Saturday, May 10, 2014

සින්නක්කරය වෙනුවට බදු ඔප්පුවක්ලු ලිව්වේ.


අත්සන් ගත්තේ හිස් කොළ වලට. සින්නක්කර ඔප්පුවක් ලිවීමට බාර දුන්න නීතිඥ හා නොතාරිස්වරයා හිස් කොළ වලට අත්සන් ගැනීමෙන් පසුව, සින්නක්කර ඔප්පුව වෙනුවට ලියා ඇත්තේ බදු ඔප්පුවකි.
එයින් නොනැවතුණු මෙම නීතිඥ හා නොතාරිස් තැන, එකී දේපල තමා නමට ලියවාගෙන තිබේ.
මෙම කාරණය පිළිබඳව, ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද පැමිණිල්ල නිසි පරිදි සාධාරණව විනිශ්චයකට භාජනය නොවූ බව ප්‍රකාශකරන අගතියට පත් වී සිටින උඩුදුම්බර ධම්මිකා මැණිකේ ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙසට, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරියගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
මහනුවර ප්‍රෙද්ශයේ නීතිඥවරයෙක් හා නොතාරිස්වරයෙකු වන සෝමරත්න බංඩාර මඩුගල්ලට එරෙහිව මෙම පැමිණිල්ල කර තිබේ.
ධම්මිකා මැණිකේ ගේ නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පත්කර තිබුණේ ජනාධිපති නීතිඥ හර්ෂ, ඒ.ජේ. සෝසා, නීතිඥ පී.ඩබ්. විජයතිලක හා නීතිඥ හේමසිරි විතානාරච්චි යන යන මහත්වරුන්ය.
විභාගයේදී තමන් කව්රුන්දැයි, පැමිණිලිකාරිය වන ධම්මිකා මැණිකේ ට හඳුන්වා දී තිබුණේ නැත.
ධම්මිකා මැණිකේ ඉල්ලා සිටින්නේ තමාගේ පැමිණිල්ල පිළිබඳව යුක්තිය ඉටු කරන ලෙසටයි.


No comments:

Post a Comment