Wednesday, October 10, 2018

පළමු ගෑනි, දරුවෝ බඩගින්නේ තබා ආගමේ නාමයෙන් දෙවෙනි ගෑනි එක්ක මගුල් කනවා දෙවියන්ගේ පිහිටෙන් !!!



”ජුවලරි බොක්ස්” නිපදවන්නෙකු වූ, අබුසාලි මොහොමඩු නව්ෆර්, දරු තුන්දෙනෙකු සමග පළමු බිරිඳව අතහැර දැන් ඉන්නේ දෙවෙනි බිරිඳ සමග. එ් දෙවියන්ගේ කැමැත්ත අනුව.

පළමු බිරිඳව මොහු, දෙවියන්ගේ නාමයෙන් අතහැර ගොස් ඇත්තේ බාල දරුවා ලැබෙන්නට ඉන්න විටය. මේ වනවිට අවු: 10, 07 හා අවු: 03 වශයෙන් දරුවන් තිදෙනාව ඇයට, රැුකගන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

මුස්ලිම් ආගමික විවාහයක් කරගෙන ඇති නිසා, ඇය තමන්ට හා දරුවන්ට නඩත්තු ඉල්ලා සිටියේ ක්වාසි උසාවියෙන්ය. ක්වාසි උසාවිය, ඇයට මාසිකව, රුපියල් 15,000/- ක නඩත්තු මුදලක් ගෙවන ලෙසට අබුසාලි මොහොමඩු නව්ෆර්ට නියම කළේය. එ් 2015 නොවැම්බර් මසය. නමුත් එම නියෝගය මොහු ගනන් ගත්තේ නැත.

2016 ජූනි මස නියම කළ පරිදි නඩත්තු නොගෙවන බවට ක්වාසි උසාවිය විසින් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර සිටියේය. හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය 2016 අගෝස්තු මස නඩුව කැඳවා, 2016 ඔක්තෝබර් මස 13 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට වගඋත්තරකරු අබුසාලි මොහොමඩු නව්ෆර්ට, සිතාසි නිකුත් කළේය.

සිතාසි බාරගත්ත ද, අබුසාලි මොහොමඩු නව්ෆර් උසාවියට ආවේ නැත.

2016 ඔක්තෝබර් 13 වන දින, අධිකරණය, අබුසාලි මොහොමඩු නව්ෆර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ විවෘත වරෙන්තු නිකුත් කළේය. එම වරෙන්තුවේ පිටපතක් ද, පළමු බිරිඳට නිකුත් කරණු ලැබීය. 

ඇය, එම වරෙන්තුව, සැමියා පදිංචි ප‍්‍රදේශයේ පොලීසිය වූ, අලූත්ගම පොලීසියට ගොස් බාරදෙනු ලැබීය. නමුත් මේ දක්වා වරෙන්තුව ක‍්‍රියාත්මක කර නැත. 

තමන්ට වරෙන්තුව බාරදී නැති බව ප‍්‍රකාශ කිරීමට තරම් අලූත්ගම පොලීසියේ ස්ථානාධිපතියා නීචයකු වී තිබේ.

”ජුවලරි බොක්ස්” ව්‍යාපාරිකයකු වූ අබුසාලි මොහොමඩු නව්ෆර් ගේ ඥතීන් සියලූ දෙනා ප‍්‍රදේශයේ ප‍්‍රකට හරක් ජාවාරමේ හවුල්කරුවන්ය. මෙම ජාවාරමේ අදිසි හවුල්කරුවා පොලීසියයි.
එ් නිසා අධිකරණයේ නියෝග ක‍්‍රියාත්මක කරන්නට පොලීසිය බැඳී නැත. ඇයට පොලීසිය ද නැත. දෙවියෝ ද නැත.

මානව හිමිකම් නැති නම්, අඩුම වශයෙන් මේ කරුණු හෙළිදරව් වන්නේ ද නැත. කාදිනල් මැල්කම් රංජිත් ට මේ පණිවුඩය.

     

No comments:

Post a Comment