Sunday, June 2, 2013

මානව හිමිකම් කොමිසමේ විමර්ශන නිලධාරිනියට නමක් නැතිලු.

2013 මැයි 02 ඉරිදා දහවල්, 12.15 ට, ඇප කොන්දේසි අනුව, අත්සන් කිරීමට වාද්දූව පොලීසියට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගත් සාරංගා මහත්මියගේ ස්වාමියා පිළිබව -  මානව හිමිකම් කොමිෂමේ  හදිසි ඇමතුම් අංකයට කතා කළ විට -  ඇමතුම ලබාගත් විමර්ශන නිලධාරිනියට නමක් නැති බව ප්‍රකාශ කොට ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ නමක්  නැති නිලධාරීන්, නිලධාරිනියන් රැසක්ම සිටින බව මේ වන විට හෙළි දරව් වී තිබේ.  නමක්” නැති නිලධාරීන් ගරුත්වයක් නැති පිරිසකි. මනුෂ්‍යයන්ද නොවෙති. සෑම මනුෂ්‍යෙයකුටම නමක් තිබිය යුතුය. එය මානව හිමිකමකි. අනෙක් කාරණය නම් නම හෙළි නොකරන්නේ වංචනිකයින්, සොරුන් හා මංකොල්ල කාරයින්ය.
මෙදින තම සැමියාව අත්අඩංගුවට ගැනීම ගැන සාරංගා මහත්මිය ලිඛිතව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට ෆැක්ස් මගින් දැනුම් දිමට ගත් උත්සාහයේදී මානව හිමිකම් කොමිෂමේ  ෆැක්ස් යන්ත්‍රය ක්‍රියා විරහිත කර තිබින.
ඇයගේ පැමිණිල්ල පහත දැක්වේ
ඇප කොන්දේසියකට වාද්දුව පොලිස්ථානයට ගියසැමියාව අත්අඩංගුවට ගෙන - බොරු නඩුවකට පැටලීමට ගන්නා උත්සාහය වලක්වන ලෙසට කරන ඉල්ලීම.
සාරංගා මධුෂානි සේනාධීරඅවු: 20 යි, (ජා.හැ.අංක 927192934වි) රැකියාව: ඇඟලූම් සේවිකා.ලිපිනය: බටපොතවල්ගමබණ්ඩාරගම. 2013.06.02 වන දින දීය.
කිරිකංකානම්ගේ නිරෝෂ පුෂ්ප කුමාරඅවු : 28 යිරැුකියාව : පෙදරේරුමාගේ සැමියා වේ. 2013.06.02 වන දින පෙරවරු 10.30 ට පමණ මාගේ සැමියා,අත්සන් කිරීම සඳහා වාද්¥ව පොලිස්ථානයට ගියා. ඔහු සෑම සතියකම ඉරිදාට එසේ වාද්¥ව පොලීසියට ගොස් අත්සන් කරන්නේ පානදුර මහාධිකරණයේ පවතින, 2509 මිනීමැරුම් පිළිබඳ නඩුවේ විත්තිකරුවකු වශයෙන්ය. ඇප කොන්දේසියක් මතය. අද දින එසේ ගිය අවස්ථාවේමාගේ සැමියාව අත්අඩංගුවට ගෙන -  කූඩුවට දැම්මා. හේතුව වශයෙන් සඳහන් කරන්නේ බණ්ඩාරගම පොලීසියේ උපදෙස් මත එසේ කළ බවයි. මීට පෙර බණ්ඩාරගම පොලීසිය මාගේ සැමියාට විරුද්ධව කුඩු ළඟ තබා ගැනීම ගැන බොරු නඩුවකට පටලවන ලදි. පොලීසියේ උපදෙස් මත ඔහු එයට වැරදිකරු කියා දඩ මුදලක් ගෙව්වා. මෙවර ද බණ්ඩාරගම පොලීසිය උත්සාහ දරන්නේ ඔහුව බොරු නඩුවකට පැටලීමටයි.
මේ පිලිබඳව අද දින (2013.06.01 - ඉරිදා) දහවල් 12.15 ටමා මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයට කථා කර කිව්වා. එම පණිවුඩය ගත්තේ කාන්තාවක්. නම සඳහන් කළේ නැත. නම ඇසූ විට කියා සිටියේ අවශ්‍යතාවයක් නැහැ කියා. ඇය කියා සිටියේ මැදිහත් විය නොහැකි බව. ඇය උපදෙස් දුන්නා නීතිඥයෙකු මගින් කාරණය දැනගෙන මා හට මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙන ලෙසට.

මා ඉල්ලා සිටින්නේ මාගේ සැමියා හට ව්‍යාජ නඩු පැවරීමට බණ්ඩාරගම පොලීසිය දරන උත්සාහය වලක්වාලන ලෙසයි. මෙයට,  සාරංගා මධුෂානි සේනාධීර

No comments:

Post a Comment