Friday, December 3, 2021

දැරියක් දුෂණය කළ අදාම්බාවට 20 වසරක සිර ද`ඩුවම, ලක්ෂ 5 ක වන්දිය , 20 දහසේ දඩය ස්ථිරයි.

 

පසුගිය දා, විභාගයට ගන්නා ලද, සමන්තුරේ පදිංචි කරුවකු වූ ඞී.ආදම්බාවා නබීර් ගේ අභියාචනය නිෂ්ප‍්‍රභා කළ අභියාචනාධිකරණය, 2010 වසරේදී කල්මුණේ මහාධිකරණය ලබා දුන්, තීන්දුව ස්ථිර කරනු ලැබීය.

අවු: 16 ට අඩු, පාතිමා නම් වූ දැරියක් දුෂණය කිරීම, ඞී. ආදම්බාවා නබීර් ට එල්ලවූ චෝදනාව විය.

මොහු සමන්තුරේ, නැගෙනහිර කලරිචාල් හී පදිංචි කරුවෙකි.

මොහු, කල්මුණේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව ආරම්භ වීමෙන් පසුව, අධිකරණය මග හරින ලද පුද්ගලයෙකි. 

මෙම දුෂණ චෝදනාව, කල්මුණේ මහාධිකරණයේ විභාග කරන ලද්දේ, චූදිතයාවූ , මෙම ඞී ආදම්බාවා නබීර් නොමැතිවය. 

නඩු විභාගය අවසානයේ, ඉදිරිපත් වූ සාක්ෂිය අනුව, බී. අදාම්බාවා නබීර් ට, වසර 20 බරපතල වැඩ ඇතිව, සිර ද`ඩුවමක්, රු: ලක්ෂ පහක වන්දියක් හා රුපියල් විසිදහසක දඩයක් නියම කරනු ලැබීය. ඒ 2011 පෙබරවාරි 19 දිනයි.

මෙම තීන්දුව, ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව, එකී තීන්දුවට එරෙහිව, අභියාචනයක්, අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම අභියාචනය, 2021 ඔක්තොම්බර් 12 විභාගයට ගනු ලැබූ අතර, මහාධිකරණ තීන්දුව ස්ථිර කරමින්, අභියාචනය ඉවත දැමිම ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ 2021 දෙසැම්බර් 25 දිනය. 


No comments:

Post a Comment