Saturday, March 5, 2011

වැලිකඩ හිරගෙදර කුස්සියට ටයිල් ඇල්ලුවොත් ඔක්කොම හරි


ඇමති කුස්සියට ටයිල් ඇල්ලිය යුතු බව කියයි. මෙය හොදයි. නමුත් මීට වඩා බරපතල ගැටළු එහි ඇත. ලැබෙන ආරංචි මාර්ග වලට අනුව කක්කුස්සි වලට ටයිල් අල්ලන්නේ නැත්තේ හිරිගෙදර වෙනත් ප්‍රදේශයකට ගෙන යන බැවිනි.

රැදවියන්ට ප්‍රමාණවත් ඇදුම් නැත. කන්නට ප්‍රමාණවත් කෑම නැත. වැසිකිලි නැත. තිබුනත් ඒවාට කිට්ටු කල නොහැක. ප්‍රදානම ප්‍රශ්නය ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. සැකකරුවන්, අපරාදකරුවන් සහ ළමයින්ව එකට තබා තිබේ.

බන්දනාගර තදබදය බරපතල ගැටළුවක් මෙන්ම ජනප්‍රිය මාතෘකාවකි. තදබදයට ප්‍රදාන හේතුව කිසිම සාදාරන හේතුවක් නැතුව රදවා තබා ගැනීමයි. රටේ සියලුම බන්දනාගාර වල සිටින රැදවියන්ගෙන් 50% කට වඩා සැකකරුවන්ය.

සෝමාවතී වසර නමයක් වැලිකඩ කාන්තා අංශයේ සිටියේ නීතිපතිගේ ඇදහිය නොහැකි පමාව නිසයි. අදටත් සැලකියයුතු සැකකාරියන් ගණනක් වසර දෙක තුන එහි සිටින්නේ එක්කෝ නීතිපති නැතිනම් රස පරීක්ෂකගේ පමාව නිසාය. මෙම ප්‍රමාදයට පිළියම් යොදන්නේ නම් තවදුරටත් බන්දනාගාර තදබදය ගැටළුවක් නොවුණු ඇත. ඇයි ඇමතිවරයා මේ ගැන නිහඩ?


හර්ෂි සි.පෙරේරා

1 comment:

  1. හැබැයි ෆොන්සේකාට එල්.සී.ඩී. ටී.වී. හා වේට් සෙට් ඇත.

    ReplyDelete