Thursday, June 13, 2013

නිදහස් හා සාධාරණ මැතිවරණයකට සූදානම් ‍වෙමු.

 පරමාධිපත්‍යය  ක්‍රියාත්මක කරන්නට ඡන්ද හිමි‍යෙකු ‍‍ලෙස ලියාපදිංචි ‍වන්න.සියලුම පුරවැසිය‍න්ගෙන් ඉල්ලා සිටිමු.
2013 වර්ෂය සහා ඡන්ද හිමි නාම ‍‍ලේඛණය සකස් කිරීම ආරම්භ කර ති‍බේ.
නව නීතිය යට‍තේ, 2013 වර්ෂ‍යේ ඡන්ද හිමි නාම ‍ලේඛණයට නම ඇතුලත් කර ගැනීමට ‍නොහැකි වුව‍හොත්, 2012 වස‍රේ වූ ලියාපදිංචිය සැලකිල්ලට ග‍න්නේ නැත.
මේ වන විට, අදාල “‍‍පෝරම”  -  ග්‍රාම නිලධාරීන් විසින් ‍බෙදා හරිමින් පවතී.  එම ‍පෝරම ආපසු බාර ගැනී‍මේ අවසාන දිනය 2013 ජූලි 01 වන දිනය.
මැතිවරණ කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය නිකුත් කර ඇති උප‍දෙස් මාලාවට අනුව, ‍මේ ‍‍පෝරම ගෘහ මූලිකයින් අතට පත් කිරීමේ අවසාන දිනය 2013.05.02 දින වුවද, තවමත් ‍පෝරම ග්‍රාම නිලධාරීන් ‍බෙදාහරිමින් පවතී.
බෙදාහැරීම ප්‍රමාද වුවද, අවසාන දිනය 2013.07.01 තිතට ක්‍රියාත්මක කරනු ඇත.
සියලු මැතිවරණ වලදී, ඡන්ද හිමි නාම ‍ලේඛන වල තම නම ඇතුලත් වී ‍නොමැති බව දැන ග‍න්නේ - මැතිවරණයකදීය. එවිට ප්‍රමාද වැඩිය. සරත් පොන්සේකාටවුදේ ඔබට වෙන්නට ඉඩ තියා ගන්න එපා.
තම නම, තම පවු‍ලේ සියලුම අය‍ගේ නම්, නිව‍සේ සිටියත්, නැතත්, එම ‍ලේඛණයට ඇතුලු කරවා ගැනීමට පියවර ගන්න.
ග්‍රාම නිලධාරී වර‍යෙකු/වරියක්, ඡන්ද හිමි‍යෙකු‍ගේ නම කපා හැරීමට ‍හෝ ලියාපදිංචි කිරී‍මෙන් වැලකීමට පියවර ග‍න්නේ නම්, ‍නොපමාව පියවර ගන්න.
නිදහස් හා සාධාරණ මැතිවරණයක ව්‍යාපාරයක් මූලිකම කරුණ ව‍න්නේ -  ඡන්ද දින‍යේ සාධරණය ‍නො‍වේ. ඡන්ද හිමියන්ට ඡන්දය හිමි කර දී‍මය.

No comments:

Post a Comment