Saturday, June 29, 2013

උප පොලිස් පරික්ෂක, සැමියා අහිමි වු කතක් රවටා දුෂණය කොට රුපියල් ලක්ෂ 3.5ක් වංචා කරයි

සැමියා මිය යන ලද්දේ  2004.06.21 වන දින රිය අනතුරකින්ය. සිද්ධිය අදාළව පරික්ෂණ හා නඩු පැවරීම් සිදු කළේ සීදුව  පොලීසියේ රථවාහන අංශයේ එවක සැරයන්වරයෙක්වු, දැනට  උප පොලිස් පරික්ෂකයෙකු වු, ගාමිණී එ්කනායකය.

අසරණවු ඇයට පළමුව උදව් උපකාර කරන්නත්, දෙවනුව තනිවු ඇයට සෙනෙහෙය දක්වන්නටත් තනි රකින්නටත් ඉදිරි පත්විය.  තම පවුල් ජිවිතය අසාර්ථක ඇති බව ප්‍රකාශ කල ඔහු, තම බිර්‍ර ඔහුව අතහැර දමා ගොස් ඇති බවද  ප්‍රකිශකර තිබින.

මේ අතර මිය ගිය සැමියාවෙනු වෙන් ඇයට රුපියල් ලක්ෂ පහක වන්දියක් හිමි විය. උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකය ඇයව විවාහ කරගන්නා බවට පොරෝන්දුවිය. ගාමිණී එ්කනායකය ඇගේ නිවසේ බින්න බැස්සේය. එතැන් පටන් ඔවුන් අඹු සැමියන් ලෙසට දිවි ඇරඹිය.

විවිධ හේතු දක්වමින් ඇගේ මුදල් වලට විදිම ආරම්භ කළේය. ක්‍රමයෙන් මුදල් ක්ෂය විය. පොරෝන්දු ඉටු වන බවක් පෙනෙන්ට නැත. ඇය සරණ පතා පොලිස්පති වෙත ගියේය. එහිදි එක් පුටුවකින් තවත් පුටුවකට ඇය යැව්වේය. යුක්තිය ඉටුවන වගක් පෙනමානයේ නැත.

ඇය 2013.06.27 වන දින පොලිස්පති, එන්.කේ.ඉලංගකෝන් මහතාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති වරයාට ලිඛිතව පැමිණිල්ලක් කළේය.

එම පැමිණිල්ලේ මෙසේ සහනි.
 වයස අවු: 51 යිහලාවත පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක සමගමා 2005 වසරේ ආරම්භයේ සිට 2012 මැයි මස දක්වා අඹු සැමියන් වශයෙන් ජීවත් වූයෙමි.

2004.06.21 වන දින මාගේ විවාහක සැමියා රිය අනතුරකින් මිය යන ලදි. එම සිද්ධිය අදාළව පරික්ෂණ හා නඩු පැවරීම් සිදු කළේ සීදුව පොලීසියෙන් වන අතරඑම පරික්‍ෂණ කටයුතු බාරව ක‍්‍රියා කළේ එවකට එම පොලීසියේ රථවාහන අංශයේ සේවය කළ ඉහත නම් සඳහන් උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකය. එවක ඔහු සැරයන්වරයෙකි. මා ඔහුව (උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක) හඳුනා ගත්තේ මාගේ ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධ පරික්ෂණ කටයුතු වලට සහභාගී වීමේදීය. උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක මට ස්ව කැමැත්තෙන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් විය.මෙම දැන හැඳුම්කම මතමා හා ඔහු අතර සමීප සම්බන්ධයක් ගොඩනැගුණු අතරඑයට හේතුවූයේඔහුගේ පවුල් ජීවිතය අසාර්ථක බවට ඔහු නිතර කරන ලද ප‍්‍රකාශයි. ඔහු ඔහුගේ විවාහක බිරිඳගෙන් ඉවත්ව සිටින බව ප‍්‍රකාශ කළ අතරකිහිප අවස්ථාවක්ම ඔහු මාව ඔහු පදිංචිව සිටි ගනේමුල්ල හා කොච්චිකඬේ පිහිටි නිවෙස් වලට රැුගෙන ගියා. එ් මගින් ඔහු ඔහුගේ විවාහක බිරිඳගෙන් වෙන්වී තිබෙන බව තහවුරු කරනු ලැබුවා. එ් අතරඔහු බිරිඳගෙන් දික්කසාද වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටින බවත්එම නඩුව අවසානයේ මා විවාහ කරගන්නා බවටත් පොරොන්දු වුණා. මෙම පසුබිම යටතේ මාඔහු හා අඹු සැමියන් වශයෙන් ජීවත් වීම ආරම්භ කරනු ලැබුවා. මේ අතර 2007 වසර අවසානයේදීමට මාගේ සැමියාගේ හදිසි අභාවය මතරුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලැබුණා. එම වන්දි මුදල වූ රුපියල් ලක්ෂ පහමා 2007.12.10 වන දින ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජා-ඇල ශාඛාවේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කළා.  ඔහුගේ (උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක* උපදෙස් මතඑම මුදලින් රුපියල් හාර ලක්ෂ අනූදහසක් ඇපයට තබාඑම බැංකුවෙන් රුපියල් තුන් ලක්ෂ පහස්දහසක ණයක් වශයෙන් ගනු ලැබුවා. එම ණය මුදලින්, 2008 ජනවාරි මස රු.30,000/- ක් හා පෙබරවාරි මස රු.25,000/- ක් ලබාගෙනඔහු මාර්තු මසදී යතුරුපැදියක් ගනු ලැබුවා.  එයින් අනතුරුව 2008 වසර අවසානය දක්වා එම යතුරුපැදියේෆිනෑන්ස් මුදල් ගෙවීමට මසකට රු.7000/- බැගින් මා ඔහුට ලබා දුන්නා. එසේ ලබාදුන් මුදල රුපියල් ලක්ෂයකට වැඩිය.  2009 වසරේදීඔහුගේ පුතාට පිටරට යාම සඳහා ලබාගෙන තිබුණු ලක්ෂ පහළොවක මුදල ස`දහා පොළී ගෙවීමට යැයි කියාමාගෙන් රුපියල් ලක්ෂ 2 1/2 ක මුදලක් ලබා ගත්තා.  2010 වසරේදීඔහු කොච්චිකඬේ ප‍්‍රදේශයෙන් කුළියට ගන්නා ලද නිවසට කුළී ගෙවීමට යැයි පවසමින්මාගෙන් රුපියල් හැට දහසක්, (60,000/-*) මසකට පන්දහස බැගින් ලබා ගනු ලැබුවා.  2011 වසර මුලදීඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යය සඳහා යැයි කියමින් මාගෙන් රුපියල් තිස් දහසක 30,000/- මුදලක් ලබා ගත්තා. මෙයට අමතරවවිවිධ හේතු දක්වමින් මාගෙන් වරින් වර ලබාගත් මුදල රුපියල් ලක්ෂ දෙකකට වැඩිය. මෙසේ සිටින අතර මා හට වැටහී ගියාඔහු මාගෙන් ඈත්වීමට උත්සාහ දරන බව හා ඔහු මා රවටා මාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ කට ආසන්න මුදල් නොගෙවා මගහැරීමට උත්සාහ දරණ බව.  එම තත්වය තුළ, 2012.08.17 වන දින මාපොලිස්පතිගේ සහන මධ්‍යස්ථානයට ගොස් පැමිණිලි කළා. මෙම පැමිණිල්ලට, 2012.08.22 වන දින කැඳවීමක් කළා. එම කැඳවීම අනුව මා පොලිස් ස්ථානයට ගියා. උප පොලිස් පරික්‍ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. විමර්ශනය සිදු කළේ පොලිස් ස්ථානයේ තුන්වෙන් මහළේ. නමුත් ප‍්‍රකාශ සටහන් කළේ නැහැ. පොලිස්පතිවරයාට යොමු කරන බව ප‍්‍රකාශ කළා. නැවත දිනයක් දන්වන බව ප‍්‍රකාශ කළා.

මෙම පැමිණිල්ලෙන් පසුවපොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයවර්ධන නමින් පෙනී සිටි පුද්ගලයෙකු මට දුරකථනයෙන් නිතර නිතර ඇමතුම් දෙමින්මට අයුතු යෝජනා කළා.  2012.11.18 වන දින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක මට පහර දුන්නා. පසුදින එනම්, 2012.11.19 වන දින මා මීගමුව රෝහලට ඇතුළත්වුණා. මට උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක පහරදුන් බව එහිදී මා ප‍්‍රකාශ කළා. එ් අවස්ථාවේ මාව මීගමුව රෝහල් පොලීසියට යොමු කළා. රෝහල් පොලීසියේදී මාගෙන් ප‍්‍රකාශයක් ලියා ගත්තා. එදින මාව රෝහලේ නැවැත්වුවා. පසුදින 2012.11.20 අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කොටටිකට් කැපුවා.  2012.11.21 වන දින මා සීදුව පොලීසියට ගියා. සීදුව පොලිසියට යළිත් වරක් මා සිද්ධිය ප‍්‍රකාශ කළා.

එයින් පසුව දිනක මාව පොලීසියෙන් කැඳෙව්වා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක පැමිණ සිටියා. එදින මට බලපෑම් කර සමථ කළා. පසුව මෙම පහරදීම ගැන හලාවත පොලිස් අධිකාරීවරයාගේ කැඳවීම අනුව 2012.11.28 දින පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව එහි ගියා. එහිදී සිදු කළේ මා අපහසුතාවයට පත්කොට ප‍්‍රකාශයකට අත්සන් ගැනීමයි. මේ සම්බන්ධයෙන්  මා, 2013.04.26 වන දින පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කළා.  මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්විමර්ශනය කිරීමට දින කින් පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. මේ අතරමා දැනගත්තා මට නිතර දුරකථන ඇමතුම් දී ඇත්තේ අමල් නමැති සැරයන්වරයෙකු බව.  මෙම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.කේ.ඩබ්.කේ. සිල්වා මා කැඳවා ප‍්‍රකාශයක් ලබාගත් බවද වැඩිදුරටත් ස`දහන් කරමි. එ් පිළිබඳවද නිසි පියවරක් ගත්තේ නැත. ඔහුට සමාව දෙන ලෙසට මට බලපෑම් කළා. මා සමාව දුන්නා. මෙයින් පසුවමාගේ පැමිණිල්ල පිළිබඳව පරික්‍ෂණ කිරීමමීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කළා. උප පොලිස් පරික්‍ෂක ගාමිණී එ්කනායකට විරුද්ධ පැමිණිල්ල ගැන කිහිප වතාවක්ම ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගත්තා. එසේ සටහන් කරගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී ආනන්ද අල්විස් හා සහකාර පොලිස් අධිකාරී අරුණ පේ‍්‍රමශාන්ත යන නිලධාරීන්ය.

එයින් අනතුරුව, 2013.05.07 වන දින මාවසෙලින්කෝ මන්දිරයේ 12 වන මහළේ තිබෙනවිශේෂ විමර්ශන අංශයට කැඳවා ප‍්‍රකාශ ලබා ගත්තා.මෙයට අමතරව 2013.05.31 වන දින මීගමුව සහකාර පොලිස් අධිකාරී අශෝක විජේරත්න මහතාගේ කැඳවීමට අනුව, 2013.06.03 වන දින ඔහුව හමුවීමට ගියා. එදින මට ප‍්‍රකාශ කළා, 2013.06.18 දින පැමිණෙන ලෙසට. එ් අනුව මා 2013.06.18 දින ගියා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. එදින යළිත් මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසුව 2013.06.20 වන දින පැමිණෙ ලෙසට දැනුම් දුන්නා. 2013.06.20 වන දින ද මා එහි ගියා. එදින උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක ද පැමිණ සිටියා. විමර්ශනය කළේ කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ලියනගේ මහතායි.

එහිදී දෙදෙනාගෙන්ම ප‍්‍රශ්න කළා. මගෙන් විමසුවා අවශ්‍ය මොනවාද කියා. මා කිව්වා මගෙන් ගත්තු සම්පූර්ණ මුදලින් අඩක්එනම් රුපියල් ලක්ෂ 3 1/2 ක් ලබාදෙන්න කියා.  උප පොලිස් පරික්ෂක එ්කනායක එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළා. පොලිස් අධිකාරී ලියනගේ මහතා ප‍්‍රකාශ කළා විනය පියවර ගන්නවා කියා. උප පොලිස් පරික්ෂ ගාමිණී එ්කනායක ප‍්‍රකාශ කළාකමක් නෑ කියා. 

සීදුව පොලීසියේ ථවාහන අංශයේ එවකට සේවය කළ සැරයන්වරයෙකුදැනට උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායක යන අයඔහු දැරූ තනතුර උපයෝගී කරගෙනමට උදව් උපකාර කරන මුවාවෙන් වැන්දඹුවක වන මා විවාහ කරගන්නා බවට පොරොන්දුදීමා රවටා, රුපියල් ලක්ෂ හතක් වංචා කිරීම.
 විවාහ පොරොන්දු කඩ කිරීම. ශාරීරික හා මානසික වධහිංසාවට පත් කිරීම. පොලිස් මූලස්ථානයේඋසස් නිලධාරියෙකු ලෙසට පෙනී සිටි සැරයන්වරයෙකු වන අමල් නමැති නිලධාරියා හා එක්ව මාව පීඩාවට පත් කිරීම සම්බන්ධව,  

දැනට හලාවත පොලීසියේ සේවය කරන උප පොලිස් පරික්ෂක ගාමිණී එ්කනායකට විරුද්ධව නීත්‍යානුකූල හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, ඔහුට සහාය දීම සඳහා කූට ලෙසට ඉදිරිපත්ව ක‍්‍රියාකළ පොලිස් මූලස්ථානයේ සැරයන්වරයෙකු වන අමල් නමැති නිලධාරියාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්ඉල්ලා සිටිමි. තවදනීතිය ක‍්‍රියාත්මක කිරීම මගහැරීම මගින්පොලිස්පතිවරයා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ද ප‍්‍රකාශ කර සිටිමි.

No comments:

Post a Comment