Friday, May 11, 2012

දඩුවමට ලක්වන්නේ අපරාධ වින්දිතයා........ ආශ්චර්ය ශ්රීන ලංකාව


දඩුවමට ලක්වන්නේ
අපරාධ වින්දිතයා
ආශ්චර්ය ශ්‍රී ලංකාව

ඇගේ වයස අවුරුදු 14යි, ඇයව ලිංගික අතවරයන්ට පත්කරනනේ ඇගේම ඥාතීන්.
මව ඇය සමග පොලිසියට යන්නේ පැමිණිලි කිරීමට.

 පොලිසියේ ලොක්කා ඇයව ලිංගික අතවරයට පාත්‍ර කරනවා.

ඇය ඒ ගැනද පැමිණිලි කරනවා.

පොලිසිය කරන්නේ ඇයව අතවරයට පත්කල ඥාතීන්ට විරුද්ධව නඩු පැවරීම. පොලිස් නිලධාරියාව බේරනවා.

පරිවාස නිලධාරී - අධිකරණයට සැබෑ තොරතුරු ඉදිරිපත් කරන්නේ නෑ.
ඒ වාර්තාව පදනම් කරගෙන අධිකරණයට ඇයව ගැලවීමේ හමුදාව බාරයට පත් කරනවා.

එතනදී ලැබෙන තොරතුරු මත ඇය වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥවරිය ළමා අධිකාරියට ඉදිරිපත් කරන පැමිණිල්ල මත - පොලිස් නිලධාරියාගේ හා සිද්ධිය වසන් කිරීමට එක්වූ පොලිස් නිලධාරීගේ වැඩ තහනමට ලක් කරනු ලබනවා.මෙය හුදකලා සිද්ධියක් නොවේ. පොලිසියට ආවේනික වූ දෙයක්. මෙවන් සිදුවීම් විශාල සංඛ්‍යාවක් හෙළිදරව් වන්නේ නෑ. අපරාධ කරුවන්ට රැකවරණය ලැබෙනවා.

පරිවාස නිලධාරීන් මෙයට පෙරද සත්‍ය කරුණු යටපත් කර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා. එම නිලධාරීන්ව ආරක්ෂා කරනවා. ඒ නිසා ළමුන්ට ආරක්ෂාව හිමි වන්නේ නෑ. මෙවන් සිද්ධියක් අධිකරණය හමුවේ කෙරතම් කාලයක් පල්වෙයිද ? නීතිපති මැදට පැන අපරාධකරුවන් නිදහස් කරගනීද ?

උඩ ඉන්නවායැයි කියන ඇත්තන්ට බාරදී අපි නිහඩ වෙනවාද ? අපිටම මෙවන් දෙයක් සිදුවෙනකම්.















No comments:

Post a Comment