Saturday, March 12, 2011

බෞද්ධ නාමයෙන් සිදු කරන වංචාව සහ දුෂණයට තිත.



මහබාගේ මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හට විශේෂ පාසල් හැඳුනුම්පතක් සකස් කිරිමට යැයි පවසා පාසලලේ සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් රුපියල් 125 බැගින් එකතු කිරීමට විදුහල්පතිවරයා මේ දිනවල කටයුතු කරමින් සිටින බව දෙමාපියෝ පවසති.

රජයේ වෙනත් පාසල් වල නොමැති මෙවැනි හැඳුනුම්පත් ක‍්‍රමයක් හදිසියේම කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ ඇති කරන්නට යාම පිළිබඳව සැක පහල කරන දෙමාපියෝ මෙම හැඳුනුම්පත අත්‍යාවශ්‍ය දෙයක් නොවන බවත්, මීට වඩා විද්‍යාලයේ දියුණු කළ යුතු අඩුපාඩුකම් පවතින බවත් ප‍්‍රකාශ කර සිටිති. (ලංකා ඊ නිව්ස්, 2011, මාර්තු.11, ප.ව.2.50)

මේ අල්ලස සහ දුෂණය පිළිබද සිය දහස් ගණන් උදාහරණ වලින් එකකි. විදුහල්පතිලා සහ ගුරාලා නකුට නැති බල්ලන් ලෙස හැදින්වුවිට කිපෙන ලංකා ගුරු සංගමය දැන් කියන්නේ කුමක්ද ?

අපේ රටේ අල්ලසක් නොදී වැඩක් කර ගතහැකි රාජ්‍ය ආයතන ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. මේ තත්වය ප්‍රජාතන්ත්‍රවාදය කාබාසිනියා කර දම්මිමට හේතු වන අතර රට ආර්ථික වශයෙන් කඩා වැටීමටද හේතු වෙයි.

අල්ලස සහ දුෂණය බොහෝ දුරට නැති කල රටවල් ලෝකයේ ඇත. එහිලා හොදම උදාහරණය හොං කෝන්ය. එහි පවතින අල්ලසට එරෙහි ස්වාදින කොමිෂ මේ සම්බන්දයෙන් සුවිශේෂී කාර්ය බාරයක් ඉටු කරයි. හොං කොන් ජනයා තමන්ට අල්ලසක් දීම සලකන්නේ තමන්ට කල අවමානයක් ලෙසයි. ඔවුන් අල්ලස හා දුෂණය ගැන පැමිණිලි කිරීමට දෙපාරක් සිතන්නේද නැත. තවද මෙම ස්වාදින කොමිසමට එහි බලදාරින් ඇගිලි ගසන්නේ නැත. එහි ඇති සුවිශේෂිත්වය නම් පොලිසිය කිසිවකට ගවා නොගැනීමයි.

අපේ බලාපොරොත්තුව ආසියාවේ ආශ්චර්ය ව්මයි. ආශ්චර්යවීම කෙසේවෙතත් මෙරට ආර්ථිකය ප්‍රපාතයකට ඇද වැටීමෙන් වළකා ගත යුතුය. පාසැල තුල සිදුවන මෙම අල්ලස සහ දුෂණය අනාගත පරපුරද වන්චනකයින් කිරීමට අවශ්‍ය ආදර්ශය ලබාදෙයි. මෙම වන්චනිකත්වයට දඩුවම් පැමිණවිය යුතුය. එසේ නැතුව අත්වැරද්දයයි කියා සමාව ගැනීම මේ බයානක පිළිකාවට බෙහෙතක් නොවේ.


හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment