Saturday, June 29, 2013

හෝටලයේ අයිතිකරුට දාන්න ඔනි නඩුව සුපවේදියාට දමයි. රාජපක්ෂ පොලීසියේ පාහර ක්‍රියාවක්.

කොළඹ 04, බම්බලපිටිය,  වජිර පාරේ පිහිටි ‘‘හොට්ස්පොට් හෝටලයේ  අපවිත‍්‍ර ජලය පාරට මුදාහැර ඇති බවට ඞී.අයි.ජී.මහත්තයෙකුගෙන් පැමිණිල්ලක් තිබෙනවා කියමින් එම හෝටලයේ සූපවේදී  33හැවරිදි  පත්මසිරි ප‍්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බම්බලපිටිය පොලීසිය ඔහුව අවමන් සහගත සැලකිලි වලට පාත්‍රකෙට අයිතිකරුට දැමිය යුතු නඩුව ඔහුට පැවරුවේය.
රාජපක්ෂ පොලිසියේ මෙම පාහර ක්‍රියාව ගැන ඔහු පෙලිස්පති එන්.කේ. ඉලංගකෝන්, නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින් මෙම යුක්තිය ඉටු කරන ඉල්ලා ත්බේ.
එම පැමිණිල්ලේ මෙසේ සහන්වේ.
2013.06.27 වන දින දහවල් 12.25 ට පමණකොළඹ4, වජිර පාරේ මා 28/1/එ්හි පිහිටි  ‘‘හොට්ස්පොට් හොටලයේ සේවය කරමින් සිටින විට බම්බලපිටිය පොලීසියේ නිලධාරින් 3 දෙනෙකු පැමිණස්ථානාධිපතිවරයා පැවසූ බවත් කියමින් අත්අඩංගුවට ගෙන බම්බලපිටිය පොලීසියට රැුගෙන ගිය බව. එහි පරිසර එ්කකයට ගෙන ගොස් මොනවද ලිව්වා බව. ඔහු උප පොලිස් පරික්ෂකවරයෙකු බව පසුව දැනගත් බව. ඔහු එසේ ලියන ගමන් පත්මසිරි මහතාගේ නම ලිපිනය අසා ලියා ගෙන හැඳුනුම්පත ඉල්ලා ගත්බව. තමාට සම්බන්ධයක් නැති දෙයකට නඩු පවරන්න හදන්නේ ඇයිද ඇසුවිට එකි ඔහුට, ”මොන හු...ක්ද කියන්නේ” යනුවෙන් කුණුහරුපයෙන් බැනවැදීපහරදීමට සැරසුණු බව. නමුත් ඔහුගෙන් අත්සනක් ගත්තේ නැති බව. 
පසුව වෙනත් නිලධාරියෙකු පැමිණ ඔහුගේ පර්ස් එකත්ජංගම දුරකථනයබඳපටියලේන්සුව අරගෙන කූඩුවට දාපු බව. ඉන් පසු ස්ථානාධිපතිවරයා පැමිණෙන තුරු ඉන්න කිව්ව බව. පැය 3ක් පමණ කූඩුවේ සිටින විට ස්ථානාධිපතිවරයා පැමිණි පසුව ඇප ලබා දුන්නා. 2013.07.01 වන දින අලුත් කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක 05 පාරිභෝගික අධිකරණයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව. තමාව අත්අඩංගුවට ගත් නිලධාරින්  දුටුවහොත් හඳුනාගත හැකි බවද ඔහු ප්‍රකාශ කර සිටි.

තමාට කිසිසේත්ම අදාළ නොවන සිද්ධියක් සම්බන්ධයෙන් මා අත්අඩංගුවට ගෙනව්‍යාජ ලෙසට නඩු පැවරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන පත්මසිරි මහතා, පෙලිස්පති එන්.කේ. ඉලංගකෝන්, නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන`දවා තබාගෙනව්‍යාජ නඩුවක්  පවරා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද බම්බලපිටිය පොලීසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට සහ ඔහුට පවරා ඇති ව්‍යාජ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසටය.

No comments:

Post a Comment