Friday, June 26, 2020

බුද්ධි අංශ නිලධාරියෙකුට පොලිස් කාරයෝ වට කරගෙන නෙලයි.




පසුගිය දා, ගන්දරදී, 26 හැවිරිදි, නවක බුද්ධි අංශ නිලධාරියෙකුට, වට කරගෙන, අමානුෂික ලෙස අතින් පයින්, පොලූවලින් හා අවි වලින් පහර දී ඇත්තේ, පානදුර වලාන  දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත හා ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ කණ්ඩායම් දෙකක පොලිස් කාරයින් බව කියැවේ.

මෙම අමානුෂික පහර කෑමට ලක්වූ බුද්ධි අංශ නිලධාරියා, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ගන්දර, වෙරළේ ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇත.

වාර්තා වන අන්දමට පළමුව, පානදර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත ඇතුළු කණ්ඩායමක්, වෙරළේදී පහරදී, ගන්දර පොලීසයට බාරදී තිබේ.

ගන්දර පොලීසියේ ස්ථානධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් මොහුට පහරදී ඇත්තේ බැරැක්කයට රැගෙන ගොස්ය.

එහිදී ස්ථානාධිපති කපිල බංඩාර මොහුට වධ දෙන අතර, පුන පුනා කියා ඇත්තේ, උඹලා අපිට කෙළවනවා. අපි දැන් උඹට කෙළවනවා කියාය.

මෙම තරුණ බුද්ධි අංශ නිලධාරියාගේ බිරිඳ, මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට, ආරක්ෂක ලේකම්, පොලිස්පති, මානව හිමිකම් කොමිෂම ට හා ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කර ඇත. 

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට, වධ හිංසා පැමිණවීම, ජාත්‍යන්තර මානව හිමිකම් රපෝර්තුකරුවන්, ආරක්ෂකයින් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයින් පවසන හේතු - ඔවුන්ගේ රට බෙදන න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යාම සදහා මවා පාන්නා හේතූන්ය.

මෙය ශ‍්‍රී ලංකාවේ වධ හිංසාව ගැන යථාර්තය හෙළිකරන තවත් එක් උදාහරණයකි. 

ඇය ගේ පැමිණිල්ලේ තමාගේ වයස අවු: 25 ක් බවද, රජයේ සේවිකාවක් බවද, තම සැමියා , අවු: 26, පො.කො. 000, බවද, කොරෝනා වෛරස රෝගය හේතුවෙන්, 2020.03.27 දින සිට --ඒකයට අනුයුක්ත කර තිබු අතර, දැනට මාතර ම/උ නඩු අංක: BR/------  යටතේ, ---- රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවද කියා සිටි. 

2020.06.14 වන දින, උදයේ සුපුරුදු පරිදි ඔහු සේවයට වාර්තා කිරීමට --- පිටත්ව ගිය සැමියා  එදින රාති‍්‍රියේ ගෙදර ආවේ නැති බවත්, පසුදින, (2020.06.15) උදේ 5.45 ට පමණ, ගන්දර පොලීසියෙන්, සැමියාගේ පියාට, සැමියා, පොලිස් අත්අඩංගුවේ සිටින බව දුරකථනයෙන් දැනුම් දුන් බවය. 

ඇය, සැමියාගේ මව හා පියා සමග, ඒ අවස්ථාවේදීම ගන්දර පොලිසීයට ගොස් පොලිස් සිර මැදිරියේ සිටින සැමියා දුටු බව හා ඔහුගේ මුහුණ ඉදිමිලා, තොල් පැලී, නාසයෙන් ලේ දමා, ශරීරයේ සෑම තැන තුවාල තිබුන අතර ඔහු ඉතා අමාරු තත්ත්වයෙන් සිටින බව - කියා සිටි බවද සිය පැමිණිල්ලේ සඳහන් කරයි. ඒ අවස්ථාවේ ඔහු, ‘‘තමා දන්නා හඳුනන අය සමග,මුහුදු වෙරලේ, කතා කරමින් සිටන විට, ඒ  අසල තවත් හය දෙනෙකු අධික ලෙස මත්පැන් පානය කරමින්, සිට ඇති බව. මාගේ සැමියා, ඔවුන්ගෙන්, ‘‘අයියලා කොහේද” කියා අසන ලද බව හා ඒ සමගම, ‘‘උඹට මොකද අපි කොහේද කියා” අසමින්, එම පිරිස සැමියාට පහර දෙන්නට පටන් ගත් බවද, ඒ  අවස්ථාවේදී එම පිරිස අතර, තමන්ට පහර දුන් එක් අයෙකු, පානදුර වලානේ, දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත බව සැමියා හඳුනා ගත් බවද’ පවසා  තිබේ.

ඒ අවස්ථාවේදී, සැමියා, තමාද, පොලිස් කොස්තාපල්වරයෙකු බවත්, --- හි සේවය කරන බවත් පවසා සිටියද, ඒ  කිසිවක් ගණනකට නොගෙන, එම පිරිස සැමියාට දරුණු ලෙස පහරදී, තිබෙන බවත්, එසේ පහර දෙන අතර, ---- නැමැත්තාට පහර දී ඇති බවද, පහරදීමෙන් අනතරුව, පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත, ගන්දර පොලීසියට කථා කර, මොබයිල් එක ගෙන්වාගෙන ඇති බවද, ගන්දර පොලීසියේ මොබයිල් එකේ පැමිණි පිරිසද එක්ව, සැමියාට පහර දී, අත්අඩංගුවට ගන්නා ලද බවද කියා තිබේ. 

සැමියා, පොලීසියට ගෙන ආ පසු, ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බංඩාර, ‘‘බුද්ධි අංශයේ එවුන් ඉන්නේ අපිට කෙළවන්න” - ‘‘අපි උන්ට කෙළවලා දාමු” කියා අනිත් පොලිස් නිලධාරීන්ට පවසා, ඉන්පසු, ඔහු, ‘‘මුගේ අත් පස්සට කරලා අල්ලා ගන්න” යැයි, මොබයිල් එකේ අයට කියා ඇත. ඔවුන් සැමියාගේ අත් පස්සට කර අල්ලා මාංචු දමා ඇත. එයින් අනතුරුව, සැමියාව, බැරැක්කයට ගෙන ගොස්, අතින් පයින් හා අවියකින් පහර දී ඇත. එම පහරදීම්වලින් බිම වැටුන පසුව, පයින් පාගමින්, අවිවලින් ඇන, පහරදුන් බවද සඳහන් කර තිබේ. 

ඇය සිය පැමිණිල්ලේ මෙසේද සඳහන් කර ඇත.

‘‘ගන්දර පොලිස් ස්ථානයේදී, ස්ථානාධිපති කපිල බංඩාර, සැමියාට අමානුෂික ලෙස පහර දීමේදී, ඔහු විශේෂයෙන් සඳහන් කර ඇති කරුණක් වන්නේ, සැමියාද එක්ව, ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බංඩාර, කොරෝනා සමයේ, සිය පවුල සමග නැවතී සිටි හෝටලයේ, අලෙවි කිරීමට තබා තිබූ අරක්කු බෝතල් 300 කට අධික ප‍්‍රමාණයක් සෙයා ගැනීමය. මෙම සොයා ගැනීම, මාතර පොලිස් අධිකාරී ගේ මැදිහත්වීමෙන් නතර කිරීම හා මෙම ප‍්‍රදේශයේ හෙරොයින් කිලෝ 200 ක් පිළිබඳව ලැබූ තොරතුරක් විමර්ශන කිරීමය. 

එසේ පහරදීමෙන් පසුව, කූඩුවට ගෙනවිත් දමා තිබේ. රාත‍්‍රී 8.00 -  9.00 අතර මෙම සිදුවීම සියසින්ඇ සින් දුටු, සැමියාව දන්නා අයෙක්, රාත‍්‍රියේ පොලීසියට ගොස් සැමියාව බලා ඇත. 

සැමියා, ඔහුටද තමාට පහරදුන් බව හා තුවාල හා තැලූම් පෙන්වා තිබේ. එම පුද්ගලයා නිවසට ගොස්, සැමියාට, සිද්ධාලේප හා පැනඩෝල් ගෙනවිත් දීමට උත්සාහ ගනිත්දී, පො.ප. බැට්ටගේ නැමති නිලධාරියා එයට ඉඩ දුන්නේ නැති බවද සැමියා කියා ඇත.

තවද, සැමියා කියා සිටියා, රාති‍්‍රයේ තමාව, තලල්ල ග‍්‍රාමීය රෝහලට ගෙන ගොස්, එහි වෛද්‍යවරයාට ඉදිරිපත් කළ බව. එම වෛද්‍යවරයා තමාව පරීක්ෂා නොකළ බවත්, පොලීසියේ ඉල්ලීමට තමා, බීමත්ව සිටින බවට අධිකරණ වෛද්‍ය පෝරමයේ ලියවා ගත් බවත් බවය.

අලූයම, මාගේ සැමියාට තර්ජනය කර, ඔවුන් ලියන ලද ප‍්‍රකාශයට අත්සන් ගෙන ඇත.

දහවල් (2020.06.15) 10.00 ට පමණ සැමියා, මහේස්ත‍්‍රත් අධිකරණයට ගෙනවිත් ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු වෙනුවෙන්, නීතිඥ දශරාජ් මයා ඉදිරිපත් වුනා. ඔහුව, පළමුව බූස්ස බන්ධනාගාරයට ගෙන ගිය අතර, 2020.06.17 දින මාතර බන්ධනාගාරයට මාරු කරනු ලැබුවා.

2020.06.20 දින, එනම් දින 4 කට පසුව, මාතර මහා රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එතෙක් බන්ධනාගාර රෝහලේ සිටි බව සැමියා ප‍්‍රකාශ කළා. 

2020.06.24 දින දක්වා, දින 5 ක් සැමියාව, මාතර මහා රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබාදෙනු ලැබුවා. මාතර මහ රෝහලේ සිටින විට, සැමියාගෙන් ප‍්‍රකාශයක් ගන්දර පොලීසිය විසින් ලබාගෙන තිබුනා. විශේෂඥ අධිකරණ නිලධාරී පරීක්ෂා කර තිබුනා.

ඒ සෑම අවස්ථාවකම, සැමියා, තමාට, වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත හා ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන්න බව ප‍්‍රකාශ කළ බව කියා සිටියා.
පෙර සදහන් කළ පරිදි, සැමියා, මාතර බන්ධනාගාරයේ සිටින අතර, මීළඟ නඩු දිනය: -------
බවද ඇය කියා ඇත. 

                            අද ජුනි 26 

 

No comments:

Post a Comment