Tuesday, September 7, 2021

උස්සපු "වැගන් R" එක උකසට අරන් තියෙන්නේ පොලිසියේ අයලු! බඩුයි, නඩුයි හමුදුරුවන්ගේ වෙයිද?

 

රුපිකා සහා සැමියා බලධාරින්ට කරනු ලැබු ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පහැදිලි වනු ඇත.

"පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයට, නීති විරෝධී ලෙස වාහනය රඳවා තබාගෙන, මුදල් ඉල්ලා සිටීම."

සෙල්ලපෙරුමගේ රූපිකා ප‍්‍රසාංධනී ප‍්‍රනාන්දු, අවු: 44 යි, ජා.හැ.අ. 775193476 ඪල විවාහක, දරුවන් 04 යි, ලිපිනය : තිසර කලමුල්ල, `ඵතර. දු.අ. 077 2976312

 

2021.09.06 වන දින දීය.

උඡුල ක්‍්ඪ 9821 දරන සුදුපාට වැගන් ආර් වර්ගයේ වාහනයේ, හිමිකාරිය මා වෙමි.

2. මාගේ මෙම වාහනය, 2021.07.26 දින, මාගේ සැමියා වන නිශාන් සුගත් ගේ හිතවතෙකු වන, සඳුන්ට ගමනක්යෑමට බාර දෙන ලදි.

3. ඔහු පදිංචි, `ඵතර, කටුකුරුන්ද, ඉලේපෙරුම මාවතේය.

4. සවස් වන තුරු වාහනය, ගෙනාවේ නැති නිසා, සැමියා එ් ගැන සොයා බැලීමේදී ඔහුව සතියක් යන තුරු සොයා ගැනීමට නොහැකි විය.

5. 2021.08.01 වන දින, ඔහු හමු වූ විට, හදිසියකට වාහනය උගස් තැබූ බව කියා සිටින ලදි.

6. වාහනය, උගස් තියා තිබුනේ, ප‍්‍රසන්න නැමති අයෙකුටය. ඔහු පදිංචි ගල්ලස්ස (නාගොඩ* හි ය.

7. 2021.08.12 වන දින, මා, ගල්ලස්සේ ප‍්‍රසන්න නැමති අය හමුවුනා.

8. ඔහු ප‍්‍රකාශ කළා, වාහනය, වස්කඩුවේ පොලීසියේ අයියලාගේ ගෙදර බවත්, එම ගෙදර නිරෝධායනය කර තිබෙන බවත් කියා සිටියා.

9. 2021.08.31 දින, ප‍්‍රසන්නගෙන් විමසා සිටි විට, ඔහු වාහනය පෙන්වන්න, පැමිණෙන ලෙස කිව්වා.

10. ප‍්‍රසන්න නැමති, පොලීසියේ අයියා කියන අයගේ ගෙදරට එක්කගෙන ගොස් තිබුණා. එහි වාහනය තිබුනේ නෑ.

11. පොලීසියේ අයියා කියන ලද පුද්ගලයා, පිටුපස ගෙදරකට රැුගෙන ගියා. එම නිවස, ඔහුගේ සහෝදරයෙකුගේ බව කිව්වා.

12. වාහනය එහි තිබුනා.

13. සැමියා, වාහනය ඉල්ලූවා. එවිට, පොලීසියේ අයියා හා එම පුද්ගලයාට, සියලූ ලියකියවිලි පෙන්නා සිටියා. එවිට ඔවුන් වාහනය දෙන්න, රුපියල් ලක්ෂ 03 ක් ඉල්ලා සිටියා.

14. වාහනය දෙන්නේ නැති නිසා, මා හා සැමියා ක`ඵතර දකුණ පොලීසියට ගොස් පැමිණිලි කළා.

15. පැමිණිල්ල ලියා නොගෙනම, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්, ජීප් රථයෙන්, වාහනය තිබූ නිවසට ගියා.

 

16. පොලීසිය, එහිදී, අපගෙන් හා වාහනය තියාගෙන හිටිය අයගෙන් ප‍්‍රශ්න කර, වාහනය පොලීසියට ගෙන ආවා. වාහනය පැදවූයේ මාගේ සැමියාය.

17. පොලීසියේදී, මාගෙන් හා සැමියාගෙන් ප‍්‍රකාශ ගත්තා. වාහනය දුන්නේ නෑ. පස්සේ එන්න කිව්වා.

18. 2021.09.04 වන දින, එ් අනුව පොලීසියට ගියා.

සියලූ ලියකියවිලි රැුගෙන, 2021.09.06 (අද දින* ක`ඵතර පොලීසියට ගියා. එසේ ගියේ නීතිඥ තරිඳු මහතා සමගය.

19. නමුත් වාහනය දුන්නේ නෑ. වාහනය, උසාවියට දාන්න අවශ්‍ය බව කිව්වා.

මා ප‍්‍රකාශ කරන්නේ, වාහනය, නීති විරෝධීව, සඟවා තබාගෙන සිටි පුද්ගලයින් කිසිවෙකුට එරෙහිව නීතිමය පියවර ගත්තේ නැති බවත්, වාහනය දුන්නේ ද නැති බවය.

මෙ ආකාරයට, `ඵතර දකුණ පොලීසිය ක‍්‍රියාකරන ලද්දේ, මාගේ වාහනය නීති විරෝධී ලෙස උගසට ගෙන, සඟවා තබාගෙන සිටි, ගල්ලස්සේ පදිංචිකරුවන්,

·         එක් අයෙකු වන්නේ, පොලිස් නිලධාරියෙකු වන උපුල් වික‍්‍රම ආරච්චි (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත අයෙන් බව ප‍්‍රකාශ විය*

·         ඔහුගේ, බිරිඳ ද, කාන්තා පොලිස් නිලධරිණියක් බවත්, ඇය නියෝජ්‍යය පොලිස්පතිවරයෙකුගේ කාර්යාලයකට අනුයුක්තව සේවය කරන බවත් ප‍්‍රකාශ විය.

·         මෙම නීති විරෝධී ලෙස වාහනය උකසට ගෙන, සඟවාගෙන සිටි පුද්ගලයින් වන ප‍්‍රසන්න ඔවුන්ගේ සොහොයුරෙක් බවත්, ප‍්‍රකාශ විය.

මෙම පසුබිම යටතේ, නීති විරෝධීව ක‍්‍රියා කළ, පොලිස් නිලධාරීන් ඇතු`ඵ ඔවුන්ගේ සොහොයුරා, ප‍්‍රසන්න ව ආරක්ෂා කරන්නේ, `ඵතර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, සුනෙත් ශාන්ත බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

කිසිදු ආකාරයක නීති විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ නැති, සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් සමාගමේ කල්බදු ක‍්‍රමයට ලබාගෙන තිබෙන, නිසි පරිදි වාර්තා ගෙන ඇති මාගේ වාහනය පොලීසියට සම්බන්ධ පුද්ගලයින්ට මුදල් ලබා ගැනීමට, ”ඇපයටතබාගෙන සිටීම ගැන වහාම මැදිහත්ව, වාහනය මුදාහරින ලෙසට හා මෙම නීති විරෝධී ක‍්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

සෙල්ලපෙරුමගේ රූපිකා ප‍්‍රසාංධනී ප‍්‍රනාන්දු

 

 

 

 

No comments:

Post a Comment