Wednesday, June 19, 2013

දුමින්ද සිල්වාගේ සුව දුක් බලන්න ගිහින් හිටිය කාලේ, තියපු වෙඩි තැබීමකට මාව බොරු නඩුවකට පටලවලා.


වෙඩි තැබීම සිද්ධ වුනේ දුමින්ද සිල්වා බලන්න සිංගප්පූරුවට ගිහිල්ලා හිටිය කාලේ - ගයාන් දුමින්ද ප්‍රාද්ශීය සභා මංත්‍රී කියයි.
ලැබුන දුරකථන පණිවුඩයකට අනුව 2013 ජූනි 14 වන දින මිරිහාන පොලිසියට ගිය බවත්, එහිදී අත්අඩංගුවට ගෙන - අවිස්සාවව්ල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවත් ප්‍රකාශ කරන සීතාවක ප්‍රාදේශීය සභාවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංත්‍රී ගයාන් දුමින්ද චන්ද්‍රසිරි මහතා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට විරුද්ධව, මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට, මානව හිමිකම් කොමිෂමෙන් හා පොලිස්පතිගෙන් ඉල්ලා සිටී.
ඔහු විසින් ලිඛීතව ඉදිරිපත් කර තිබෙන පැමිණීල්ලේ මෙසේ සදහන් වේ.
‘‘මා 2012.01.22 දින කටුනායක ගුවන් තොටුපලින් අසනීප වී ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මංත‍්‍රීතුමා බැලීමට එදින අලූයම 1.15 ට පමණ ගුවන් මගින් සිංගප්පූරුව බලා පිටත් වුනා. මා යන විට අපේ ගමේ පදිංචි වාහන ව්‍යාපාරික එච්.එ්.ලාල් පේ‍්‍රමරත්න හා හැටන් පොලිස් ස්ථානයේ වැඩ කරන පොලිස් පරික්ෂක රංජිත් සමරනායකද සිංගප්පූරුව බලා පිටත්ව ගියා. සිංගප්පූරුවේ දවස් 7ක් නතර වී මන්ත‍්‍රීවරයාගේ ද සුවදුක් බලා නැවත 2012.10.28 දින රාත‍්‍රී 9.00 පමණ ලංකාවට පැමිණියා.........  මා නිවසට පැමිණි පසු දැනගන්නට ලැබුනා අපේ ගමේ පදිංචි ගංජා විකුණනබෝම්බයක් ලඟ තබා සිරදඬුවම් විඳි හේමන්ත නැමැති අයට මා රට සිටි කාලයේදී වෙඩි තබා තුවාල වී රෝහලේ සිටින බව. පසුව මට දැනගන්නට ලැබුනා මෙම වෙඩි තැබමේ සිද්ධීයට මාවද සැක කරන බවට.
........... පසුව 2013.06.13 දින ප:ව:2.00 ට පමණ මාගේ පෞද්ගලික දුරකථනයට අමතා මිරිහාන යුනිට් එකේ අයි.පී. පෙරේරා කියන මහතකු කතා කරහෙට දින (14 දින) උදේ 9.00ට මිරිහාන විශේෂ විමර්ශන එ්කකයේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නා........ මා 2013.06.14 දින -  උදේ 9.00 ට සීතාවකපුර සමූපකාර සංගමයේ සභාපති උයද වීරසිරි මහතා සමග මිරිහාන යුනිට් එකට ගොස් අයි.පී.පෙරේරා මහතා හමුවුනා. ටික වේලාවකින් පසු මාව පෙරේරා මහතා විසින්  ඕ.අයි.සී.නිමල් කරුණාරත්න මහතාට ඉදිපත් කළා.  ඕ.අයි.සී.නිමල් කරුණාරත්න මහතා කිව්වා මොහුව ඇරෙස්ට් කරලා උසාවි දාන්න නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියා. අනුර සේනානායක මහතා කියල තියෙන්නේ සහන මැදිරියට ගිය පැමිණිල්ලක් හිංදා ඇරෙස්ට් කරලා උසාවි දාන්න කියලා උපදෙස් ලැබිලා තියෙන්නේ කියා පැවසුවා. ...... පසුව මගේ නම ගම විමසා ප‍්‍රකාශයක් ලියා අත්සන් ගත්තත් එය මට කියවන්න දුන්නේ නැහැ......  පසුව මම පදවාගෙන ගිය ජීප් රථයේ මිරිහාන යුනිට් එකේ සාජන්ට් මහතකු මා සමග ගොස් ඔහු රැුගෙන ගිය වාර්තා සමග මාව අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාතක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා....
එහිදී මාහට විරුද්ධව වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම හා කුමන්ත‍්‍රණය කිරීම යන චෝදනා මත මා අධිකරණයට ඉදිරිපත් කළ..ා ....මා ශරීරි ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා. ඊලඟ නඩු දිනය වන 2013.07.04 දිනද උසාවියේ පෙනී සිටීමට නියමිතව ඇත.
මෙම සිද්ධියේ කිසිදු සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති අතරගංජා හේමන්තගේ උවමනාව මත කිසිදු සාක්ෂියක් නැතිවමා අත්අඩංගුවට ගෙන ඇති බව පෙනී යයි.
කිසිඳු සාක්ෂියක් නැතිව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමක් සිදුකරඅධිකරණයට ඉදිරිපත් කරමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමාහට අසාධාරණයක් සිදුකර ඇති බවත්මෙම හේතුව නිසා මාගේ දේශපාලන ජීවිතයට අපහාසයක් වන ලෙස පුවත්පත් වල පලකර මාහට අගතියක් සිදුකර (පවුත්පතේ ඡුායා පිටපතක් ඉදිරිපත් කරමි)අසාධාරණ ප‍්‍රචාරයක් සිදුකර ඇති බවත් ප‍්‍රකාශ කරමි‍ යනුවෙන් සහන්වේ.

No comments:

Post a Comment