Thursday, December 16, 2021

බොරු නඩු දාපු පොලිස් කාරායත් කුඩු ජාවාරමට හවුල්ලූ !!

 


අයියා මලෝ දෙන්නෙක් ව අත්අඩංගුවට ගෙන, කුඩු නඩු දමා, රිමාන්ඞ් කරවූ පොලිස් කාරයාද, කුඩු ජාවාරමට හවුල් බවත්, ඔහුට ඉහළ පොලිස්කාරයින්ගේ රැුකවරණය ඇති බවත්, තරුණයින්ගේ පියා ප‍්‍රකාශ කරයි.

2018 ජුනි 27 වන දින, කුරුණෑගල පොලීසියේ ¥ෂණ මර්දන එ්කකයේ, උ.පො.ප. සමරසිංහ ඇතු`ඵ නිලධාරීන් පිරිසක්, අවුරුදු 23 හා 25 වයස්වල තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු තිබූ බවට චෝදනා කරමින්, අධිකරනය පාවිච්චි කර, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබීය.

එසේ කරන ලද්දේ, දෙදෙනාට වෙන වෙනම නඩු පවරමින්ය. ඔවුන් දෙදෙනාව මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට සිදුවිය.

චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් නඩු කිව්ව, ඔවුන් දෙන්නාව, අධිකරනය විසින් නිෙදාස් කොට නිදහස් කිරීමට පියවර ගත්තේය.

එක් නඩුවක, අධිකරණයට ඉදිරිපත් කරන ලද, කුඩු වලට වඩා වැඩි ප‍්‍රමාණයක් රස පරීක්ෂක වෙත යවා තිබින.

අනෙක් නඩුවේ, අධිකරණයට ප‍්‍රකාශ කළ හෙරොයින් ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප‍්‍රමාණයක් රස පරීක්ෂක වෙත යවා තිබින.

එක් නඩුවක් 2020 මැයි මස අවසන් වූ අතර, අනෙක අවසන් වූයේ 2021 පෙබරවාරි මසය.

තරුණයින් දෙදෙනාගේ පියා, පොලීසිය සිදුකරන ලද, අපරාධය පිළිබඳව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට හා පොලිස් කොමිෂමට පැමිණිලි කරනු ලැබීය. 

පොලිස් කොමිෂමෙන් පිළිතුරු පවා එවා නැත.

මානව හිමිකම් කොමිෂමට මේ දක්වාම නිර්දේශයක් ලබාදීමට නොහැකිව තිබේ.

පොලීසිය කරන ලද නිරීක්ෂණ වලදී, උ.පො.ප. සමරසිංහ වරදක් කර ඇති බවට නිගමනය කර, ඔහුට අවවාද කරන ලද බව, කුරුණැගල පොලිස් අධිකාරි දැනුම් ද තිබේ.

පියා ප‍්‍රකාශ කරන පරිදි, මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර නොගැනීමට හේතුව, එම නිලධාරීන්, කුඩු ජාවාරමට සම්බන්ධ නිසා බවත්, සමහරක් අද, ව්‍යාපාරිකයින් බවට පත්ව ඇති බවත්, ඔවුන්ගෙන්, ඉහළ පොලිස් නිලධාරීන් යැපෙන බවත්ය.

මෙම කරුණ, පියා විසින්, පොලිස්පතිට ලිඛිතව දැනුම් දී තිබෙන බවද ප‍්‍රකාශ කරමු.





No comments:

Post a Comment