Tuesday, December 14, 2021

කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක් ගෙව්වා.

 

කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක්  ගෙව්වා.  

බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම සංවිධානාත්මක හා මහා පරිමාණ ව්‍යාපාරයකි.

නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර බෙදා හැරීම ද සහ සිල්ලරට විකිණීම ද සංවිධානාත්මක ය.

මෙම ව්‍යාපාරය නිසා රජයට සෘජුව සිදුවන පාඩුව කොතෙක්ද යන්න ගණන් බලා තිබේ දැයි නොදනිමු. එය රුපියල් බිලියන ගණනක් වන බව නිල නොවන ආරංචිවලින් ප‍්‍රකාශ වේ.

මේ ව්‍යාපාරය නතර කර ගැනීම රජයේ ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. එ සමාජ උවදුරක්ම නිසා නොව රජයට මද්‍යසාර බදු අහිමි වීම අවම කර ගැනීමටය.

රටේ පිහිටි  සෑම පොලිස් ස්ථානයක්ම, පොලිසියේ විශේෂ කාර්යාංශයක්ම, විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව බලපත‍්‍ර රහිතව සිදුකරන මද්‍යසාර නිපදවීම බෙදාහැරීම හා විකිණීම වැළැක්වීමට යොදවා තිබේ.

ඒ සඳහා පවතින නීති රිති ක‍්‍රියාත්මක කරවීමට විශේෂ අවධානය යොමුකර තිබේ. එවන් පසුබිමක වුවද මෙම ව්‍යාපාරය අවම කර ගැනීමට, පාලනය කිරිමට තවමත් නොහැකි වී තිබේ.

සියලූ මාධ්‍යය නිරන්තරයෙන් තරඟයට මේ හා අදාළ ප‍්‍රවෘත්ති වමාරනු ලැබේ. අධිකරණය අඛණ්ඩව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන අයවලූන් ව විශාල කොන්දේසි මත මුදාහැරීම, දඩ ගැසීම කිරීම සිදුකරයි. බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම, බෙදාහැරිම, අලෙවිය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයින් බහුතරය චෝදනාව පිළිගෙන ‘දඬුවම’ බාර ගනී. අතලොස්සක් ‘චෝදනාව’ අභියෝග කරයි. වසර ගණනාවක් නඩු කියයි. අති බහුතරය නිදහස් වෙති. 

පානදුර නගර මධ්‍යයේ පිහිටි කුප‍්‍රකට මහල් නිවාස සංකීර්ණයකි. මෙහි බූරුවා ගැස්වීමේ සිට  මත්ද්‍රව්‍යය ජාවරම දක්වා සියලූ නීති විරෝධී කාර්යයන් පවත්වා ගෙනු යනු ලැබේ.  

පසුගිය මාර්තු මාසයේ පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් වටලන ලදි. එම නිවසේ නිවැසියන් ප‍්‍රසිද්ධියේ බලපත‍්‍ර රහිතව  මදධ්‍යසාර සහ මහා රා සිල්ලරට විකුණනු ලබන අයයි.

මෙම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ බලපත‍්‍ර රහිතව නිපදවන ලද මද්‍යසාර බෝතල් දෙකක් පොලිස් නිලධාරීන්ට බාර දෙන ලදී.

ඒවා බාර ගැනීමෙන් පසුව නිලධාරීන් නිවැසියන් ගෙන් ‘කුඩු’ ඉල්ලා තර්ජනය කරමින් නිවස සෝදිසි කරන්නට පටන් ගන්නා ලදී.

තමන් කිසිවිටකත් මත්ද්‍රව්‍යය අලෙවි නොකරන බව ප‍්‍රකාශ කර සිටියද, පොලිස් නිලධාරීන් අසභ්‍යය වචන කියමින්, බැන තර්ජනය කරමින් සෝදිසි කිරීම් කරගෙන යන අතර, එම ස්ථානයට අසල්වැසියන්ද එක් වන්නට විය.

මෙම කලබගෑනිය තුළ නිවසේ හිමිකාරිය, ව්‍යාපාරයේ හිමිකාරියව අත්අඩංගුවට ගැනීමට ගත්තු උත්සාහයද අසාර්ථක විය. ඒ වෙනුවට ඇගේ සැමියා අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන යන ලදි.

පොලිසිය සැමියා සතුව ‘හෙරොයින්’ තිබූ බවට චෝදනා කර අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලදී

මෙම සිද්ධිය පිළිබඳව නිවසේ හිමිකාරිය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන ලදී. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවනු ලැබීය.

එම වාර්තාව කොමිෂන් සභාව විසින් නිවස පැමිණිලිකාරිය එවා, ඒ සම්බන්ධයෙන් ඇගේ නිරීක්ෂණය ඉල්ලා තිබිණ.

ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත කරුණු පැහැදිලි කරමින් කර සිය නිරීක්ෂණ ඉදිරිපත් කර පියවර ගන්නා ලදී

නිරීක්ෂණ වාර්තාව

2021.12.10

ලේකම්                

මානව හිමිකම් කොමිෂන් සභාව        

අංක 14

ආර්.එ්. ද මැල් මාවත

කොළඹ 04


පැමිණිලි අංක :HRC/ ------


උක්ත පැමිණිල්ල සම්බන්ධව, ඔබගේ 2021.11.30 දිනැති ලිපියෙන් කරනු ලැබූ ඉල්ලීම ට අනුව,

මා ගේ පැමිණිල්ල සම්බන්ධයෙන්, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති වරයාගේ කරුණු දැක්වීම් වලට අදාල, මාගේ නිරීක්ෂණ පහත දක්වා සිටිමි.

02. 2021.03.07 වන දින, උ.පො.ප., පො.කො. ---, පො.කො.---, පො.කො.---, පො.කො.රි.--  යන නිලධාරීන්, ලැබුණු ඔත්තුවකට අනුව, මෝදරවිල, නිවාස සංකීර්ණයට, -- ජීප් රථයෙන් පැමිණි විට, සැකකරු මාගේ සැමියා, පැන දිව්ව බවද හා එසේ දුවන විට, ලූහුබැඳ ඔහු අල්ලා ගත් බවද, ඉන් පසු සෝදිසි කිරීමේදී, ඇඳ සිටි කොට කලිසමේ ඉන වාටියේ, සූක්ෂම ලෙස සඟවා ගෙන සිටි හෙරොයින් පැකට්ටුව අත්අඩංගුවට ගත් බවට කර තිබෙන සඳහන අමූලික බොරුය.

එය, පොලීසිය, හැමදාම, හැමතැනම, කියන, ලියන සුරංගනා කථාවය.

(අ) මාගේ සැමියාව, අත්අඩංගුවට ගෙන, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවේ, සඳහන් වන්නේ, වෙනම කථාන්දරයකි.               එය පානදුර ම/උ අංක : ------ දරන නඩුවේ ‘බී’ වාර්තාවේ පැහැදිළිව සටහන්ව තිබේ.

(ආ) තවද, අත්අඩංගුවට ගත් මාගේ සැමියා ළඟ තිබූ බවට, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කියන පරිදි, එම අවස්ථාවේ, තිබූ බව කියන හෙරොයින් පැකට් එක ලියුම් කවරයක දමා, සැමියාගේ ඇඟිලි සලකුණු ලාකඩ මත තැබූ බවට කර තිබෙන ප‍්‍රකාශය ද අමූලික බොරුවකි.

 සැමියාව, ජීප් රථයේ දාගෙන, පානදුර දකුණ පොලීසියට ගෙන ඒමෙන් පසුව, ඔහුගෙන් ප‍්‍රකාශයක් ගෙන, එහිදී, යමක් බහාලන ලද ලියුම් කවරයකට, ඇඟිලි සලකුණු ගත් බව ප‍්‍රකාශ කර සිටිමි. මෙම සිද්ධියට අදාළ, පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්, පානදුර දකුණ පොලීසියට          බාර දීම අදාළව සිය`ඵම සටහන් පරීක්ෂා කිරීමෙන් මෙම කරුණු සනාථ කර ගැනීමට හැකි වන බව ප‍්‍රකාශ කර සිටිමි.  

03. තවදුරටත්, ඉහත කාරණය අදාළව, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කියා සිටින්නේ, තාවකාලිකව මුද්‍රා තැබූ (සැමියා සන්තකයේ තිබූ බව කියන* හෙරොයින් පානදුර දකුණ පොලීසියේදී, මැන බලා, සැමියාගේ ඇඟිලි සලකුණු ගත් බවය. සිදුවූයේ, සැමියාගේ, ඇඟිලි සලකුණු, පොලීසිය ආදේශ කළ හෙරොයින් පැකට්ටුවට, බලය යොදා ලබා ගැනීමය. මෙය ඉහත ස`දහන් කළ පරිදි, පොලිස් සටහන් පරීක්ෂා කිරීමෙන් සනාථ වනු ඇත.

04. එ් අතර, මා, සිද්ධිය වූ අවස්ථාවේ, කලහකාරී ලෙස හැසිරුණු බවද, පොලිස් නිලධාරීන්ට, කුණුහරුපයෙන් බැන වැදුනු බවද, මා සතුව තිබූ බලපත් රහිතව නිපදවන ලද මද්‍යසාර, බිම හලා විනාශ කරන ලද බවද, එ් නිසා මට විරුද්ධව නඩු පැවරීමට නොහැකි බවද කියා සිටී. මෙවන් සිදුවීමක් සිදුවූයේම නැත. මෙය ද, සුරංගනා කථාවකි. පොලිසිය නඩු දමන්නේ ඔවුන් ළඟ තබාගෙන සිටි බලපත් රහිතව නිපදවන ලද ‘මද්‍යසාර’ ආදේශ කරය. මෙම නිලධාරීන්, මට මෙහි සඳහන් කළ නොහැකි ‘‘කුණුහරුප’’ කියමින්, ”කුඩු” ඉල්ලා සිටි විට, මා හෝ සැමියා හෝ කුඩු විකුණන්නේ නැති බව ප‍්‍රකාශ කර සිටිය ද, සැමියා රැුගෙන ගොස්       ”කුඩු” නඩුවක් දමන ලදි.

05. සත්‍යය සිදුවීම සංක්ෂිප්තව මා, මාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නැවත මෙහි සඳහන් කිරීම අවශ්‍යය නොවන බව මාගේ හැඟීමයි.

06. මාගේ සැමියා, කිසිම විටෙක, ”හෙරොයින්” භාවිතා කරන්නේ හෝ විකිණීම සිදුකරන්නේ නැත.

07. විශේෂයෙන්ම මා, බලපත‍්‍ර රහිතව නිපදවන, මද්‍යසාර (අරක්කු/කසිප්පු* සහා බලපත‍්‍ර රහිතව  ‘මහා රා’ අලෙවි කරනවා. එය පොලීසිය හොඳින් දන්නා කරුණකි.

එ් හා අදාළව, නඩු ගණනාවක් අප, පොලීසියට ලබා දී තිබේ. විකුණන අවස්ථාවලදි අත්අඩංගුවට ගෙන පවරන ලද නඩුවලට, අප, වරද පිළිගෙන, අධිකරණය නියම කරන දඩය ගෙවා ඇත.

මේ වන විට, අප, රුපියල් ලක්ෂ 10 කට වඩා වැඩි මුදලක් දඩ වශයෙන් ගෙවා ඇත.

08. මේ අතර, මාගේ සැමියාට විරුද්ධව බොරු කුඩු නඩුවක් දමන ලදි. එයට වරද පිළිිගෙන නඩුව ඉවත් කර ගන්නා ලද්දේ පොලීසියේ ඉල්ලීම මතය. 

එ් අනුව, 1 ෙඡ්දයේ සඳහන් කරුණු නිවැරදිය.

එමෙන්ම, බලපත‍්‍ර රහිතව, මහ රා අලවිය ද අප කරන නිසා, අංක 2 හි සඳහන් කරුණු ද 

නිවැරදිය.

09. එමෙන්ම, මාගේ සැමියාට එරෙහිව පවරන ලද ගංජා නඩු 02, පිළිබඳව සඳහන් කරුණු ද පිළිගනිමි.

10. පෙර සඳහන් කරන ලද, මට හා මාගේ සැමියාට විරුද්ධව පවරා තිබූ හා වරද පිළගත් බලපත‍්‍ර රහිතව නිපදවන ලද මද්‍යසාර අලවිය හා බලපත‍්‍ර රහිතව මහ රා අලවිය මා පිළිගනිමි.

මා, අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටින්නේ,

පෙර වැරදි, තිබූ පමණින්, පොලීසිය සිදුකරන ලද අපරාධය, මෙම අපරාධයට හිලව් නොවන බවය.

2021 මාර්තු 07 ඉරිදා, රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වන, උ.පො.ප.--- ඇතුලූ මධුසංඛ නිලධාරියා, පො.කො.-- , පො.කො.--- , පො.කො.---, පො.කො.රි.---- යන නිලධාරීන්,

නීති විරෝධී ලෙසට, අප නිවස සෝදිසි කරමින්, ශාරීරිකව වධ හිංසා පමුණුවමින්, නිවස පවා ගිණිබත් කරන බවට තර්ජනය කරමින්, කාන්තා පොලිස් නිලධාරිණියක් නොමැතිව මට තර්ජනය කරමින්, ඉන් අනතුරුව සැමියා, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩුවක් දමා, දවස් 52 ක් රිමාන්ඞ් භාරයේ තැබීමට සලස්වා, කරන ලද හිංසනය මගින් අපගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇත.

පානදුර දකුණ පොලීසිය මගින් සැමියාට එරෙහිව පවරා තිබෙන අංක : ---- නඩුවට අදාල චෝදනා ප‍්‍රතික්ෂේප කර ඇත. රස පරික්ෂක වාර්තාව ගෙන්වා ගැනීමෙන් අනතුරුව පොලීසිය ආදේශ කර ඇත්තේ මොනවාද යන්න ඔබ කොමිෂන් සභාවේ බලතල අනුව සොයා බලන ලෙසට ඉල්ලමි. එය ප‍්‍රමාණවත් වනු ඇත සත්‍යය තීරණයට.

මෙයට,

---------

මේ මගින් පැහැදිළි වන්නේ බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය නතර කිරීම පහසු නොවන්නේ පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලූව යුක්තිය පසිඳලීම  සඳහා වන යාන්ත‍්‍රණය අතර පවතින සහ සම්බන්ධය නිසා නොවේ යයි කිව හැකිද?




No comments:

Post a Comment