Saturday, January 2, 2016

‘‘කැ....යා’’ කියලා අ`ඩගහලා කණට ගැහැව්වා. අරක්කු බොතල් තුනක් මෙසේ උඩ තිබුනා. හොඳටම බිලි හිටියේ.



ජනවාරි 01දා පානදුර දකුණ පොලීසියට ගිය, එක් දරු පියෙක් වු, පුෂ්ප කුමාරට කුණු හරප කියා පහර දි ඇත්තේ උ.පො. ප ඉෂාන් නැමැති නිලධාරියාය. තමන්ට පහර දීම සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පති  වෙත සිද්ධිය සම්බන්ධයෙන්  කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.                            

‘‘2016.01.01 දින රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර දකුණ පොලීසියේ රථවාහන අංශයට පැමිණියා. එසේ පැමිණියේ, රථවාහන අංශයේ උ.පො.ප. මුදිත නිලධාරියා හමුවීමට. එ් රථවාහන නීති උල්ලංඝණය කිරීමකට අදාලව මට පොලීසියට එන ලෙසට කරන ලද දැන්වීමට අනුවය.

මා යන විට, උ.පො.ප. මුදිත නිලධාරියා නොසිටි අතර ඔහු පැමිණෙන තෙක් රැුඳී ඉන්න ලෙසට එම රථවාහන අංශයේ නිලධාරිවරයෙක් මට උපදෙස් දුන්නා. රාත‍්‍රී 8.00 පමණ වන තෙක් බලා සිටිය ද එම නිලධාරියා නොපැමිණි හෙයින් එ් අසල සිටි නිලධාරියා මට කිවුවා පොලීසිය පිටුපසට ගොස් උ.පො.ප. මුදිත නිලධාරියා ඉන්නවාදැයි බලන්න කියා. 

එ් අනුව මා පොලීසිය පිටුපසට ගොස් එහි කාමරයක සිටි තිදෙනාගෙන් මා ඇහැව්වා උ.පො.ප. මුදිත නිලධාරියා ඉන්නේ කොහෙද කියා. එම තිදෙනා අතුරින් උ.පො.ප. ඉෂාන් උඹ, ”කැ .......යා” උඹ නේද රත්තරන් බඩු හොරකම් කළේ කියමින් නැගිට විත් මගේ කණට වේගයෙන් ගැසුවා. එ් අසල සිටි එක් පුද්ගලයෙක් ඔහුව අල්ලා ගත්තා. අනිත් තැනැත්තා බක බක ගා හිනා වුණා. ඔවුන් තිදෙනාම සිටියේ සිවිල් පිට. ඔවුන් තිදෙනාම මේසය උඩ අරක්කු බෝතල් තුනක් තියාගෙන බිබී හිටියේ.’’

ඔහු ගේ ඉල්ලීම, උ.පො.ප. ඉෂාන් ට එරෙහිව හා පොලිස්ථානය තුළ මත්පැන් බොමින් සිටි අනෙක් දෙදෙනාට එරෙහිව ද නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට. 






No comments:

Post a Comment