Thursday, October 25, 2018

පොලිස්කාරයින් වරදකරුවන් කරවන්න, සංඝ නායකයින්, දේශපාලූවන් හා ෙදාස්තරලා අභියෝග කරමින් වසර නවයක අරගලයකින් ලැබුණ වන්දිය රු: 300,000/- යි.



අධිකරණ සංඝනායක හරංකහපත ශීවලී නමු වූ, චීවරධාරී තැන, ”පොලීසියට විරුද්ධව පවරා ඇති නඩුව ඉල්ලා අස්කරගන්න, රු: 25,000/- ක් අරන් දෙන්නම්, විරුද්ධව දාලා තියෙන නඩු අස්කරවා දෙන්නම්” යැයි පැවසූ විට, උසාවියෙන් දාලා තියෙන නඩු අයින් කරන්නේ කොහොමද යන ප‍්‍රශ්නය නැගූ විට මේ චීවරධාරියා පවසා ඇත්තේ තමාට එය කළ හැකි බවත්, තමාට අවශ්‍ය වන්නේ පොලීසියේ මහත්වරු හිරේ යන එක වළක්වා ගන්න එක බව - චීවරධාරියාගේ පිළිතුරු විය.

මේ 2009 ජුනි 23 වන දින සිදුවීමක්. මේ දිනයේදීම ප‍්‍රාදේශීය සභාවේ උදේනි අතුකෝරල, මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපති හිමාල රාජපක්ෂ, උ.පො.ප. සෙනෙවිරත්න තවත් කිහිප දෙනෙකු සමග පැමිණ පොලිසියට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙසට බලපෑම් කර ඇත.

මේ, එල්ලවූ බලපෑම් අවස්ථා දෙකක් පමණි. තවද මෙම බලපෑම් කිරීම්වලට එවකට මානව හිමිකම් කොමිෂන් සභාවේ සිටි විමර්ශන නිලධාරීන් ද හවුල් විය.

2009 මාර්තු 01 වන දින සුනිල් ශාන්තව අත්අඩංගුවට ගන්නා මීගහතැන්න පොලිසිය ඔහුට දස වධ දී, රක්ෂිත බන්ධනාගාර ගත කරවනු ලබයි. 

ඊට දින දෙකකට පසුව එනම් 2009 මාර්තු 03 වන දින අත්අඩංගුවට ගනු ලබන එල්.එන්. ශාන්තට, ලේ වමනය යන තෙක් පහර දී, රක්ෂිත බන්ධනාගාරගත කරවයි. 

මොවුන් දෙදෙනාම මීගහතැන්න පොලිස් වසමේ කුලී වැඩකර ජීවත්වන අයයි. එහෙත් මීගහතැන්න පොලීසියේ අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම ඔවුන් අධිකරණය හමුවේ සහ බන්ධනාගාරයට ඇතුලත් කරණු ලැබූ අවස්ථාවේ කියා සිටීන ලදි.

එ් නිසා ඔවුන්ට බන්ධනාගාර රෝහලේදී මෙන්ම නාගොඩ මහා රෝහලෙන්ද ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගනී.

අධිකරණය මගින් ඔවුන් ඇප මත මුදාහැරීමෙන් පසුව ඔවුන් ජනසංසදය හා එක්ව, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ද පියවර ගනු ලබයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරීම නිසා මානව හිමිකම් කොමිෂන් සභාව සිය විමර්ශන කටයුතු අතහැර දමනු ලැබීය.

සුනිල් ශාන්ත හා එල්.එන්. ශාන්ත ඥති සොහොයුරන්ය. සුනිල් ශාන්ත ගේ සොහොයුරිය හා එල්.එන්. ශාන්ත ගේ බිරින`ද බලපෑම්වලට යට නොවී, පෙර ස`දහන් කළ චීවරධාරියාට, දේශපාලූවන්ට හෝ පොලීසියට යට නොවී, යුත්තිය උදෙසා නොබියව නොපැකිලව ඉදිරිපත් විය.

මූලික අයිතිවාසිකම් නඩුව මුල් අවස්ථාවේ පැවරීම සිදුකළේ, නීතිඥ ශාමේන් ගුණරත්න මහත්මිය ය. 
ඉන් අනතුරුව නඩුව ඉදිරියට ගෙන ගියේ නීතිඥ එර්මිසා ටීගල් මෙනවියයි. පොලිස්කාරයින් වෙනුවෙන් පෙනී සිටියේ, නීතිඥ ෂ්‍යාමෙල් කොල්ලූරේ ය. 

මෙම නඩුව, පවරන අතරවාරයේ විවිධාකාරවූ ආර්ථික, ශාරීරික හා මානසික ගැට`ඵවලට මුහුණ දුන්න එල්.එන්. ශාන්ත සිය දිවි හානි කර ගත්තේය. එල්.එන්. ශාන්ත වෙනුවට ඔහුගේ බිරිඳ ව ආදේශ කර, නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලදි.

2018.10.23 වන දින, තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා ජයසුන්දර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු ගේ එකඟතාවය අනුව, ප‍්‍රකාහයට පත් කරන ලද නඩු තීන්දුව ප‍්‍රකාරව, වගඋත්තරකරුවන් වූ, මීගහතැන්න පොලීසියේ උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න හා එවකට ස්ථානාධිපතිවරයා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරණු ලැබිය.

එ් අනුව, එම පොලිස් නිලධාරීන් දෙදෙනා, එක් අයෙකු විසින් රු: 50,000/- බැගින් වන්දියක්, සුනිල් ශාන්තට හා එල්.එන්. ශාන්ත වෙනුවට ඔහුගේ බිරිඳට ගෙවීමට නියම කරන ලදි.

එමෙන්ම, රජය, එක් අයෙකුට රු: 50,000/- බැගින් ගෙවීමට ද, නියම කරන ලදි. මෙය ගෙවිය යුත්තේ පොලිස්පතිවරයාය. 

එ් අනුව එක් අයෙකුට රු:- 150,000/-ක වන්දියක් හමිවනු ඇත.

මූලික අයිතිවාසිකම් නඩුවෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද බවට නිගමනය කර තිබේන මීගහතැන්න පොලීසියේ උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න හා එවකට ස්ථානාධිපතිවරයා යන නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගත යුතුය.

එමෙන්ම, වධහිංසාවට එරෙහි පනත යටතේ නඩු පැවරිය යුතුය.

මෙම දෙදෙනාගෙන් වදයට පාත‍්‍ර වූ, එල්.එන්. ශාන්ත දිවි තොර කර ගත්තේ ය. ජීවත්වන සුනිල් ශාන්ත අබ්බගාතයෙකි. 

මේ ධර්මිශ්ඨ, භාවානා කරන, බණ අහන, පිරිත් කියන, කැරොල් යන පොලීසිය, අද වනතුරු වධ දීම, බොරු නඩු දැමීම, නවත්වා නැත. මෙම තත්ත්වය වෙනස් කිරීමට අද බලයේ සිටින යහපාලන ආණ්ඩුවට ද අවශ්‍ය නැත.

මෙම නඩු තීන්දුව වධහිංසාවට විරුද්ධ අවංක සියලූ මානව හිමිකම් ක‍්‍රියාධරයින් අධ්‍යයනය කළ යුතුය.

පිටු 23 කින් සමන්විත මෙම නඩු තීන්දුවෙන් ඉස්මතු වන කරුණු බොහෝය. ඉන් ප‍්‍රධාන වන්නේ පොලිස් නිලධාරීන් අධිකරණයට බොරු කීමය. එය වරදක් වන්නේ නැත යන සහතිකයක් ඉහළ පොලිස් නිලධාරීන් ලබාදී ඇත. අනෙක බොරු වාර්තා දෙන ෙදාස්තර මහත්වරුන් ගැන කතා කරන්නට දෙයක් නැද්ද. ඇයි නැත්තේ කතා කරමු. 

ඡයාරූප ස`දහා සඳහා පිවිසෙන්න:-  

සම්පූර්ණ නඩු තීන්දුව සඳහා පිවිසෙන්න:- 



No comments:

Post a Comment