Saturday, February 22, 2014

ව‍රෙන්තු ආ‍දේශයකයාට රු: 50,000/ ක වන්දියක්.


ව‍රෙන්තුකරු ‍වෙනුවට, ‍වෙනත් පුද්ගල‍යෙකු අත්අඩංගුවට ‍ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කළුතර දකුණ ‍‍පොලීසි‍යේ හිටපු අපරාධ අංශ‍යේ ස්ථානාධිපති උ.‍පො.ප. සිරිමාන්නට, රු: 50,000/ ක වන්දි වශ‍යෙන් එකී පුද්ගලයාට ගෙවන ‍ලෙසට මානව හිමිකම් කොමිෂම නියම කර ති‍බේ.
දැනට වව්නියාව පොලිස් ස්ථාන‍යේ ‍සේවය කරන බවට සඳහන් ‍මෙම උ.‍පො.ප. සිරිමාන්න, ව‍රෙන්තුවක් ඇති බව කියමින්, බෝඹුවල ව්‍යාපාරික‍යෙකු වූ එම්.දයාරත්න මහතාව අත්අඩංගුවට ‍ගෙන, පසුදින කළුතර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
රාත්‍රී 10.00 ට පමණ අධික ‍ලෙස බීමතින් පැමිණ, තමාව අත්අඩංගුවට ගත් බව පවසන දයාරත්න මහතා, තමාට කිසිදිනක අධිකරණයකින් ව‍රෙන්තුවක් නිකුත් වී නැති බව ප්‍රකාශ කළද, ‍මෙම උ.‍පො.ප. සිරිමාන්න, ඔහුට පරිභව කරමින්, අවමන් කරමින්, අනන්‍යතාවය පැහැදිලි කර ගැනීම ප්‍රතික්‍ෂේප කර ‍මෙම නීච ක්‍රියාව සිදු කර ඇත.
2012.03.17 වන දින සිදු වූ ‍මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු කියා සිටි විට ක‍ළේ ඔහුව මුදා හැරීම පමණකි.
ඉන් අනතුරුව ‍මෙම කාරණය පිළිබඳව ඔහු ‍පොලිස්පති, මානවහිමිකම් ‍කොමිෂම හා ජාතික ‍පොලිස් කොමිෂමට වාර්ථා කරනු ලැබීය.
‍පොලිස්පති හා ජාතික ‍පොලිස් කොමිෂම සුපුරුදු පරිදි, මෙම නීති වි‍රෝධී ක්‍රියාව කළ ‍දුෂිත පොලිස්කාරයාට එ‍රෙහිව කිසිදු නීතිමය හෝ විනය පියවරක් නොගත්‍‍තේය.
ජාතික ‍පොලිස් ‍කොමිෂම ඉන් එහාට ‍ගොස්, දයාරත්න මහතා වරදක් කර ඇති බවට කියාපෑමට තරම් නිවට විය.
මානව හිමිකම් ‍කොමිෂන් සභාව සිය විමර්ශන‍යෙන් අනතුරුව, පැහැදිලිව ‍මෙම පොලිස්කාරයා, දයාරත්න මහතා‍ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ති‍බෙන බවට නිගමනය කරනු ලැබීය.
ඒ සම්බන්ධ‍යෙන් දයාරත්න මහතාට රු: 50,000/ ක වන්දියක් ගෙවීමට ද, උ.‍පො.ප. සිරිමාන්නට නියම කළේය.
මෙම නිර්‍දේශය - විනය පියවර ගැනීම සඳහා ‍පොලිස්පතිවරයාට යොමුකර ති‍බේ.
දයාරත්න මහතා ‍මෙම නිර්‍දේශය පිළිබඳව ‍පොලිස්පතිවරයාට හා ජාතික ‍පොලිස් ‍කොමිෂම‍මේ සභාපති ‍සේනක වල්ගම්පාය ට ලිඛිතව දැනුම් දී තිබේ.

No comments:

Post a Comment