Tuesday, November 11, 2014

පොලීසියේ බලු කතා!!!




පොලිස් සුනඛයා හෙවත් පොලිස් බල්ලා ලක්ෂ විසි පහක් වටිනවාලු. දැන් බල්ලා සාජන්ලු. හෙට අනිද්දාම එස්.අයි. අිනවාලු.

සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යෙදවූ පොලිස් බල්ලා නිවසකට ගොස් එහි ඉස්තෝප්පුවේ වාඩි විය. ඒ නාලක ජයන්තගේ නිවසයි.

බල්ලා පැමිණි වෙලාවේ නාලක ජයන්ත ගෙදර සිටයේ නැතිලු. පිංවත්ත පොලිස් මුර පොලේ  ස්ථානාධිපති සරත්චන්ද්‍ර නාලකව පොලීසියට බාර කරන ලෙස දන්වා, ඔහුගේ මල්ලීව ප්‍රාණ ඇපයට ගත්තතේය.

නාලක පොලීසියට බාර විය. ප්‍රාණ ඇපයට අරන් තිබූ මල්ලීව මුදා හැරියේය. නාලකව පිංවත්ත පොලීසියේදී නිරුවත් කර, කොච්චි කොටා, පැට්‍රල් සමග කලවම් කර ඇසට හා පුරුෂ ලිංගයට වක්කරමින් වධ දුන්නනේය.

දෙපාරකටම මේ ආකාරයට වධ දෙමින් පිංවත්ත පොලිස් මුර පොලේ ස්ථානාධිපති සරත්චන්ද්‍ර ඔහුට බල කළේ සොරකම කළ බවට පිළිගන්න ලෙසයි.

ඔහු නොකළ සොරකමක් පිළිගන්නේ කෙසේදැයි විමසූ විට, උඹ හිතනවාද බල්ලාට පිස්සු කියලා, උට ලක්ෂ විසි පහක් වියදම් කරලා තියනවා, දැන් උ සාර්ජන්, හෙට අනිද්දා එස්.අයි. අින්න ඉන්නවා යැයි පවසා තිබේ.

මෙසේ වධ දී, ඔහුගේ ඇිලි සලකුණ නීති විරෝධීව අරගෙන මුදා හැරියේ හැම ඉරිදාවකම පොලීසියට පැමිණ, අත්සන් කරන ලෙසට නීති විරෝධී නියෝගයක් ද දෙමින්ය.

ඔහු මේ පිළිබව  මූලස්ථාන පොලිස් පරීක්ෂකට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ විට, එහි නිලධාරීන් කියා ඇත්තතේ ද නීති විරෝධී පොලිස් නියමයට අනුව ක්‍රියා කරන ලෙසයි.


මේ දැන් බුදු බව පතන බව කියන, රාජපක්ෂගේ පොලීසියේ නීති විරෝධී, ත්‍රස්ත්‍රවාදී පිළිවෙත්, අනුමත කරන රජයක් විසින් පත් කළ මානව හිමිකම් කොමිෂමේ ක්‍රියා කලාපයයි.

Wednesday, November 5, 2014

කිතුනු යුවලකට වධදි පු`ථස්සා මරයි. මුස්ලිම් අන්තවාදීන් තවත් මෙලේඡු ක‍්‍රියාවක්.



පකිස්තානයේ පාන්ජාබ් ප‍්‍රාන්තයේ ක‍්‍රිස්තියානි පවුලකට මේ ඉරනම ට මුහුණ දෙන්නට සිදුවුනේ ඔවුන් සේවය කල ගඩොල් පොරණුවේ අයිතිකරු විසින් කොරනයට අපහස කළ බවට නගන ලද චොදනා ව මතය. 
මෙම චොදනාව නගා ඇත්තේ ගඩොල් පෝරණු අයිති කරු වන යුෂුප් නැමැති මුස්ලිම් ජාතිකයාගෙන් එම යුවල ට අය විය යුතු මුදල් ඉල්ලා සිටි විටය. එ් අවස්ථාවේ මුස්ලිම් ජාතිකයා එම යුවල කාමරයක සිරකර ඔවුන් කොරානයට අපහස කළ බවට චොදනා කොට අන්තවාදින් අතට පත්කොට තිබේ.
පකිස්ථානයේ සු`ථ ජාතික කොට්ඨාශයක් වන ක‍්‍රිස්තියානි භක්තිකයින් ව මුස්ලිම් අන්තවාදින් විසින් මරා දැමිට උයෝගි කරගන්නේ ඔවුන්, ක‍්‍රිස්තියානින් කොරානයට, අල්ලාට හා මහමත්ට අපහස කළාය යන චොදනාවය. 

Tuesday, November 4, 2014

ඉරානය වොලිබොල් තරඟය ක් නරඹන්න ඉල්ලූ කත හිරේ දමයි.


ඉස්ලාම් ආගම රාජ්‍යය ආගම වශයෙන් පිළිගෙන ෂරියා නැමති ඉස්ලාම් ආගම යටතේ පාලනය වන ඉරානයේ අගනුවර ටෙහෙරානයේ පැවැති ජත්‍යන්තර වොලිබොල්  තරඟය නැරඹිමට අවස්ථාව දෙන ලෙස ඉල්ලූ ගහාවනිව අල්ලා වසරක සිරි දඬුවමක් නියම කර ඇත. ඇය මෙම තීරණයට එරෙහිව උපවාසයක් ආරම්භ කර ඇති බව ඇගේ මව බි.බි.සි ගුවන් විදුලියට පවසා තිබේ. 
ගහාවනි ලන්ඩන් නුවර නිති ශිෂ්‍යාවක් වන අතර ඇයට බ‍්‍රිතාන්‍ය පුරවැසි භාවයද හිමිය. 

දේශයක් නැති මිනිසුන්


ජාතිකත්වයකට හිමිකක් නැතිව ජිවත්වන මනුෂ්‍යයින්ගේ සංඛ්‍යා මිලියන 30 ඉක්මවයි. මේ අතරින් මිලියන 10ක්ම ළමුන්ය. සංක‍්‍රමණයවී හෝ සරණාගතයින් ලෙසට හෝ පැමිණ පරම්පරා ගණනාවක් ජිවත්වන මේ පිරිස දේශයක් නැත.
බුරුමයේ ජිවත්වන රොහගනී නම් මුස්ලිම් වරුන්ව එරට පුරවැසියන් ලෙෂ පිළිනොගන්නා අතර, ඔවුන්ව බංගලදේශකයින් වශයෙන් සලකන අතරම නිරන්තරයෙන් පිඩාවට පත්වෙති. මේ ආකාරයට පුරවැසිකම හිමි නොවන ජනතාව ජිවත්වන රටවල් අතර පෙරමුණේ සිටින්නේ අයිවරි කෝසට්, තායිලන්තය, ලැටියාව හා නේපාලය යන රටවල්ය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සම්බන්ධ සංවිධානයට අනුව සෑම විනාඩි 10කටම දේශයක් නොමැති දරුවෙකු ඉපිදේ.

Monday, November 3, 2014

Kiss of Love හා කුහකයින් ෙග් සදාචාරය



Kiss of Love ක්‍රියාකාරින්
වත්මන් ඉන්දීය අගමැති ෙමාඩි ෙග් BJP පක්ෂෙය් ඊනියා සදාචාර ෙපාලීසිය මගින් තරුණ තරුණියන් ඒක්වන අවන්හලකට කඩා වැදි ඒහි සිටි තරුණ යුවල වලට පහර දි අවන්හලට ද අලාභ කිරිමට විරුද්ධව ෙනාවැම්බර් 2 ෙකාචි නුවර ෙවරළ තීරෙය් සංවිධානය කළ Kiss of Love ව්‍යාපාරය වැළැක්වීමට ෙපාලීසිය මැදිහත්ව සංවිධායකයින් අත්අඩංගුවට ගත් අතර, BJP පක්ෂෙය් ඊනියා සදාචාර ෙපාලීසියට අයත් මැරයින් ෙග් ප්‍රහාරයන්ට ක්‍රියාකාරින් ලක්විය. හින්දු අන්තවාදින් ෙග් ෙමම ව්‍යාපාරයට මුස්ලිම් අන්තවාදින් ද ඒක්විය.

සිද්ධිය අදාල ඉන්දීය මාධ්‍යය පළකල පිංතුර හා විඩිෙයා් කිහිපයක්.







                                               අවන්හලට කඩා වැදුන BJP මැරයින්



                                         සාමකාමි Kiss of Love ක්‍රියාකාරින්ට මැරයින් ෙග් තර්ජන


                                              NDTV News





Sunday, November 2, 2014

පොලිසියට ගුරුවරු සිසුන් පහර දෙති. නගර සභා ගොඩනැගිල්ල ගිණි තියති. - වීඩියෝව නරඹන්න -



මෙක්සිකෝවේ, අන්ත දූෂිත පොලිසිය, ශ්‍රී ලංකාවේ මෙන්ම, එරට සිසුන් 43 අත්අඩංගුවට ගෙන අතුරුදහන් කළේය.

දකුණු මෙක්සිකෝවේ, ගුරේරෝ මහා නගර සභා ප්‍රදේශයේ සිදුවූ මෙම අතුරුදහන් කිරීමට එරෙහිව, ගුරුවරු සහ සිසුන් ගේ විරෝධයට, එරට ජනතාවද එක් විය.

මේ වන විට විරෝධය හමුවේ පොලිස් නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, නගරාධිපති හා පවුල පලාගොස් තිබේ.

මාරු චූටි - පොලිසිය නටවනවා. ‍පොලිසිය මංකොල්ල කනවා



මිනිසුන්ව පොලිසියට ගෙන්වා බොරු නඩු දානවා. ආණ්ඩුවට සල්ලි හම්බ කරන්නේ පොලිසිය. දඩයෙන් බාගයක් රාජපක්ෂ පාලනයට, ඉතිරි බාගය පොලිස් කාරයින්ට.

පොලිසිය රාජපක්ෂට උත්තමාචාර පුද කරමින් බැනර් ගසන්නේ, පොලිස් ත්‍රස්තවාදය රට පුරා දියත් කරන්න දීලා තියෙන වරමට තුති පුද කරන්න.

සරත් මත්පැන් පෙරලා තියෙනවා. ඒ ආණ්ඩුවට බදු නොගෙවා. ඒ නිසා ඔහුට දඩ ගෙවන්නත් සිද්ධ වෙලා තියෙනවා. නීති විරෝධීව මත්පැන් පෙරීමේ චෝදනාවට.

පසුගිය මස 31දා, ඉංගිරිය පොලිසිය උප‍පොලිස් පරීක්ෂක මාතරආරච්චි දුරකථනයෙන් පොලිසියට එන්න කියලා, ඒ බොරු නඩුවක් දාන්න. ඔහු පොලිසියට ගිහිල්ලා නඩු බාරගන්න සූදානම් වුනේ නෑ.

මේ නිලධාරියා මෙම මස 01 දා රාත්‍රියේ ගෙදරට ඇවිල්ලා බිරිදව අරන් යන්න හදලා. ඇය විරෝධය පලකල විට, ත්‍රී රෝද රථයේ යතුර අරන් ගිහිල්ලා - මේ මංකොල්ල කෑමක්.

සරත් පවසන අන්දමට පසුගිය මස 01 දා, පාරේ සිටියදී ඔහුව අල්ලාගෙන ගොස් බොරු නඩුවක් දාලා තියෙනවා. පොලිසිය ඔහුට වරද පිළිගන්න කියලා.

සරත් පොලිසියට කියලා තියෙනවා වරද පිළිගන්නම්, නඩු මාසේ අන්තිමට දාන්න කියලා.

ඒ අනුව පසුගිය මස 29 දා, හොරණ අධිකරණයට නඩුව දාලා. පොලිසියට දුන්න පොරොන්දුව අනුව, ඔහු වරද පිළි අරගෙන.

උසාවිය ඔහුට රු: 25,000/= ක දඩයක් ගහලා. ඒ රු: 25,000/= න් රු: 12,500/=ක්ම රාජපක්ෂගේ ආණ්ඩුවට. ඉතිරි රු: 12,500/= පොලිස් කාරයින්ට.

මේ තත්වය යටතේ තමයි, නැවත පොලිසියට ගෙන්නලා බොරු නඩුවක් දාන්න හදන්නේ.‍

රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාද ලබන, ප්‍රදේශයේ නීතියට පටහැනිව මත්පැන් පෙරන විකුණන මාරු චූටි පොලිසිය එක්ක එකතු වෙලා ඔහුගේ ඕනෑ කමට තමයිලු සරත්ට නඩු දාන්නේ.

මේ පිළිබදව සරත් ලිඛිතව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරලා තියෙනවා.

පොලිස් ත්‍රස්තවාදය, රාජපක්ෂ ආණ්ඩු‍වේ අවශ්‍යතාවයක්.




Saturday, November 1, 2014

ප්‍රාණ ඇපකරුව පැය 17 කට පසුව මුදා හරී.


පානදුර දකුණ පොලීසිය විසින් ප්‍රාණ ඇපයට අල්ලා රඳවා‍ගෙන සිටි නුවන් චාමරව පැය 17 කට පසුව මුදාහරිණු ලැබීය.

නුවන් චාමර පවසන අන්දමට ‍මෙම මස 14 වන දින රාත්‍රී 10.30 ට පමණ, තම නිව‍සේ ‍දොර කඩා ඇතුළු වූ පානදුර දකුණ ‍පොලීසි‍යේ අපරාධ අංශ‍යේ ස්ථානාධිපති ජයතුංග, අමල් හා තවත් නිලධාරි‍යෙක් මල්ලීව ‍ගෙනත් ‍දෙන්න යැයි කියමින් අත්අඩංගුවට ‍‍ගෙන රඳවා ගන්නා ලදි.

මෙ‍සේ ප්‍රාණ ඇයට නුවන් චාමරව රඳවා ගත්‍තේ ඔහු‍ගේ ‍සො‍හොයුරා පොලිස් අත්අඩංගු‍වේ සිටිටය දී පලා යෑම ‍හේතු‍වෙනි.

තම ආකාරයක්ෂමතාවය දූෂණ වසා ගන්නට ‍මේ ආකාරයට ප්‍රාණ ඇයට පුද්ගලයින් රඳවා තබා ගැනීම රාජපක්ෂ පාලනය යට‍තේ ‍දෙගුණ ‍තෙගුණ වී තිබේ.
මේ සියලු ‍පොලිස් අපරාධ වලට පොලීසිය බාර ඇමති වශ‍යෙන් ජනාධිපති රාජපක්ෂ වගකිව යුතු බව තවමත් බහුතරයකට තේරුම් ‍ගොස් නොමැත.

නුවන් චාමර, පානදුර දකුණ පොලීසි‍යේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, අපරාධ අංශ‍යේ ස්ථානාධිපති හා අමල් යන නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් ‍කොමිෂ‍මේ පැමිණිලි කර ඇත්‍තේ යුක්තිය ඉටුවේය යන අ‍පේක්ෂා‍වෙනි.