Sunday, May 11, 2014

ගැහැණූ ළමුන් පැහැර ගන්නා බොකෝ හරම්




නයිජීරියාවේ පාසැල් ශිෂ්‍යාවන් පැහැර ගෙන ගොස්, මනාලියන් හැටියට වෙන්දෙසියේ විකුණන බොකෝ හරම් - නමින් හැදින්වෙන ඉස්ලාමීය අන්තවාදී සංවිධානය - පූර්ණ ඉස්ලාමීය, බටහිර විරෝධී, අනෙකුත් ආගම් සියල්ල නොඉවසන සන්නද්ධ, ත්‍රස්තවාදී කල්ලියකි.

2002 වසරේදී නයිජීරියාවේ පිහිටුවන ලද මෙම සංවිධානය ෂයිරා ඉස්ලාමීය නීතිය පදනම් කරගෙන, ඉස්ලාමීය රජයක් පිහිටුවීමට අරමුණ කරගත්තෙකි.

බටහිර අධ්‍යාපනයට එරෙහි මෙම සංවිධානය, ගැහැණු ළමයින්ට ඉගැන්වීමට විරුද්ධය. බටහිර හදුන්වාදුන් අධ්‍යාපන ක්‍රමයට විරුද්ධය. අනෙකුත් ආගම්වලට මෙන් ඔවුන්ගේ දහමට විරුද්ධ අනෙකුත් ඉස්ලාමීය කණඩායම්වලටද විරුද්ධය.

මෙම සංවිධානයේ ආරම්භකයා මෙන්ම, ආගමික නායකයා මොහොමඩ් යූෂුප්ය. උපාධිධාරියෙකු වු ඔහු, බිරින්දෑවරු හතර දෙනෙකු සමග සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ - බෙන්ස් රථයක්ද පරිහරණය කරමින්ය.

2009 වසරේදී අත්අඩංගුවට ගන්නා මොහුව - නයිජීරියානු පොලිසිය ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන්නේය. එවිට ඔහුගේ දරුවන් ගණන 12කි.

එහෙත් සංවිධානය මිය ගියේ නැත.

මේ වන විට කල්ලි කණ්ඩායම් ගණනාවකට බෙදී ඇති බොකෝ හරම් ක්‍රියාකාරීන්, ගැහැණු දරුවන් පැහැරගෙන ගොස් වෙන්දේසි කිරීමට අමතරව -  පාසල්, ආණ්ඩුවේ ගොඩනැගිලි විනාශ කර දමති.

බොකෝ හරම් ප්‍රහාරයකන් නිසා 2002 සිට 2013 දක්වා දස දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, උන්හිටි තැන් නැති වූ පිරිස 90,000කට වැඩි බව කියති.

මේ වන විට පැහැරගෙන යන ලද වයස අවු : 12 – 14 සීමාවේ ළමුන්ගේ සංඛ්‍යාව 250 ක් පමණ වෙති.



No comments:

Post a Comment