Wednesday, May 14, 2014

ලිංගික අපයොජකයාගේ උවමනාවට - අපට මොනවා හරි කරපන් - කියමින් හිරිහැර කරනවා.



ධීවර කාර්මිකයෙකු වන තම සැමියාව අත්අඩංගුවට ගනිමින්, ගේෙදාර සොදිසි කරමින් හික්කඩුව පොලීසියේ හා එම පොලිසියේ නාකොටික් අංශයේ නිලධාරීන් නිරන්තරයෙන් හිරිහැර කරන බව පවසන හික්කඩුවේ තිදරු මවක්වන අනූෂා මාධවී (අවු: 36*, මෙසේ තම පවුලට අනිසි බලපෑම් කරන්නේ ප‍්‍රදේශයේ ප‍්‍රබල මා`ථ වෙළෙන්දෙකුගේ උවමනවාට බවද කියා සිටී.

මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පති වරයාට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් ශ‍්‍රි ලංකා පොලිසිය කෙතෙරම් ආශ්චර්ය එකක්ද යන්න පැහැදිලි වනු ඇත.

  ර්‍ණ2014.05.13 වන දින දීය.
2014.05.11 වන දින රාත‍්‍රී 7.30 ට පමණ, හික්කඩුව පොලීසියේ නිලධාරීන් පස් දෙනෙකු පැමිණි අතර, එක් නිළධාරියෙක් පමණක් නිල ඇඳුමින් සිටියා. මෙම නිලධාරීන් සියලූ දෙනා දුටුවොත් හඳුනා ගැනීමට හැකි බවද ප‍්‍රකාශ කරමි. ඔවුන් ගෙදර සිටින්නේ කව්දැයි යන්න ප‍්‍රශ්න කළා. මා ඔවුන්ට ප‍්‍රකාශ කළා මා, දරුවන් තිදෙනා හා ස්වාමි පුරුෂයා ඉන්න බව. එ් වෙලාවේ ස්වාමි පුරුෂයා රැුකියාවට ගොස් සිටියා.

මා ඔවුන්ගෙන් කාරණය ඇහැව්වා. ගංජා තිබෙන බවට පැමිණිල්ලක් තිබෙන බව කියා නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළා.  මා ගෙදර පරීක්ෂා කරන්න ඔවුන්ට අවසර දුන්නා. ඔවුන් නිවසේ හැම තැනම පරීක්ෂා කළා. ඔවුන් උඩ තට්ටුවට ද ගොස් සෑම තැනක්ම පෙරළා බැලූවා.

කිසිවක් හමුවුනේ නැති නිසා මා ඔවුන්ට කියා සිටියා මීට පෙර අවස්ථා හතරකදී මේ ආකාරයට පැමිණ සෝදිසි කළ බව. කීර්ති නැමති නිලධාරියා ඔහුගේ සටහන් පොතේ නිවස පරීක්ෂා කළ බවත් කිසිවක් හමුවුනේ නැති බවටත් ප‍්‍රකාශයක් ලියා එයට මාගෙන් අත්සන් ගත්තා.

මෙයට මාස දෙකකට පමණ පෙර මාගේ සැමියා, ත‍්‍රී රෝද රථයෙන් ගමන් කරමින් සිටිය දී, අමරසේන මාවතේ රේල් ගේට්ටුව අසලදී නවත්වා, උඹ සාගරද කියා අසා ඇත. ඔවුන් හික්කඩුව පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් තිදෙනෙක් බව පවසා සැමියාව අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මාගේ සැමියාව රැුගෙන නිවසට ආවා. එම තිදෙනා සම්පුර්ණයෙන් නිවස සෝදිසි කළා. ඔවුන් නිවසට පැමිණ සෝදිසි කිරීමෙන් අනතුරුව මාගෙන් ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. එම නිලධාරීන් සිටියේ සිවිල් ඇඳුමින්. ඔවුන් තිදෙනාම හිටියේ හොඳටම බීලා.

මගෙන් අද උඹ බැංකුවට ගොස් සල්ලි කීයක් දැම්මාද කියා ඇහැව්වා. මම කිව්වා මම ගියේ අම්මා එවපු සල්ලි ගන්න කියා. මාගේ අම්මා ඉන්නෙ රට. ඉන්පසු ඔවුන් සැමියාව අරන් ගියා. ඔවුන් මාගේ සැමියාව ගෙන ගොස් ඔහු පරීක්ෂා කර, හික්කඩුව පොලීසියට ගෙන ගොස් එහිදීද ප‍්‍රශ්න කර තිබෙනවා.
ඔවුන් මාගේ සැමියාගෙන් අසා තිබුණේ ගංජා ගෙනියනවාද, ගංජා ගේන්නේ කව්ද යන්නයි. ඔවුන් එදින හැසිර ඇත්තේ මෘගයින් මෙනි.

ඊට පෙර දිනක, හික්කඩුව පොලීසියේ ප‍්‍රනන්ඩෝ නැමති පොලිස් කොස්තාපල් වරයා මගේ සැමියාගේ කලිසම ගලවා පරීක්ෂා කර තිබෙනවා.

මෙසේ මා හා මාගේ සැමියාව හික්කඩුව පොලීසිය හා  හික්කඩුව පොලීසියේ නාකොටික් කියන අංශයේ නිලධාරීන් නිරන්තරයෙන් අපට හිරිහැර කරමින් අපට මොනවා හරි කරපන්කියා කියනවා.

ඇයි පරීක්ෂා කරන්නේ කියා ප‍්‍රශ්න කරන විට 119 ට කෝල් ලැබෙන බව කියනවා. තවද, අපි රාජකාරියට ආවා අපිත් එක්ක තරහ වෙන්න එපා, ගංජා ගේමක් අල්ලා දෙන්න  කියා කියනවා.

මේ ආකාරයට
හික්කඩුව පොලීසිය හා හික්කඩුව පොලීසියේ නාකොටික් කියන අංශයේ නිලධාරීන් නිරන්තරයෙන් අපට හිරිහැර කරන්නේ, මාගේ දියණිය ලිංගික අපයෝජනයට පත් කළ සම්පත් නැමති අයගේ මස්සිනා වන කමල් අරුණ ශාන්ත නැමති, හික්කඩුව පොදු වෙළඳ සැලේ, විශාල වශයෙන් මා`ඵ වෙළඳාම් කරන අයගේ බලපෑම මත බව ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,

හික්කඩුව පොලීසිය හා හික්කඩුව පොලීසියට සම්බන්ධ නාකොටික් අංශය, අප නිවසට නිරන්තරයෙන් පැමිණ, ගංජා සොයමින් සැලකුම් ලබා ගැනීමට දරන උත්සාහය වලක්වා ලන ලෙසටද,

බොරු පැමිණිලි කරන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසටය.

මෙම නීති වාරෝධි ක‍්‍රියාවන් මගින් මාගේ මුලික අයිතින් උල්ලංඝණය කර තිබෙන බවද ප‍්‍රකාශ කරමි.


අ.ක/ගුරුගේ අනූෂා මාධවී

No comments:

Post a Comment