Tuesday, June 18, 2013

නිරුවත් කලා. උඩබැලි අතට නිදි කෙරෙව්වා. අත කොලූවක් අරන් වෘෂණ කෝෂවලට කෙටුවා - ශ්‍රි ලංකා ෙපාලීසිය


තිස් ෙදහැවරිදි සෞඛ්‍ය කාර්ය සහායක චමින්ද ප‍්‍රියන්ත කුමාර ෙස්වය කරන්ෙන් නාගොඩ මහා රෝහෙල්ය.  2013.05.21 දිනරාත‍්‍රී 8.30 පමණ ජංගම දුරකථනයක් ෙසාරකම් කල බවට සැකකර කලුතර දකුණ ෙපලිසිය අත් අඩංගුට ගන්නා ලදි. පහර ෙදමින් ෙපාලීසියට ෙගන යැෙමන් අනතුරුව ඔහුට වධ දුන් අාකාරය විස්තර කරන්ෙන් ෙමෙස්ය.
 "මාව පොලිස් ජීප් රථයට දමා ගත්තා. ජීප් රථය පැදවූයේ අපරාධ අංශයේ ප‍්‍රධානියා බව දැනගත්තා. ජීප් රථයට නංවා ගන්නා විට මට කුරුදු පොල්ලකින්අපරාධ අංශයේ ස්ථානාධීපති පහර දුන්නා. ඔහු සිටියේ නිල ඇඳුමින්. අනෙක් දෙන්නා හිටියේ සිවිල් ඇඳුමින්.
ජීප් රථයේ පිටුපස බිම වාඩි කරවා රැුගෙන ගියා. යන අතරදී පිටුපස සිටි නිලධාරියා මගේ හිස පාත්කර අතින්කොන්දට මිට මොලවා පහර දුන්නා.
දකුණ පොලිසියට ගෙනවිත්මාව අපරාධ අංශයට රැගෙන ගියා. එසේ රැගෙන යන අතරමට කුරුදු පොල්ලෙන් එක් අයෙක් පිටට පහර දුන්නා.
අපරාධ අංශයේදී මගේ පිටට හා දකුණු අතට පහර දුන්නා. එසේ පහර දෙද්දී උඹේ මේ අතත් කඩනවා කිව්වා. රිය අනතුරකින් මා ආබාධිත අයෙක්. වම් වැලමිටට පහලින් කපලා තියෙන්නේ. දකුණූ අතේ ඇිලි වැඩ කරන්නේ නැහැ. කොරවෙලා. ශෛල්‍යකර්මයක් කරලා තියෙන්නේ.
පසු දින - එනම් 2013.05.22 දින උදේ 9.00 ට පමණ මාව කූඩුවෙන් එළියට රැගෙනකට උත්තරයක් ගන්න කියාඅපරාධ අංශයට ගෙන ගියා. එහිදී මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රකාශයට අත්සන් කලා. ප‍්‍රකාශය ගත්ත පොලිස් නිලධාරියා යන්න ගියා.
ටිකවේලාවක් යන විට අපරාධ අංශයේ ස්ථානාධීපති හා මාව අත්අඩංගුවට ගන්න එක්වූ නිලධාරීන් දෙන්නා පැමිණියා. ඔවුන් දෙදෙනාම හිටියේ සිවිල් ඇඳුමින්. අපරාධ අංශයේ ස්ථානාධිපති මූට මෙහෙම ගහලා හරියන්නේ නැහැ කියානැවත කුරුදු පොල්ලක් අරන් මට පහර දුන්නා. අනෙක් දෙන්නා මට අතින් පයින් පහර දුන්නා. අපරාධ අංශයේ ස්ථානාධිපතිකකුල්වල ඇගිලි සපත්තුවෙන් පෑගුවා. කකුල උඩනැග්ගා.
එයින් පසුවමට පහරදුන් නිලධාරීන් දෙන්නාමාව පොලිසිය පිටුපසවාහන හෝදන තැනනාන කාමරයක් වැනි කාමරයකට මාව ගෙන ගියා. එහි ෂවර් එකක්වතුර ටැප් එකට සවිකල දිග රබර් හෝස් එකක් හා පන්සල්වල බණමඩුවල තියෙන දිග බංකුවක්තිබුනා. එතැනට අපරාධ අංශයේ ස්ථානාධිපති ආවේ නැහැ.
එහිදී මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කලා. එයින් පසුව මාව උඩබැලි අතට නිදි කෙරෙව්වා. එක් අයෙක් අත කොලූවක් අරන්මාගේ වෘෂණ කෝෂවලට කෙටුවා. එසේ තලලා ඉවර වෙලා කකුල් දෙක එක්කොට ඇස්වටය උඩින් මාංචු දම්මා. ඉන් පසුව කකුල් දෙකෙන් පටන් අරන් බංකුවට තබාබෙල්ල ලඟට වෙනකම් ලණූවකින් තද කොට වෙලා බැන්දා.
එයින්එක් නිලධාරියෙක්එහි ජනේල් පඩිය උඩට නැග මගේ පපුවට පැන්නා. ඉන් පසුවබංකුව හා මාවටැප් එක ලගට ඇද්දා. එහි තිබූ පරණ ටී ෂර්ට් එකක් අරන් මගේ මුහුණ වසාබංකුවට තියා ගැට ගැසුවා. එයින් එතැන හිටිය මහත නිලධාරියා කකුල් දෙක දෙපැත්තට තබා මගේ පපුව උඩින් වාඩ වුනා. අනෙක් නිලධාරියා වතුර හොස් එකෙන් මගේ මූණට වතුර ඇල්ලූවා. ටික වේලාවක් වතුර අල්ලාඊට පස්සේ යටිපතුල් වලට පහර දුන්නා. මෙය මාරුවෙන් මාරුවට කලා. එසේ කරන ගමන් උඹ ෆෝන් ගත්තා නේදකොම්පියුටර් ගත්තා නේදසල්ලි ගත්තා නේදකෙසෙල් කැන් කඩය කැඩුවා නේදකඬේ රින්සෝසබන් ගත්තා නේදකඩපු ගෙවල් කියපන් කිව්වා.
මම දගලනවා වැඩියි කියමින්කුරුඳ පොල්ල බෙල්ලට තබා තද කරා මුහුණට වතුර හෝස් එක ඇල්ලූවා.
එයින් පසුවමාව ලිහාඑම හෝස් එකට අල්ලා මාව නෑව්වා. එයින් පසු මට ඇඳගන්න කිව්වා. මම කලිසම ඇඳ ගත්තා. ෂර්ට් එක ඉරලා තිබුනේ. ඉන්පසු මාව ආපන ශාලාවට රැගෙන ගොස් ඔවුන් දෙන්නා පුටුවක වාඩිවෙලාමාව හිටවාගෙනයලිත් ඇත්ත කියපන් යයි කියමින් මට කුණූහරප කියමින් බැන වැදුනා. ඔවුන් මගේ අම්මාට හු... හු... පුතා” කියමින්රස්සාවට කෙලිනවා ආදී දේ කියමින් බැනවැදුනා.
එහිදී මට පොල්ලෙන් එ් දෙන්නා යලිත් පහර දුන්නා. එයින් පසුවඇත්ත කියපන් කියමින් මගේ බෙල්ල වටා රබර් හෝස් එකක් ඔතාදෙදෙනාම තද වෙන්න හුස්ම ගන්න බැරිවෙන්න දෙපැත්තට ඇද්දා.
එයින් පසුවමාව නැවතත් අපරාධ අංශයට ගෙන ගියා. අපරාධ අංශයේ ස්ථානාධිපති එහි සිටියා. ඔහු ළඟින් මාව දණ ගැස්සුවා. ස්ථානාධිපති කුරුඳු පොල්ල අරගෙන මගේ ඔලූවටඋරහිස්වලට පහර දුන්නා.
ඉන්පසුවස්ථානාධිපති මේසයකටත්කකුලකට සම්බන්ධ කර තිබූ දිග දම්වැලෙන් මගේ බඩ මැදින් තද කරගැට ගැසුවා.
එයින් පසුවමට දණගහ ගෙන එහාට මෙහාට යන්න කිව්වා. බඩ මැදින් ගැටගසා තිබෙන දම්වැල පිටින් රිලවෙක් මෙන් එහාට මෙහාට ගියා. එ් යන අතර තුන්දෙනා වරින් වර මගේ පිටට ඔලූවට කුරුඳු පොලූවලින් පහර දුන්නා. එක් අයෙක් අත දිගහැර මගේ පිටට ගැහුවා.
එසේ කිරීමෙන් පසුව මාව නැගිට්ටෙව්වා. අපරාධ අංශයේ ස්ථානාධිපතියලිත් මගේ කකුල් දෙකේ ඇගිලි පෑගුවා. එසේ කිරීමෙන් පසුවමාව ජීප් රථයේ දමාගෙන මාගේ බෝඩිමට ගියා. බෝඩිම අවුස්සා එහි තිබූ මගේ ජාතික හැඳුනුම්පතරියදුරු බලපත‍්‍රය හා අතිරේක රෝහල් හැඳුනුම්පත් අරගත්තා. මට අයත් සිම් තුනක්ද ගත්තා.
එහිදී මට ෂර්ට් එකක් අරන් ඇඳගන්න කිව්වා. එයින් පසුව මාව රෝහලට ගෙන ගියා. රෝහලේදී මගේ ෂර්ට් එක ගැලෙව්වා. උඩුකය නිරුවත්ව මාව රෝහලේ ඇවිද්දෙව්වා.
එසේ ඇවිද්දවාමට ෂර්ට් එක ඇඳගන්න කියාඅධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගෙන ගියා. එහිදී මාවඑහි වෛද්‍යවරයෙකු ලඟට ඉදිරිපත් කලා. වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ට ඉවත්වෙන්න කියා මාව කාමරයේ තියාගෙන පරීක්ෂා කලා. මම විස්තර කිව්වාතුවාල පෙන්වූවා.
එ් වන වට මගේ වෘෂණ කෝෂ දෙක ඉදිමී තිබුනා. පිටේ පාරවල් සහ වේදනාව තිබුනා. කකුල් ඉදිමී ලේ ගලමින් තිබුනා. අත්වල පාරවල් තිබුනා. මට කෙලින් හිටගන්න බැරිව හිටියේ. මා සියලූ විස්තර කිව්වා.
නැවත මාව අපරාධ අංශයේ ස්ථානාධිපතිට බාර දුන්නා. නැවත පොලිසියට රැගෙන ආවේ විනාඩි 10කින් පසුවපයින් මාව – කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එ් ගෙන ගියේ වෙනත් නිලධාරියෙක්.
එහි අතිරේක මහේස්ත‍්‍රාත් නිල කාමරයට ගෙන ගියා. මාව එළියේ තබාඑම පොලිස් නිලධාරියාමහේස්ත‍්‍රාත් උසාවිය ලඟට ගියා. මට ප‍්‍රකාශයක් කරන්න අවස්ථාවක් තිබුනේ නැහැ. මාව බන්ධනාගාර ගත කලා.
මාව කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. බන්ධනාගාර ගත කල විටම මට සිහිය නැතිවුනා.
මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. පොලිසිය ගහපු බව කිව්වා. මාව බන්ධනාගාර රෝහලට ඇතුලූ කලා. එහිදී මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රතිකාර දුන්නා. එහි 2013.05.31 දක්වා සිටියා.
2013.05.31 නැවත මාව උසාවි ගෙන ආවා. මට නීතිඥයෙක් පෙනී සිටියේ නැහැ. මාව රු.15,000/=ක ශරීර ඇපයක් මත මුදාහැරියා. නමුත් ඇප දෙන්න කිසිවෙක් හිටියේ නැහැ. නැවත බන්ධණාගාරයට ගෙන ගියා. 2013.06.03 වන දින ඇප ලබාගෙන නිදහස්වුනා. නැවත නඩු දිනය 2013.09.13 වේ.
2013.06.03 දින නිදහස්වූ පස් මම කලූතර දකුණ පොලිසියේ අපරාධ අංශයට ගොස් මාගේ ජාතික හැඳුනුම්පතරියදුරු බලපත‍්‍රයරෝහලේ හැඳුනුම්පත හා සිම් තුන ඉල්ලා සිටියා. අපරාධ අංශයේ ස්ථානාධිපති මට කිව්වාතොට තව නඩුවක් ගෙදරට තැපෑලෙන් එවන්න හිටියේතෝ ආපු එක ලොකු දෙයක් ඉඳගනින් කිව්වා. ඉඳගෙන හිටපන් උඹව ආපසු යවනවා,එ් නිසා තොට අයිඩෙන්ටි වලින් වැඩක් නැහැ කිව්වා. පැය 5ක් මාව රඳවා ගත්තා. ස්ථානාධිපතිවරයා හා අනෙක් දෙන්නා ගිය පසුඑහි සිටි අනෙක් නිලධාරීන් දෙන්නා මට කතාකරලා කිව්වා අයිඩෙන්ටි ගන්න පස්සේ වරෙන්උඹ ගෙදර පලයන්උඹව තියාගෙන ඉන්න අපිට බෑ කියලා. එ් අනුව මා ගෙදර ගියා. "
නීති විරෝධී ලෙස  අත්අඩංගුවට ගෙනරඳවා තබාගෙනඅමානුෂික වධහිංසා පමුණුවාව්‍යාජ චෝදනා මත නඩු පවරා  බන්ධනාගාරගත කරන ලද - ක`ඵතර දකුණ පොලිසියේ ස්ථානාධිපතිඅපරාධ අංශයේ ස්ථානාධිපති හා නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකි නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඔහු  මානව හිමිකම් කොමිෂන් සභාෙවන් හා පොලිස්පති ෙගන් ඔහු ඉල්ලා සිටි.

No comments:

Post a Comment