Sunday, July 31, 2016

රෙදි ගලවලා අත් දෙකටයි කකුල් දෙකටයි මාංචු දාලා හුස්ම හිරකරලා දතක් ගැලවිලා වැටෙන කං වධ දුන්නා. පොලිස්කාරයා හටියේ ‘ලන්කට්’ එක පිටින්.


ලූතර උතුර පොලීසිය 29 හැවරිදි කුලි වැඩ කරන්නෙකු වු නිලංකට වධ දුන්න ආකාරය හා එයින් පසුව බොරු නඩු දමා දවස් 121 ක් රිමාන්ඞ්  බාරයේ තැබිමේ සිද්ධිය, අහම්භයක් හෝ හුදකලා සිද්ධියක් හෝ නොවේ. දිනපතාම හැම පොලිසියකම සිදුවන ක‍්‍රියාවකි. මෙයට පොලිස්පතියාගේ ද, කොමිසම් හා රජයේ ද පුර්ණ අනුග‍්‍රහය හිමිවේ. වධහිංසාව අලෙවි කරන ඊනියා සිවිල් සමාජ බඩ ගොස්තර වාදින් ‘වධහිංසා’ අඩුවෙලා යයි කියන්නට තරම් නිවයන් වී ඇත.

දුප්පතුන් වුවත්, මොහුගේ සොහොයුරියගේ ඉදිරිපත් වීම නිසා, මෙම සිද්ධිය වාර්ථාවු බව ද සඳහන් කළ යුතුයි. මේ වනවිට මොහුට වධ දීමට පෙරමුණ ගත් කලූතර  උතුර පොලීසියේ පො.කො.10999 රූපසිංහ හා ස්ථානාධිපති ආනන්ද ඇය පසු පස යමින් වැඳ වැටෙමින් සමාව අයදින බවත්, දැනට කර තිබෙන පැමිණිලි ඉවත් කර ගන්නා ලෙසට බලපෑම් කිරිමටත් පටන් ගෙන ඇත.

සියලූ විස්තර මොහු  මානව හිමිකම් කොමිෂන් සභාව ට, පොලිස්පති ට, නීතිපති ට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් පැහැදිලි වේ. 

‘‘ නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධහිංසා පුමුණුවා, බොරු නඩු දමා, දින 121 ක් රක්ෂිත බන්ධනාගර ගත කර, මූලික අයිතිවාසිකම් කඩ කිරීම.

2016.07.31 දිනදීය.

2016.03.28 දින මා, ප:ව: 6.30 ට, ක`ඵතර උතුර, ජාවත්ත ප‍්‍රදේශයේ නිවසක කුලී වැඩ කර, අවසන්ව, වැස්ස නතර වනතෙක් එම නිවස තුල රැු`දි සිටින විට, සිවිල් පිට පොලිස් නිලධාරීන් පස් දෙනෙක් පැමිණ මට මාංචු දමා, ක`ඵතර උතුර පොලිසියට රැුගෙන ගියා. මාව ගෙන ගියේ ජීප් රථයෙන්. මාව ගෙනයන අතර තුර, මූණට පහර දුන්නා. පහර දුන්නේ ගෙයක් බිඳලා ගත්තු සල්ලි හා රත්තරං බඩු ඉල්ලමින්. මට පහර දුන්නේ පො.කො.10999 රූපසිංහ කියන කොස්තාපල්වරයා. 

මාව පොලිසියට ගෙනගිහිල්ලා එහි කෙළවර කාමරයකට දැම්මා. කාමරයේදී මගේ දකුණු අතට මාංචුවේ එක් කෙළවරක් සම්බන්ධ කරලා අනෙක් කෙළවර, ජනේලයේ ග‍්‍රිල් එකට සම්බන්ධ කලා. රාත‍්‍රී 10.30 ට පමණ පො.කො.10999 රූපසිංහ සහ දෙන්නෙක් පැමිණ, මාව පිටුපස නාන කාමරයටකට ගෙනගියා. එහි ටැංකියක් තිබුනා. වතුර තිබුනා. එහිදී මට පො.කො.10999 රූපසිංහ කිව්වා, ඔක්කොම ඇඳුම් ගලවපන් කියා. මම ගැලෙව්වා. ඔවුන් සිටියේ බොටම් හා ටී ෂර්ට් ඇඳලා. මම ඇඳුම් ගැලෙව්වා. පස්සේ අත්දෙකටයි කකුල් දෙකටයි මාංචු දැම්මා. බිම වාඩි කෙරෙව්වා. ඊට පස්සේ පො.කො.10999 රූපසිංහ මම තමයි උඹට ගහන්නේ, කියා ඔහු ඇඳලා හිටිය බොටම් එකයි, ටී ෂර්ට් එකයි ගැලෙව්වා. ඔහු ”ලන්කට්” එක පිටින්, රෙද්දක් ගෙනත් එය වතුරේ පොඟවලා, ඇස් දෙකයි නහයයි වැහෙන්න එකේන් ගැටගැහුව්වා. ඊට පස්සේ ඔලූවට වතුර වැක්කෙරුවා. ඊට පස්සේ අතින් පපුවටයි පිටටයි ගැහුව්වා. හුස්ම ගනින් කියමින්. මම හුස්ම ගන්න බැරිව දැ`ගලූවා. මම මාංචු දමා තිබූ අත්දෙකින් ගැටගහලා තිබූ රෙද්ද ඇදලා පාත් කලා. බිම පෙරලූනා. මම මැරෙයි කියා මම කිව්වා. මැරුණාම ක`ඵ ගඟට දානවා කිව්වා. 

නැවත මගේ ඇස් දෙකයි, නහයයි වැසෙන්න එ් රෙද්ද අරන් ගැටගැහුව්වා. ඊට පස්සේ නැවත ඔලූවට වතුර වක්කරමින් පිටටයි පපුවටයි ගැහුව්වා. එහෙම ගහන අතර මූණට ගැහුව්වා. මුහුණට ගහපු පහර දතක් කැඩිලා බිමට වැටුනා. ඊට පස්සේ මගේ ඇස් නහය ගැට ගහලා තිබූ රෙද්ද ගැලෙව්වා. මාංචු ගැලෙව්වා. මට වතුර දෙක තුනක් ඇඟට දාගනින් කිව්වා. ඇඳුම් ඇඳ ගනින් කිව්වා. මම කටහෝදලා ඇඳුම් ඇඳ ගත්තා. බිම තිබූ දත අරගෙන සාක්කුවේ දාගත්තා. එතන සිටියදී, මාගේ ලඟට අත්අඩංගුවේ සිටි හිමාලක ලක්රුවන් අරගෙන ආවා. ඔහුට ඇත්ත කියපන් කියලා කිව්වා. ඔහු ”සර්ලා ගහන බයට තමයි මෙයාව කිව්වේ” කියලා කිව්වා. මාගේ ඉදිරි පිටදීම ඔහුට පහර දුන්නා. 

ඊට පස්සේ නැවත මාව කාමරයකට ගෙනගිහිල්ලා පෙර පරිදි අතට හා ජනේලයේ ග‍්‍රිල් එකට තියලා මාංචු දැම්මා. ? එළි වෙනකම් එ් විදිහටම හිටියා. පසුදින 2016.03.29 දින උදේ 7.00 විතර, පො.කො.10999 රූපසිංහ, කොළයක ඔතන ලද මුල් දෙක්ක මගේ ලඟට ගෙනත් පෙන්නා මොනවාටද දාන්න  ඕනා කියා ඇසුවා. මා කතා කලේ නැහැ. උඹට කුඩු දානවා කියා යන්න ගියා. 

උදේ 10.30 ට පමණ, මාගේ අක්කා මාව බලන්න ආවා. මම අක්කාට කිව්වා, මට ගැහුව්වා දතක් කැඩුනා කියා. එ් සමගම ඇයව එතනින් එළෙව්වා. විනාඩි පහකින් පමණ නැවත අක්කා මාව බලන්න ආවා. අක්කා කිව්වා දත දෙන්න කියා. මම දත අක්කා ලඟට විසි කලා. අක්කා දත අරගෙන ගියා. 

දහවල් 12.30 ට පමණ මාව අරගෙන ගිහිල්ලා කූඩුවට දැම්මා. දහවල් කූඩුවේ ඉන්නකොට පොලිස් නිලධාරියෙක් මාව එළියට ගත්තා. කූඩුව ලඟ, සුදු පාට බිත්තියට හේත්තු කරලා මාගේ ෆොටෝ ගත්තා. ෆොටෝ ගත්තේ සුදු ෂර්ට් එකක් ඇඳගත්ත අයෙක්. 

පසුවදා 30 දා, උදේ 9.30 ට පමණ ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී හෙරොයින් ග‍්‍රෑම් 2 මිළි ග‍්‍රෑම් 50ක් ලඟ තබා ගැනීම කියලා බොරු චෝදනා දමා තිබුනා. මට පහර දීම ගැන මා වෙනුවෙන් ඉදරිපත් වූ නීතිඥවරුන් ගරු අධිකරණයට කියා සිටියා. ඇප ඉල්ලා සිටියා.

ඇප ලබා දීමට බලයක් නැති බව, ගරු මහේස්ත‍්‍රාත්තුමා ප‍්‍රකාශ කර, මාව ක`ඵතර අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත, බන්ධණාගාරය මගින් ඉදිරිපත් කිරීමට නියම කරනු ලැබුවා. 

මේ අතර, මාගේ අක්කා වන සන්දරාදුර අනෝෂා ප‍්‍රියංගිකා ද සිල්වා, 2016.03.31 මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂමට, පොලිස්පතිට පැමිණිලි කර තිබුනා.

2016.04.01 දින මා, ක`ඵතර නාගොඩ මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත බන්ධණාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කලා. මා සියලූ විස්තර අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත කියා සිටියා. දත ං රේ කලා. නැවත බන්ධණාගාරයට ගෙන ගියා.

එතැන් පටන්, මාව දින 14කට වරක් අධිකරණයට ගෙන ආවා. 

2016.07.22 හෝ ඊට ආසන්න දිනයක, මාවෙත පැමිණි නියාමක වරයෙක්, තමා පො.කො.10999 රූපසිංහගේ යාලූවක් කිව්වා. ඔහු කිව්වා ගහපු එකටයි, බොරු නඩු දාපු එකටයි විරුද්ධව නඩු දාන්න එපා, සමාදාන වෙන්න, ඉල්ලන ගානක් දෙන්නම් යයි කියා. 

2016.07.26 වන දින නඩු වාරයේදී, නඩුව 2016.07.28 දිනට කල් දැම්මා. රස පරීක්ෂක වාර්තාවේ දමා තිබූ කුඩු ග‍්‍රෑම් ගණන අඩු නිසා, මට ඇප ලබා දුන්නා. එහිදී මට රු: 10,000/=ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කලා. 

මා ඇප මත නිදහස් වූ පසු දැනගත්තා, 2016.07.27 දින සවස 6.30 ට පමණ, පො.කො.10999  රූපසිංහ පැමිණ, ඔහුට විරුද්ධව නඩු දාන්න එපා කියා ගෙදරට ඇවිත් අක්කාගෙන් ඉල්ලා සිටි බව. එ් අතර කලූතර උතුර පොලිසියේ ස්ථානාධිපති ආනන්ද පැමිණ, මේ වැඬේ වෙලා තියෙන්නේ, ඔහු නිවාඩු ගිය වෙලේ, මුං මාව කෑවා කියා, පො.කො. 10999 රූපසිංහට ෙදාස් කියා ගිය බවත්. 

මා ඉල්ලා සිටින්නේ,
1. කලූතර උතුර පොලිසිය විසින් මට විරුද්ධව පවරා තිබෙන අංක 57776 බොරු නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට නියම කරන ලෙසට,

2. මා කෲර අමානුෂික වධහිංසා වලට හා අවමන් සහගත සැලකිලිවලට භාජනය කල, සියලූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට,

3. මේ ආකාරයට, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, කෲර වධහිංසා, අමානුෂික හා අවමන් සහගත සැලකිලි වලට භාජණය කර, බොරු නඩු දමා මාස 4ක්, එනම් දින 121ක්, නිදහස අහිමිකර, වධහිංසාවට පාත‍්‍ර කිරීම සම්බන්ධයෙන්, උසාවි නියෝගයකින් තොරව නීති විරෝධී ලෙස මාගේ ඡුායා රූප ලබා ගැනීම ගැන රජය වගකිවයුතු බවට ප‍්‍රකාශයට පත්කර, පොලිස්පතිවරයාට වන්දියක් ගෙවන ලෙසට නියම කරන ලෙසට,

4. මට සිදුකල අපරාධය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වැළැක්වීම සඳහා, අදාළ පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ අනුදැනුම ඇතිව පිටස්තර පුද්ගලයින් සිදුකරන බලපෑම් නතර කිරීමට පියවර ගන්නා ලෙසට ය.

ඉහත සියලූ කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.’’

Wednesday, July 27, 2016

ලොතරැයියක් ඇදුනු සුනිල් මරා දමා යුක්තියත් මරා දැමූ හැටි...! වික්ටර් අයිවන් විසිනි

SUNIL HEMACHADRA 
ලොතරැයියක් ඇදුනු සුනිල් මරා දමා යුක්තියත් මරා දැමූ හැටි...! පොලිස්ඨාධිකරණයේ ඇසුන නඩුවක් ගැන ජිනීවා වලින් ඇස් අරවන තීන්දුවක්..!!
-වික්ටර් අයිවන් විසිනි

අපි ඉතාමත් දියුණු හා උතුම් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ජාතියක් ලෙස උදම් අනන්නට කැමති ජාතියක් ලෙස සැලකිය හැකිය. එහෙත් වර්තමානයේ අප ඉන්නේ යහපත් තත්ත්වයක නොව කුණුවූ තත්ත්වයකය. අපේ රටේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ක‍්‍රමය සේ යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමය කුණුවී තිබෙන තරම කියාපාන තීන්දුවක් ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් ප‍්‍රකාශ කර තිබේ.
මහා විනාශයකට පාර කැපූ ලොතරැයි දිනුම
තිස් දෙහැවිරිදි සුනිල් හේමචන්ද්‍ර අපරාධ පසුබිමකට හිමිකම් නොකී කුලියට රබර් කිරි කැපීමෙන් දිවි ගෙවූ හොරණ ප‍්‍රදේශයේ දිවි ගෙවූ අහිංසක පුද්ගලයෙකි. ඔහු ජීවත් වූයේ සිය අම්මා හා අම්මාගේ සහෝදරිය, පුංචි අම්මා නැවතුම් ගෙන සිටි නිවසේය.
සුනිල් 2003 ජූනි මාසයේදී ජාතික ලොතරැුයි මණ්ඩලයේ ලොතරැුයියක් මිලදී ගත්තේය. එම ලොතරැුයිය තමන්ට ඇදී තිබෙන බවත්, ඊට හිමි තෑගි මුදල රුපියල් ලක්ෂ 30ක් (3,003,100) බවත් ඔහු පසුදිනක දැනගත්තේය. පොලිසිය සමග දැනහැඳුනුම්කමක් තිබූ ප‍්‍රදේශයේ ලොතරැයි ඒජන්තවරයා, මොරගහහේන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු සමඟ සුනිල්ගේ නිවසට පැමිණ පොලිසියේ ආරක්ෂාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් සුනිල් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේ නැත.
සුනිල්ට ජාතික හැඳුනුම් පතක් නොතිබුණේය. ඒ නිසා ලොතරැයියේ තෑගි මුදල භාරගැනීමේ වගකීම ඔහු තමන්ගේ පුංචිඅම්මා වෙත පැවරුවේය. 2003 ජුනි 04 වැනි දින සුනිල් සිය පුංචිඅම්මා හා ප‍්‍රදේශයේ ලොතරැුයි ඒජන්ත සමග තෑගි මුදල් ලබාගැනීම සඳහා කොළඹ ජාතික ලොතරැුයි මණ්ඩලයට ආවේය. එහිදී පුංචිඅම්මා නමට කොල්ලූපිටියේ ලංකා බැංකු ශාඛාවෙන් මාරුකර ගැනීම සඳහා ඉහත කී මුදල අඩංගු චෙක්පතක් ලැබුණේය. බැංකුවට ගොස් පුංචිඅම්මා නමට ගිණුමක් අරවා ගෙන සුනිල් තෑගි මුදලින් ලක්ෂ 21ක් ලබා ගත්තේය. ඉන් ලක්ෂ 12ක් වියදම් කොට සුනිල් වෑන් රථයක් මිලදී ගත්තේය. ඉන් දින කිහිපයකට පසුව පුංචිඅම්මාගේ දියණිය නමට ත‍්‍රීවිලර් රථයක්ද මිලදී ගෙන දුන්නේය.
2003 ජූලි 21 වැනිදා මොරගහහේන පොලිසියේ පොලිස් කණ්ඩායමක් සුනිල් සොයාගෙන ඔහු පදිංචි නිවසට ආවේය. ඔහු ඒ අවස්ථාවේදී ගෙදර සිටියේ නැත. සුනිල් තමන්ට ලැබුණු තෑගි මුදල වියදම් කළාදැයි එක් පොලිස් නිලධාරියෙක් සුනිල්ගේ පුංචිඅම්මාගෙන් විමසුවේය. ඇතිකරගෙන තිබෙන සතුට බොහෝ කල් නොපවතිනු ඇතැයි එම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කර තිබෙන අතර සුනිල්ට මොරගහහේන පොලිසියට පැමිණ වාර්තා කරන ලෙසද දැනුම් දී තිබේ.
එදිනම සුනිල් තම වාහනයේ රියදුරා ලෙස සේවය කළ චානක දිනේෂ් කුමාර හා ලොතරැුයි ඒජන්තගේ පුතා සමග මොරගහහේන පොලිසියට ගියේය. පොලිසියට කරන සහයෝගයක් වශයෙන් කිසියම් මුදල් ප‍්‍රමාණයක් දිය හැකිදැයි උපපොලිස් පරීක්ෂකවරයා සුනිල්ගෙන් විමසීය. ලොතරැුයිය ඇදුණේ තමන්ට නොව තම පුංචිඅම්මාට බව සුනිල් කීවේය. හොරණ විද්‍යාරත්න පන්සලේ පවත්වන උත්සවයක් සඳහා රුපියල් 25,000ක ආධාරයක් දියහැකිදැයි ඉන්පසු අසා තිබේ. එම ඉල්ලීම ඉටුකළ හැකි බව පවසා සුනිල් පොලිස් ස්ථානයෙන් පිටවී සිය නිවසට පැමිණ තිබේ.
දිනුම නිසා සිදුවූ මරණය
එදින රාත‍්‍රියේ එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පස්දෙනෙක් ඔහු නැවතී සිටි නිවසට පැමිණියෝය. එහි තිබූ කාමරයක නිදාගෙන සිටින සුනිල් හඳුනාගෙන ඔහුගේ හිසටද ඔහුගේ ශරීරයේ අන් තැන්වලටද පහර දුන්නෝය. ඉන්පසු සුනිල් හා ඔහු සමග සිටි චානක (රියදුරා) අත්අඩංගුවට ගෙන ජීප් රථයට නංවා ගත්තෝය. පොලිස් ස්ථානයට එන අතර එහිදීද ජීප්රථය තුළ සිටින සුනිල්ගේ හිසට හා උදරයට බිහිසුණු ලෙස පහර දුන්නෝය. සුනිල් සමග සිටි චානක සුනිල්ට පහර නොදෙන ලෙස ඉල්ලා සිටි විට ඔහුගේ මුහුණටද පහර දුන්නෝය.
පොලිසියට ගෙනා පසු ඒ දෙදෙනා පොලිස් කූඩුවකට දැම්මෝය. එහි වෙනත් කිහිපදෙනෙක්ද සිටියෝය. එළිවන යාමය වනවිට සුනිල්ගේ තත්ත්වය බරපතළ අතට හැරී තිබුණි. ඔහුගේ නහයෙන්ද කටින්ද ලේ දමමින් තිබුණි. චානක සුනිල්ගේ බැරෑරුම් තත්ත්වය පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය. වෛද්‍යවරයකු කැඳවා හෝ වෛද්‍යවරයා වෙත ගෙනයනවා වෙනුවට සුනිල් සිරකූඩුවෙන් පිටතට ගෙන පොලිසියේ පස්ස පැත්තට ගෙන ගොස් ඔහුගේ මුහුණේ තිබෙන ලේ සෝදා දමන ලෙස පොලිස් නිලධාරියෙක් චානකට කීවේය. චානක එසේ කළත් ඔහු කටින් හා නහයෙන් ලේ යෑම නතර නොවූයේය. ඉන්පසු සුනිල් ලේ වමනය කරන්නට විය. එම පොලිස් නිලධාරියා චානක අතට පොල්ලක් දී සුනිල්ට වැළඳී ඇත්තේ අපස්මාරය නිසා එම යකඩ පොල්ල සුනිල්ගේ අතට දෙන ලෙස චානකට කියා තිබේ.
එදින අටට පමණ සුනිල්ගේ පුංචිඅම්මා පොලිසියට ආවේය. සුනිල්ගේ කටින් හා නහයෙන් ලේ ගලන බව දැක ඇය ඒ බව එහි සිටි පොලිස් නිලධාරියකුට කීවාය. ඔහු ඇයට බැණ වැදී එම ස්ථානයෙන් එලවා ගනිමින් ඔහුට වැළඳී ඇත්තේ අපස්මාරය බව ඇයට ඇසෙන ලෙස කීවේය. එදින 10ට පමණ සුනිල් හොරණ රෝහලට ඇතුළත් කළේය. එදිනම එම රෝහලේ කොස්තාපල්වරු දෙදෙනෙක්ද රෝහලේ සිටි සුනිල් වෙත පැමිණ කඩදාසි දෙකක මොකක් හෝ ලියාගෙන ඊට සුනිල්ගේ ඇඟිලි සලකුණුද ලබා ගත්තෝය.
සුනිල්ගේ තත්ත්වය බැරෑරුම් වීම නිසා ජූලි 24 වැනි දින සුනිල් කොළඹ ජාතික රෝහලට යවන ලදි. එහිදී මොළයේ සැත්කමක් කරන ලදුව විශේෂ සත්කාර ඒකකයේ තබාගෙන සුනිල්ට ප‍්‍රතිකාර කළේය. සුනිල් රෝහලේදී මියගිය බව ජුලි 26 වැනිදා සුනිල්ගේ මවට දැනුම් දෙන ලදි.
මරණයෙන් පසු නාටකය
මෙම නාටකය සුනිල්ගේ මරණයෙන් පසුද අවසන්වන්නේ නැත. ජුලි 23 වැනිදා සුනිල් ගැන පැමිණිලි කිරීම සඳහා ඔහුගේ පුංචිඅම්මා හොරණ සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට ගියේය. ඇයගේ පැමිණිල්ල සටහන් කරගැනීමක් සිදුවී නැති අතර ඇයට සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමටද අවස්ථාවක් ලැබී නැත. සුනිල්ගේ මරණයෙන් පසුව ඇය චානක සමග මොරගහහේන පොලිසියට ගොස් සුනිල්ගේ මරණය ගැන පැමිණිලි කර තිබෙන අතර හොරණ සහකාර පොලිස් අධිකාරිවරයා ඔවුන්ගෙන් කටඋත්තරයක්ද ලබාගෙන තිබේ.
ඉන්පසු සුනිල්ගේ පුංචිඅම්මා සුනිල් පිළිබඳ සිද්ධිය පානදුරේ ජන සංසදයට පැමිණිලි කර තිබේ. එම සංසදය පොලිස් වදහිංසාවලට එරෙහිව හා වදහිංසාවන්ට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීම සඳහා රට පුරා ක‍්‍රියාත්මක වන කිසියම් දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ අරමුණු වෙනුවෙන් ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන සංවිධානයකි.
ජනසංසදය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුනිල්ගේ පුංචිඅම්මාට ආධාර කළේය. ඊට අතිරේකව එම සංවිධානය සුනිල්ගේ අම්මා හා පුංචිඅම්මා පෙත්සම්කරුවන් කරමින් 2003 සැප්තැම්බර් 8 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කළේය.
2003 ජූලි 23 වැනිදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියේ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සුනිල්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී මහේස්ත‍්‍රාත්වරයා සුනිල්ගේ පුංචි අම්මාගෙන්ද, චානකගෙන්ද සාක්ෂි ලබාගත්තේය. සුනිල් අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව මොරගහහේන පොලිසියේ පොලිස් පොත්වල සටහන් නොවන බවද මහේස්ත‍්‍රාත්වරයා සොයා ගත්තේය.
ජූලි 28 වැනිදා මෘත ශරීරාගාරයේ තිබුණු මළසිරුර පරීක්ෂා කිරීමේදී වෙනත් තුවාල අතර තට්ටමේ වම් පැත්තේ අඟලක තරම් තුවාලයක් තිබෙන බව මහේස්ත‍්‍රාත්වරයා හඳුනා ගත්තේය. මොරගහහේන පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් නිසා මහේස්ත‍්‍රාත්වරයා තමන්ගේ පරීක්ෂණය ජූලි 31 වැනිදා දක්වා කල් තැබීය.
2003 ජූලි 23 වැනි දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා සුනිල්ගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ වාර්තාවක් සකස් කළේය. ඔහු මාරාන්තික තුවාල 10ක් ගැන වාර්තා කළේය. එහෙත් මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කර තිබූ තට්ටමේ තිබූ තුවාලය ගැන එම වාර්තාවේ සඳහන් නොවීය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මතය වූයේ මරණය කෙරෙහි ඔළුවේ තිබූ තුවාල නිසා ඇතිවූ කම්පනය බලපා ඇති බවය. එය ආයුධයකින් ඔළුවට එල්ල කළ දැඩි පහරක් නිසාද බූට්ස් දැමූ පාදයකින් එල්ල කළ පා පහරක් නිසාද, තල්ලූ කිරීම නිසා ඇතිවූ ඇදවැටීමක් හෝ හදිසියේ ඇතිවන බිම ඇදවැටීමක් හෝ ඇල්කොහොල් නිසා හෝ අපස්මාරය නිසා ඇතිවූ මූර්ඡුාවක් නිසාද සිදුවිය හැකි මරණයක් බවය.
ජූලි 31 වැනිදා පැවති මහේස්ත‍්‍රාත් පරීක්ෂණයට පොලිසිය තවත් සාක්ෂිකරුවන් ගෙනාවේය. මරණකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා පොලිසිය රැුගෙන ආ එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමට විරෝධය පළකරනු ලැබුවද එය නොසලකා මහේස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් සාක්ෂි ලබාගත්තේය. ඔහු වැඩිදුර පරීක්ෂණය හොරණ මහේස්ත‍්‍රාත්වරයා වෙත යොමු කරන ලදි.
අගෝස්තු 08 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා නඩුව විභාගයට ගෙන මරණය සැකසහිත මරණයක් ලෙස තීන්දු කොට ඒ ගැන පරීක්ෂණයක් කොට සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන ලෙස පානදුර පොලිස් අධිකාරිවරයාට නියෝග කළේය.
2004 අපේ‍්‍රල් 29 වැනිදා නීතිපතිවරයා එම පරීක්ෂණය පිළිබඳව අපූරු තීන්දුවක් ලබාදෙන ලදි. සුනිල්ට පහරදීම සිදුකර තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැති නිසා මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව නීතිපතිගේ තීරණය විය. නීතිපතිගේ එම තීරණය නිසා 2004 නොවැම්බර් 14 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා නියම කළ පරීක්ෂණය අත්හිටුවන ලදි.
මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීම
ඊළඟ වැදගත්ම දේ සුනිල් වෙනුවෙන් 2003 සැප්තැම්බර්වලදී ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අවුරුදු හතකට ආසන්න කාලයක් විභාගයට නොගෙන සිට 2010 අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමය. ඒ දක්වා මේ සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමද කිසිදු පරීක්ෂණයක් නොකළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ මෙම මරණය විවිධ හේතු නිසා සිදුවිය හැකි බවය. සුනිල් බීමත්ව සිට අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේදී පොලිසියට පහර දෙන්නට උත්සාහ කළ නිසා පොලිසියද පෙරළා ඔහුට පහර දුන්නා විය හැකි බවය. වෙනත් හේතු නිසාද එය වූවා විය හැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම වැඩිදුර විභාගයට නොගෙන එය නිෂ්ප‍්‍රභ කළේය. ඉතා වැදගත් දේ එම අසාධාරණ තීන්දුව ලබාගැනීමටද අවුරුදු 7ක් තරම් දීර්ඝ කාලයක් බලා ඉන්නට සිදුවීමය.
පෙත්සම විභාගයට ගැනීම යටපත් කරගෙන තිබුණේ සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදීය. ඔහු විශ‍්‍රාම යෑමෙන් පසුව එය විභාගයට ගනු ලැබුවත් සාධාරණ තීන්දුවක් දෙන්නට නොහැකි වන්නට ඇත්තේ දේශපාලන බලපෑම් නිසා විය හැකිය.
සිද්ධිය සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තිය යටතේ ජිනීවාහී මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කරන්නේ ඉන්පසුවය. මරණකරුගේ මව හා පුංචිඅම්මා වෙනුවෙන් මෙම පැමිණිල්ල මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන්නේ හොංකොංහි ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය මගිනි. එම ආයතනය පොලිස් වධහිංසා වින්දිතයන් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකි බැසිල් ප‍්‍රනාන්දු නිර්මාණය කරන ලද ආයතනයකි.
එම පැමිණිල්ලෙන් කියන්නේ සුනිල්ගේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම, ඔහු කෲර වධහිංසාවන්ට පත්කිරීම. ඒ නිසා සිදුවී තිබෙන ඔහුගේ මරණය ගැන ශ‍්‍රී ලංකා රාජ්‍යය වගකිවයුතු බව හා ඒ මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියේ 6, 7, 9 සහ 10 යන වගන්ති උල්ලංඝනය කර ඇති බවය.
මෙය රාජ්‍ය ආයතනයක අත්අඩංගුවේ සිටියදී සිදුවී තිබෙන මරණයක් බැවින්ද, මරණය සිදුවී තිබෙන්නේ අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවී තිබෙන පහරදීම් නිසා හා පහරදීම් නිසා බැරෑරුම් තත්ත්වයකට පත්වීමෙන් පසුත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට අසමත්වීමෙන් වන නිසා ඒ තත්ත්වයටද ශ‍්‍රී ලංකා රාජ්‍යය වගකිව යුතු බවය.
සුනිල් මරණයට පත්වීමෙන් පසුත් එය සැකකටයුතු මරණයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ඒ ගැන සාධාරණව කරුණු සලකා බැලීමට ඊට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවාලීමට අසමත්වීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉතා වැදගත් දේ මීට පෙර ලංකාවට අදාළව එහි සිදුවූ වෙනත් පරීක්ෂණවලදී මෙන් නොව මෙම පරීක්ෂණයට ලංකා ආණ්ඩුව සහභාගි නොවීමය. ඒ නිසා පරීක්ෂණය සිදුවී ඇත්තේ ඒකපාර්ශ්විකවය. මෙම පරීක්ෂණයට සහයෝගය නොදීම මගින් ශ‍්‍රී ලංකා රාජ්‍ය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියේ 4 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බව කමිටුව සිය තීරණයන්හි ප‍්‍රකාශ කර ඇත.
ශ‍්‍රී ලංකා රාජ්‍යය දැන හෝ නොදැන සුනිල් හේමචන්ද්‍රගේ ජීවිතය ආරක්ෂා කිරීමට අසමත්වීමෙන් හා ඔහුගේ මරණය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නොපැවැත් වීමෙන් සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තියේ 6 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, සුනිල්ට පහරදීමක් සිදුවීමෙන් පසු ඔහු බැරෑරුම් තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවකදී ඔහුට වහාම වෛද්‍ය පහසුකම් ලබාදීමට අසමත්වීමෙන් ශ‍්‍රී ලංකා රාජ්‍ය ප‍්‍රඥප්තියේ 7 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, සුනිල්ට නීතියට පටහැනිව හිතුවක්කාරී ලෙස අත්අඩංගුවට ගැනීම මගින් ප‍්‍රඥප්තියේ 9 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් කමිටුවේ තීරණය වී තිබේ.
සිදුවී තිබෙන උල්ලංඝනයන් සඳහා සිදුවී තිබෙන හානියට ගැළපෙන තරමේ වන්දියක් පැමිණිලිකරුවන්ට ගෙවන ලෙසත් ලංකා ආණ්ඩුව සුනිල්ගේ පවුලෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගතයුතු බවත් සුනිල්ගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවාලිය යුතු බවත් මෙවැනි බරපතළ වැරදි මතු සිදුනොවීමට අවශ්‍ය පියවර ගෙන ඒ ක‍්‍රියාමාර්ග කමිටුවට වාර්තා කරන ලෙසත් කමිටුව ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ.
සමාලෝචනය
ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ක‍්‍රමය සේ ම යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමයද කුණුවී තිබෙන තරම ඉහත කී කතාව ආශ‍්‍රයෙන්ද තේරුම් ගත හැකිය. මෙවැනි අවලස්සන කතා අසන්නට ලැබෙන්නේ කලාතුරකින් නොව නිතර නිතරය. ලොතරැුයිය ඇදුණේ කුලියට රබර් කිරි කැපීමෙන් ජීවිකාව පවත්වාගෙන ගිය අහිංසක පුද්ගලයකුටය. ලොතරැුයි දිනුම ඇදුණු විට පොලිස් ආරක්ෂාව ලබාගන්නා ලෙස පොලිසිය ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහුට ලැබෙන තෑගි මුදලින් කිසියම් කොටසක් කඩාවඩා ගැනීම පිණිස විය යුතුය. ඒ අරමුණ සපුරාගත නොහැකි වූ විට පොලිසිය ඒ අසරණ මිනිසාගෙන් පළිගත්තේය. සුනිල්ට පහර දුන් අය තුළ සුනිල් මරා දැමීමේ අපේක්ෂාවක් නොතිබෙන්නට ඇතත් පහරදීම සිදුවූයේ සාමූහික ස්වරූපයකින් වීම නිසා කිසියම් සංවේදී තැනකට එල්ල වූ දැඩි පහරදීමක් නිසා ඔහු මරණයට පත්විය.
පොලිසිය අතින් සිදුවූ අපරාධය තේරුම්ගත හැකිය. වඩාත් බරපතළ බිහිසුණු වැරදි සිදුවී ඇත්තේ යුක්තිය පසිඳලීමට සම්බන්ධ ආයතනවලිනි. මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අත්හිටුවීමට නීතිපති මැදිහත් විය. දේශපාලන බලපෑමක් ආවේ කොහෙන්ද කියා පැහැදිලි නැතත්, නීතිපති එවැනි නීති විරෝධී ක‍්‍රියාවන් කරන්නට ඇත්තේ බලවත් දේශපාලන බලපෑමක් නිසා විය හැකිය. අධිකරණ නිලධාරීන්ගේ පරීක්ෂණවල තත්ත්වය තාජුඞීන් සිද්ධියෙන් පමණක් නොව, මේ සිද්ධියෙන්ද තේරුම්ගත හැකිය. සුනිල්ගේ මරණය ගැන මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළේය. එහෙත් කොමිසම ඒ ගැන කිසිදු සොයා බැලීමක් නොකළේය. මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේ 2003දීය. එය විභාගයට ගැනීමට අවුරුදු 7ක් තරම් කාලයක් ප‍්‍රමාද විය. ඒ කාලයේ අගවිනිසුරු ධුරයේ සිටියේ සරත් නන්ද සිල්වාය. ඔහු විශ‍්‍රාම යෑමෙන් පසුව පෙත්සම විභාගයට ගත්තත් ශ්‍රේෂ්ඨාධි කරණයෙන්ද සාධාරණයක් ඉටු නොවීය. අඩුම වශයෙන් මරණය ගැන පරීක්ෂණයක් පවත්වන්නට නියෝග කිරීමක්වත් සිදු නොවීය.
සුනිල්ගේ මව සහ පුංචිඅම්මා යුක්තිය ඉටුකර ගැනීම සඳහා ලංකාවේ යායුතු හැම තැනටම ගියේය. ලංකාවේ තිබෙන ඉහළම අධිකරණය දක්වාම ගියේය. එහෙත් ඔවුන්ට ලංකාවේ මොනම තැනකින්වත් යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි විය. එය එසේ වූයේ ඇයි? ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කරවන ආයතන ක‍්‍රමය හා යුක්තිය පසිඳලීමේ ආයතන ක‍්‍රමය ගඳ ගහන තරමටම කුණුවූ තත්ත්වයකට පත්ව තිබීම නිසාය.
අවසානයේ ඔවුන්ට යුක්තිය ඉටුකර ගැනීමට හැකිවූයේ දේශීය අධිකරණයෙන් නොව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය යටතේ පිහිටුවා තිබූ මානව හිමිකම් කමිටුව මගිනි. යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා දේශීය අධිකරණ ක‍්‍රමයක් නැතිනම් ඒවා තිබෙන්නේ කුණුවූ තත්ත්වයක නම් එවැනි ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා විදේශ ආයතන ක‍්‍රමයක් හෝ තිබිය යුතුය. රටේ ප‍්‍රශස්ත අධිකරණ ක‍්‍රමයක් තිබෙන තත්ත්වයක් යටතේ වුවත් පුරවැසියන්ට පැමිණිලි කිරීමට මානව හිමිකම් කමිටුව වැනි ආයතනයක් තිබීම යහපත්ය. එවිට දේශීය අධිකරණයෙන් සාධාරණය ඉටුකර ගැනීමට අසමත් වුවන්ට මානව හිමිකම් කමිටුව වෙත යා හැකිය. ඒ සඳහා යන වියදම මෙහි අධිකරණයකින් යුක්තිය ඉටුකර ගැනීමට යන වියදමට වඩා අඩුය. එවැනි ක‍්‍රමයක් නොතිබුණේ නම් සුනිල්ගේ මවට හා පුංචිඅම්මාට යුක්තිය ඉටුකර ගැනීමට ක‍්‍රමයක් නැත. යුරෝපා සංගමයේ රටවල්වලටද ඔවුන්ගේ රටවල ශ්‍රේෂ්ඨාධිකරණ ඇතත් තම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු නොවූ අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවට එරෙහිව යුරෝපයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකිය. යුරෝපා මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කමිටුව මෙන් නොව අතිවිශාල බලතල ඇති අධිකරණ ක‍්‍රමයකි. එය දෙන තීන්දුවක් ක‍්‍රියාත්මක කිරීමට යුරෝපීය රටවල් නෛතික වශයෙන් බැඳී සිටින්නේය. එහෙත් එවැනි ක‍්‍රමයක් තිබීම තම රටේ ස්වාධිපත්‍යයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මදිපුංචිකමක් ලෙස යුරෝපයේ ජනයා සලකන්නේ නැත. එය යුරෝපයේ ජනයාට ලැබී තිබෙන ආරක්ෂාවකි. සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තිය යටතේ ජිනීවාහි පවත්වාගෙන යන මානව හිමිකම් කමිටුවද මේ රටේ පුරවැසියන්ට ලැබී තිබෙන අතිරේක ආරක්ෂාවක් ලෙස සිතන තැනකට අප යායුතුය. රටේ පාලකයන්ට ස්වාධිපත්‍යයේ නාමයෙන් රටේ පුරවැසියන්ගේ හිමිකම් හිතුවක්කාරී ලෙස චප්ප කරන්නට ඉඩ ලැබෙන ක‍්‍රමයක් යහපත් නැත. ඒ තත්ත්වය පාලනය කරන ක‍්‍රම තිබිය යුතුය. එවැනි ක‍්‍රමවලට අප පක්ෂපාත විය යුතුය.
අධිකරණය ප‍්‍රතිනිර්මාණය කරගැනීම
නීතියට අනුකූලව සාධාරණව හා අපක්ෂපාතව ක‍්‍රියාකරන අධිකරණයක් නැතිකම ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. අපට තිබෙන්නේ මජර ගලන තරමට කුණුවූ අධිකරණයකි. අධිකරණයේ ඇතිවී තිබෙන මෙම කුණුවීම වසන් කරමින් එය එම්බාම් කොට පවත්වාගෙන යන ප‍්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත.
අපකීර්තිමත් අගවිනිසුරු වරයකු තනතුරින් ඉවත් කොට එම තනතුරට අලූත් අගවිනිසුරු වරයකු පත් කරගත් පමණකින් අධිකරණයේ තිබෙන කුණුවීම අහෝසිවන්නේ නැත. නව අගවිනිසුරුවරයා එම තනතුරට ආවේ අධිකරණයේ ඇතිවී තිබෙන කුණුවීම තේරුම් ගෙන එය ජයගැනීම සඳහා අවශ්‍ය මාර්ග සැලැස්මක් හා අධිෂ්ඨානයක් ඇතිව නම් ලංකාවේ අධිකරණයේ කතාව මීට වෙනස් වන්නට ඉඩ තිබුණි. එහෙත් නව අගවිනිසුරුවරයා එම තනතුරට ආවේ එවැනි විපර්යාසයක් කිරීමේ අරමුණින් නොවේ. තිබුණු අධිකරණය විපර්යාසයකින් තොරව ඉදිරියට ගෙනයෑම සඳහාය. එහෙත් අධිකරණය විපර්යාසයකට ලක් කිරීමකින් තොරව ඉදිරියට ගෙනයන ප‍්‍රතිපත්තියක් අධිකරණයේ ඇතිවී තිබෙන කුණුවීමට ප‍්‍රතිකර්මයක් වන්නේ නැත.
අවලංගු කර තිබූ 17 වැනි සංශෝධනය නැවත බලාත්මක කරවා ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් යටතේ ක‍්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් ඇතිකිරීමද ලංකාවේ ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමට ප‍්‍රතිකර්මයක් වන්නේ නැත. රටේ විධිමත්ව හා කාර්යක්ෂමව ක‍්‍රියාකරන ආයතන ක‍්‍රමයක් තිබී එම ආයතන ක‍්‍රමයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීම වළක්වා ගැනීම සඳහා ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් යටතේ ක‍්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් ඇති කළේ නම් එය ඵලදායී දෙයක් වන්නට ඉඩ තිබුණි. එහෙත් ආයතන ක‍්‍රමය තිබුණේ විධිමත්ව හා කාර්යක්ෂමව ක‍්‍රියාකරන තත්ත්වයක නොව හොඳටම කුණුවූ තත්ත්වයකය. ඒ නිසා ඒ යොදන ලද ප‍්‍රතිකර්මය ප‍්‍රශ්නයට පිළිතුරක් වූයේ නැත.
සමස්ත ආයතන ක‍්‍රමය කුණුවී තිබුණු තත්්ත්වය තේරුම් ගෙන ඒවා එම තත්ත්වයෙන් ගොඩගැනීම ව්‍යවස්ථා සභාවේ පරමාර්ථය වී නම් හා ව්‍යවස්ථා සභාව තනතුරුවලට පත් කළේ ඒ කාර්යය ඉටුකිරීමට පුළුවන්කම ඇති සුදුසු පිරිසක් වී නම් ව්‍යවස්ථා සභාවට හා එය පත්කරන ස්වාධීන කොමිෂන් සභාවලට ඵලදායී කාර්යභාරයක් ඉටුකරන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ව්‍යවස්ථා සභා ක‍්‍රමය හා ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය ඇති කළේ එවැනි විශේෂ අරමුණකින් නොවේ. ඒවාට පුද්ගලයන් පත්කළේද ඒ අරමුණ වෙනුවෙන් නොවේ. තිබෙන ආයතන ක‍්‍රමය හොඳින් පවත්වාගෙන යෑමේ සීමිත අරමුණ සඳහාය. ඒ ආයතන ක‍්‍රමය කුණුවී තිබෙන තත්ත්වය තුළ ව්‍යවස්ථා සභාවට හා ස්වාධීන කොමිෂන් සභාවලට කළ හැකි වැදගත් කාර්ය භාරයක් නැත.
පසුගිය දශක කිහිපය තුළ අධිකරණය ක‍්‍රියාකර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක පිහිටා නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විකෘති කරන හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප‍්‍රතිපත්තියක පිහිටාය. පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරගැනීමට හැකියාව ලබා දුන් නඩු තීන්දුව හා මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පක්ෂය මාරු කිරීමට ඉඩ ලබා දුන් නඩු තීන්දු ඒ සඳහා දැක්විය හැකි ප‍්‍රධාන උදාහරණයන්ය. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැති සියලූ ජාත්‍යන්තර ගිවිසුම් බලරහිත කෙරෙන ආකාරයට ලබාදී තිබෙන සිංහරාසා නඩුවේදී ලබාදී තිබෙන නඩු තීන්දුවද ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයකි. මේ සියලූ නඩු තීන්දු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වනවා පමණක් නොව, ඒවා සමස්ත ආණ්ඩුක‍්‍රමය අවුල් ජාලයක් බවට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැයිද කිව හැකිය. යහපත් අධිකරණ සම්ප‍්‍රදායක් ඇතිකර ගැනීමට පමණක් නොව ආණ්ඩුක‍්‍රමයේ ඇතිවී තිබෙන විකෘතීන් නැතිකර ගැනීම සඳහා එවැනි තීන්දු අහෝසි කිරීම අත්‍යවශ්‍ය වේ.
එම බරපතළ වැරදි අධිකරණය සිය වුවමනාවෙන්ම නිවැරදි කරගනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ශක්තිය අධිකරණයට නැත. එය විය යුතුව තිබෙන්නේ බාහිර වශයෙනි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇති කරන තැනකට යාහැකි වනු ඇත්තේ අධිකරණයේ ඇතිවී තිබෙන පිරිහීම ගැන සොයා බලන කොමිෂන් සභාවක් පත්කරන තැනකට යෑමෙනි. කොමිසමේ අවසාන අරමුණ වියයුත්තේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන, බාහිර බලපෑම්වලට යට නොවන දේශීය මහජනයාගේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ගෞරවයට හා විශ්වාසයට හේතුවන ස්වාධීන අධිකරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමය. එම කොමිසම අධිකරණයේ ඇතිවී තිබෙන පීලි පැනීම්, විනිශ්චයකාරවරුන්ගේ විනය පිරිහීම, නඩු පමාව වැනි කාරණාද සලකා බැලිය යුතුය. මෙම කොමිසම පත්කරන සාමාජිකයන් අධිකරණයේ සේ ම සමාජයේද ගෞරවයට හේතුවූ ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති විශිෂ්ට පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය.
-වික්ටර් අයිවන් විසිනි -
(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.24, ප.ව‍‍‍‍‍‍.11.45)  
Links:-
Case No:- S.C.(F/R) 429/2003

United Nations Human Rights Committee at its 113th session (16 March–2 April 2015). Communication No. 2087/2011

Saturday, July 23, 2016

ගහලා අත කඩලා, රුපියල් එක් ලක්ෂ දහදාහක් මංකොල්ලා කාලා.


පසුගිය 16 වන දා අලූයම බූරු පොල වැටලූ කලවාන පොලීසිය නිවස අයිතිකරුට පහරදී අත කඩා රැුගෙන ගොස් කූඩුවට දමා නැවත නිවසට පැමිණ, නිවස සෝදිසි කර රුපියල් එක් ලක්ෂ දහදාහක් මංකොල්ලා කා තිබේ.

සියලූ විස්තර අනාවරණය වන්නේ පහර කෑමට ලක් වූ  කේ.එම්. අතුල  ගේ ලිඛිත පැමිණිල්ලෙනි. 

පැමිණිල්ල පහත දක්වමු.


පහරදී බරපතල තුවාල සිදුකොට, අත්අඩංගුවට ගෙන ප‍්‍රතිකාර ලබා නොදීම, රුපියල් එක් ලක්ෂ දහ දාහක මුදල් සොරකම් කිරීම.

2016.07.22 වන දින දීය.

2016 ජූලි 15 වන දින රාත‍්‍රී 9.00 ට පමණ, මාගේ නිවසේ මා හා තවත් මිතුරන් විසිදෙනෙකු සමග සාදයක් පවත්වා එහි අවසානයේ දී අප එක්ව කාඞ් සෙල්ලම් කරමින් සිටියා.

එසේ සිටින විට 2016 ජූලි 16 අලූයම 1.00 ට පමණ හතර පස් දෙනෙක් පොලූ අත ඇතිව, කුණුහරප කියමින්, කඩා වැදුනා. ඔවුන් සිටියේ සිවිල් ඇඳුමින්. ඔවුන් පොලීසියෙන් බවද ප‍්‍රකාශ කළා. එ් සමගම අතින් පයින් හා පොලූවලින් පහර දුන්නා. එසේ පහර දෙන විට පිරිසෙන් කොටසක් එතැනින් ඉවත්ව ගියා. එහි සිටි අය අතරින් අට දෙනෙකු අල්ලාගෙන මාංචු දමා ජීප් එකට අරන් ගිහිල්ලා දාගත්තා.

මා සිටියේ උ`ඵවස්සට හේත්තු වී. මා අසලට පැමිණි දෙදෙනෙක් උඹද ගෙදර අයිතිකාරයා කියා අසමින් ඔවුන් අත වූ පොලූවලින් මට පහර දුන්නා. එසේ පහර දී මාංචු දමා ජීප් එකට අරගෙන ගිහින් දැම්මා. 

ඉන්පසු මට පහරදුන් එක් අයෙක් දුරකතනයෙන් කතා කර ජංගම රථය ගෙන්නා ගත්තා. ජංගම රථයේ සිටි සැරයන් නිහාල්සිරිව බස්සා එම ජංගම රථයට මා ඇතුලූ අට දෙනාව නංවාගෙන ඔහුද එයට නැග කලවාන පොලීසියට ගෙන ආවා. 

පොලීසියේදී අප සියලූ දෙනාම කූඩුවට දැම්මා. ඉන්පසුව එම නිලධාරියා නැවත මාගේ නිවසට ගොස් මාගේ යතුරුපැදිය ඇතුලූ වාහන විස්සක් (20* පමණ පොලීසියට ගෙන ආවා. එ් වාහන අතර යතුරුපැදි, ත‍්‍රීවිල්, ජීප් රථයක් තිබුණා. එසේ රැුගෙන එ්මට පැය 1 1/2 ක් 2 ක් පමණ ගතවුණා. 

මට පහරදීම නිසා දරුණු ලෙස මාගේ දකුණු අත රිදෙන්න ගත්තා. මම වේදනාවෙන් කෑගැසුවා. එවිට ජංගම රථය ගෙන්වා මට පහරදුන් එක් පුද්ගලයකු නිල ඇඳුම් ඇඳගෙන මාව කලවාන රජයේ රෝහලට ගෙන ගියා. එ් අවස්ථාවේ මම දැනගත්තා මට පහරදුන් පුද්ගලයා පොලිස් පරීක්ෂවරයෙකු බව. පසුව දැනගත්තා ඔහුගේ නම වීරරත්න බව. දුටුවොත් අඳුරන්න පු`ඵවන්. 

කලවාන රෝහලට ගෙන යන විට 2016.07.16 අලූයම 3.00 ට පමණ ඇති. මාව පොලිස් පරීක්ෂකවරයා එහි සිටි වෛද්‍යවරියකට ඉදිරිපත් කළා. ඇයට මා පහරදුන්න බව කිව්වා. පරීක්ෂා කර වෙ`ඵම් පටියක් දමා බෙහෙත් පෙති වගයක් බොන්න දුන්නා. 

මගෙන් බීලාද කියා ඇසුවා. මම නෑ කිව්වා. එම වෛද්‍යවරිය පොලිස් පරීක්ෂකට කිව්වා මම බීලා නෑ කියා. ඉන්පසු මාව නැවත පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා. 

එදින 2016.07.16 උදේ 9.00 ට විතර මාව කූඩුවෙන් එළියට අරන් මට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. 

එහිදී මගේ නම, ලිපිනය අසා මට පහරදුන්නේ අනෙක් නිලධාරියා බවත් ඔහු තිලකසිරි බවත් එ් බව ලියන්නම් කියා මගේ නම සඳහන් කරන්න එපා කියා, පොලිස් පරීක්ෂකවරයා ප‍්‍රකාශය ලියා ගත්තා. 

මට හා අනෙක් අයට පොලිස් ඇප දුන්නා. 2016.07.20 දින උසාවියට ඉදිරිපත් වෙන්න කිව්වා. ගෙන එන ලද සියලූම වාහන කොන්දේසි රහිතව මුදා හැරියා.

මා ඇප මත මුදාහැරීමෙන් පසුව, මම ගෙදරට කෝල් කළා. උත්තර දුන්නේ දුව. ඇයගෙන් දැනගත්තා දෙවෙනි පාර පොලීසියෙන් ආවට පස්සෙ ගෙට ඇතු`ඵ වී කාමර සියල්ලම සෝදිසි කළ බව. එ් අවස්ථාවේ වසා තිබූ කාමරයට ඇතු`ඵ වූ පොලිස් නිලධාරියා එහි සිය`ඵ දේ ඇද දමා ගිය බව.

පසුව දැනගත්තා කාමරයේ තිබූ රුපියල් එක් ලක්ෂ දහ දාහක මුදල් ඔහු රැුගෙන ගිය බව. 

එම විස්තර දැන ගැනීමෙන් පසුව මා පොලීසියේ සිට නැවත රෝහලට ගියා. එහිදී මාව නවත්වා ගත්තා. වාට්ටුවකට දැම්මා. මාගේ අත ඞ - රේ කළා. ඉන්පසුව මාව ගිලන් රථයෙන් රත්නපුර මහ රෝහලට ගෙන ගියා. මාව රෝහල්ගත කළා. රත්නපුර රෝහල් පොලීසියෙන් ප‍්‍රකාශයක් ගත්තා. ඊට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කළා.

පසුදින එනම් 2016.07.18 දින ටිකට් කැපුවා.  

ඉන්පසු රත්නපුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළා. ප‍්‍රකාශයක් ලියා ගත්තා. 

2016.07.20 දින කලවාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මා ඇතු`ඵ 8 දෙනාව මුදලට සූදු සෙල්ලම් කළ බවට චෝදනා නගා තිබුණා. නීතිඥ උපදෙස් මත වරද පිළිගත්තා. සැම දෙනාටම රු: 1000/- බැගින් දඩ නියම කළා.

මා පසුව දැනගත්තා මට පහරදුන් අනෙක් නිලධාරියා තිලකසිරි බව. මාගේ රුපියල් එක් ලක්ෂ දහ දාහක මුදල් සොරකම් කළේ ද ඔහු. ඔහුව දුටුවොත් අඳුරන්න පු`ඵවන්.

මා ඉල්ලා සිටින්නේ,

1. මට පහර දී බරපතල තුවාල සිදු කළ කලවාන පොලීසියේ පොලිස් පරීක්ෂක වීරරත්න හා    තිලකසිරි යන නිලධාරීන්ට (නම නිශ්චිත නැත)එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට.

2. නිවස සෝදිසි කර, මාගේ, රුපියල් එක් ලක්ෂ දහ දාහක මුදල සොරකම් කළ තිලකසිරි යන   නිලධාරීයාට (නම නිශ්චිත නැත) එරෙහිව නිතිමය පියවර ගෙන, එම මුදල මට ආපසු ලබාදීමට පියවර ගන්නා ලෙසටය.

මේ පිළිබඳව කඩිනමින් පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

කේ.එම්. අතුල 

මරියාට හා පූජකට එරෙහිව චෝදනාව අනාචාරය හැසිරීම. නඩුවට අවු:9යි. දෙයියන්ගේම පිහිටයි.



ඔහු පුංචි රෝමයේ සිට මරියා සමග විවාහ වී රෝමයට ගියේ නිල්ල සොයාය.

මරියාට දරු සම්පත ලැබුණේ ද රෝමයේදී ය. පාසල් වයසට එළෙඹි පුත‍්‍ර රත්නයට අධ්‍යාපනයට ලබා දීමට සුදුසු තැන ශ‍්‍රී ලංකාව බව යුවලගේ තීරණය විය.

මරියාව හා පුත්රුවන පුංචි රෝමයට ගෙනවිත් දමා ඔහු නැවත රෝමයට ගියේය. කලකට පසුව මරියා අනාචාරයේ හසිරෙණ බවට ආරංචිය ඔහුට ලැබින. ඇය එසේ හැසිරෙන්නේ පූජකතුමෙකු සමග බවද, ඇය හා එකී පූජක තැන එක්ව තම දේපළ විනාශ කරන බවද දරුවාට නොසලකා හරින බව ද ඔහුට දැන ගන්නට හැකි විය. ඔහු අධිකරණයේ පිහිට පැතීය. බිරිඳගෙන් නඩත්තු ඉල්ලා නඩත්තු නඩුවක් ද, බිරිඳ හා පුජක තැන වගඋත්තර කරුවන්කර දික්කාසාද නඩුවක් පැවරීය.

මේ වන විට, මරියා ඔහුට නඩත්තු ගෙවයි. එහෙත් දික්කසාද නඩුව ඉවර කරන්නේ නැත. ඔහු ප‍්‍රකාශ කරන්නේ දික්කසාද නඩුව ප‍්‍රමාදයට හේතු රහිත බවයි. දික්කසාද නඩුවේ දෙවන වගඋත්තරකරු වන පූජක තැන තමා මරියා සමග අනාචාරයේ හැසිරුණ බවට වන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන අතර එම චෝදනාව නිසා තමාගේ කීර්ති නාමයට වූ හානියට මිලියන 10 ක් ලබාදෙන ලෙසට, උත්තර බඳිමින් අධිකරණයෙන් ඉල්ලා ඇත. 

මරියා, පූජක හා ඔහු අතර පවතින මේ නඩුව රටේ නඩු ඇසීම පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙසට දැකිය යුතුයි. දික්කසාද නඩුවක් අවුරුදු 09 ක් දික්ගැස්සෙන්නේ නම් එයින් යහපතක් වන්නේ කාට ද? දෙවියන් වහ්නසේට ද?


Friday, July 22, 2016

අල්මාරියේ කසිප්පු හොයා, රු: 35,000/- ක වළල්ලකට කෙළලා.


බදුරලියේ පොලිස්කාරයන් තිදෙනෙක් ගැහැණියක් පමණක් සිටින අවස්ථාවක ගෙට රිංගා අල්මාරි, පෙට්ටලම් අවුස්සා රු: 35,000/- ක් වටිනා රන් වළල්ලක් සොරාගත් බවට වන පැමිණිල්ලට පොලිස්පති මුණිවත රකියි.

බිරිඳ විතරක් ගෙදර සිටින අවස්ථාවේ සිවිල් ඇඳුමින් පැමිණි තිදෙනෙක් අනවසරයෙන් ගෙට ඇතුලූ වී ඇත. බිරිඳ ගෙයින් එළියට පැන කව්ද යැයි ප‍්‍රශ්න කළ විට, තමන් පොලීසියෙන් බවත් කසිප්පු සෙවීමට පැමිණි බවත් කියා ඇත.

සැමියා එනකම් ඉන්න යැයි කිව්වද, එයට කන් නොදී බලයෙන් නිවසට ඇතුලූ වී අල්මාරි කබඞ් මුට්ටි වලං පෙරළමින් කසිප්පු සොයා ඇත.

එ් අවස්ථාවේ සැමියා පැමිණ ඇත. කසිප්පු ඇති වට පෙත්සමක් ඇවිත් තිබෙන බවත් එ් අනුව කසිප්පු සොයන බවත් පවසා ඇත.

බදුරලිය පොලීසියේ මේ තිදෙනාගෙන් එක් අයෙක් සැරයන් ජයතිස්ස බව හඳුනාගෙන ඇත. අනෙක් දෙන්නා කව්රුන්දැයි නොදනී.

ඔවුන් ගිය පසු එළියට ඇද දමන ලද බඩු එකලස් කරන අවස්ථාවේ රු: 35,000/- ක් වටිනා රන් වළල්ල මොවුන් සොරකම් කරගෙන ගොස් ඇති බව නිරීක්ෂණය විය. දැක ඇති පුරුද්දෙන් එක් අයෙක් ජයතිස්ස බව හඳුනාගෙන ඇත. එසේ හඳුනා නොගත්තේ නම් මොවුන් කවුරුන්දැයි දැන ගැනීමට ක‍්‍රමයක් නැත.

පොලීසිය නීති විරෝධී ක‍්‍රියාවන් හි නියැලෙන විට නිල ඇඳුම් අඳින්නේ නැත. එ් අපරාධ කර හසු නොවී සිටීමටය. එසේ නිල ඇඳුම් නැතිව ගේ ෙදාර සෝදිසි කරන විට අනන්‍යතාවය විමසුවොත් දැඩිව කෝප වී කුණුහරුප කියමින් බැන තර්ජනය කිරීම ද අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීම ද පොලිස්පති ඇතුලූ ඉහළයන්ගේ අනුදැණුම ඇතිව සිදුවන්නකි. 

මෙම පොලිස් අපරාධ, පොලිස් ත‍්‍රස්තවාදය අවම කිරීමටවත් පියවර නොගන්නේ පොලීසියේ දුෂණ අපරාධ, අකාර්යක්ෂමතාවය වසා දැමීමටය.

මෙම සිද්ධියට මුහුණ දුන් සරත් මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

බදුරලිය පොලීසියේ තිදෙනෙක්, කසිප්පු සොයන්නට කියා ඇවිදින් අල්මාරි පෙට්ටගම් අවුස්සා රු.35,000/- ක් වටිනා රන් වළල්ල සොරා ගැනීම. 2016.07.20 දින දීය.
2016 ජුලි 17 වන ඉරිදා දහවල් 11ට පමණ සාමාන්‍ය ඇඳුමින් පැමිණි තිදෙනෙක්, එ් අවස්ථාවේ නිවසේ සිටි බිරිඳට ගේ සෝදිසි කරන්න අවශ්‍යය බව පවසා තිබේ. ඇය ඔවුන් පොලිසියෙන් බවට අනුමාන කොට, මා, ඉඩමේ වැඩට ගොස් අති බව පවසා, කෝල් කර ගෙන්න ගන්නා තෙක් ඉන්න යයි කියා තිබේ. තමුසේ ගෙදර කෙනෙක් නෙවේද යයි අසමින්, බිරිඳගේ විරෝධය නොතකා, අපි පොලීසියෙන් යයි කියමින් ගෙට ඇතුලූ වී තිබේ. බිරිඳ ගේ ඇතුලෙන් එලියට පැමිණ ඇත. එක් අයෙක් සාලය එක්ක තියෙන කාමරයට ද, අනෙක් දෙන්නා කුස්සියට ද ඇතුලූ වී සෝදිසි කරන්නට පටන්ගෙන තිබේ. එ් සමගම බිරිඳ මට දුරකථනයෙන් කථා කර, පොලීසියෙන් යයි කියා තිදෙනෙක් ගේ සෝදිසි කරන බව කියා සිටියා. මා වහාම ගෙදර පැමිණියා. මා එන විටත්  එම තිදෙනා ගේ සෝදිසි කරමින් සිටියා. පැමිණි සිටි අය අතුරින් එක් අයෙක් බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස බවට මා හඳුගත්තා. මා පැමිණි පසු සෝදිසි කිරීමට ලක් නොවී තිබු කාමරය පෙන්නා එය සෝදිසි කිරිමට මාව කැඳවනු ලැබුවා. මා ඉදිරියේ අල්මාරි ඇර රෙදිපිලි අවුස්සමින් සෝදිසි කළා. මා සොයන්නේ මොනවාද කියා ඇසූ විට, ඔවුන් කියා සිටියේ කසිප්පු සොයන බවයි. මා කසිප්පු පෙරන බවට පවුලේම අය පෙත්සම් ගසා තිබෙන බවයි. බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස ඇතුලූ මෙම තිදෙනා, කසිප්පු සෙවීම සඳහා අල්මාරි කබඞ්, වලං අවුස්සමින් එ්වායේ තිබු රෙදි පිළි ඇතුලූ බඩු බාහිරාදිය විසුරුවා හැර ගිය පසුව, කරන ලද සොයා බැලීමේදි අල්මාරිය තුළ තිබු රුපියල් තිස්පන්දාහක් වටිනා රන් වළල්ල සොරාගෙන ගොස් ඇති බව වැටහුනා. 
මා මේ පිළිබඳව, 2016 ජුලි 18 වන දින උදේ පොලිස් මුලස්ථානයේ සහන මැදිරියේ පැමිණිලි කළා. එහි අංකය 2016/07/18, ක්‍ෂඊ 174158 වේ. මේ ආකාරයට, තනියම, ගැහැණියක් සිටින වේලාව බලා පැමිණි, ඇගේ විරෝධය නොතකා, ටික වේලාවක් බලා සිටීමට නොහැකිව, තදියමේ, ගෙට ඇතුලූවී අල්මාරි කබඞ් අවුස්සමින්, වලං පෙරළමින් ‘කසිප්පු’ සෙවීම කළේ අපරාධයක් සෙවීමට නොව සිදු කිරිමටය. එ් අවස්ථාවේ මාගේ බිරිඳ ගෙයින් එළියට පැමිණියේ නැති නම් ඔවුන් ඇයව ¥ෂණය කිරීමට පවා ඉඩ තිබිණ. බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස සමග තවත් නිලධාරීන් මීට පෙර අවස්ථා දෙකකදී, නිවසට පැමිණ කසිප්පු තිබේදැයි නිවසට ඇතුලූව සෝදිසි කර යන ලදි. එ් අවස්ථා දෙකේදීම මා නිවසේ සිටි අතර, මා ඉදිරිපිට සෝදිසි කිරීම් සිදු කරන ලදි. බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස හා පැමිණි නිලධාරින් දුටුවොත් හඳුනා ගැනීමට හැකිය. කිසිදු අවස්ථාවක ඔවුන් සෝදිසි කිරිම සඳහා වන වරෙන්තුවක් ඉදිරි පත් නොකරන ලදි. මාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තේ ද නැත. මහජනයා ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරින් අද අපරාධ සිදු කරන බව නොරහසකි.
මා ඉල්ලා සිටින්නේ,
1*. නීති විරෝධිව මාගේ නිවස සෝදිසි කළ බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස හා ඔහු සමග පැමිණි 
    නිලධාරින් දෙදෙනාට,
2*. මෙම නීති විරෝධි ක‍්‍රියාවට වග කිව යුතු බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිට, එරෙහි නීතිමය පියවර 
    ගන්නා ලෙසට,
3*. මාගේ නිවසින් සොරාගත් රු.35,000/- වටිනා රන් වළල්ල වහාම ලබා දීමට හෝ වටිනාකම බදුරලිය 
    පොලීසියේ සැරයන් ජයතිස්ස හා ඔහු සමග පැමිණි නිලධාරින් දෙදෙනා ගෙන් අය කර ලබා දෙන 
    ලෙසට,
4*. එකී සොරකම සම්බන්ධයෙන් බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස හා ඔහු සමග පැමිණි නිලධාරින් 
    දෙදෙනාට එරෙහිව නඩු පවරන ලෙසට,




Saturday, July 16, 2016

සංදර්ශන, ආගම්වලට මුවාවෙන් ජාතියම බිහිරන් කරවීමට ඉඩ දෙනවාද?




Panadura SSP office 

ඝෝෂාව මගින් විනාශ කරන පරිසරය සියලූ සත්ත්වයන්ට හානිකරය. 

ඝෝෂාව පාලනය කරන නීති තිබේ. අණ පනත් තිබේ. පොලීසිය, පරිසර අධිකාරිය තිබේ. එහෙත් නීති නොතකා ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කරගෙන සංගීත සංදර්ශන හා අවිචාර ආගමික ක‍්‍රියාවන් සිදුකරන්නේ ලක් වාසීන් කර්ණ ආබාධිතයන් හා බිහිරන් බවට පත් කිරීමට ය. බිළි`දුන් බිහිරන් කර ගො`ඵවන් බවට පත් කිරීමට ය. 

පානදුර නාගරික වැසියන් පිරිසක්, මහජනයා පීඩාවට පත්කරන ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කරගෙන සිදුකරන ඝෝෂාව නවත්වන ලෙසට පානදුර සහකාර පොලිස් අධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. පවතින නීතියට අනුව, ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කළ හැක්කේ අදාල බල ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීගෙන් ලබාගන්නා නිසි බලපත‍්‍රයකට යටත්වය. බලපත‍්‍ර ලබා දුන්නද ශබ්ද විකාශන යන්ත‍්‍ර මහජනයා පීඩාවට ආකාරයට යොදා ගන්නා බවට පැමිණිල්ලක් ලැබුණහොත් එය නවතා දැමීම සිදුකළ යුතුයි. 

පානදුර නගර සභා පිට්ටනියේ පවත්වන සංගීත සංදර්ශන මෙන්ම පල්ලි, පන්සල් දිනපතාම උදේ හවස විසුරුවා හරින ”ඝෝෂාව” අසල්වැසියන්ට මානසිකව හා ශාරිරිකව මහත් පීඩාවකි.

නීතියට තමන්් යටත් නැති බව, නීතියට අවනත වීම පහත් ක‍්‍රියාවක් බව, තම නීති විරෝධි ක‍්‍රියාවට විරුද්ධවු කුලප්පු වෙමින්, ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය සිදුකරයි. බලයට අල්ලසට යටවී සිටින පොලීසියට කන් ඇසෙන්නේ නැත.  

මෙම තත්ත්වයට මහජනයා ද වගකිව යුතුයි. මන්ද පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවීමයි. බොහෝ විට තවත් අයෙක් කරනකං බලා සිටීමයි.  

Monday, July 11, 2016

තෙබුවන පොලීසියේ OIC. ගේ අසහනයට බිලි වූ පටාචාරා ව.



මේ වන විට ඇගේ වයස අවු: 34 කි. හතර දෙනෙකු ඇයව දුෂණය කරන විට අවු: 15 කි. නඩුව තවම ඉවර නැත. අවු: 19 ක් ගෙවිලාය. යුක්තියේ දෙවඟන රෙදි කඩාගෙන බලා සිටී. දරුවන් 2නා අහිමි වෙලාය.

ඞී.අයි.ජී. වාස් ගේ බිරිඳ නම් පටාචාරාවකි. අැය?.

මැය තම අසල්වැසි බලපුලූවන්කාර පවුලක නිරන්තර පීඩාවට ලක් වන්නේය. වරක් ඇය පොලිසියට යන්නේ, එ් ගැන පැමිණිලි කරන්නටය. එයට හිලව්වට අල්ලපු ගෙදර අය ද පොලීසි යති. ඇගේ පැමිණිල්ල විභාගයට ගන්නේ නැත. අල්ලපු ගෙදර පැමිණිල්ල විභාගයට ගන්නේ ය. එ් ගැන ඉවසන්නට බැරිම තැන ඇය, මම මේ අසාධාරණය ගැන පැමිණිලි කරන්නට ලොකු තැනකට යනවා කියා, පොලීසියෙන් පිටවිය. 

එ් 2015.09.26 දින දීය. තෙබුවන පොලීසියේ  OIC පො.ප. අරුලානන්දම් ද නිකං හිටියේ නැත. පොත අරගෙන ඔහුද ඇයට විරුද්ධව පැමිණිල්ලක් ලිව්වේය. එතැනින් නොනැවතුන ඔහු එ් පිළිබඳව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ද පැවරුවේ ය. 

 ඕනෑම කෙනෙකුට තමන්ට විරුද්ධව පොලීසියේ පොතේ ලියන පැමිණිල්ලක සහතික පිටපත ලබා ගැනීමට අයිතියක් ඇත. එ් අයිතිය අනුව,  OIC පො.ප. අරුලානන්දම් තමන්ට විරුද්ධව ලියන ලද පැමිණිල්ලේ සහතික පිටපතක් රු: 25.00 ක් ගෙවා ඉල්ලා සිටියේය. 

එම සහතික පිටපත දෙන්න එන්න කිව්ව දිනය වූ 2016.07.04 දින උදේ 7.00 ට ගියේ, එය අරගන්න. නමුත්  OIC පො.ප. අරුලානන්දම් ට, තමාට පඩි ගෙවන්නේ මෙම තැනැත්තිය බව අමතක විය. තමා සේවකයකු බවද අමතක විය. OIC පො.ප. අරුලානන්දම් ඇයට නින්දා කළේ ය. අපහාස කළේ ය. තර්ජනය කළේය. එ් ඇය වැනි අසරණියක් තමන් වැනි පොලිස් පරීක්ෂකයකු අභියෝගයට ලක් කරාවි යැයි නොසිතූ නිසාය. 

පොලිස්පති, පොලිස් ඉහළයන් තම දුෂිත පිළිවෙත් හා සමස්ථ පොලීසියේ දුෂණ වසන් කරන්නට කියන කතා අතර එකකි  OIC ලා අසහනයෙන් පෙළෙන බව.

අසන්නට ඇත්තේ එක ප‍්‍රශ්නයකි. උන්ගේ අසහනයට අසරණ ගෑණු පළිද? කියාය. 

ජේ්‍්‍යස්ඨ පුරවැසියාට පහර දීලා මාස 1 1/2 යි, නඩුයි බඩුයි පොලිසියේ .........


 ඇය 61 හැවිරිදි සිව් දරු මවකි. ජේ්‍්ෂ්ඨ පුරවැසි හැඳුනුම්පතට ද හිමිකම් කියයි. පොලීසියට එ්වායින් ඇති පලේ කුමක්ද? ඊට වඩා ගරාජ් කාරයා ලොකුයි.

ඇය, ශ‍්‍රීමතී ප‍්‍රනාන්දු, පානදුර දකුණ පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. 2016.05.04 දින ඇයට පහර දෙන්නේ කුමුදුනී ප‍්‍රනාන්දු හා ගයනි තාරකාය. තුවාල ලැබූ ඇය දින 03 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ගෙන තිබේ.

නමුත් පොලීසිය අද දක්වාම නීතිමය පියවර ගෙන නැත. එ් අන් කවරක් නිසාවත් නොවේ. ගයනි තාරකාගේ සැමියා කුෂාන් ගරාජ් කාරයෙක්. පොලීසිය නිතර යන එන තැනක්.

මෙයට පෙර, මේ පිරිසම ඇයට පහරදී, ඇගේ නිවසෙන් එළියට ඇද දමා ඇත. එ් 2016.04.23 දිනය.

දැන් ඇය යන එන මං නැති ජේ්‍යෂ්ඨ පුරවැසියෙකි.

ඇය, 2016.07.07 සිද්ධිය අදාලව, නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා, පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව දැණුම් දීමක් කරණු ලැබීය. බලාගෙන සිටිමු. එස්.එස්.පී. උන්නැහේ ගන්නා ක‍්‍රියා මාර්ගය කුමක්ද කියා.






















Sunday, July 10, 2016

දත් කැඩෙන්න ගහපු පොලිස්කාරයා ඉන්නේ පානදුර ASP ළඟ



මිනිස්සුන්ට වධ දෙන පොලිස් කාරයන්ව නීතිය ඉදිරියට ගෙන එන්නේ නැතිව පෙරහැර පැවැත්වීමෙන් කරන්නේ තිතටම වධහිංසාව පවත්වාගෙන යන්න පොලීස්කාරයින්ට උඩගෙඩි දෙන එක. මානව හිමිකම් කොමිෂම ‘වධහිංසාවට තිත පෙරහැර’ පවත්වන විටත්, පොලිස්කාරයෝ වධකාගාර පවත්වාගෙන යමින් මිනිස්සුන්ට වධ දුන්නේය. අඛණ්ඩව වධ දෙන්නේය. 

මේ 2016.07.04 වන දින පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ වධකාගාරයක් ද පවත්වාගෙන යන යුනිට් එකේ නිලධාරීන් ඇෙඟ් මහන්සිය නිවාගන්න පිළිකන්නේ වාඩි වී සිටි මිනිසෙකුගේ දතක් කැඞීමේ සිද්ධියයි.

මෙම විපතට පත්වුනේ පානදුර දකුණ පොලිස් වසමේ 42 හැවරිදි, රියදුරෙකු වු, දෙදරු පියෙකි. 

මේ අපරාධය කළ පද්මකුමාර නැමති පොලිස්කාරයා අදටත් අත්අඩංගුවට ගෙන නැත. අපරාධය මහේස්ත‍්‍රාත්වරයාට වාර්තා කරද නැත.

සිද්ධිය ගැන දින ගණනක් ගත වුවත් නීතිය ක‍්‍රියාත්මක වූයේ නැති නිසා පැමිණිලි කළේ නැතැයි නොකියන්නට පොලිස්පති ට, මානව හිමිකම් කොමිෂම ට හා ජාතික පොලිස් කොමිෂම ට ලියා දැන්වීය. එම පැමිණිලි පහත දක්වමු.

2016.07.09 වන දින දීය.
පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, ‘යුනිට්’ එකේ පද්ම කුමාර නැමති නිලධාරියාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙසට කරන ඉල්ලීම.

2016 ජූලි 04 වන දින, රාත‍්‍රී 8.30 ට පමණ, මා නිවස පසුපස වාඩි වී සිටින විට, මා දුටුවා පාරේ කෙනෙකු දුවනවා. ඒ සමගම එ්ම පුද්ගලයා පිටුපස තිදෙනෙකුද දිව්වා. එයින් එක්කෙනෙක් මා ඉදිරිපිට නැවතී උඹත් චන්ඩියෙක් ද කියා අසා, අත මිට මොලවා කම්මුලට වේගයෙන් පහරක් ගැහැව්වා. මාව පුටුව සමග පෙරලූනා. ඉන්පසු අතේ තිබූ කලූපාට ටෝච් එකෙන් ඔලූවට ගැහැව්වා. එවිට බිරිඳ ගහන්න එපා, ඔයගොල්ලෝ කව්ද කියා කෑගසමින් ඇසුවා. බිරිඳ ළඟට ආවම ඇයව තල්ලූ කළා. උඹලා කලූ ගලේ ඔලූව ගහගත්තා යැයි බිරිඳට කිව්වා. ගහපු පාරට මගේ දතක් ගැලවිලා ගියා. ලේ ගලන්න පටන් ගත්තා. ඔලූව ඉදිමුනා. බිරිඳගේ කෑ ගැසීමට අවට ඥතීන් එකතු වුණා. එතැනට තවත් පස් හය දෙනෙක් ආවා. එම පිරිසෙන් සමහරු හිටියෙ කොට කලිසම් ඇඳලා. තවත් කිහිප දෙනෙක් දිග කලිසම් ඇඳලා හිටියා. මට ගහපු එක්කෙනා සුදුයි. උඩ රැුවුල තිබුණා. දිග කලිසම ඇඳලා හිටියේ. දැක්කොත් අඳුරන්න පු`ඵවන්. පසුව දැනගත්තා ඔවුන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකේ බව. මට ගහපු අය පද්මකුමාර බව. එ් පිරිස ජීප් එක ගෙන්වාගෙන නැගලා ගියා. ඔවුන් යන විට අපි වැල්ලේ පොලීසියේ කියාද කිව්වා. ඔවුන් යනවාත් සමග මාව පානදුර මූලික රෝහලට ගෙන ආවා. එහිදී මාව පරික්ෂා කර රෝහලේ නතර කර ගත්තා. මම පොලීසියෙන් ගහපු බව වෛද්‍යවරුන්ට කිව්වා. දින 04 ක් රෝහලේ නතර කර ගත්තා. 2016.07.05 දින රෝහල් පොලීසිය මාගෙන් ප‍්‍රාශයක් ලියා ගත්තා. පසුව දැනගත්තා, මා රෝහල්ගත වූවාට පසුව රාත‍්‍රී 9.30 ට විතර, පානදුර දකුණ පොලීසියේ කීප දෙනෙක් ඇවිත් මගේ නම හා එ් ලොවේ නිවසේ සිටිය මාගේ මවගේ නම ලියාගෙන ගිහිල්ලා තබුණ බව. මාගේ බිරිඳ 2016.07.05 වන දින පානදුර ස.පො.අ. 1 වෙත පැමිණිලි කර තිබුණා. සාක්ෂි ද ලියාගෙන තිබුණා. නමුත් අද දක්වාම මට ගහපු පද්මකුමාර යන නිලධාරියා නිලදැල්ලේ සිටිනවා. මේ ආකාරයට කොට කලිසම් ආදිය ඇඳගෙන කිසිදු හේතුවක් නොමැතිව නිවසේ පසුපස විවේක ගනිමින් සිටින විට, පහර දී දතක් කඩා දමන ලද, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ ”යුනිට්” එකේ පද්මකුමාර නැමති නිලධාරියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට මේ දක්වාම පොලීසිය අසමත්ව ඇත. මා ඉල්ලා සිටින්නේ, මට පහරදී මගේ මුලික අයිතීන් උල්ලංඝණය කරන ලද නිළධාරියාට හා අපරාධකරුවන්ට එරෙහි නිතිමය පියවර නොගත්, පානදුර සහකාර පොලිස් අධිකාරි-1 පානදුර දකුණ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටය.  









Monday, July 4, 2016

පඩි ගෙවන ජනතාව කැ----යෝ SSP ලා IP ලා ඉපිදිලා තියෙන්නේ මනුෂ්‍ය ශුක‍්‍රානු වලින් නොවේ......


තම කඩය අවහිර වනසේ නතර කරපු කාර් එක එලවපු ගැහැණිය සමග ඇතිවු කථා බහ කෙළවරවුනේ උසාවියෙන්. එහි දි රියදුරු ගැහැණියගේ මිනිහා හිටපු ීීඡු හා එතනට ආපු ෂඡුල ශ‍්‍රි ලංකා  පොලීසියේ මහජන මිත‍්‍රශීලි බව ප‍්‍රදර්ශනය කරපු හැටි පැහැදිලි කරන සිද්ධියකි මේ.

සිද්ධියට මුහුණ දුන්න දෙදෙනා මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද ලිඛිත පැමිණිලි දෙක එ් අයුරින්ම පහත දක්වන්නේ, නරක පොලිස් කාරයෝ ඉන්නේ සියයට 10ක් බව කියන ඉහළයන්ගේ අවධානය සඳහාය. මන්ද මේ ඉහළයන් කියන්නේ පොලීසියේ සියයට 90ක් ම හොඳ අය බවයි. එ් අනුව 85,000 ක් වන පොලිස් නිලධාරින් අතරින් නරක පොලිස්කාරයෝ 8500 ක් සිටිති. එනම් සෑම පොලිසියකම මේ නරක පොලිස්කාරයෝ එක්කෙනෙකුට වඩා සිටිති.     
1.
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, පහර දී, රඳවා තබාගෙන බොරු නඩු දැමීම-   
2016.06.15 දින දීය. 2016.06.14 දින, සවස 6.30 ට පමණ, පානදුර, ඞී.ඩබ්.විජේසූරිය මාවතේ, අංක 409/18 ්‍ය පිහිටි කුෂාන් ට අයත්, ඇඳුම් කඩය ඇතුලේ සිටියා. 
එවිට කුෂාන් මට කතා කොට, ”මම ඉස්සරහා කඩයට යනවා, කඬේ ටිකකට බලාගන්න” කියා ගියා. මම කඩයේ ඉස්සරහට ආවිට දුටුවා, කඩයට ඇතුලූ වන තැන හරස්කර, වාහනයක් නවත්වා තියෙනවා. එතැන කාන්තාවක් හිටගෙන දුරකථනයෙන් කතා කරමින් ඉන්නවා. 

ඇය මගෙන් ඇහුව්වා, ”මෙතන හිටිය කෙනා කෝ, කව්ද එයා මට වාහනය නතර කරන්න එපා කියන්නේ” කියා. මම ඇය සමග, කාරණය ගැන කතා කරමින් සිටින විට, වාහනයක පැමිණි පුද්ගලයෙක් ”මූද කැරියා” කියමින්, වාහනයේ ෙදාර ඇර බැටන් පොල්ලක් අරගෙන මා ළඟට ඇවිත් මට ගහන්න හැදුවා. මම ඔහුට කිව්වා ගහන්න එපා කියා. එවිට ඔහු, ”කියපු එකා කෝ, කැරි වේසිගේ පුතා” කියමින් කෑගහන්නට පටන් ගත්තා. මම ඔහුට කිව්වා, වාහනය නැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්ණයක් තියෙන බව. එ් කතාව අතර, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ හතර දෙනෙක් යතුරු පැදි දෙකකින් පැමිණියා. 

එයින් බැස්ස රථවාහන අංශයේ ස්ථානාධිපති සරත්චන්ද්‍ර, ”මූද කැරියා” කියමින් මා අසලට පැමිණ, මගේ මුහුණට වැරෙන් පහරක් ගැහුව්වා. මම ඔහුට කිව්වා ගහන්න එපා, ”බලන්න කඩයට ඇතුල්වෙන්න බැරි විදිහට නේද වාහනය නවත්වලා තියෙන්නේ” කියා මා පැවසුවා. එ් සමගම ”කට පියාගනින්” කියා මට පයින් පාරක් ගැහුව්වා. එයින් පසු ”අරූ නෑනේ, මූව අරන් යන්” කියා, තුන්දෙනා එකතුවී මා අල්ලා, අත් පිටුපසට කරලා මාංචු දැම්මා. පාරේ යන ත‍්‍රී රෝද රථයක් නවත්වා, මගේ බෙල්ලෙන් අල්ලා, ත‍්‍රී රෝද රථයට නැගපන් කියා, පො.ප.සරත්චන්ද්‍ර යලිත් පයින් ගැහුව්වා. මාව ත‍්‍රී රෝද රථයේ පිටුපස බිම ඔබාගෙන, ලක්මාල් කියන නිලධාරියා පයින් ගසමින් පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. 

මාව කෙලින්ම උඩ තට්ටුවට ගෙනිච්චා. ටික වේලාවකින් නැවත, පහලට ගෙන ආවා. එ් ගමන්ම පෝරමයක් අරගෙන මාව පානදුර රෝහලට ගෙන ආවා. මාව වෛද්‍යවරයකු ලඟට ගෙන ගියා. වෛද්‍යවරයා මගෙන් ඇහුව්වා බීලාද කියා. මම කිව්වා මම බීලා ඉන්නේ, පොලිසිය මට ගහලා මෙතනට ගෙන ආවා කියා. පෝරමයේ අඩුපාඩුවක් පෙන්වා එය රාත‍්‍රී 8ට පෙර හරිගස්සගෙන එන ලෙසට පොලිසියට කිව්වා. නැවත පොලිසියට ගෙන එන විට, සිද්ධියට අදාල කාන්තාව පෙර සඳහන් කල ඇගේ සැමියා පොලිසියේ සිටියා. පොලිසිය තුලදී ඔහු පලයං කැරියා කියා මට කිව්වා. ඉන්පසු මාව කූඩුවට දැම්මා.

පසුදා උදේ මගෙන් සම්පත් නැමැති නිලධාරියා ප‍්‍රකාශයක් ලබා ගත්තා. මට කියවන්න දුන්නේ නැහැ. අත්සන් ගත්තා.

එයින් ටික වේලාවකට පසුව, මාව උසාවියට රැුගෙන ආවා. කාන්තාවකට හිරිහැර කිරීම යන චෝදනාවක් මට නගා තිබුනා. මට චෝදනාව හරියටම තේරුනේ නැහැ. මා වෙනුවෙන් නීතිඥ මහත්මියක් පෙනී සිටියා. මාව ශරීර ඇප දෙකක් මත මුදා හැරියා. මීළඟ නඩු දිනය 2016.08.08 දින වන අතර, නඩු අංකය 37918 වේ.

මා පසුව දැනගත්තා, වාහන සිද්ධිය අදාළ කාන්තාව, ගිණිගේ නැමැති උසස් පොලිස් නිලධාරියෙකු ගේ බිරිඳ බව. එමෙන්ම පෙර සඳහන් කරන ලද මහ පාරේ කුණුහරප කියමින් කෑගැසූ පුද්ගලයා - උසස් නිලධාරියෙකු වූ ගිණිගේ බව.

වාර්තා වූ පරිදි, මෙම ගිණිගේ නැමැති උසස් පොලිස් නිලධාරියා දැනට පොලිස් සේවයෙ නැත. මොහු බරපතල විනය ප‍්‍රශ්ණ වලට මුහුණ දුන් අයෙකි.

මෙම පසුබිම යටතේ, මෙම උසස් නිලධාරියකු යයි පෙනීසිටි ගිණිගේ නැමැති නිලධාරීවරයා ගේ හා ඔහුගේ බිරිඳගේ අවශ්‍යතාවය මත, නීති විරෝධී අන්දමින් වධහිංසා පමුණුවා, රඳවා තබාගෙන, බොරු නඩු දැමීම මගින්, පානදුර දකුණ පොලිසියේ, 

1. ස්තානාධිපති
2. රථවාහන අංශයේ පො.ප. සරත්චන්ද්‍ර ඇතුලූ නිලධාරින් සිවුදෙනා
මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, මෙම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මෙම බොරු නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටය. 

ඉහත කරුණු ෂත්‍යය නිවරැුදි බව ප‍්‍රකාශ කරමි. අ/ක. සිරිමල් 

2. 
2016.06.15 දිනදීය. 2016.06.14 වන දින, මාගේ ඉහත ලිපිනයේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට පාරේ, මාගේ ව්‍යාපාරික ස්ථානයට ඇතුලූවීම අවහිර වන ලෙස, ණ්‍ය 2397 දරන වාහනය නතර කරන ලදි. එය පැදවූයේ කාන්තාවකි. මා ඇය ලඟට ගොස්, ”මිස් කරුණාකරලා වාහනය පොඞ්ඩක් ඉස්සරහට ගන්න, පාර අවහිර වෙලා” කියා පවසා සිටියා. 

එවිට ඇය ”ඔයා කාටද දන්නවද කතා කරන්නේ, මගේ මහත්තයා ීීඡු” කිව්වා. ”මිස්වාහනය ටිකක් ඉස්සරහට ගන්න කිව්වේ, කඩයට එන්න යන්න බැරි නිසා” යයි කියන ලදි. 

එවිට ”ඇ අඩියක්වත් ගන්නේ නැහැ”, කියා කාටද දුරකථනයෙන් කතා කලා. මම, එ් වෙලාවේ කඩයට පැමිණ සිටි, මා දන්නා සිරිමල් යන අයට, කඩය පොඞ්ඩක් බලාගන්න කියා, කෑම එකක් ගේන්න ඔරලොසු කණුව ලඟට ගියා. 

කෑම ගනිමන් ඉන්නකොට, මට ගෙදරින් කතා කර කිව්වා කඩයේ හිටිය සිරිමල්ට පොලිසියෙන් ඇවිත් ගහලා ගෙන ගිය කියා. මම ආ විගස ගෙදර අය හා අවට අයට කිව්වා මාවත් පොලිසියෙන් හොයනවා කියා. 

මේ ආකාරයට, කිසිදු හේතුවක් නැතිව, සිරිමල් යන අයව අත්අඩංගුවට ගෙන පහරදී, මා වෙනුවෙන් අත්අඩංගුවේ තබාගෙන, බොරු චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර, එ් අතර මාවද අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරති.

මෙසේ කරන්නේ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙකු බව පවසන, පානදුර පදිංචි ගිණිගේ නැමැති නිළධාරියාගේ බිරිඳ ගේ අවශ්‍යතාවයට බවය.

මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවන් වළක්වාලන ලෙසටය. අ/ක. කුෂාන්