Tuesday, August 2, 2011

වධකයෝ රැකෙත්වා! දිනේවා !!


මානව හිමිකම් කොමිෂමේ නිගමනයන් හා නිර්දේශයන් ආරක්ෂකයෝ පයිසේකටවත් ගණන් නොගනී.
එ ගැන කථාකරන්න, නිසි පියවර, ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යතාවයක් සහ කොන්දක් මානව හිමිකම් කොමිෂමට නොමැත.


රජය වධදීම ප්‍රතිපත්තියක් කරගෙන ඇත. තම බලය පවත්වා ගෙන යෑමට, දූෂකයින් රැකීමට වධදීම අවශ්‍යම සාධකයක් නිසාය.


සාමාන්‍ය රටවැසියන්ට අවාසනාව ගෙන දෙන මෙම තත්වයට තවත් නිදසුනකි, පොලිස් ෙක‍ෂ්ස්ත්‍ර බලකා මූලස්ථානයේ සේවය කල උප පොලිස් පරීක්ෂක නිශාන්ත පතිරණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශයන් කොළයකට සීමාවී තිබීම.


දර්ගා නගරයේ කුසුමාවතීට පොල්ලකින් පහරදී ඇගේ අත කඩා දැමුවේ මෙම පොලිස් නිලධාරියා අලූත්ගම පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියේ රාජකාරි කරන අතරතුරය.


සිද්ධිය වූයේ 2002.10.22 වන දිනය. ඇය මානව හිමිකම් කොමිෂමට පැමි‚ලි කලේ 2002.11.13 දිනය.
2011.04.06 වන දින සිද්ධිය අÞල නිර්දේශය නිකුත් කරන මානව හිමිකම් කොමිෂම- මෙම සිද්ධිය මගින් පොලිස් නිලධාරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය උල්ලංඝනය කර තිඛෙන බවට නිගමනය කර තිබේ. රුපියල් 25,000 ක වන්දියක් ගෙවන ලෙසට හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත පතිරණට නියම කර ඇත.


එහෙත් නිගමන හා නිර්දේශ කොළයකට සීමාවී තිබේ.


සිද්ධියෙන් පසුව කුසමාවතී මහත්මිය රටේ පතින නීතියට අනුව යුක්තිය ඉටු කර ගැනීමට ඉදිරිපත් විය.
ඇය මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළෙය. බාරගත් නීතිඥයා නඩුව විනාශ කර දැම්මේය.


නීතිපති, වධහිංසා වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කළේය. ඔහු චෝදනා පත්‍රය සකස් කර තිබුනේ වැරදි ආකාරයටය.


නිශාන්ත පතිරණ නිදහස් විය.


මේ සියලූ කරුණු වලින් එළිවන්නේ කුමක්ද ? රටේ සමස්ථ නීතිය කඩා වැටීම හා නීතිය රකින්න ඉන්න එවුන් නීතිය අමුවේ මරා දැමීමය.

No comments:

Post a Comment