Friday, May 2, 2014

කම්කරු නිලධාරියා - නටන්නේ අයිතිකරුගේ පදයටලු.


වසර දහයක් පුරා වැඩ කළ සේවිකාවකට හිමි වරප්‍රසාද ගෙවීම ප්‍රතික්ෂේප කළ දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නිලධාරියෙක්, තමා වැඩ කරන්නේ අයිතිකරු කියන විදියට බව ප්‍රකාශ කළේය.
චන්ද්‍රිකා පෙරේරා මහත්මිය වසර දහයක් පුරා මොරටුව, සොයිසාපුර මැක්ස් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනයේ ඇසුරුම් සේවිකාවක් වශයෙන් සේවය කර ඇත.
මෙම ආයතනයේ සේවකයින්ට ගෙවීමට නියමිත සේවක අර්ථසාධක මුදල් ඇතුළු නියමිත දීමනා ගෙවීම් නොගෙවන අතර ඒ සඳහා කම්කරු නිලධාරීන්ගේ උපදෙස් හා අනුග්‍රහයද ලැබෙන බව ඇය ප්‍රකාශ කරයි.
මෙම තත්වය තුලද, ඇය තමාට හිමි වරප්‍රසාද නීත්‍යානුකූලව ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවේ සහය පැතීය.
ඒ අවස්ථාවේ පරීක්ෂණ නිලධාරියා ලෙසට කටයුතු කිරීමට බාරවූ අයි.සී. ගමගේ නැමති නිලධාරියා බව ඇය කියා සිටී.
නමුත් පරීක්ෂණයේදී මෙම නිලධාරියා ගතයුතු පියවර නොගෙන අයිතිකරුට පක්ෂව කටයුතු කිරීම ගැන ප්‍රශ්න කළ විට, කාර්යාලය තුලදීම ඇය දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඇය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර තිබේ. යුක්තිය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරයි.


No comments:

Post a Comment