Thursday, December 23, 2021

තරුණ රණවිරු වැන්දඹුවට කුණුහරුප කියන ග‍්‍රාමසේවකයාට, ප‍්‍රා/ලේකම්වරියගේ රැුකවරණය.

 


ක`ඵතර දිස්ත‍්‍රික්කයේ මාදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණවිරු ගම්මානයේ පදිංචි ඇයගේ සැමියා මිය යන්නේ, අවසාන සටනේදී, ත‍්‍රස්තයින්ගේ වෙඩි පහරින් ය. ඒ මුලතිව්, පුදුමාතලන් හි මානුෂීය මෙහෙයුමට සහභාගී වී සිටය දී, 2009 මැයි 18 වන දිනය.

35 හැවිරිදි මවක් වූ, ඇයට රජයෙන් ලබාදෙන ලද ඉඩමේ, නිවසක් තනාගෙන, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය රැක බලාගෙන ජීවත් වෙයි.

රණවිරු වැන්දඹුවන්ට බලපෑම් කළ හැකි  සිවිල් ක්ෂේත‍්‍ර රජයේ නිලධාරියා ග‍්‍රාම සේවකය.

රණවිරු වැන්දඹුවන්ට හිමි විශ‍්‍රාම වැටුප ඇතු`ඵව විශේෂිත වරප‍්‍රසාද ලබා ගැනීම් වලට අදාළව ඉල්ලූම්පත් වලට, ග‍්‍රාමසේවකගේ අත්සන අත්‍යාවශ්‍ය වේ. එම නිසා විටින් විට, ග‍්‍රාමසේවක හමුවන්නට රණවිරු වැන්දඹුවන්ට සිදුවේ.

මෙම අවස්ථාවෙන් ලිංගික අල්ලස් ලබාගන්නට සැදී පැහැදී සිටින දුෂිත ග‍්‍රාමසේවකයින් නොසිටිනවා නොවේ.

මෙම රණවිරු ගම්මානය අයත් වසමේ ග‍්‍රාමසේවක ද එවැන්නෙක් බව, ඇය ප‍්‍රකාශ කරයි. අපේක්ෂාවන් අහිමි වී සිටින ඔහු, සියලුම කොන්දේසි සපුරා තිබියදීත්, පදිංචි සහතිකය ලබා නොදී, ඇයට බලපෑම් කරයි.

ඔහු හා ඔහුගේ උපදෙස් අනුව, ප‍්‍රාදේශීය ලෙක්ම්වරිය ප‍්‍රකාශ කරන්නේ, මෙම රණවිරු වැන්දඹුව රැටවත් ගෙදර නැති බව පවසමින්ය.

පදිංචිය ස`දහා අත්‍යාවශ්‍යය සිය`ඵ කොන්දේසි සපුරා තිබියදීත්, රැට ගෙදර ඉන්න බවට ග‍්‍රාම සේවකට සහතික විය යුතු බව නොවේද, මේ වහෙන් ඔරෝ බසින්  කියන්නේ. 

මැය මේ පිළිබඳව, ලිඛිතව බලධාරීන්ට, දැනුම් දී ඇත.

එ, ඉදිරි පියවර ගැනීමට පෙරය.


No comments:

Post a Comment