Tuesday, July 12, 2011

වාරණ - ජයගන්න මාධ්‍යවේදීන්ට ශක්තිය වඩවා ගත යුතුයි.




සියලු ආකාරයේ වාරණ අභිබවා යෑමට ශක්තිය හා ධෛර්ය තමා තුල වර්ධනය කර  කර ගැනීම - මාධ්‍ය කරුවාගේ වගකීම හා යුතුකම වේ.

අද මාධ්‍යකරුවන් සෘජු හා අනියම් රාජ්‍ය වාරණයට, ආයතනික වාරණයට හා ස්වයං වාරණයට කොටුව තිබේ.
එහෙත් මෙම වාරණ අතුරින් ජයගැනීමට අපහසුම වාරණය ස්වයං වාරණයයි.

ස්වයං වාරණයෙන් මිදීම තුලින් රාජ්‍ය හා ආයතනික වාරණ අභිබවා තම සේවය ඉටු කිරීමට හැකියාව තිබේ.මෙම නියමයන්ට එළඹියේ ජනමාද්‍යවේදීන් සදහා පැවති දෙදින වැඩමුඵවේදීය.

2011 ජූලි 08 හා 09 යන දිනයන්හී ජනසංසදය සංවිධානය කරන ලද මෙම වැඩමුඵව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් තරුණ මාධ්‍යවේදීන් එක්විය.

මූලික අයිතිවාසිකම්, වධහිංසාව, කෲර අවමන් සහගත අමානුෂික සැලකිලි හා දඩුවම් අදාල දේශීය නීති, ශ්‍රී ලංකාණ්ඩුව එළඹ සිටින ජාත්‍යන්තර සම්මුති පිළීබදව සාකච්ජා කරන ලදි.

තවද - නීතිමය බාධක සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.

වධහිංසාවන් ඇතුලු රාජ්‍ය අංශයෙන් සාමාන්‍ය වැසියන් මුහුණ දෙන පීඩාවන් වාර්තා කරණයේදී - මාධ්‍යයේ කාර්යභාරය පිළීබදව දීර්ඝව සාකච්ජා කරන ලදි.

මෙහිදී මාධ්‍යවේදීන් වශයෙන් මුහුණ දෙන ගැටඵ හදුනා ගැනීමක් සිදුකරන ලදි. ඒ සියල්ල ජයගත හැකි ඒවා බව සියලු දෙනාගේ පිළිගැනීම විය. 

No comments:

Post a Comment