Friday, March 10, 2023

ලීසින් මාෆියාව ඒක්ව හොර ඔප්පු ලියයි..............

 අල්ලස් හා දුෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව, ශාන්ත මහතාට දැනුම් දි ඇත්තේ ඔහු විසින් එම කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බාරගෙනය.

 ශාන්ත මහතා ඩිමෝ ලොක්කා ලොරියක් කල් බදු ක‍්‍රමයට ගන්න, රු: ලක්‍ෂ 08ක් කල්තොට ෆිනෑන්ස් සමාගමට ගෙවීමට, ලක්‍ෂ 20ක් වටිනා ගේ හා ඉඩම ලක්‍ෂ 08කට, එම සමාගමටම උකස් තියන්නට කැමැත්ත දුන්නේය. උකස් ඔප්පුව ලියන්නට සමාගම බාර දුනනේ නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ නැමැතියටය.

 ලොරිය ගන්න තදියමේ සිටි ශාන්ත මහතාගේන් ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගත් මෙම නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, යන්න ගියේ සියල්ල සම්පුර්ණ බව කියමිණි.

 ඩිමෝ ලොක්කා ලොරිය අරන් ගෙදර ගියේ සිහින සැබෑ කර ගන්නටය. ශාන්තට, ‘‘උකස’’, සින්නක්කරයක් වශයෙන් කල්තොට ෆිනෑන්ස් සමාගමට ලියා ඇති බව දැන ගත්තේ, ගෙයත් ඉඩමත් බාර දී, පාරට බහින්න යයි කියන එන්තරවාසිය ලැබිමෙන් පසුවය.

 පානදුරයේ, ලක්‍ෂ 20කට වැඩි වටිනාමක් ඇති ගේ හා ඉඩම, ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගෙන, සින්නකරයක් වශයෙන් ලියපු, නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, වංචා කර ඇත්තේ තමන්ට පමණක් නොවන බව පෙනවා දෙන ශාන්ත මහතා, එ මගින් ඇය, රජයට හිමිවිය යුතු බදු මුද් වංචාකර ඇති අතර මැය, නීතිඥ හා නෙතාරිස් වරියක් වශයෙන් වෘතීය ආචාර ධර්ම කෙළසා ඇති බවත් ප‍්‍රකාශ කරයි.

No comments:

Post a Comment