Friday, June 14, 2013

චීවරධාරීන් දෙදෙනෙකුගේ ලිංගික අතවරයට පත්ව සිටි පාසැල් සිසුවියක් දූෂණය කළ චීවරධාරියාට පොලිස් සහාය, විශ්ණු බලපෑමෙන්ද ?


සුප්‍රකට වන්දනා ස්ථානයක් වූ අලුත්ගම කන්දේ විහාරයේ, බෝධි පූජා පවත්වන, සෙත්කවි කියන 21 හැවිරිදි අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි නොහොත් ලොග්ගම ඉරේෂ් මධුෂාන් 18 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් විවාහ කරගැනීමේ  පොරොන්දුව මත දූෂණය කර, මගහැර පලායාමට තැත් කරද්දී, ඇගේ දෙමාපියන් මැදිහත්ව අලුත්ගම පොලීසියට අල්ලා බාරදී තිබේ.

ඔහුව දෙමාපියන් අල්ලා ගන්නා ලද්දේ, ඔහු කන්දේ විහාරයේ බෝධි පූජාවක් පවත්වමින් සිටියදීය.

මැයව දූෂණය කර ඇත්තේ, බුලත්සිංහල පොලිස් වසමට අයත් කොබවක ශ්‍රී සුමනාරාමය නමැති පන්සලේදීය.

ඇය එම පන්සලේ සිරි සුමන දහම් පාසැලේ ශිෂ්‍යාවක්ව සිටියදීය. එම පන්සලේ විහාරාධිපති 47 හැවිරිදි දෙල්මැල්ලේ සුමනරතන හිමි නම්වූ චීවරධාරියා ඇයට මරණීය තර්ජන කොට බිය ගන්වා, එම දහම් පාසැලේ ගුරුවරයෙකුව සිටි, බඩල් කුඹුරේ නන්දසිරි හිමි නමැති 21 හැවිරිදි චීවරධාරියා ඇය විවාහ කරගන්න පොරොන්දුව මත ලිංගික අපයෝජනයට ලක්කර තිබේ. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 15 කි.

මෙම සිද්ධීන් දෙක බුලත්සිංහල පොලීසියට හා අලුත්ගම පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙම තිදෙනාවම ඇප මත මුදා හැර ඇති අතර, පන්සල් වල නම රැක ගැනීමට යැයි කියමින් අපරාධකාර චීවරධාරීන් තිදෙනාව නීතියෙන් බේරා ගැනීමේ උත්සාහයක, පොලීසිය යෙදී ඇති බව වාර්තා වේ.

සම්පූර්ණ වාර්තාවක්, ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment