Saturday, June 22, 2013

බුදුන් නිගරුවට පත් කරන සංඝ ත්‍රස්තවාදය.

අතීතයේ මහණ කමට තෝරා ගත්තේ කුල දරුවන්ය. මහණ කමට හතර කේන්ද්‍රය පාලුවීම පමණක් සුදුසු කමක් නොවීය.
අද දෙමාපියන් තම දරුවන් මහණ කමට පූජා කරන්නේ ගගේ මුහුදේ දාන්න බැරි නිසාය. එසේ නැතිව වෙස්සන්තර රජු කලාක් මෙන් බුදු බව පතාගෙන නම් නොවේ.
මෙම හය හතර නොදන්නා දරුවන් පන්සලට බාර දුන් දිනයේ සිටම අපයෝජනයට ලක් කෙරෙති. ඒ නායක හැමුදුරුවරුන් විසින්ය. මෙම දරුවන්ව විශේෂයෙන් බරපතල ලිංගික අපයෝජනයට ලක් කරති. මොවුන්ට ළමා කාලය අහිමි කරයි. මව හා පියා ගේ ආදරය Wණුසුම අහිමි කරයි.
මේ පිරිසට අනාගතයක් නැත. අනාගතය ඇත්තේ ඉහළටම  ඉගෙන ‍ගතහොත් පමණි. නැතිනම් ජාවාරම් කරුවෙකු බවට පත්විය යුතුයි. එකම අපේක්ෂාව ගිහි සමාජයේ සුබ විහරණය උපරිමයෙන්ම හොදින් හෝ නරකින් ලබා ගැනීමය.
ඔවුන් වැඩිහිටියන්න වූ විට කරන්නේ, ඔවුන්ට ඔවුන්ගේ වැඩිහිටියන් ඔවුන්ට කල දෙයමය. පන්සලට අලුතින් එක්වන දරුවන් අපයෝජනයට ලක්කිරීමය. තවත් සසර දික්කරවා ගන්නට වැඩ කිරීමය.
ඒ සදහා රුකුල් දෙන පිරිසක්ද වෙති. චීවරය පෙරට දමාගත් කල කරන්නට බැරි දෙයක් නැත. ඒ බලය දැන් ඔවුන් විසින් තමන් වෙත පවරාගෙන තිබේ. නිල නොවන පොලිස් කාරයින් බවට පත්වීමට දරන උත්සාහය එහි ප්‍රථිඵලයයි.
අද ඇත්තටම පිරිහුනු සංඝ සමාජයට ඉතිරිව ඇත්තේ ත්‍රස්තවාදය පමණි. එදා දෙමළ විරෝධය, අද මුස්ලිම් විරෝධය, ක්‍රිස්තියානි විරෝධය, අරක්කු විරෝධය, හරක් විරෝධය. මේ ත්‍රස්තවාදියෝ තෙරුම්ගෙන තිබෙන දෙයක් ඇත. සිංහල  බෞද්ධයා මෝඩයින් බව. ඒ නිසා තවත් ඔවුන්ව මෝඩයින් ලෙසට තබාගත යුතුයි. එය ඵලදරන්නට ඉඩදිය නොහැක.
දෙරණ 3600 වැඩසටහනේ මුන්ගේ හෙලුව හෙලිකල අවස්ථාව අසන්නෝ කී දෙනෙකුට තේරුම් ගියාද? ඔවුන්නම් එය තේරුම්ගෙන ඇත. ඒ නිසාමය ඔවුන් දිල්කා සමන්මලීට මරණීය තර්ජණ එල්ල කරන්නේ. නරඹන්න - 3600 - දෙරණ.

No comments:

Post a Comment