Sunday, May 18, 2014

ගැබනි මව ක්‍රිස්තියානි වූවායි කියා එල්ලා මැරීමට නියම වේ.



ක්‍රිස්තියානි කාරයකු බැන්දට කස පරහවල් 100ක්. සූඩානය - ඉස්ලාමීය නීතිය යටතේ ක්‍රියාත්මක වන අප්‍රිකාවේ දුගී රටකි.

උපතින්ම ක්‍රිස්තියානි භක්තිකයකු වූ මරියාම් යානා ඉබ්‍රහම් ඉෂාග් මිය, ක්‍රිස්තියානි පුද්ගලයකු සමග විවාහ වීම, එය අනාචාරයේ හැසිරිමක් බවට  චෝදනා කොට කස පහරවල් 100ක් නියම කළේ එරට පාලනය කරන ඉස්ලාමීය නීතිය යටතේය.

එයින් අනතුරුව, ඇය ඉස්ලාමීය ආගම අතහැර ක්‍රිස්තියානි ආගම වැළද ගත් බවටද චෝදනා කළේය. එම චෝදනාවට වරදකරු කිරීමට පෙර, ඇය ක්‍රිස්තියානි ආගම අතහැර ඉස්ලාමීය ආගම වැළදගත යුතු බවටත්, ඒ සදහා දින තුනක කාලයකුත් ලබාදෙන ලදි.

චෝදනා දෙකම ප්‍රතික්ෂේප කල ඇය, තම ආගමික විශ්වාසය අත් නොහරින බව අධිකරණයට ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇයව එල්ලා මැරීමට තීරණය අධිකරණය තීන්දු කළේය.

මෙම මිලෙච්ජ තීන්දුවට විරෝධය පළකරන්නන්ට, සූඩාන ප්‍රවෘත්ති ඇමති දී තිබෙන පිළිතුර නම්  - මේක අධිකරණ තීන්දුවක්, ඒක ප්‍රශ්ණ කරන්නේ ඇයි? යන්නයි.

ඔහු -  සෞදි ආරබිය ඇතුලු ඉස්ලාමීය රාජ්‍යයන් මේ නීතිය අනුගමනය කරන බවද කියා සිටියේය.

ඉස්ලාමීය අන්තවාදී පාළකයින්, පනවා ගෙන තිබෙන ඊනියා ඉස්ලාමීය නීතියට එරෙහිව - එරට ඉතා සුඵතරයක් වූ ක්‍රිස්තියානි ලබ්ධිකයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් - සූඩානය ඉස්ලාමීය ආගමෙන් බේරාගැනීමට දරන උත්සාහය අතහැර නැත.
මෙම මෙලේච්ඡ තිරණයට එරෙහිව නැගෙන විරෝධය ප්‍රතික්කෙෂප කරන එරට ආණ්ඩුව ඇයට එම තීරණයට එරෙහිව අභියාචනා කළ හැකි බව කියයි.



No comments:

Post a Comment