී අත්අඩංගුවට ගත්තේය. ඔවුන් දෙන්නාව පානදුර දකුණ පොලිසියට ගෙන ඒමෙන් අනතුරුව පහරදී වධහිංසාවට පාත්‍ර කළේය.
එයින් අනතුරුව ඔවුන් දෙන්නාට විරුද්ධව බොරු නඩුවක් පැවරුවේය. ඒ බීමත්ව අශෝබන ලෙසට හැසිරුනාය යන චෝදනව යටතේය.
මෙම සිද්ධියට මූලික වූයේ කොස්තාපල් දිල්රුක් ගුණතිලක හෙවත් ලාල් හා මොවුන්ගේ පවුල අතර පවතින ඉඩම් ආරවුලකි.
 බොරු නුඩවට - ජානක පෙරේරා හා මිලන් පෙරේරා නිවැරදි කරු බව ප්‍රකාශ කළේය. එයින් අනතුරුව පැවති නඩුවාර වලදී නඩුවට ඉදිරිපත් නොවී මග හැරීමට පොලිසිය පියවර ගත්තේය. එම තත්වය තුල ඔවුන් දෙදෙනාව නිදහස් කිරීමට අධීකරණය තීරණය කළේය.
පහර දීමෙන් ජානක පෙරේරා, බරපතල තුවාල ලැබීය. ඔහු පානදුර මූලික රෝහලට ඇතුලුවුවද, පොලිසියේ බලපෑමට ප්‍රතිකාරයක් නොලැබින. වාර්තා කිරීමක් සිදුවුනේ නැත. ඔහු ඊලගට ගියේ කලුබෝවිල ශීක්ෂණ රෝහලටය. එම රෝහල ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත යොමු කළේය.
මෙම සිද්ධිය පිළිබදව ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම ජානක හා මිලන් පෙපෙර්රාට සහයෝගය ලබාදෙන ලදි.
එයින් අනතුරුව සිද්ධිය අදාළව පරීක්ෂණයක් පොලිස් විමර්ශන ඒකකය ආරම්භ කොට, පානදුර දකුණ පොලිසියේ දිල්රුක් දිල්රුක් ගුණතිලක හෙවත් ලාල් ඇතුලු පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරනු ලැබීය. වසර හතරකට පසුව එනම්, 2006.06.02 වන දිනය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2013.04.05 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙම නඩුව පවතින අතරතුර, නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන්වූ - ජානක පෙරේරා සහ මිලන් පෙරේරා, මිය යන ලදි. ඉදිරිපත්වූයේ මිලන් පෙරේරා ගේ බිරිද හා ජානක පෙරේරාගේ සොහොයුරියවූ රමණී මහත්මියයි.
ඇය දහසකුත් එකක් බාධක කරදර මාධ්‍යයේ - නඩුව ඉදිරියට ගෙන යාමට කැප විය.
නඩුවේ ප්‍රථිඵලය ගැන සතුටට පත්ව සිටී. ඇයට අසල්වැසියන්ගෙන් හා හිරණ ගමෙන් විශාල සහයෝගයක් ලැබින. ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක්ද විය. 2005 වසරේ යුක්තිය උදෙසා ජනතා සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේය.
1992 දී, ආසියානු මානව හිමිකම් කොමිෂමේ නියෝජිතයන් ජනසංසදයට පැමිණ අවස්ථාවේ ඔවුන් හා එක්වු වින්දිතයින් අතර ජානක පෙරේරා, මිලන් පෙරේරා හා රමණි ද විය.

No comments:

Post a Comment