Monday, June 1, 2020

හොංකොං කියන්නේ චීනය



මේ වන විටත් ඇමෙරිකාවේ ප‍්‍රධාන නගරවල කළු ජාතිකයින් ගේ විරෝධතා ගැන හා ඔවුන් මර්දනය ගැන මුනිවත රැුකීම සිහිපත් කර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල  හොංකොං ගැන සාකච්ඡුා කිරීමට ගත් උත්සහය චීනය හා රුසියාවේ මැදිහත්වීම මත නතර විය.

ඒ අතර, ඇමෙරිකාව හා හොංකොං අතර, මේ දක්වා පවත්වාගෙන ගිය විශේෂ සම්බන්ධතා අවසන් කිරිමට ට‍්‍රම්ප් ගේ තීරණය ගැන ප‍්‍රතිචාර දක්වන හොංකොං බලධාරීන් ‘හොංකොං’ කියන්නේ චීනය බවත්, එකම රටක් බවත් ට‍්‍රම්ප් පාලනයට කියා දී තිබේ.

‘හොංකොං’ 1997 දක්වා පැවතියේ, බි‍්‍රතාන්‍යයේ පාලනය යටතේය. ඒ 99 අවුරුද බදු ගිවිසුමක් යටතේය. එම බදු ගිවිසුම අවස්න වූ පසු, නැවත හොංකොං චීනයට පවරා ගනු ලැබීය. එම අවස්ථාවේ දිත් තම පාලනය යටතේ හොංකොං පවත්වාගෙන යෑමට, බි‍්‍රතාන්‍යය දැඩි උත්සාහයක් ගනු ලැබීය.

ආපසු පවරා ගැනීමේදී එතෙක් හොංකොං පාලනය කරන ලද නීති රීති, පරිපාලන ක‍්‍රමවේදය වසර 50 ක් යන තෙක් එලෙසම පවත්වාගෙන යෑමට දෙරට අතර එකඟතාවයක් ඇතිවිය. 

එම නිසා ”එක රටක් -  ක‍්‍රම දෙකක්” යන සංකල්පය ප‍්‍රචලිත විය.

වසර 99 ක බි‍්‍රතාන්‍ය පාලනය යටතේ, හොංකොං වැසියන්ගෙන් නිදහස ගැන හෝ ප‍්‍රජාතන්ත‍්‍රාවාදය ගැන හෝ හඬක් නොවීය. බි‍්‍රතාන්‍යයන් තම වෙළඳ ව්‍යාපාරයන් ශක්තිමත්ව, බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා අවශ්‍ය නීති රීති හා යටිලත පහසුකම් ප‍්‍රවර්ධනය කළේය. ඒ සූරා කෑම විධිමත්ව ආබධිතව කරගෙන යෑමටය. කුමන ආකාරයක වත් ”නිදහස හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හොංකොං වැසියන්ට ලබා නොදෙන ලදි.

1997 චීනය පවරා ගැනීමත් සමග හොංකොං වැසියන් තුළ චීන විරෝධය ගොඩ නගන ලදි.

චීනය විසින් එතෙක් බි‍්‍රතාණ්‍යයන් විසින් ස්ථාපිථ අධ්‍යාපන ක‍්‍රමය තුළ හෝ පරිපාලනයේ හෝ  වෙනසක් යෝජනා කළ අවස්ථාවල උද්ඝෝෂණ පවත්වා එ්වා වළක්වන ලදි. ඒ පිළිබඳව උදම්වූ උද්ඝෝෂකයින්ගේ ඊළඟ පියවර වූයේ චීනයට විරුද්ධව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මගින් හොංකොං, චිනයෙන්  නිදහස් කර ගැනීමය. මෙම පිරිස් චීන ධජයට, චීන ජාතික ගීයට විරුද්ධව ක‍්‍රියා කරන්නට පටන් ගත්තේය.

ඉතා දියුණු ස්වයං විනයක් ඇති පොලීසියක් ලෙසට නමක් දිනා සිටි, හොංකොං පොලීසිය, කැරළිකරුවන් මර්දනයට පියවර ගත්තේ ලොව අන් සියලූ පොලිසිවලට නොදෙවෙනි ආකාරයෙනි. හොංකොං පොලීසිය චින රජයේ පොලීසය විය. 

හොංකොං පොලීසිය චීන රජයේ බාහුවක් මිස, බි‍්‍රතාන්‍යයන්ගේ බාහුවක් නොවන බව පෙන්වා සිටියේය.

කැරළිකරුවන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යය (MSM) හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන, හොංකොං පොලීසියේ මෘග කි‍්‍රයාවන් ගැන ප‍්‍රචාරය ආරම්භ කිරීමට පටන් ගන්නා ලදි. එය අසාමාන්‍ය දෙයක් නොවේ.

1997 චීනය නොවේ, 2020 චීනය. මෙ වන විට හොංකොං වල වෙළඳ ව්‍යාපාරයන්, බි‍්‍රතාන්‍යයන්ගේ බැංකු හා සමාගම් වල වටිනාකම් හීනව ඇත. හොංකොං වල පැවැත්ම පවතින්නේ චීනය මතය.

මෙම පසුබිම යටතේ චීන ධජයට හා චීන ජාතික ගීය ප‍්‍රතික්ෂේප කරමින් චින රජය ප‍්‍රණ්ඩ ක‍්‍රියා මගින් අභියෝග කිරීම ඉවසා සිටිමට, ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම දරන චීනයට නොහැකි විය. එම වගකිම තමන් වෙත පවරා ගැනීමට චිනය පියවර ගත්තේය. එය හොංකොං පාලනය පිළිගෙන තිබේ. 

මෙය එක රටක් ක‍්‍රම දෙකක් සංකල්පය අවසන් කිරීමේ ඉදිරි පියවරකි.

තම ප‍්‍රතිපත්තීන්ට හා පාලනයට හිස නොනමන සියලූ රාජ්‍යයන්ට එරෙහිව සම්බාධක පැනවීම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල න්‍යායයි. එමෙන්ම එම රටවල ආණ්ඩු හොඳින් හෝ නරකින් පෙරළා දැමීමට පියවර ගනී.

එයට උදාහරණ  ඕනෑ තරම් තිබේ.

මේ වන විට තමන්ට අවනත නොවන රටවලට එරෙහිව විවිධ සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. එම සම්බාධක මගින්, අදාළ රාජ්‍යයන් වල ජනතාව ගැට`ඵ වලට මුහුණ දුන්නද, එ්වා ජය ගැනීමට ඔවුන්ට හැකිව තිබේ.

ජාත්‍යන්තරය ලෙසට අපේ රටේ බොහෝ දෙනා හඳුන්වන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්ය. 
චීනය, රුසියාව, ඉන්දියාව ඇතු`ඵ රටවල් ජාත්‍යන්තරයට අයත් නැත.

මෙම මිත්‍යාවෙන් මිදිය යුතුව තිබේ. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිත‍්‍රපාක්ෂිකයින් අතර සීතල යුද්ධය පටන් ගන්නා ලදි. රටවල් පළමු, දෙවන හා තෙවන ලෝක ලෙසට බෙදින. එය මීට වසර 30 කට, යම් දුරකට පාලනය කිරීමට හැකිවිය. එය අද යළි පෙරමුණට විත් තිබේ.

එ් අතර නව්‍යය කොරෝනාව සියල්ල උඩු යටිකුරු කර ඇත. 

මේ තත්තවය තුළ, අප රටේ ඉංග‍්‍රීසිය මව් බස කරගත් අතලොස්සක පිරිසක් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය (MSM)  හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොරු කීමට පටන් ගෙන තිබේ. මේ බොරු ඉංග‍්‍රීසි පමණක් කියවන අය අතරින් අතලොස්සක්, තම සිත් සනසා ගන්නට භාවිතා කරති.

ඉතා සරල උදාහරණයක් නම්, බි‍්‍රතාන්‍ය විසින් 1897 දී හඳුන්වාදුන් වසංගත රෝත මර්දන  ආඥ පනත ගැන මුනිවත රැුක, වෙනත් බහුබූත කියමින් වසංගතය පාලනයට ගෙන ඇති පියවර, නීති විරෝධී ලෙසට හැඳින්වීමට තරම් කාලකණ්නි මෘගයන් පිරිසක් බවට පත්ව සිටින බවද කිව යුතුය.

මේ වන විට හොංකොං විරෝධතාකරුවන් අතර මතභේද හටගෙන ඇති අතර සමහරු තම සමාජ මාධ්‍ය අඩවි වලින් ඉවත් වීමට පටන්ගෙන ඇතැයිද වාර්තා වේ. 

No comments:

Post a Comment