Sunday, June 2, 2013

චූදිත නීතිඥ වෙනුවෙන් “බාර් ” එකම නැගිටී.

මාරවිල නීතිඥ සංගමයේ උප සභාපති ඉන්ද්‍රසිරි සේනාරත්නට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවේ, පැමිනිලිකරු වූ ඇන්තනී ජාන්ස් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරෝෂනී පතිරණ මහත්මියට එරෙහිව -  මාරවිල නීතඥ සංගමය විනය පියවර ගන්නට සූදානම් වන හෙයින්, තමා නඩුවෙන් ඉවත් වන බව -  අධිකරණ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.
මාරවිල, වඩු කාර්මිකයෙකු වූ ඇන්තනී ජාන්ස් මහතා ප්‍රකාශ කරන්නේ තමාට මාරවිල පොලීසිය තුලදී -  නීතිඥ  ඉන්ද්‍රසිරි සේනාරත්න තමාට “අම්මා” මතක් කර කුණු හරප කියා බැන්න බවත්, ඊට පසුව මාරවිල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය අසලදී පහර දුන් බවත්, පසුව මැරවරයින් දෙදෙනෙකු යොදවා මරණීය තර්ජන කරනු ලැබූ බවය.
මෙම සිද්ධීන් පිළිබඳව මාරවිල පොලීසිය සහ මාදම්පේ පොලීසිය පියවර නොගත් නිසා ඇන්තනී ජාන්ස් මහතාට, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති හමුවේ පැමිණිලි කර සිටීමට සිදු විය.
මේ පැමිණිල්ලට අනුව, නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් වලට අනුව, මාරවිල පොලීසිය නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්නට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය. අධිකරණය ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇප මත මුදා හැරියේය. ඒ කොන්දේසියකට යටත්වය. එනම් මීළ නඩු දිනයේ ඇප කරුවෙකු ඉදිරිපත් කිරීමේ කොන්දේසියයි. නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙසට නියෝග කළේය. නඩුවේ අංකය බී 1461/12 වේ.
පොලීසිය අධිකරණ නියමය පරිදි නඩුව සමථ මණ්ඩලයට යොමු කළද චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න සමථ මණ්ඩලයට ගියේ නැත. ඒ නිසාම සමථ නොවූ බවට සහතිකයක් සමථ මණ්ඩලය විසින් මාරවිල පොලීසියට නියම කළේය.
මී ළ නඩු දිනය යෙදී තිබුනේ 2013.01.28 දිනටය. එදින, නඩු වාර්තාවට අනුව, සමථ වාර්තාව කැවීමට නියම විය. නමුත් ඇප පිළිබව සහනක් නැත. එදින නඩුව 2013 මැයි 20 ට නියම කරනු ලැබීය.
මේ අතර ආශ්චර්යයක් සිදු විය. මේ සිද්ධියම බී වාර්තාවක් නැතිව 75241/සී/පීසී අංකය යටතේ නඩුවක් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්නට එරෙහිව පැවරීය.
මේ නඩුවට පෙනී සිටින ලෙසට ඇන්තනී ජාන්ස් මහතාට නියම කළේය. නඩුව අඩ ගැසූ අවස්ථාවේ පෙර පරිදිම, මාරවිල නීතිඥ සංගමය නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න වෙනුවෙන් නැගිට්ටේය.
එකම සිද්ධියට නඩු දෙකක් තියනවාද, ඔවුන් පොලීසියෙන් ඇසුවේය.ඔව් අපි “බී වාර්තාවෙන් දාපු නඩුව අයින් කරලා, බී වාර්තාවක් නැති නඩුව ගෙනියනවා. ඒ සමග, ඇන්ටනී ජාන්ස් මහතාව උසාවියේ කෙළවරකට ගත් උප පොලිස් පරීක්ෂක ජයමහ ලේඛණයකට, බිය ගන්වා අත්සන් ගත්තේය.
මේ අපේ රටේ යුක්තිය ඉටු කරන විධිය.
ජාන්ස් මහතා, බොහෝ දෙනෙකු මෙන් සැලුනේ නැත. ඔහු මේ පිළිබව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට, අගවිනිසුරුට, අධිකරණ සේවා නීතිඥ සංගමයට ලිඛිතව පැමිණිලි කළේය.

මෙම සිද්ධිය ප්‍රසිද්ධියට පත් කරන්නට මාධ්‍ය සූදානම් නැති බව කකියන ජාන්ස් මහතා විකල්පයකට යෑමට සූදානම්ව සිටී

No comments:

Post a Comment