Monday, November 1, 2021

සැකයට අත්අඩංගුවට ගෙන වධ දුන්න එකෙන් බේරෙන්න, බොරු නඩු දැම්මා. වසර 03 කට පස්සේ ීෂඹ පරීක්ෂණ ආරම්භ වෙයි. ගෑනි දාලා ගියා.

තුවාන්, කොළඹ 14 පදිංචිකැරවෙක්, 34 හැවිරිදි කම්කරුවෙක්. විවාහ වෙලා දවස් 02 යි. ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය අත්අඩංගුවට ගන්නේ දවල් කෑමට කඬේට යන අතර.

2018 අගෝස්තු 10 වන දින, අත්අඩංගුවට ගන්නා මොහුට වධ දෙන්නට පටන් ගන්නවා.

මොහුගේ ඥතීන්,වහාම ක‍්‍රියාත්මක වනවා. මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කිරීමට කටයුතු කරනු ලබනවා.

පොලීසිය, මොහු සන්තකයේ, හොරෙයින් මිලි ග‍්‍රෑම් 2300 ක් තිබූ බවට චෝදනා කර, අධිකරණය මගින් රැඳවුම් නියෝග ගෙන දින 07 ක් පොලීසියේ තියාගෙන, වධ දෙනවා.

එම කාලය තුළ, ඔහුට විරුද්ධව, සොකරම් හා හෙරොයින් චෝදනා යටතේ නඩු 04 ක් දානවා. එ් බිය වැද්දීමට. තව දුරටත් පීඩා කිරීමට.

මෙම පසුබිම යටතේ මාස 08 ක් රිමාන්ඞ් බාරයේ සිටින්නට ඔහුට සිදුවෙනවා.'

රිමාන්ඩ් එකේ ඉන්න කාලයේ දින 02ක් පවුල් කන ලද බිරි`ද කාසි උසාවියට ගිහිල්ලා දික්කසාදය ගන්නවා.

අධිකරනය ඇප ලබාදුන්නේ, මුදල්, ශරීර ඇප හා පොලීසියට ගොස් අත්සන් කිරීම යන කොන්දේසි මත.

මේ වන විට, පවරන ලද නඩු 04 කින්, තුනක්ම, ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොවිඞ් 19 වසංගතය හමුවේ රට වසා දැමීම නිසා, එක් නඩුවක් තවමත් නිමවී නැහැ.

නීති විරෝධි අත්අඩංගුවට ගැනීම්, වධ හිංසා පැමිණවීම හා 2018 කරන ලද නඩු පැවරීම ගැන, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලට දැනට වසර 03 ක් ගතව අවසන්. 

තම මූලික අයිතීන් උල්ලංඝණය පිළිබඳව 2018 දී මූලික අයිතිවාසිකම නඩුවක් ගොනු කිරමට , නීතිඥවරුන්ට බාර දුන්න ද, නඩුවට වූයේ කුමක් ද යන්න අභිරහසක්ව පවතී.

තුවාන්, කොළඹ ”මුට්ට” කරගසන්නෙක්. එහෙත් ඔහු තමාට, මේ රටේ යුක්තිය පසිඳලීමට තිබෙන ආයතන වලින් ඉටු නොවන්නේ මන්ද, එ් සඳහා පවතින බාධක මොනවාද යන්න, ගැන හොඳ අවබෝධයක් ඇත. විශේෂයෙන් ආරක්ෂාව ගැන මනා වැටහීමක් ද, ප‍්‍රායෝගික අත්දැකීම් ද ලබාගෙන ඇත.



No comments:

Post a Comment