Saturday, May 12, 2012

උඹද මිනිහා ? කියලා අහලා ගහගෙන ගහගෙන ගියා.


උඹද මිනිහා ? කියලා අහලා
ගහගෙන ගහගෙන ගියා.

මීගහතැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු යයි කියන රාජපක්ෂ, තිස් අට හැවිරිදි දෙදරු පියෙක් වන, ගොවි මහතෙකුට පහරදී ඇත්තේ උඹද මිනිහා කියා අසමින්ය.

මිනිහෙකුට තියා තිරිසෙනකුටවත් පහර දීමට යම් හේතුවක් තිබිය යුතුයි. එහෙත්  ශ්‍රීලංකා පොලිසියේ පොලිස් කාරයින්ට එසේ පහර දෙන්නට හේතුවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත.

අපරාධය පිළිබදව - පහර දීමට ලක්වූ සම්පත් විජේවර්ධන ගේ කථාව.

මම සවස, මගේ අම්මවයි, තාත්තාවයි බලන්න මහගෙදරට ගියා. එහේ ඉන්න කොට, සවස 6.30 ට විතර මීගහතැන්න පොලිසියේ උ.පො.ප.රාජපක්ෂ, ග්‍රාම ආරක්ෂක කරුණේ පැමිණීයා.

එක පාරටම උඹද මිනිහා කියලා අහලා මට ගහගෙන ගහගෙන ගියා. අතින් පයින් ගැහැව්වා. මාව බිම වැටුණා. බිම වැටුණට පස්සෙත් මට අතින් පයින් ගහගෙන ගහගෙන ගියා.

ළග හිටිය මගේ පියා, ගහන්න එපා කියමින් උ.පො.ප.රාජපක්ෂගේ අතින් අල්ලා ගත්තා.

එවේලේ මරයි කියන බයෙන් මා එතනින් මිදිලා අසල තේ වත්තට ගියා. මම කැලේ එලිවෙනකන් ඉදලා ගෙදර ආවා.

මාව නාගොඩ මහා රෝහලට ගෙනිච්චා. මම නැගිටගන්න බැරිව හිටියේ. කෙලින්ම රෝද පුටුවේ තියාගෙන තුනේ වාට්ටුවට ගෙන ගියා. ටිකට් කැපුවේ 11 වෙනිදා.

උ.පො.ප.රාජපක්ෂ හිටියේ සිවිල් ඇදුමින්. ග්‍රාම ආරක්ෂක ටී - 56 ක් තියාගෙන බලාගෙන හිටියා.

මම රෝහලේ ඉන්න කොට, මගේ මව පොලිස්පති , මානව හිමිකම් කොමිෂම, පොලිස් කොමිෂමට පැමිණිලි කලා.

මමද ඒ තැන්වලට පැමිණිලි කලා.

අසල්වැසි ස්ත්‍රියකගේ අවහ්‍යතාවයට මට ගහපු බව පස්සේ මට දැනගන්නට ලැබුනා.

මට ගහපු පොලිස් කාරයින්ට විරුද්ධව නීතිමය හා විනායනුකූල පියවර ගනියි කියලා මම හිතනවා.
මීගහතැන්න පොලිසිය මිනිසුන්ට වධ දුන්න පළමු අවස්ථාව මෙය නොවෙයි. කොතෙක් පැමිණීලි කලත්, ඉහළයින්ගේ ආශිර්වාදය මැද්දේ නීති විරෝධී වැඩ හා අපරාධ කිරීම පොලිසිය නවත්වන්නේ නෑ.
මට ඒ ගැන දැන් තේරෙනවා.

No comments:

Post a Comment